කූඹින්ට හුජ්ජත් මහා ගංගාවක්ලූ

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කරගන්න බැරිවෙයි කියල හිතන්න ඇති විපක්ශෙ අනාතයො දැන් අඩ අඩ නටපු එකක් ගැන ත්‍රෙඩ් දානව පව් අප්ප
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කරගන්න බැරිවෙයි කියල හිතන්න ඇති විපක්ශෙ අනාතයො දැන් අඩ අඩ නටපු එකක් ගැන ත්‍රෙඩ් දානව පව් අප්ප
    විපක්සේ උන් ටික මෝඩයි... හැබැයි ජෙප්පො වගේ කුහක උන් නෑ
     
    • Like
    Reactions: KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113


    වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති.

    December 19, 2025 04:06 pm

    වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති.

    පසුගිය 28 වනදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ පස් යට වැලලී ගිය එක් ජීවිතයක් හෝ බේරාගැනීමට හැකියාව තිබුණ ද බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය වැළකී ගිය බව ඔවුන් පවසයි.

    පසුගිය දා සිදුවු මෙම නායයෑමෙන් පවුල් 6කට අයත් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන් වුණි.

    අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු නායයෑමත් සමඟ දින තුනක කාලයක් ක්‍රියාත්මක වූවත් පසුව එම ක්‍රියාන්විතය නතර කර දමා ඇති අතර, වරකාපොළ මහෙස්ත්‍රාත් ලුෂාකා ධර්මකීර්ති මහත්මිය ද අදාළ ස්ථානයට පැමිණ අතුරුදන් වූ පුද්ගලයින් සොයන ලෙසට පොලීසියට ද උපදෙස් ලබාදී තිබුණි.

    නමුත් ගම්මුන් චෝදනා කරන්නේ, එසේ වුවත් නිසි ආකාරයෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සිදුනොවීම හේතුවෙන් එක් ජීවිතයක් හෝ බේරාගැනීමට තිබූ අවස්ථාව මඟ හැරුණු බවය.

    නායයෑමට ලක්වූ ප්‍රදේශය අතීතයේ සිට මිනිරන් පතල් කැනීම් සිදුකර ඇති ස්ථානයක් බවත් දෝනා පවතින බැවින් ඒ තුළ වායුමය පීඩනයක් එකතු වී මහා ශබ්දයක් සමඟ නායයෑම සිදුවන්නට ඇති බවත් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් සුමනසූරිය මහතා පවසා සිටියේ, ප්‍රාදේශීය සභා සභාපතිවරයාට අතුරුදන්වුවන් බේරාගැනීමට 29 වන දිනම තමා කතා කළ ද එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නිකරුණේ මෙම ජීවිත අහිමිවී ගිය බවය.

    මෙම ව්‍යසනය සිදුවී අදට දින 22ක් ගතව හමාරය. නොසිතූ නිමේෂයක මතක සටහනක් හෝ ඉතිරි නොකර තම ආදරණීයන් ජීවිතය හැරයාම ජීවත්ව සිටින සියලුදෙනාටම මහත් වේදනාවකි.

    තම දූ මුණුබුරන් සොයා නිසොල්මන්ව ඇති පස් ගොඩක් දෙස බලමින් කඳුළු සලන සීයා කෙනෙකු අද දෙරණ සමඟ මෙලෙස සිය වේදනාව බෙදාගත්තේය.


    "මගේ බෑණයි දුවයි ඒ කට්ටිය යටවෙලා... අද වෙනකල් මුකුත්ම නෑ දැනගන්න දෙයක්. එයාලා වැඩට ගියා. පොඩි ළමයි තුන්දෙනෙක් ගෙදර හිටියේ. ඔක්කෝම පස්දෙනාම යටවෙලා අද වෙනකල් මුකුත්ම නෑ. කිසිම තොරතුරක් නෑ. හොයන්න කෙනෙක් නෑ. ආණ්ඩුවෙන් කාගෙන්වත් පිළිසරණක් නෑ. අඬන එක විතරයි තියෙන්නේ. මම උදේ හවස මෙතෙනට එනවා. අදත් හෙටත් එනවා."

    - https://sinhala.adaderana.lk/news/218599

    NPP saba wala un kohomath dan kelinne pissu, minissunge prashna walin maga harinawa hama saba walama un