කුසල්ට_වන්දි ගෙවන්න ICCය තීරණය කරයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,268
    47,116
    113
    කුසල්ට_වන්දි ගෙවන්න ICCය තීරණය කරයි

    කුසල්ට වන්දි ගෙවන්න ICCය තීරණය කරයි..බොරු වාර්තා දුන් රසායනාගාරයට වැඩ වරදී

    z_p24-kusal-u.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ සාවද්‍ය වාර්තා පදනම් කරගෙන තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල්ට පනවා තිබූ තරග තහනම ඉවත් කිරීමෙන් අනතුරුවය.

    එඩින්බරෝ නුවර පෙරේදා (02) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවේදී, එහි සාමාජිකයන්ගේ ඒකඡන්දයෙන් කුසල් ජනිත්ට වන්දි ගෙවීම සම්බන්ධ යෝජනාව සම්මත වී ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු සඳහා වැය කළ පවුම් ලක්‍ෂ 05ක මුදලක් (රු.කෝටි 10කට ආසන්න) හානිපූරණ වන්දි වශයෙන් ගෙවීමට අයි.සී.සී. යට සිදු වනවා.

    එමෙන්ම සාවද්‍ය පරීක්‍ෂණ වාර්තා ලබාදුන් කටාරයේ පරීක්‍ෂණාගාරයද ඉවත් කර තහනම් කිරීමට අයි.සී.සී ය තීරණයකර තිබෙනවා.



    gossip.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට ඒ වන්දිය කුසල් ටද? ක්‍රිකට් පාලක මණ්ඩලේට ද?
    කුසල්ට වෙච්ච අවනම්බුව + ඒ දවස් වල මැච් වලට සෙට් නොවී සිටීමෙන් ආදායම අහිමිවීම වගේ කාරණා වලට මොකෝ වෙන්නේ?
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මෙහෙම බොරු වෛද්‍ය වාර්තා දුන්නා නම් ඒ ගැනත් පරික්ෂණයක් කරන්න ඕනා. නිකන් ආතල් එකට බොරු වාර්තා දෙන්නේ නෑ. අනිවා යටින් ගේමක් දිලා තියෙනවා :angry::angry::angry::angry::angry:
     

    blue_in_rio

    Well-known member
  • එතකොට ඒ වන්දිය කුසල් ටද? ක්‍රිකට් පාලක මණ්ඩලේට ද?
    කුසල්ට වෙච්ච අවනම්බුව + ඒ දවස් වල මැච් වලට සෙට් නොවී සිටීමෙන් ආදායම අහිමිවීම වගේ කාරණා වලට මොකෝ වෙන්නේ?

    bump
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕකෙන් ගානක් කුසලට හම්බෙයි...පට්ට වියදමක් ගිහින් නේ..ක්‍රිකට් ක්රීඩයෙක් වෙනුවෙන් කෝටි 10ක් නඩු වලට වියදම් වෙලා කියන්නේ...පැරදුනානම් එහෙම තමා අපරාදේ කියල හිතෙන්නේ..පොර ටිකක් ඉවසීමෙන් වගේ සෙල්ලම් කරන සීන් එකක් තියෙනවා මේ ටිකේ..ඉස්සරහට හොදට සෙල්ලම් කරයි කියල හිතෙනවා...
     

    blue_in_rio

    Well-known member
  • ඕකෙන් ගානක් කුසලට හම්බෙයි...පට්ට වියදමක් ගිහින් නේ..ක්‍රිකට් ක්රීඩයෙක් වෙනුවෙන් කෝටි 10ක් නඩු වලට වියදම් වෙලා කියන්නේ...පැරදුනානම් එහෙම තමා අපරාදේ කියල හිතෙන්නේ..පොර ටිකක් ඉවසීමෙන් වගේ සෙල්ලම් කරන සීන් එකක් තියෙනවා මේ ටිකේ..ඉස්සරහට හොදට සෙල්ලම් කරයි කියල හිතෙනවා...

    bump
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මෙහෙම බොරු වෛද්‍ය වාර්තා දුන්නා නම් ඒ ගැනත් පරික්ෂණයක් කරන්න ඕනා. නිකන් ආතල් එකට බොරු වාර්තා දෙන්නේ නෑ. අනිවා යටින් ගේමක් දිලා තියෙනවා :angry::angry::angry::angry::angry: