කුසල්, ධනුෂ්ක, දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. දික්වල්ලගේ පළමු වැරැද්ද හේතුවෙන් ඔහුට තහනම යම්තාක් දුරකට අඩු කර තිබේ. කුසල්, දික්වැල්ල සහ ධනුෂ්කට එරෙහි පරීක්ෂණ වාර්තාව දඬුවම් නිර්දේශ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් බව විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ නිලධාරියෙකු 'අද'ට පැවසුවේය.

    මෙම ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය අද (29දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණ. ඒ එම විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුව හමුවේය.

    මෙම කමිටුව අද දිනයේදීම අදාළ පරීක්ෂණයේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම පරීක්ෂණය සඳහා පත්කළ කමිටුවට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු ඇතුලත්ව සිටියහ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    video karapu mohomad be like

    NJ-VpV.gif
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒ උනාට ශානක මේ ටුවර් එකට විතරයි කැප්ටන් කිසම් මෙන්ඩිස් ට සමාව දීල කැප්ටන් කරනවා ටීම් එකේ ශම්මි එහෙම තමා කරන්නේ ඔන්න බලහන් :LOL::LOL:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද රෑට ගැසට් එකක් ගහලා Reverse කරයි :rofl:
    ඔච්චර දෙයක් ඔය ගෝත ස කරන් නෑ කරන්නත් බෑ සම්මි තමා ලොක්කා එතන ස නෙමේ මොකා ආවත් සම්මි තමා එතන ලොකු තැන
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඌ u19 squad එකේ ඉන්නව
    19 මහේල බාරගන්න කතාවක් යනවා කෝච් කරන්න දන් නෑ ඉතින් ඇත්ත නැත්ත අවිශ්ක හොදයි 19 ආයේ දෙන්න තියෙන්නේ හොදට කෝච් කරනවා ලු මිනිහා. අයියා වගේ වෙන එකක් නෑ ඔය කෝච් ලා 2 එක්ක :LOL::LOL:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. දික්වල්ලගේ පළමු වැරැද්ද හේතුවෙන් ඔහුට තහනම යම්තාක් දුරකට අඩු කර තිබේ. කුසල්, දික්වැල්ල සහ ධනුෂ්කට එරෙහි පරීක්ෂණ වාර්තාව දඬුවම් නිර්දේශ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් බව විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ නිලධාරියෙකු 'අද'ට පැවසුවේය.

    මෙම ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය අද (29දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණ. ඒ එම විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුව හමුවේය.

    මෙම කමිටුව අද දිනයේදීම අදාළ පරීක්ෂණයේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම පරීක්ෂණය සඳහා පත්කළ කමිටුවට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු ඇතුලත්ව සිටියහ.
    එනවා කුරුසේ ගහනවා බිංදුවට යනවා.. 😂
    එනවා බීඩි උරනවා වටපිට බලනවා සෙවල පෙරාගෙන බඩු හොයනවා 😂කෙලවගන්නවා ගෙදර යනවා.
    මෙලෝ රහක් නැති කුරුස කාරන්ගේ කුරුස සෙල්ලම ඉවරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මුන් තුන් දෙනාගෙන හැබැයි දික්වල්ලය තමයි කණ්ඩායමට වත් වැඩක් නැති එකා.
    අනිත් උන් දෙන්න නම් ක්‍රිකට් හරි ගහල මැච් දිනවන්න පුලුවන් . උන් තනියම ඉද්දි එච්චර අවුලකුත් නෑ . දික්වල්ලය කියන එකා තමයි කැපීපෙන්න පිස්සු කෙලින , ලකුණක් ගහල මැච් එකක් ගොඩදායි කියලා කිසි විශ්වාසයක් නැති එකා. ඌ නිකන් ඇඩ් එකක් වෙන්න දගලන්නේ පිට්ටනිය ඇතුලෙයි එලියෙයි.