ශ්‍රී ලංකා රජය දූෂණ ක්‍රියා සිදුකළ අමාත්‍යවරුන්ට එරෙහිව කිසිදු පියවර ගෙන නැති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නවතම වාර්තාවකින් හෙළි කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.
ඒ ආකාරයට දූෂණ ක්‍රියාවන් සිදු කළ අමාත්‍යවරුන් තිදෙනෙකු හඳුන්වාදෙමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉන් එක් අයකු වූ මහා භාණ්ඩාගාරයට සම්බන්ධ බවද අනාවරණය කර ඇතැයි වාර්තාව කියා සිටියි.
ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කළ හමුදා නිලධාරීන්ට එරෙහිව මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් ඔවුන්ට රජයේ මුක්තිය තවමත් හිමි වී ඇති බවත් පිටු 90 කින් යුක්ත එම වාර්තාවේ දැක්වෙන්නේ යයිද සදහන්ය.
මේ අතර
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යන මධ්‍යස්ථානය විසින් පවත්වන ලද කතිකාවකට එක්වෙමිනි.
මෙම මුදල ඉන්දීය රුපියල් වලින් හෝ ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද පවසන ඔහු එහි වටිනාකම ඩොලර් බිලියනයකට ආසන්න වනු ඇති බවද පැවසීය.
මෙම මුදල ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳ කටයුතු සඳහා යොදා ගැනෙනු ඇතැයිද කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
පෙර අවස්ථාවල ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් ඩොලර් මිලියන 121ක වාරිකයක් දැනට දින දෙකකට පෙර ගෙවා දමන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජයේ පළමු ණය වාරිකය ලැබීමෙන් පසුවයි.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්දි ඇතුළු සහනාධාර දීමනා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය වාරිකය භාවිතා කරන කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මාර්තු හා අප්‍රේල් යන මාස දෙකටම අදාල රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට එම මුදල යොදා ගැනීමට සිදුවන බව ද හෙතෙම පැවසීය.
මාර්තු මාසයේ පමණක් රාජ්‍ය ආදායම් හා වියදම් අතර පරතරය රුපියල් බිලියන 500 ක් බවත් එම මුදල රජය පවත්වාගෙන යාමට හිඟයක් ඇති වන බවද සඳහන් කළේය. එනිසා ඒ සදහාද මුල්‍ය අරමුදලේ ණය පහසුකම භාවිත කරන බවත් හෙතෙම පවසයි.
ඔහොම යන්

Last edited: