ගොඩක් එවුන් ඔහොම තමයි. නැති එකා ඇති එකාට ඊර්ෂීයා කරනවා. කොළබ වුනත් ඔය ජාතියේ එවුන් ඉන්නවා නමුත් උන් ගොඩක් busy එක එක ඒවාට , කාලය නෑ ඊෂීයා කරන්න. නමුත් ගම් වල එවුන්ට ඕන තරම් කාලය තියෙනවා ඒක එක ඒවා හිතන්න ඒ කාලය ගොඩක් එවුන් යොදවන්නේ අනුන්ට වින කරන්නයි. මම හිතන්නේ ඕක යටත් විජිත මානසිකත්වය. රොබට් නොකස්ගේ පොතට අනුව ලංකාවේ ඉස්සර ඉදපු මිනිස්සු මේ වගේ නෑ. ඉස්සර සිංහල බෞද්ධයා කියන්නේ අනෙක් අයට උදව් කරන, යහපත් වචන කථා කරන, අනුන්ට හොදට සලකන විශේෂයෙන්ම දුප්පත් මිනිස්සු (රදළයෝ නම් කොහොමත් අහංකාරයි) නමුත් දැන් ගොඩක් මිනිස්සු (සිංහල බෞද්ධයා ඇතුළු) පිරිහිලා, බෝතලයට, බත් එකට කුඩ්ඩටත් ජන්දේ දෙන තැනට වැටිලා.
උබ කියපු එක ඇත්ත ගොඩක් ආච්චිලා පන්සල් ඇවිත් කරන්නේ ඕපදූප හොයන එකයි, ඕක අපේ අම්මත් මට කිව්ව එක සැරයක්, සමහර මිනිස්සු පන්සලේ ඉදගන්නවත් තැනක් දෙන්නේ නෑ, අල්ලගෙන හැම තැනම, සමහර මිනිස්සු වතුර කළගෙඩි වලට පොරකනවා , එකපාර 4,5 ගෙනියනවා දෙන්නේ නෑ, සමහර මිනිස්සු පන්සලේ තියෙන ඒවාත් උස්සගෙන යනවා.
සමහර මිනිස්සු පළතුරු වට්ටි පූජා කරල ඉවර වෙනකම් ඉන්නවා කන්න උස්සගෙන යන්න බලාගෙන ඉන්න. මිනිස්සු පන්සල් ඇතුලේත් තරගය, අනෙකාව පරදවන මානසිකත්වය, ඕපදූප කියවන්න එන්නේ, සමහර මිනිස්සු පන්සල් එන්නේ මොනවා හරි වුනාමයි නැත්නම් පන්සල පැත්තේ එන්නේ නෑ. හැමෝම එහෙම නෑ නමුත් කොටසක් මෙහෙමයි.