කුසල්_ගැන_තීරණය!
තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ඉදිරි දින කිහිපයේදී පරීක්ෂණ කිහිපයකට සහභාගි වී එහි වාර්තා සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම් උත්තේජක නිලධාරීන් ඉදිරියේදී තවත් පරීක්ෂණයකට සහභාගි වීමට නියමිතව තිබේ.
කුසල් පෙරේරාගේ “ඒ” සහ “බී” මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝට ඇතුලු වී ඇති බවට චෝදනා ලැබ දැනට මාස හතරකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුණද ඔහුගේ ශරීරයට එම උත්තේජක කෙසේ ඇතුළු වුයේද යන්න තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී.
නවතම නීති රීති අනුව අදාළ තහනම් උත්තේජක වරදට හසු වුවහොත් වසර හතරක තරග තහනමක් පැනවෙන අතර මෙය කුසල් පෙරේරා දැන හෝ නොදැන නොගත් දෙයක් වීම හේතුවෙන් තවදුරටත් ඔහුට අදාළ තහනම අවම කර ගැනීමේ අවස්ථාව තිබේ.
පකිස්තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක යෂීර් ෂා ද පසුගියදා තහනම් උත්තේජක ලබාගත් බවට සනාථ වු අතර ඔහු අදාළ උත්තේජකය අත්වැරද්දකින් ශරීරයට ඇතුළු වී ඇති බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඔහුට මාස තුනක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තිරණය කළේය.
“මම පකිස්තාන් ක්‍රීඩා ලෝලීන්ට කියනවා කිසිම විටෙක තහනම් උත්තේජක ගත් නැති බව. නමුත් මගේ බිරිඳගේ බෙහෙත් සහ මම බොන බෙහෙත් එක ලග තියෙන නිසා මාරු වී ගත්තාද යන්න දන්නෙ නැහැ.” යෑයි යෂීර් ෂා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ පැවැති තරගයක් අතරතුර කුසල් පෙරේරාගේ ශරීරයට තහනම් උත්තේජක සංඝටක ඇතුලු වු බවට පසුගිය නොවැම්බර් මසදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කළේය. ඒ වන විට කුසල් පෙරේරා නවසීලන්තයේ සංචාරයක නිරතව සිටියදී යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරින් කටයුතු කළේය.
වාර්තා වන අන්දමට ඉදිරි සතියේ දිනක කුසල් පෙරේරා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගොස් තවත් පරීක්ෂණයකට සහභාගි වන අතර එහිදී ඔහුගේ තහනම කොපමණ කාලයකට වලංගු යන්න තීරණය වනු ඇත.
අසේල විතාන
මූට World Cup එකට සෙල්ලම් කරන්න ලැබෙයිද? ලැබුනොත් ලොකු දෙයක්...

තියෙන හයිය ඔක්කොම දාල දත් මිටි කාගෙන හෙන අමාරුවෙන් යන්තන් හයේ සීමාව ලඟට වැටෙන්න ගහන්න පුළුවන් වෙයි. සනත්, කුසල් වගේ කලාවට ලස්සනට ගහන්න බෑ උන්ට.
sanata wada power and quick 
ඌ බඩු බැරිනම් අතේ ගැහුවත් අපිට මොකද ඌ හරියට සෙල්ලම් කරනවානම්...මේ ගහන අනිත් උන්ට පුළුවන් ද හරිහමන් හයේ එකක් ගහගන්න...
ටෙස්ට් වලින් උනත් ඌට හොද අනාගතයක් තියෙනවා...ඌ සෙල්ලම් කරන විදිහෙන් කියන්න පුළුවන්..