කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසි&

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසි&

    2017-10-23
    කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය

    කූඹියෝ ටෙලි නාට්‍යය ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබීම එවැනි කලා නිර්මානයක් පැත්තෙන් සලකා බැලූ කල සුවිශේෂ තත්වයකැයි බැලූ බැල්මට පෙනේ. එහෙත් ඇත්තෙන් ම එය එසේ ද?

    පසුගිය කාලයේ විකාශය වූ කුඩා දරුවකු ළමා මහණකු ලෙස රඟපාන ටෙලි නාට්‍යය ගැන ද, තවත් බොහෝ ටෙලි නාට්‍ය ගැන ද සමාජයේ කතාබහ නිර්මානය විය. එහෙත්, කූඹියෝ විශේෂ විය. එයට හේතුව, එය ටෙලිනාට්‍ය නො බලන, ඒවා සීරියස් කලා නිර්මාණ ලෙස නො තකන, එසේම, ටෙලි නාට්‍ය කලාත්මක ආකෘතිය ගැන දැඩි ලෙස විවේචනාත්මක ප්‍රජාවක් ඒ ගැන අලුතින් කතා කරන්නට වීමයි. එය එක පැත්තකින් කර්මාන්තයෙන් ගිලිහී ගොස් සිටි පිරිසක් ඒ වෙත ඇද බැඳ ගැනීමක් විය.

    මා අවසන් වරට බැලූ ටෙලි නාට්‍යය සිල්ලර කාසි ය. තේමාව, අන්තර්ගතය, දෘෂ්ටිය වැනි බොහෝ සාධක අතින් එය කූඹියෝ ටෙලි නාට්‍යයට සමාන හෝ ඊටත් වඩා ‘ප්‍රගතිශීලී‘ පැත්තට බර එකකි. එය යථාර්ථවාදී කතාවක් වූ අතර අභව්‍ය ෆැන්ටසියක් වූයේ නැත. එහෙත් සිල්ලර කාසි ගැන කූඹියෝ ගැන තරම් ප්‍රගතිශීලී යයි තමන් හඳුන්වා ගන්නා කලා රසික ප්‍රජාව අතර උනන්දුවක් ඇති වූයේ නැත.

    කියවන්න: සිල්ලර කාසි ටෙලි නාට්‍යයෙන් නිරූපිත මධ්‍යම පංතික තෘෂ්ණාව

    සිල්ලර කාසි ගැන ඇති නො වූ උනන්දුවක් කූඹියෝ ගැන ඇති වූයේ ඇයි ද යන්න සාකච්ඡා කිරීමට උත්සාහයක් විනා මේ කූඹියෝ ටෙලි නාට්‍යය ගැන විචාරයක් හෝ රස වින්දනයක් හෝ නො වේ. එවැන්නක් ලියන්නට එහි අවසානය තෙක් බලා සිටිය යුතු බව සිතමි.

    සිල්ලර කාසි ගැන අප විසින් තබන ලද සටහනෙහි අපි මෙසේ ලියුවෙමු. (නිල් පාටින් දැක්වෙන කොටස කියවීමට කම්මැලි නම් ඒ ටික මගහැර ඉතුරු ටික කියවා ආපසු එතැනට එන්න.)

    “ලංකාවේ ධනවාදය අසාර්ථක වීමට ප්‍ර‍ධාන හේතුවක් වන්නේ ද ලංකාවේ ධනේශ්වර ක්‍ර‍මය උර දරාගෙන යන මධ්‍යම පංතියට සිය අපේක්ෂාවන් ඉටු කර දීමට ධනවාදය අසමත් වීම ය. ලංකාවේ මධ්‍යම පංතියට මූලික වශයෙන් ම අවශ්‍ය වන්නේ අධි පාරිභෝජනවාදී ජීවන විලාසයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම් ය. ඒ වෙනුවෙන් අවම ශාරීරික ශ්‍ර‍මයක් පමණක් සැපයීමට ඔවුහු සූදානම් ය. සරළව කිව්වොත් ලංකාවේ මධ්‍යම පංතියට අවශ්‍ය අඩුවෙන් වැඩ කර වැඩියෙන් ආදායම් ඉපැයිය හැකි ක්‍ර‍මයි. ඔවුන් රජය වන්දනා කරමින් රජයේ සේවයට ලොල් වන්නේ ඒ නිසා ය.

    මෙහිදී ලංකාවේ පරමාදර්ශී වෘත්තීන් කීපයක් ඔස්සේ මධ්‍යම පංතික සිහිනය තේරුම් ගත හැකි ය. ඒ වෛද්‍ය, නීතිඥ හා දේශපාලක යන වෘත්තීන් තුනයි. මේ තුනේ ම අපේක්ෂාවන් උතුරන්නට සල්ලි හම්බ කිරීමයි. එහිදී ඔවුන්ට වෙනත් කිසිදු වෘත්තීය හෝ සමාජ හෝ සාරධර්මයක් අදාළ වන්නේ නැත.

    මෙම වෘත්තීන් තුන එක් අතකින් ලංකාවේ පරමාදර්ශී රැකියා ද වේ. කවුරුත් අත්පත් කර ගැනීමට කැමති සමාජ තත්වයන් සහිත වෘත්තීන් වේ. ඒ හැර කුඩු විකිණීම, සල්ලි පොළියට දීම වැනි ජාවාරම් ද සමාජය ඉහ වහා ගොස් තිබේ.

    ලංකාවේ කම්කරු පංතියට ද ඇත්තේ මධ්‍යම පංතික අපේක්ෂා ය. සියලු දේශපාලන පක්ෂ විසින් ඔවුන් වෙත ප්‍ර‍වර්ධනය කර තිබෙන්නේ ද මධ්‍යම පංතික පරමාදර්ශයන් ය. සරළව කිවහොත්, ඔවුන්ගේ අපේක්ෂාව ද ජීවන හිනිපෙතේ ඉහළ පඩිය වන මධ්‍යම පංතියට නැග වැඩ නො කර වැඩි පඩි ගත හැකි ක්‍ර‍මයක් සොයා ගැනීමයි.

    ලංකාවේ ධනවාදී ක්‍ර‍මය තුළ අද වන විට තිබෙන ප්‍ර‍ධාන ගැටලුව එහි ප්‍ර‍ධාන සමාජ පංතිය වන මධ්‍යම පංතියේ ජීවන පරමාදර්ශ නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් කිරීමට රට අසමත් වීමයි.“

    කූඹියෝ තනිකර ෆැන්ටසියක් මිස යථාර්ථවාදී නිර්මානයක් නො වේ. කලාත්මක පැත්තෙන් ගත් කල එහි කිසිදු වරදක් නැත. කූඹියෝ විසින් නිර්මානය කරනු ලබන්නේ අපූරු කලාත්මක ෆැන්ටසියකි. ජෙහාන්, ප්‍රියන්ත මහඋල්පත, ඔස්ටින් අයියා වැනි චරිත ඉතා ආකර්ශනීය ය. එහෙත්, එහි රචකයා පදනම් වන්නේ ඉතා යල්පැන ගිය අදහසක් මත ය. ඒ අනුව නරක යයි සමාජයේ සම්මත මිනිසුන් නරක වැඩ කළත්, හොඳ වැඩ කරන්නේ යයි කියන අයට වඩා විශිෂ්ට මානව ගුණදම් ඇති අයයි. ඔවුන් වැඩි දෙනෙකු හිත හොඳ චන්ඩි ය.

    හැත්තෑ ගණන්වල ජනප්‍රිය වූ සමාජවාදී සංකල්ප සමග මේ බොළඳ සමාජ සත්තා යථාර්ථවාදී අදහස පෑහිණි. මරුවා සමග වාසේ, යකඩයා වැනි චිත්‍රපට ද රන් බණ්ඩා සෙනෙවිරත්න ගණිකාවක් ගැන ලියූ ‘ළඳුනේ‘ වැනි ගීත ද ඒ සඳහා නිදසුන් ලෙස සැලකිය හැකි ය.

    මෙය අලුත් දෙයක් නො වේ. ඉතිහාසය පුරා අද දක්වා ම, කලා නිර්මානවල සිටින වීරයන් වනාහි සොබාදහමින් හා කෘර සමාජ යථාර්ථයන්ගෙන් බැට කන මිනිසුන්ගේ අසරණකම විසින් ගොඩනගනු ලබන ෆැන්ටසි තමා ය.

    රැජිනි කාන්ත් බැහැර කරන ඇතැමෙක් චේ ගුවේරා වන්දනා කරන්නේ දෙවැනි ක්‍රියාව වඩා ප්‍රබුද්ධ යයි සිතමිනි. එහෙත්, දෙකෙන් ම වන්නේ එක ම දෙයයි. චේ ගුවාරා පෝෂණය කරන්නේ මධ්‍යම පන්තික, වාමාංශික අසරණයන්ගේ විප්ලවවාදී ෆැන්ටසියයි. රැජිනි කාන්ත් වැඩ කරන ජනතාවගේ සාධාරණත්වය පිළිබඳ ෆැන්ටසියයි.

    එහෙත්, රන්බණ්ඩා සෙනෙවිරත්නගේ ළඳුනේ ෆැන්ටසියේ ඇති ව්‍යාජත්වය අතික්‍රමණය කළ නිර්මාන අපි වින්දෙමු. ප්‍රබුද්ධයන්ගේ විචාරයට ලක් නො වුණත්, ජොලි සීයා ගයන බජාර් එකේ ලලක්කා එවැනි නිර්මානයකි. එය බොරු ෆැන්ටසිය පුපුරුවා දැමූ නිර්මානයකි.

    කූඹියෝ ටෙලි නාට්‍යයේ වීරයා වන ජෙහාන් ආමන්ත්‍රණය කරන්නේ කාගේ ෆැන්ටසියකටදැයි හඳුනා ගැනීම කූඹියෝ ටෙලි නාට්‍යය ගැඹුරින් රස විඳීමෙහිදී ඉතා වැදගත් ය.

    නාගරික හා ගමෙන් නගරයට සංක්‍රමණය වූ උන්නතිකාමී මුත්, ඒ බව පිළි ගැනීමට අකැමැති තරුණ පරපුරක් එදත් සිටිය හ. අදත් සිටිති. එදා ඒ පරපුරේ සංකේතය අමරසිරි කලන්සූරිය සැලකිය හැකි ය. වර්තමාන උදාහරණ නො කියන්නේ ඔවුන් මාරාන්තික ලෙස තරහ වන, එලව එලවා පළි ගන්නා මිනිසුන් විය හැකි නිසා ය.

    ඔවුහු බොහිමියානු ජීවන විලාසයකට ඇලුම් කරති. එය ප්‍රවර්ධනය කරති. නිදසුනක් ලෙස ඔවුන් වනාහි යහළුවන් සමග පණ පුදා එකට වැටී සිටින, සැබෑ මිනිසුන් හමු වන බව කියන බාර්වල සෙට් වෙන, ගංජා උරන, කලාකරුවන්ගේ යාළුවන් වූ ද, බුද්ධිමතුන්ගේ අනුගාමිකයන් වූ ද, වාමාංශිකයන් සමග අවුලක් නැත්තා වූ ද, සයිටම් විරෝධී සටන නැගලා යන විට එයට සපෝට් කරන්නා වූ ද, ජීවිතයේ අනෙකුත් සියලු කටයුතුවලදී ලිබරල් වූ ද, බෙල්ල ගහලා යන වැඩ කර මිය ගිය එවුන් වෙනුවෙන් කවි ලියන්නා වූ ද පිරිසකි.

    එහෙත්, ඔවුන් සමග ජීවත් වී බැලුවහොත් දැකිය හැකි වන්නේ ඔය කියන බොහිමියානු ලක්ෂණ බොහොමයක් අමු සෝබන බවයි. මේ බොහිමියානු පිරිමි බොහෝ දෙනෙකුගේ ඇත්ත නිරුවත් වන ප්‍රධාන තැන් කිහිපයක් ඇත. එකක් ගැහැනුන් හා පවුල් ය. අනෙක, බොහිමියානු ජීවිතය හරහා ගොස් සල්ලි උනන ටැප් එක ඇර ගන්නා ආකාරය ඉගෙන ගත් විට ඇති වන තත්වය ය. පිස්සන් සේ සල්ලි පසුපස දුවන ගමනුත් මේ පිරිස තමන් බොහිමියානුවකු යයි පෙනෙන ලෙස අඳිති, පළඳිති. එහෙත්, ඒ ඇඳුම් මිළ දී ගන්නේ ඉහළ ම පෙළේ අධි මිළ ඇඳුම් සාප්පුවලිනි. බොහිමියානුවන් සමග සෙට් වන්නට ඔවුන් එන්නේ ත්‍රීවීල්වල මුත් ඔවුන්ගේ ඇත්ත ඇල්ම වන සුඛෝපභෝගී, අධිමිළ වාහන ද ඔවුන් සතු ය. ඔවුන් ජීවත් වන ගෙවල්වල ගෘහ නිර්මාන ශිල්පය පවා එවැනි ය.

    කූඹියෝ ටෙලිනාට්‍යයේ ජෙහාන් යනු මේ ව්‍යාජ බොහිමියානුවන්ට අහිමි වූ ෆැන්ටසික ජීවිතයයි. උගතා, රැකියා විරහිතයා, දක්ෂයා, නිර්මානශීලියා, සිස්ටම් එකෙන් එලෝපු එකා, ඒකට සෙට් වෙන්න බැරි එකා, ක්‍රම විරෝධියා, බොරුව අල්ලන්නැති එකා, බොරුකාරයන්ගේ රෙදි ගලවන එකා, උන්ට අමු ගේම් දෙන එකා, හිත හොඳ එකා, පීඩිතයන් වෙනුවෙන් පරිප්පු කන එකා, ඔවුන් වෙනුවෙන් අසීමිත මානව දයාවකින් යුක්ත උතුම් මිනිසා ආදී සියලු ලක්ෂණ අච්චාරු දමා හැදූ චරිතයකි, ජෙහාන්.

    සාත්තර කියන එවුන් එහෙම පහත දැක්වෙන ආකාරයේ දෙයක් කියූ විට එය ඇත්තකැයි පිළි ගැනීමට අප කවුරුත් කැමති ය. “මහත්තයගෙ හිත හොඳයි. ඒ වුණාට පැත්ත ගියත් ඇත්ත කියන නිසා මිනිසුන් තරහා වෙනවා. අසාධාරණේ පේන්න බැහැ. හිත උණු වෙනවා. අනුන් වෙනුවෙන් ඕනෑවට වඩා කරන්න යන එක නිසා තමයි අතේ ඉතුරුවක් නැත්තෙ.“

    කූඹියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන් ද සාත්තරකාරයා විසින් අප ඉදිරියේ අප පිළිබඳව නිර්මානය කරන ෆැන්ටසිය වැනි දෙයකි. එහෙත් එය අප සතුටින් තබන පට්ටපල් බොරුවකි. කලා නිර්මානයකින් එය එසේ සිදු වීමෙහි කිසිදු අවුලක් නැත. මන්ද, මිනිසුන් කලාව පරිහරණය කරන්නේ සතුට, විනෝදය මූලික කරගෙන ය. සමාජ විප්ලව කරන්නට නො වේ. මිනිසුන්ට අවශ්‍ය විඳින්නට ය. දුක, බිය, ත්‍රාසය, පිළිකුල, කෘරත්වය වැනි ඕනෑම එකක් විඳිය හැකි ය. එසේම, ඒවා විඳින්නට කැමති අය ද සිටිති. ඔය මොන කෙහෙල්මල වින්දත් අවසානයේදී වැදගත් වන්නේ ජීවත් වීම වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් හෝ වැඩ කිරීම ය. කලාව වැඩක් වන්නේ එම කර්මාන්තයේ සිටින අයට ය. නැතිනම් විචාරකයන්ට ය. ඇත්තෙන් ම වැඩ කරන ජනතාවට කලාව යනු මූලිකව ම සතුට ය.

    සතුට වෙනුවෙන් ගැහැණියක දූෂණය කරනවාට වඩා BDSM කාම වීඩියෝවක් අන්තර්ජාලයෙන් බලන එක ලේසි ය. එසේම, බොහිමියානු පන්නයෙන් ජීවත් වන්නට ගොස් ගෙදර ගෑනිගෙන් බැනුම් අහනවාට වඩා කූඹියෝ වැනි ටෙලි නාට්‍යයක් බලා ඒකෙ ජෙහාන්ට ලව් කිරීම ලේසි ය. පාර දිගේ වැනි පුරාවෘත්ත නිර්මානය වූයේ එසේ ය. හැමදාම බොහිමියන් වෙන්නට ගිය විමල් කුමාර් ද කොස්තලාට වූයේ බාර්වල පිනා ෂොට් එකක් වෙනුවෙන් එක එකාට කතන්දර කියමින් කාලකණ්ණි වෙන්නට ය. ඒ කතන්දර අහන එවුන් තමන්ගේ ෆැන්ටසිය වෙනුවෙන් විමල් කුමාර් ද කොස්තලා තවත් උෂාර් කළ හ. පත්තරවල කවි, කතා ලියූ හ. කොස්තා බීලා ම මළේ ය. කොස්තලා වර්ණනා කළ අය ජීවිතයේ එක් තැනකදී බොන එක නවත්තා කුටුම්බ වෙනුවෙන් සල්ලි හම්බ කිරීමට ගිය හ.

    මේ බොහිමියානු හා සාංදෘෂ්ටිකවාදී ජීවිත පරමාදර්ශ හා යථාර්ථය අතර ගැටුම හොඳින් නිරූපණය කරන ජිවමාන නිදර්ශනයකි, ‘සත්‍යවාදියා.‘ 1989 කැරැල්ලේදී මෙවැනි බොහිමියානුවන් බොහෝ දෙනෙකුට ගඟේ යන්නට ආශිර්වාද කළ අය අතර ඔහු වඩා අවංක පුද්ගලයෙකි.

    කූඹියෝ රසවත් ටෙලි නාට්‍යයකි. එහෙත්, එය බලා සතුටු වෙනවා විනා එයින් සමාජය විවරණය වේ, එය විප්ලවයට දායක වන මාර වැඩකි ආදී විකාර සිතුවිලි ඇති කර ගත යුතු නැත. ඒවා නිර්මානය කරන කලාකරුවන්ට විප්ලවවාදී පක්ෂවල වැඩවලට ආරාධනා කළත් කමක් නැත. එහෙත් ඒවා දකින ජනතාව ඒවා වෙළඳ ගනුදෙනුවලින් එහාට නො යන වැඩ බව අවබෝධ කර ගත යුතු ය.

    මගේ මූලික තර්කය මෙයයි. කූඹියෝ වනාහි කබාලි චිත්‍රපටය ම තමා ය. ජෙහාන් යනු රැජිනි කාන්ත් ම තමා ය. වෙනස ඒ එක් එක් කලා ධාරා අගය කරන පිරිස් වෙනස් වීම ය. කබාලි බලා විසිල් ගහන අයත්, කූඹියෝ බලා ෆෑන් පේජ් හදන අයත් දෙගොල්ල ම එක ය. කරන්නේ එක ම දෙයකි. වෙනස ඇත්තේ කූඹියෝ බලන අය චුට්ටෙ බලන අයට වඩා ප්‍රබුද්ධ යයි සිතාගෙන සිටීම ය.

    කූඹියෝ වැනි ෆැන්ටසි ඉතා මිහිරි ය. ඒවා රස විඳීම ද ඉතා හොඳ ය. එහෙත්, ඒවා මහා දේශපාලනික මෙව්වා ය අරවා මේවා කියන්නට ඕනෑ නැත. කලාවෙන් එහෙම මහ ලොකු සමාජ වෙනස්කම් ඇති කළ හැකි ද යන්න වෙන ම කතා කළ යුතු විෂයකි.

    හැබැයි, සමාජය වෙනස් කරන්නට අවශ්‍ය කතිකාව පෙරට ගන්නට කලාවට යම් හැකියාවක් ඇති බව මම විශ්වාස කරමි.

    http://www.w3lanka.com/2017/10/blog-post_23.html
     
    බුදු අම්මෝ, වලාවට ලංකාවේ ගේම් ඔෆ් ත්රෝන් වගේ ටී වී සීරියස් හැදුනේ නැත්තේ. එහෙම හදුනනන් ලංකාවේ පලවෙනි ටෙලිය දිමුත් මුත් එකේ ඉදන් කියල.. සර්සිව එහෙම ඇහෙම ඉදල පට්ට ගහයි.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    බුදු අම්මෝ, වලාවට ලංකාවේ ගේම් ඔෆ් ත්රෝන් වගේ ටී වී සීරියස් හැදුනේ නැත්තේ. එහෙම හදුනනන් ලංකාවේ පලවෙනි ටෙලිය දිමුත් මුත් එකේ ඉදන් කියල.. සර්සිව එහෙම ඇහෙම ඉදල පට්ට ගහයි.

    සිරාවට.ලංකාවෙ හරියට වැඩක් කරගන්න එකෙක් නැති උනාට විචාරය කරන්න නම් ඕනෙතරම් කට්ටිය ඉන්නවා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    සිරාවට.ලංකාවෙ හරියට වැඩක් කරගන්න එකෙක් නැති උනාට විචාරය කරන්න නම් ඕනෙතරම් කට්ටිය ඉන්නවා.

    වැඩක් නෑ බං කතා කරලා. ඒව ලියන්නයි. ඒව Share කරන්නයි ගොබ්බ ජාතක ඉන්නවා :D හැමදාම ඉස්ටිල් ඩිවලොපින් කන්ට්‍රි තමා ඒ වගේ ගොබ්බ වුන් ඉද්දි. මම කියන්නේ විවේචනය , විචාරය දෙන්න ඕන. හැබැයි රැඩිකල් ගතිය හිතින් ආරෝපණය කරගත්තු, ගෙදරට වෙලා වැඩක් නැති නිසා ඉන්ටනෙට් යන ගොබ්බ ඩයල් නෙමේ. උදාහරණයක් විදියට මිට කලින් මේ වගේ එකක් කරපු එකෙක්, එහෙම නැත්නම් තවත් producer කෙනෙක් , ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඌට පුලුවන් මේක සියුම්ව විවේචනය කරන්න. හැබැයි වෙන්නේ කොහෙවත් ඉන්න රැඩිකල් කියල හිතන් ගෙරදට වෙලා පිං බත් කන ගොබ්බ උන් ටිකක් කැපිල පෙන්න විචාර දෙනවා, ඒවා share කරනවා. මට රිදිල නෙමේ කිවේ , ඇත්ත තත්ත්වේ. මේකට උයියා ගන්න වුනුත් ඉදියි :D
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    koobiyo balanne prabuddha wenna kiyla hitha gena newi..:angry:
    eke ragapaana ewun eeka lestama karanawa..:yes:
    fantasy eke jeewath wenna kawuruth aasai..:cool::cool:
    mona qwath dan koobiyoo kaal iwarai.....sry:):)

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේ වලපයයි ගොඩපයයි ඉන්න නාකී මරු විකාරෙන් කියන ඒවා මෙතන දාලා ප්‍රමෝට් කරන්න එපා ලබ්බෝ....අපේ ආතල් එක කන්නෙ නැතුව...:angry::angry:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    බුදු අම්මෝ, වලාවට ලංකාවේ ගේම් ඔෆ් ත්රෝන් වගේ ටී වී සීරියස් හැදුනේ නැත්තේ. එහෙම හදුනනන් ලංකාවේ පලවෙනි ටෙලිය දිමුත් මුත් එකේ ඉදන් කියල.. සර්සිව එහෙම ඇහෙම ඉදල පට්ට ගහයි.

    වැඩක් නෑ බං කතා කරලා. ඒව ලියන්නයි. ඒව Share කරන්නයි ගොබ්බ ජාතක ඉන්නවා :D හැමදාම ඉස්ටිල් ඩිවලොපින් කන්ට්‍රි තමා ඒ වගේ ගොබ්බ වුන් ඉද්දි. මම කියන්නේ විවේචනය , විචාරය දෙන්න ඕන. හැබැයි රැඩිකල් ගතිය හිතින් ආරෝපණය කරගත්තු, ගෙදරට වෙලා වැඩක් නැති නිසා ඉන්ටනෙට් යන ගොබ්බ ඩයල් නෙමේ. උදාහරණයක් විදියට මිට කලින් මේ වගේ එකක් කරපු එකෙක්, එහෙම නැත්නම් තවත් producer කෙනෙක් , ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඌට පුලුවන් මේක සියුම්ව විවේචනය කරන්න. හැබැයි වෙන්නේ කොහෙවත් ඉන්න රැඩිකල් කියල හිතන් ගෙරදට වෙලා පිං බත් කන ගොබ්බ උන් ටිකක් කැපිල පෙන්න විචාර දෙනවා, ඒවා share කරනවා. මට රිදිල නෙමේ කිවේ , ඇත්ත තත්ත්වේ. මේකට උයියා ගන්න වුනුත් ඉදියි :D

    :D:D:D:D
     
    උබ කියන එක ඇත්ත මචෝ. මේක අවුල තියන්නේ ගොඩක් අපේ ඕඩියන්ස් 1, මොකද වින්දනය සහ විදවීම කියන දෙකේ වෙනස ත්රෙන්නේ නැති කම. අපි ටී වී සීරියස් එකක් හරි ෆිල්ම් 1 හරි බලන්නේ ඇයි කියන ප්‍රශ්නේ මේ උන්දලා අහ්හනේ නෑ. මිනිහෙක් මරන්නේ කොහොමද ? එකේ ත්‍රිල් 1 සැබෑ ලෝකේ ගන්න බෑ, (ගත්තොත් සොරි නේ ) ඉතින් චිත්තර පටියෙන් ඒ මිනි මාරුව ගන්න අතල් 1 බලල ගන්නවා, ඊට පස්සේ රහ්ස්පරික්සකය එක හොයන 1 ආතල් 1 ගන්නවා. උට මාර කනෙක්ෂන් , වෙපන් තියනවා,ගෑනියෙක් ව රේප් කරන ෆිල්ම් , පිටසක්වලයෝ එන ඒවා, හොල්මන් මේ ව ගොඩක් වෙලාවට අත්දකින්න අමාරු වින්දන එක්කෝ ඇත්ත ජිවිතේ මේවා කරන්න ගියොත් වන ඇන්ඩ් ඔන්ලි වැඩේ ඉවරයි ඒවා .ඇත්ත ජිවිතේ අපිට කරන්න බැරි දේවල්. අපි බලල වින්දනයක් ලබනවා. එතකොට මේ විද වීම කියන්නේ මේ චිත්‍රපටි හරි නාට්ටි හරි අපේ මේ උන්දලා ටික අල්ලාගෙන සැබෑ ජිවෙතෙට ලින්ක් කරන්න දගලනවා, කොමද හෙන බර වචන ටිකක් දාල පස්චාත් නුතන ඊනියා ලිබරල් මත දරන කියල පටන් අරන් මනෝමය ෆැන්ටසි ටික ෆයිනල් ෆැන්ටසි දාල එදා හෙළදිව පටන්ගත්තු දා සිට තියන නම රැදුණු (ඒ ඒ ආර්ට් එක මත මේක වර්ග කරනවා මුන් ) ඉතිහාස ගත නිර්මාණ ඇන ලෙස අරගෙන ඒ ඇන පොල්පිත්තක ගහල , නව නිර්මාණයේ පස්චාත් බාගයට ගහනවා මේ පොල්පිත්තෙන්. අපිත් හොල්මන්, මොකද්ද මේ බොහිමියානු ෆැන්ටසිය කියල කියන්නේ නම් නෑ මලත්.

    මටනං කියන්න තියන්නේ මේ ටීවී සීරියස් 1(මම කුබියෝ 1 සම්බන්ද හෝ බලා හෝ නැත. පහර ගහන විදිහට බලන්නම ඕනි කියල හිතාගත්ත ) හරි කගේ හරි නිර්මාණයක් ක්රිටිසයිස් කරන්න කලින් පෝර්න් බලන්න කියල මොකද ....
    Porn movies are the most positive movies...
    No murder,No war, No fight, No cheating, No racism,
    No language problem,Good cooperation, Good coordination,Natural acting,
    Everybody enjoys the climax, Lots of love,
    Alwayz a very happy ending for all characters!
    And the best part... No matter which point you start watching,
    you will understand the story.
     
    • Like
    Reactions: HSW

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    Porn movies are the most positive movies...
    No murder,No war, No fight, No cheating, No racism,
    No language problem,Good cooperation, Good coordination,Natural acting,
    Everybody enjoys the climax, Lots of love,
    Alwayz a very happy ending for all characters!
    And the best part... No matter which point you start watching,
    you will understand the story.

    මේක මරු:rofl::rofl::rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,181

    :P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලංකාවේ කොතනත් වගේ විචාරකයින්ගේත් තියෙන්නේ තනිකරම කුහකත්වය. ලංකාවේ ඉතා ඉහලින් මහන්සි වෙලා කරලා තිබුණු ආලෝකෝ උදපාදි film එක release උනහමත් ඔය විචාරකයින්ගේ ඇහේ කටු ඇනෙන්ඩ පටන් ගත්තා. ඊගාවට සිදූ ටෙලි නාට්‍යය අනෙක් ටෙලි නාට්‍යය වලට වඩා ජනප්‍රිය වෙද්දී පොඩි හාමුදුරුවන්ට බනින්ඩ පටන් ගත්තා. දැන් මේක. මම කූඹියෝ බලලා නැති උනත් මේ විචාරකයින්ගේ කුහක විචාර දැක්කහම තේරුම්ගන්ඩ පුළුවන් මේකත් සාර්ථක නිර්මාණයක් කියන එක.
    අනික තමා මම පොඩි කාලේ ඉඳන් අතට අහුවෙන පොත් පත්තර ඕන එකක් කියවනවා පුරුද්දක් විදියට. ඒ උනාට මට නම් මේ විචාරකයින්ගේ විචාර වලින් භාගෙට භාගයක් තේරෙන්නේ නෑ මොනවා කියලා තියෙනවා ද කියලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    බොහීමියාවක් දන්නෙ නැහැ. එත් ඔනෙම රටක ඔනිම ටෙලියක් නිර්මාණය වෙන්නෙ යම් දෙශපාලනයක් සහ එම දෙශපාලනය හරහා ඇතිවන චින්තනය මත.
    එඩීමර්ෆි ගෙ කොමඩියෙත් බන්දු සමරසිංහගෙ කොමඩියෙත් ඔය කියන චින්තනය ඒ ඒ රටට ආකෘතියට සාපෙක්ෂව තියෙනවා.
    එඩීමර්ෆිගෙ කොමඩිය අගය වෙන්නෙත් බන්දුසමර සිංහගෙ කොමඩි ගොන්පාර්ට් වෙන්නෙත්
    දෙශපාලනයකින්.
    ඒ කොහොමද ? අපි මොන දෙ කිව්වත් හොලිවුඩ් චිත්‍රපට අගයන්නෙ ඉංග්‍රිසි භාෂාවට හා එහි බැඳිච්ච බටහිර සංස්කෘතියට ඇති තැන නිසා.
    ඒ තැන ඇති උනෙ දෙශපාලනයෙන්.
    බන්දුසමරසිංහගෙ සමහරක් කොමඩි ගොන්පාර්ට් කියන අය කාලෙකට කලින් එව්වාට හිනාවෙන්නත් ඇති. මෙ මාත් එහෙම කෙනෙක්. ඒ ඇයි ඒත් දෙශපාලනයක් නිසා.
    බොහිමියාව, ධනවාදය ,නූතනවාදය මෙ සෙරම දෙශපාලනික හෙතු .
    ඉතිං කුඹියො ටාගර්ට් කළෙ බොහිමියානු සංස්කෘතිය අගයන අයට වඩා ටී වී සීරියස් කල්ට් එකෙ ඉන්න ලාංකෙය තරුණ පිරිස .ඒ නිසා අපි දන්න ප්‍රසිද්ධ ටීවී සීරියස් වල අඩංගු ඇතැම් දෙවල් ලංකාවට හැකි අයුරින් යොදාගෙන තියෙන්නෙ .
    සමහරක් විට බොහිමියන් කල්ට් එකෙ ඉන්න උන් ඔය නාට්‍ය ගැන දන්නවද දන්නෙත් නැහැ.

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මෙහිදී ලංකාවේ පරමාදර්ශී වෘත්තීන් කීපයක් ඔස්සේ මධ්‍යම පංතික සිහිනය තේරුම් ගත හැකි ය. ඒ 1.)වෛද්‍ය, නීතිඥ හා දේශපාලක යන වෘත්තීන් තුනයි. මේ තුනේ ම අපේක්ෂාවන් උතුරන්නට සල්ලි හම්බ කිරීමයි. එහිදී ඔවුන්ට වෙනත් කිසිදු වෘත්තීය හෝ සමාජ හෝ සාරධර්මයක් අදාළ වන්නේ නැත.

    මෙම වෘත්තීන් තුනම(දේශපාලනය) එක් අතකින් ලංකාවේ පරමාදර්ශී රැකියා ද වේ. කවුරුත් අත්පත් කර ගැනීමට කැමති සමාජ තත්වයන් සහිත වෘත්තීන් වේ. ඒ හැර කුඩු විකිණීම, සල්ලි පොළියට දීම වැනි ජාවාරම් ද සමාජය ඉහ වහා ගොස් තිබේ.

    explain reds and purples
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට මෙහෙම දෙයක් හිතෙනවා කූඹියෝ ඉදිරි කොටසකදි මේ වගේ මනෝරාජික ලෝක වල ජිවත් වන පුද්ගලයන්ගේ දෙබිඩි පිළිවෙත නිරුවත පෙන්නුම් කරනවා (කූඹියෝ Preview බලපු අය දන්නවා කතන්දරය) සමහර විට ඒ නිසා ඇතිවු රිදවිම මෙවැනි ලිපියක් ලියන්න හේතු වුනාද කියලා මට සිතෙනවා ?

    මොකද මේ ලියුම්කරු මුලින්ම කියනවා
    කූඹියෝ ගැන විචාරයක් කරන එක අසාධාරණයි තාම කතාව අතරමඟ යන නිසා කියලා එහෙම කියන ඔහු අවසානයේ තමන් ඒ ගැන විචාරය කරන්නේ තමන්ගේ දෙබිඩි පිළිවෙත පෙන්වමින්

    ෆැන්ටසි නිර්මාණයක් හා යථාර්වාදි නිර්මාණය වෙනස මොහු නොහඳුනන බව මට පෙනෙනවා ඒ මක්නිසාද මොහු ජිවත්වන්නේ ෆැන්ටසි ලෝකයකය
    ද? ලොකු මතවාද තමන්ගේ ඔලූවේ තියාගෙන සිතිවිලි ඒ සංකල්ප වලින් වලින් ලෝකය දකින මෙවැනි පුද්ගලයන්ට අනුව කූඹියෝ ඇතැම්විට ෆැන්ටසියක් වෙන්න ඇති ඒත් මේ මහ පොළොවේ මෙවැනි චරිත අඩු වැඩි වශයෙන් ජිවත්වෙනවා

    මේවා ගැන කතා කරලා වැඩක් නෑ සරළව කියනවා නම් අපේ ගොඩක් මිනිස්සු කුහකයි මොහුගේ ඒ කුහක කම ලඳුනේ ගීතය ගැන කියලා තියෙන අදහසින් හොඳින්ම පැහැදිලි වෙනවා

    කූඹියෝ හොඳ නිර්මාණයක් ඒ පිළිබඳ අවසන් විග්‍රහයක් කරන්න මේ වේලාව නෙමේ