යහපාලනය ආ පසු අල්ලස් කොමිසමේ සභාපති තනතුරට පත් කලේ රනිල්ගෙ හිතවතියක් වෙච්ච (ඇය ඔහුගේ හිතවතියක් බවට ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද සිදු කලා ) දිල්රුක්ශි ඩයස්ව.
ඒ ඇයි.
රනිල් කියයි ප්‍රජාතන්ත්‍රවාදෙ රකින්න කියල. ඒත් දිල්රුක්ෂි කියන්නෙ එහෙම කලේ නීතිය හදන්නත් කඩන්නත් අවශ්‍ය වූ නිසා කියල.
ඇවන්ට්ගාඩ් කියන්නෙ උපාලි විජේවර්ධන මහතාගෙන් පසුව මේ රටේ බිහි වූ දැවැන්තම ව්‍යාපාරය. රජයට වාර්ශිකව රුපියල් බිලියන ගානක ආදායමක් ලබාදුන් ව්‍යාපාරය. ඒ ව්‍යාපාරෙ ආරම්භ නොකර හිටිය කියල රජයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. නමුත් ඒ ව්‍යාපාරය ආරම්භ කරල පවත්වාගෙන යාම තුළින් රජයට වාර්ශිකව බිලියන ගණනක ලාභයක් ලැබුන.
නමුත් යහපාලනේ ආපු ගමන් ඒ ව්‍යාපාරයට වට කරල පහර දෙන්න පටන් ගත්ත. රනිල් දිල්රුක්ෂි ඩයස් හරහා ඒක කලා. පාටලී රනවක, අනුර කුමාරා දිසානායක, රාජිත සේනාරත්න ආදීන් ගෝටාභය රාජපක්ෂ මහතාව ඒ හරහා නීතියට කොටු කරගැනීමේ අදහසින් එයට පහර දුන්න.
සිරස වැනි මාධ්‍ය ආයතන ඒ ව්‍යාපාරය තමන් සතු කරගැනීමේ අරමුණින් එයට පහර දුන්න. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ආදී විවිධ ආයතන ගණනාවක් මගින් එයට එරෙහිව පරීක්ෂන ආරම්භ කලා.
මේ අයගෙ විරෝධතාව කෙතරම්ද කිවහොත් ඇවන්ට්ගාඩ් එකේ නීති විරෝධී දෙයක් සිදුවී නැති බව ප්‍රකාශ කල ඇමති තිලක් මාරපනට ඇමතිකම දාල යන්න සිද්ධ වුනා.
එලෙසින් හතරවටින් පහර දීමේ ප්‍රතිඵලය ලෙස එම ව්‍යාපාරය කඩාකප්පල් වුනා. රජයට එතෙක් වාර්ශිකව ලැබෙමින් තිබුන බිලියන ගණනක මුදලක් අහිමි වුනා. එහි සේවය කරමින් සිටි 7000ක පමන සේවක පිරිසකට රැකියා අහිමි වුනා.
ඒ ගැන රනිල්, පච රනවක, අනුර කුමාර, රාජිත කිසිවෙක් දැන් කතා නෑ.
නමුත් ඒ අසික්කිත "ජරා දේශපාලන" ගේම් එකට අත ගහපු දිල්රුක්ෂි ඩයස් දැන් කියන්නෙ මොකද්ද? මේ ජරා දේශපාලකයො අතින් මෙහෙයැවුනු ඇය දාපු බොරු නඩු ගැන දැන් කණගාටු වෙනවලු.
ඔන්න යහපාලනේ.
ප්රජාතන්ත්රවාදයේ උපාසක සලු වලට මුවා වෙච්ච ගෙවල ප්‍රේතයන්ගෙ කෙරුවාව.