කුසල්_ගැන_තීරණය!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කුසල්_ගැන_තීරණය!

    Kusal-Janith-Perera.jpg


    තහනම් උත්තේජක චෝදනාවට ලක්‌ව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ඉදිරි දින කිහිපයේදී පරීක්‍ෂණ කිහිපයකට සහභාගි වී එහි වාර්තා සමග ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ තහනම් උත්තේජක නිලධාරීන් ඉදිරියේදී තවත් පරීක්‍ෂණයකට සහභාගි වීමට නියමිතව තිබේ.

    කුසල් පෙරේරාගේ “ඒ” සහ “බී” මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝට ඇතුලු වී ඇති බවට චෝදනා ලැබ දැනට මාස හතරකට ආසන්න කාලයක්‌ ගෙවී ගොස්‌ තිබුණද ඔහුගේ ශරීරයට එම උත්තේජක කෙසේ ඇතුළු වුයේද යන්න තවමත් පරීක්‍ෂණ මට්‌ටමේ පවතී.


    නවතම නීති රීති අනුව අදාළ තහනම් උත්තේජක වරදට හසු වුවහොත් වසර හතරක තරග තහනමක්‌ පැනවෙන අතර මෙය කුසල් පෙරේරා දැන හෝ නොදැන නොගත් දෙයක්‌ වීම හේතුවෙන් තවදුරටත් ඔහුට අදාළ තහනම අවම කර ගැනීමේ අවස්‌ථාව තිබේ.
    පකිස්‌තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක යෂීර් ෂා ද පසුගියදා තහනම් උත්තේජක ලබාගත් බවට සනාථ වු අතර ඔහු අදාළ උත්තේජකය අත්වැරද්දකින් ශරීරයට ඇතුළු වී ඇති බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඔහුට මාස තුනක තරග තහනමක්‌ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය තිරණය කළේය.


    “මම පකිස්‌තාන් ක්‍රීඩා ලෝලීන්ට කියනවා කිසිම විටෙක තහනම් උත්තේජක ගත් නැති බව. නමුත් මගේ බිරිඳගේ බෙහෙත් සහ මම බොන බෙහෙත් එක ලග තියෙන නිසා මාරු වී ගත්තාද යන්න දන්නෙ නැහැ.” යෑයි යෂීර් ෂා ප්‍රකාශ කර තිබේ.
    ශ්‍රී ලංකාවේ පැවැති තරගයක්‌ අතරතුර කුසල් පෙරේරාගේ ශරීරයට තහනම් උත්තේජක සංඝටක ඇතුලු වු බවට පසුගිය නොවැම්බර් මසදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් තහවුරු කළේය. ඒ වන විට කුසල් පෙරේරා නවසීලන්තයේ සංචාරයක නිරතව සිටියදී යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බළධාරින් කටයුතු කළේය.
    වාර්තා වන අන්දමට ඉදිරි සතියේ දිනක කුසල් පෙරේරා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට ගොස්‌ තවත් පරීක්‍ෂණයකට සහභාගි වන අතර එහිදී ඔහුගේ තහනම කොපමණ කාලයකට වලංගු යන්න තීරණය වනු ඇත.


    අසේල විතාන


    මූට World Cup එකට සෙල්ලම් කරන්න ලැබෙයිද? ලැබුනොත් ලොකු දෙයක්...:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි මොනාහරි කරල කුසල් බේරුනොත් හොඳා, පන ඇතුව හයේ පාරක් ගහන්ඩ පුළුවන් එකම එකා. :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හපොයි මොනාහරි කරල කුසල් බේරුනොත් හොඳා, පන ඇතුව හයේ පාරක් ගහන්ඩ පුළුවන් එකම එකා. :(

    :(:( 90 / 20 ගණන් වල සනත් ගහනවා දැකපු උන් තමා මූට ආදරේ බන්...ලංකාවේ ගහන්න පන තියෙන එකෙක් ට ඉන්නේ දැනට මූයි සිරිවර්දනයයි විතරයි...:(
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    හපොයි මොනාහරි කරල කුසල් බේරුනොත් හොඳා, පන ඇතුව හයේ පාරක් ගහන්ඩ පුළුවන් එකම එකා. :(

    ei yako Chandi thirimana la inne :angry:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    කුසල් ගැහුවෙ නැතත් ඉන්නවා කියනැ එකත් අනික් teamවලට අවුල්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(:( 90 / 20 ගණන් වල සනත් ගහනවා දැකපු උන් තමා මූට ආදරේ බන්...ලංකාවේ ගහන්න පන තියෙන එකෙක් ට ඉන්නේ දැනට මූයි සිරිවර්දනයයි විතරයි...:(

    ඔව් බන් :( නිකන් බැට් එක අරන් එහෙ මෙහෙ ගහන උන් නං ඕන තරන් හොයා ගත්තැකි, මේ වගේ උන් කලාතුරකින් හම්බෙන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ei yako Chandi thirimana la inne :angry:

    උන්ට පුලුවන්ද බන් පන ඇතුව හයක් ගහන්න :no: තියෙන හයිය ඔක්කොම දාල දත් මිටි කාගෙන හෙන අමාරුවෙන් යන්තන් හයේ සීමාව ලඟට වැටෙන්න ගහන්න පුළුවන් වෙයි. සනත්, කුසල් වගේ කලාවට ලස්සනට ගහන්න බෑ උන්ට.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    සනත් ගෙ වගේ forearm strength එකක් තියෙනවා දැකලා තියෙන්නෙනම් කුසල් ගෙ විතරයි මචන්
    :yes: sanata wada power and quick

    but meka old story ekak ban ekama story eka kerekenne aluth news nethida monawada wc gahanna hambawena ekak nae kohomath :(
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    උන්ට පුලුවන්ද බන් පන ඇතුව හයක් ගහන්න :no: තියෙන හයිය ඔක්කොම දාල දත් මිටි කාගෙන හෙන අමාරුවෙන් යන්තන් හයේ සීමාව ලඟට වැටෙන්න ගහන්න පුළුවන් වෙයි. සනත්, කුසල් වගේ කලාවට ලස්සනට ගහන්න බෑ උන්ට.

    yako kalawa thiyagena kanna da .. anika uth sana wage badu gahana kenak oya photos ehema leak une..
    Ubata mathakai ne Kusal apu dawas wala chandi ta wada chorai.. eth dain thamai tikak hadila ena kota mattu ..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    yako kalawa thiyagena kanna da .. anika uth sana wage badu gahana kenak oya photos ehema leak une..
    Ubata mathakai ne Kusal apu dawas wala chandi ta wada chorai.. eth dain thamai tikak hadila ena kota mattu ..

    අනේ නිකන් පලයන් බන් යන්න...ලෝකෙම බඩු ගහන උන් තොපිට මැති ඇමතිවරු වෙලා ඉන්නකොට හොදයි...මූ බඩුවක් ගැහුවම තමා අමාරු...:rofl: ඌ බඩු බැරිනම් අතේ ගැහුවත් අපිට මොකද ඌ හරියට සෙල්ලම් කරනවානම්...මේ ගහන අනිත් උන්ට පුළුවන් ද හරිහමන් හයේ එකක් ගහගන්න...:angry::no:

    ඌ තමයි ලංකාවට කාලෙකින් හම්බුනු එලම බැටා..:) ටෙස්ට් වලින් උනත් ඌට හොද අනාගතයක් තියෙනවා...ඌ සෙල්ලම් කරන විදිහෙන් කියන්න පුළුවන්..:):)

    ඉක්මනට මූ ආයේ ආවොත් හොදයි...:(
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මගේ හිතෙත් කුසල්..
    උබට වරදින්නේ නෑ කොල්ලෝ.. උබ නැතුව මැච් බලන එකත් එපා වෙලා තියෙන්නේ :no::no:
     

    Similar threads