කුහුඹුවෙකු මැරීම

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කුහුඹුවෙකු මැරීම

    කුහුඹුවෙකු මැරීම
    -----------------
    Q25. කුහුඹුවෙකු මැරීම සදහා ක්රමයක්
    යෝජනා කරන්න. [ලකුණු 15]

    මේ විභාග ප්රශ්ණ පත්රයක තිබුනු ප්රශ්ණයක්(විභා­
    ගේ මොකද්ද කියලා අහන්න එපා).

    අනිත් එක ප්රශ්ණෙකටවත් හරියට උත්තර ලියා ගන්න
    බැරුව නන්නත්තාර වෙලා හිටිය කොල්ලෙක්
    මේ ප්රශ්ණෙට නම් කොහොම හරි ලකුණු 15න් 15ම
    ගන්නවා කියලා හිතලා මෙන්න මෙහෙම ලිව්වා.

    ►කුහුඹුවාව පැය කීපයක් නිරීක්ෂනය කර ඌ ජීවත්
    වෙන ගුල නිවැරදිව හදුනා ගන්න

    ►මිරිස් කුඩු ග්රෑම් 10 ක් සහ සීනි ග්රෑම් 40ක් ගෙන
    හොදින් මිශ්ර කරන්න(අනුපාතය 1:4)

    ►මිශ්රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන
    ගුල අසලින් තබන්න

    ►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින්
    තබන්න.

    ►සීනි මිරිස් මිශ්රණය අනුභව කිරීමෙන් පසු
    කුහුඹුවා ජලය සොයා යනු ඇත.

    ►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව
    බේසම තුලට තල්ලු කරන්න.

    ►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි
    ගොඩක් අසලට යනු ඇත

    ►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට
    රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම්
    වඩා හොදයි)

    ►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත.

    ►ප්රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට
    ඇතුල් කරන්න.

    ►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු
    සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක්
    ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම
    සදහා කොන්ත්රාත්තුව ඔහුට ලබා දෙන්න.

    ►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට
    ප්රත්යක්ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල
    ගෙවන්න.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002031E.gif