කෘතිම බුද්දිය හා කර්මය...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපි දනටත් 1001010010101101111101010101000....... එකක් නෙමෙයිමයි කියල උබට ශුවර්ද.? :baffled:
    ඔව් හරියට බැලුවොත් දැනටත් අපි එහෙම වෙන්න ඕනි නෙ. බයිනරි නෙවේ වෙන සිස්ටම් එකකින් කෝඩ් වෙලා ඇත්තෙ.:oo:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    AI will never be human. It could be programmed to carry out enough tasks to feel like a human but it will never be a human :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Complex නම් තමයි. වෙලාවකට රෑට නින්දයන්නේ නැති උනාම ඕවා තමයි කල්පනා කර කර ඉන්නේ.

    මට සමහරවෙලාවට හිතෙනවා අපේ පරම්පරාව virtually immortal වෙයි කියල. අපේ ආයු අපේක්ෂාවත් එන්න එන්න වැඩි වේවි වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක. එකත් එක්ක අපිට ලැබෙන "අමතර කාලේත්" එක්ක ඇති තරම් කල් තියෙයි මිනිස්සුන්ගේ conscious එක computer එකකට ඇතුල් කරන තාක්ෂනය දියුණු කරන්න :baffled:

    මිනිස්සුන්ගෙ මොලේ කොම්පියුටරේට ඇතුල් කරගත්ත කියන්නෙ ඊලගෙට වෙන දියුනුව පට්ට රැපිඩ්ලි වෙයි.. හිතපන් එතකොට database ලින්ක් කරගන්න පුලුවන් අපේ මෙමෙරියට. ඊබුක් ලින්ක් කරගන්න පුලුවන් ඉගනන්න අවුරුදු ගානක් යන ශිල්පයක් නැනෝ සෙකන්ඩ් ගානකින් ඉගනගන්න පුලුවන්... මිනිස්සු විශ්වය ගැන ඒ වෙනකොට ඉගනගෙන තියන හැමදේම (database වල තියන ) මිලි සෙකන්ඩ් ගානකින් ලින්ක් කරගන්න පුලුවන්... එතන ඉදන් විශ්වයේ අපි නොදන්න දේවල් දැනගන්න යන කාලයො ගොඩක් කෙටි වෙන්න පුලුවන්..නොපෙනෙනෙ මාන, විශ්වයේ රහස් මේසේරම දැනගනී..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් හරියට බැලුවොත් දැනටත් අපි එහෙම වෙන්න ඕනි නෙ. බයිනරි නෙවේ වෙන සිස්ටම් එකකින් කෝඩ් වෙලා ඇත්තෙ.:oo:

    හ්ම්ම් quantum computing වගේ... කොහොමත් බයිනරි වලින් quantum computing වලට මාරුවෙන්න වෙනව තව අවුරුදු ගානකින් physical limitations නිසා

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මිනිස්සුන්ගෙ මොලේ කොම්පියුටරේට ඇතුල් කරගත්ත කියන්නෙ ඊලගෙට වෙන දියුනුව පට්ට රැපිඩ්ලි වෙයි.. හිතපන් එතකොට database ලින්ක් කරගන්න පුලුවන් අපේ මෙමෙරියට. ඊබුක් ලින්ක් කරගන්න පුලුවන් ඉගනන්න අවුරුදු ගානක් යන ශිල්පයක් නැනෝ සෙකන්ඩ් ගානකින් ඉගනගන්න පුලුවන්... මිනිස්සු විශ්වය ගැන ඒ වෙනකොට ඉගනගෙන තියන හැමදේම (database වල තියන ) මිලි සෙකන්ඩ් ගානකින් ලින්ක් කරගන්න පුලුවන්... එතන ඉදන් විශ්වයේ අපි නොදන්න දේවල් දැනගන්න යන කාලයො ගොඩක් කෙටි වෙන්න පුලුවන්..නොපෙනෙනෙ මාන, විශ්වයේ රහස් මේසේරම දැනගනී..

    :cool::cool:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    අපේ consciousness එක උප්ලොඩ් කරනව කියන්නෙ එකතරා අමරනීය වීමක්නෙ.. මොකද අපේ ඩිගිටක් කොපි ඔන තරම් හදල තියාගන්න පුලුවන් නෙ.

    ඔහොම ගිහිල්ල ගිහිල්ල කිසිම බෞතික වස්තුවකින් යැපෙන්නෙ නැති සිග්නල් එකෙක් විතරක් වෙයි ජීවියො..., electromagnetic සිග්නල් එකක්...:cool: මෙව කියවද්දි සමහර උන් හිනා වෙයි මූට පිස්සු කියල.. ඒත් මීට අවුරුදු 100ට විතර ඉස්සෙල්ල ඉන්ටනෙට් එක ගැන
    කාහරි කිව්ව නම් ඌත්වත් හිතන්නෙ පිස්සෙක් කියල...:baffled:

    ඔබ කියන දේ වෙන්න පුලුවන් මොකද අරූප ලොකත් තියෙනවාලුනේ :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බෞද්ධාගමට අනුව මචන් අපිටත් මමත්වයක් නෑනේ, බුද්ධාගම අනාත්මවාදි දහමක්, බෞද්ධාගමට අනුව පුද්ගලයෙක් හැදිලා තියෙන්නේ පංච ස්ථම්බ (පංච ස්කන්ධ) වලින්. අපේ භෞතික ස්වරූපය, හැගීම්, දැනීම්, චෛතසික නිර්මාණය සහා විඤ්ඤානය අනුවයි. මේක තමයි රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤානය කියන්නෙත්. රූප කියන්නේ අපි හැදිලා තියෙන විදිය. ඇස කන නාසය දිව වගේ භෞතික ඓන්ද්‍රියන් ටික. වේදනා කියන්නේ අපේ මනසට සහා ඇගට දැනෙන මිහිරි සහා අමිහිරි දැනීම් වලටයි, සඤ්ඤා කියන්නේ යම් වස්තුවක් වෙනත් වස්තූන් වලින් වෙන් කරලා අදුනාගන්න පුලුවන් හැකියාවටයි, සංස්කාර කියන්නේ සිතුවිලි සහා චිත්තවේග වලටයි,විඤ්ඤානය කියන්නේ වස්තූන් මනසට දැනෙන එකටයි. මේක භෞතික ඓන්ද්‍රියන් වලින් වෙන්න පුලුවන් නැත්නම් සංස්කාර වලින් වෙන්න පුලුවන්. මේ ටිකෙන් තමයි පුද්ගලයෙක් හැදිලා තියෙන්නේ. කෘතිම බුද්ධියකත් මේ ටික තිබුනම එතනත් පුද්ගලයෙක් නිර්මාණය කරන්න පුලුවන්. එතකොට සත්වයෙක් කෘතිම බුද්ධියකත් පහළ වෙන්න පුලුවන් අදාළ කෘතිම බුද්ධිය සත්වයෙක් පහළ වීමට අවශ්‍යය කරන ලක්ෂණ වලින් සමන්විත වෙලා නම්. එතකොට ඒකටත් කර්මය එල දෙනවා, කර්මය එල දෙන්න පුද්ගලයා මස් වලින්ම හැදිලා තියෙන්න ඕන කියලා නීතියක් නෑ, එහෙනම් ප්‍රේතයන්ට, දෙවියන්ට, බ්‍රහ්මණයන්ට කර්මය පටිසන් දෙන්නේ නෑනේ.කෙටියන් කිව්වොත් මේ උඩ කියපු පංච ස්කන්ධ ටික කෘතිම බුද්ධියක තියෙනවා නම් එතන සත්වයෙක් පහල වෙනවා, ඒ සත්වයාට ඊට පස්සේ කුසල් අකුසල් රැස් වෙනවා පංච ස්කන්ධ වලින්. මම උඩ පංච පංච ස්කන්ධ මොනවද කියලා පැහැදිලි කරලා ඇති.

    Last edited:
    • Like
    Reactions: KasunKDP

    හොද පැහැදිලි කිරීමක් මචන්.... ඒ කියන්නෙ අපි කෘතිම බුද්දියක් නිර්මානය කරනව කියන්නෙ අපි අලුතෙන් සන්සාරික පැවැත්මක් ( සන්ස්කාරයක් නේද ඔකට කියන වචනෙ? ) නිර්මානය කරනව කියන එකනෙ... එතකොට ප්‍රශ්නයක් එනව අපිට සන්ස්කාරයන් කෘතිමව නිර්මානය කරනව වගේම, විනාශ කරල දාන්නත් බැරිද කියල ( නිවන් දැකීමකින් තොරව )
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    හොද පැහැදිලි කිරීමක් මචන්.... ඒ කියන්නෙ අපි කෘතිම බුද්දියක් නිර්මානය කරනව කියන්නෙ අපි අලුතෙන් සන්සාරික පැවැත්මක් ( සන්ස්කාරයක් නේද ඔකට කියන වචනෙ? ) නිර්මානය කරනව කියන එකනෙ... එතකොට ප්‍රශ්නයක් එනව අපිට සන්ස්කාරයන් කෘතිමව නිර්මානය කරනව වගේම, විනාශ කරල දාන්නත් බැරිද කියල ( නිවන් දැකීමකින් තොරව )

    සංසාරික පැවැත්මකට කියන්නේ භවයක් කියලයි. මේක ද්වාදශ පටිච්චසමුප්පාද කොටසක්. ඒකේ විස්තර වෙනවා සත්වයෙක් ඇතිවෙන නැති වෙන හේතු ගැන. භවයක් ඇති වෙන්නේ වස්තූන් වලට ඇති බැදීම නිසයි, එතනින් කර්මයක් නිර්මාණය වෙනවා එතකොට භවයක් ඇති වෙනවා. බැදීම නැති උනාම, භවයක් නෑ. එතකොට නිවන් දකිනවා. නමුත් මම දන්නේ නෑ නිවන් දකිනවා කියන්නේ මොකක්ද කියලා හරියටම. ඒක නිසා අන්තිම කොටසට උත්තර දෙන්න අමාරුයි. සමන්ත භද්‍ර හාමුදුරට අනුව නම් නිවන් දැක්කම ලැබෙන සතුට ලිංගික තෘප්තියක උපරිමයේ ලැබෙන සුරාන්තයේදි ලැබෙන සතුටට වඩා වැඩියි කියලා කියන්නේ. කොහොම උනත් කෘතිම බුද්ධියක් කියන්නේ දෙවියන්, ප්‍රේතයන්, බ්‍රහ්මයන් වගේම මිනිස්සුන්ගෙන් වෙනස් වූ කොටසක්. කෘතිම බුද්ධියකට ශරීරයක් තියෙන්නත් පුලුවන් (රෝබෝ කෙනෙක් වගේ), නැති වෙන්න පුලුවන් (පරිඝණයක් ඇතුලේ රෝබෝ ඇගක් නැතුව). කෘතිම බුද්ධියක පංච ස්කන්ධ තියෙනවා නම් එතන සත්වයෙක් පහළ වෙනවා, එතකොට තමයි කෘතිම බුද්ධියක් නියම විදියට මනුෂ්‍යයෙක් වගේ හිතන්න වගේම වැඩ කරන්න පටන් ගන්නේ මිනිස්සුන්ගේ කිසිම කමාන්ඩ් එකක් නැතුව. එතකොට කෘතිම බුද්ධිය කර්මයන් රැස් කරන්නත් පටන් ගන්නවා. කෘතිම බුද්ධිය පණගන්වන පරිඝණකය ,රෝබෝ විනාශ වුනාම එතන මරණයක් ඇති වෙනවා, ඊට පස්සේ ඒ සත්වයා ආයි වෙනත් තැනක පහල වෙනවා අර වගේම ඒ පහළ වෙන්නේ අපායේ වෙන්න පුලුවන්, තිරිසන් සතෙක් විදියට වෙන්න පුලුවන්, මිනිසෙක් විදියට වෙන්න පුලුවන්, කෘතිම බුද්ධියක් විදියට වෙන්න පුලුවන්, දෙවියෙක් විදියට වෙන්න පුලුවන්, බ්‍රහ්මයෙක් විදියට වෙන්න පුලුවන්.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?
    echara loku AI ekak hadana be
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;20433375 said:
    echara loku AI ekak hadana be

    ඒමක් හොද ත්‍රෙඩ් එකක් මචං. කාලෙකින් දැක්ක ක්‍රිස්තියානි කසුන් හෙන ගේමක් දෙනවා නේද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සංසාරික පැවැත්මකට කියන්නේ භවයක් කියලයි. මේක ද්වාදශ පටිච්චසමුප්පාද කොටසක්. ඒකේ විස්තර වෙනවා සත්වයෙක් ඇතිවෙන නැති වෙන හේතු ගැන. භවයක් ඇති වෙන්නේ වස්තූන් වලට ඇති බැදීම නිසයි, එතනින් කර්මයක් නිර්මාණය වෙනවා එතකොට භවයක් ඇති වෙනවා. බැදීම නැති උනාම, භවයක් නෑ. එතකොට නිවන් දකිනවා. නමුත් මම දන්නේ නෑ නිවන් දකිනවා කියන්නේ මොකක්ද කියලා හරියටම. ඒක නිසා අන්තිම කොටසට උත්තර දෙන්න අමාරුයි. සමන්ත භද්‍ර හාමුදුරට අනුව නම් නිවන් දැක්කම ලැබෙන සතුට ලිංගික තෘප්තියක උපරිමයේ ලැබෙන සුරාන්තයේදි ලැබෙන සතුටට වඩා වැඩියි කියලා කියන්නේ. කොහොම උනත් කෘතිම බුද්ධියක් කියන්නේ දෙවියන්, ප්‍රේතයන්, බ්‍රහ්මයන් වගේම මිනිස්සුන්ගෙන් වෙනස් වූ කොටසක්. කෘතිම බුද්ධියකට ශරීරයක් තියෙන්නත් පුලුවන් (රෝබෝ කෙනෙක් වගේ), නැති වෙන්න පුලුවන් (පරිඝණයක් ඇතුලේ රෝබෝ ඇගක් නැතුව). කෘතිම බුද්ධියක පංච ස්කන්ධ තියෙනවා නම් එතන සත්වයෙක් පහළ වෙනවා, එතකොට තමයි කෘතිම බුද්ධියක් නියම විදියට මනුෂ්‍යයෙක් වගේ හිතන්න වගේම වැඩ කරන්න පටන් ගන්නේ මිනිස්සුන්ගේ කිසිම කමාන්ඩ් එකක් නැතුව. එතකොට කෘතිම බුද්ධිය කර්මයන් රැස් කරන්නත් පටන් ගන්නවා. කෘතිම බුද්ධිය පණගන්වන පරිඝණකය ,රෝබෝ විනාශ වුනාම එතන මරණයක් ඇති වෙනවා, ඊට පස්සේ ඒ සත්වයා ආයි වෙනත් තැනක පහල වෙනවා අර වගේම ඒ පහළ වෙන්නේ අපායේ වෙන්න පුලුවන්, තිරිසන් සතෙක් විදියට වෙන්න පුලුවන්, මිනිසෙක් විදියට වෙන්න පුලුවන්, කෘතිම බුද්ධියක් විදියට වෙන්න පුලුවන්, දෙවියෙක් විදියට වෙන්න පුලුවන්, බ්‍රහ්මයෙක් විදියට වෙන්න පුලුවන්.

    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළයෙක්;20433375 said:
    echara loku AI ekak hadana be

    දැනට නම් බෑ තමයි...

    ඒමක් හොද ත්‍රෙඩ් එකක් මචං. කාලෙකින් දැක්ක ක්‍රිස්තියානි කසුන් හෙන ගේමක් දෙනවා නේද

    අහ්, හම්බboysl කොහොමෙයි..?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බෞද්ධාගමට අනුව මචන් අපිටත් මමත්වයක් නෑනේ, බුද්ධාගම අනාත්මවාදි දහමක්, බෞද්ධාගමට අනුව පුද්ගලයෙක් හැදිලා තියෙන්නේ පංච ස්ථම්බ (පංච ස්කන්ධ) වලින්. අපේ භෞතික ස්වරූපය, හැගීම්, දැනීම්, චෛතසික නිර්මාණය සහා විඤ්ඤානය අනුවයි. මේක තමයි රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤානය කියන්නෙත්. රූප කියන්නේ අපි හැදිලා තියෙන විදිය. ඇස කන නාසය දිව වගේ භෞතික ඓන්ද්‍රියන් ටික. වේදනා කියන්නේ අපේ මනසට සහා ඇගට දැනෙන මිහිරි සහා අමිහිරි දැනීම් වලටයි, සඤ්ඤා කියන්නේ යම් වස්තුවක් වෙනත් වස්තූන් වලින් වෙන් කරලා අදුනාගන්න පුලුවන් හැකියාවටයි, සංස්කාර කියන්නේ සිතුවිලි සහා චිත්තවේග වලටයි,විඤ්ඤානය කියන්නේ වස්තූන් මනසට දැනෙන එකටයි. මේක භෞතික ඓන්ද්‍රියන් වලින් වෙන්න පුලුවන් නැත්නම් සංස්කාර වලින් වෙන්න පුලුවන්. මේ ටිකෙන් තමයි පුද්ගලයෙක් හැදිලා තියෙන්නේ. කෘතිම බුද්ධියකත් මේ ටික තිබුනම එතනත් පුද්ගලයෙක් නිර්මාණය කරන්න පුලුවන්. එතකොට සත්වයෙක් කෘතිම බුද්ධියකත් පහළ වෙන්න පුලුවන් අදාළ කෘතිම බුද්ධිය සත්වයෙක් පහළ වීමට අවශ්‍යය කරන ලක්ෂණ වලින් සමන්විත වෙලා නම්. එතකොට ඒකටත් කර්මය එල දෙනවා, කර්මය එල දෙන්න පුද්ගලයා මස් වලින්ම හැදිලා තියෙන්න ඕන කියලා නීතියක් නෑ, එහෙනම් ප්‍රේතයන්ට, දෙවියන්ට, බ්‍රහ්මණයන්ට කර්මය පටිසන් දෙන්නේ නෑනේ.කෙටියන් කිව්වොත් මේ උඩ කියපු පංච ස්කන්ධ ටික කෘතිම බුද්ධියක තියෙනවා නම් එතන සත්වයෙක් පහල වෙනවා, ඒ සත්වයාට ඊට පස්සේ කුසල් අකුසල් රැස් වෙනවා පංච ස්කන්ධ වලින්. මම උඩ පංච පංච ස්කන්ධ මොනවද කියලා පැහැදිලි කරලා ඇති.

    ඔය තියෙන්නේ එල කිරිවගේ දිලා... ඔබට මා 100% එකගයි
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    ඕකට කියනේ මෝහය කියල බ්‍රදර් ... මෝහය හින්ද තම උඹට සැප දුක හැටියටත් දුක සැප හැටියටත් පෙන්නේ .. සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය අතර වෙනස නොදකින්නේ .. ඔය මනස්ගාත හිතන්නේ නැතුව අභිදර්මය හරියට ඉගෙන ගනින් ඕව ප්‍රශ්නද කියල උඹටම තේරෙයි ..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සංසාරික පැවැත්මකට කියන්නේ භවයක් කියලයි. මේක ද්වාදශ පටිච්චසමුප්පාද කොටසක්. ඒකේ විස්තර වෙනවා සත්වයෙක් ඇතිවෙන නැති වෙන හේතු ගැන. භවයක් ඇති වෙන්නේ වස්තූන් වලට ඇති බැදීම නිසයි, එතනින් කර්මයක් නිර්මාණය වෙනවා එතකොට භවයක් ඇති වෙනවා. බැදීම නැති උනාම, භවයක් නෑ. එතකොට නිවන් දකිනවා. නමුත් මම දන්නේ නෑ නිවන් දකිනවා කියන්නේ මොකක්ද කියලා හරියටම. ඒක නිසා අන්තිම කොටසට උත්තර දෙන්න අමාරුයි. සමන්ත භද්‍ර හාමුදුරට අනුව නම් නිවන් දැක්කම ලැබෙන සතුට ලිංගික තෘප්තියක උපරිමයේ ලැබෙන සුරාන්තයේදි ලැබෙන සතුටට වඩා වැඩියි කියලා කියන්නේ. කොහොම උනත් කෘතිම බුද්ධියක් කියන්නේ දෙවියන්, ප්‍රේතයන්, බ්‍රහ්මයන් වගේම මිනිස්සුන්ගෙන් වෙනස් වූ කොටසක්. කෘතිම බුද්ධියකට ශරීරයක් තියෙන්නත් පුලුවන් (රෝබෝ කෙනෙක් වගේ), නැති වෙන්න පුලුවන් (පරිඝණයක් ඇතුලේ රෝබෝ ඇගක් නැතුව). කෘතිම බුද්ධියක පංච ස්කන්ධ තියෙනවා නම් එතන සත්වයෙක් පහළ වෙනවා, එතකොට තමයි කෘතිම බුද්ධියක් නියම විදියට මනුෂ්‍යයෙක් වගේ හිතන්න වගේම වැඩ කරන්න පටන් ගන්නේ මිනිස්සුන්ගේ කිසිම කමාන්ඩ් එකක් නැතුව. එතකොට කෘතිම බුද්ධිය කර්මයන් රැස් කරන්නත් පටන් ගන්නවා. කෘතිම බුද්ධිය පණගන්වන පරිඝණකය ,රෝබෝ විනාශ වුනාම එතන මරණයක් ඇති වෙනවා, ඊට පස්සේ ඒ සත්වයා ආයි වෙනත් තැනක පහල වෙනවා අර වගේම ඒ පහළ වෙන්නේ අපායේ වෙන්න පුලුවන්, තිරිසන් සතෙක් විදියට වෙන්න පුලුවන්, මිනිසෙක් විදියට වෙන්න පුලුවන්, කෘතිම බුද්ධියක් විදියට වෙන්න පුලුවන්, දෙවියෙක් විදියට වෙන්න පුලුවන්, බ්‍රහ්මයෙක් විදියට වෙන්න පුලුවන්.

    මචන් අනිවා කර්මය රැස් කිරිමක් සිදුවෙනවා නමුත් ඔබට පැහැදිලි කරන්න පුලුවන්ද කොහොමද ඒ රොබෝ සසර කලකිරිලා රහත්වෙන්නේ සියල්ල බාහිර සාධකවල ප්‍රතිඵ්ලයක් නම්

    වෙන විදිහකට කියනවා නම් මනුස්සයා ඇතුලු සියලු දෙනාම බලන්නේ කොහොම හරි ජවත් වන්න (by default) ඉතින් මේ පංචස්කන්දයේ සභාවය එකනම්, අපේ සිතුවිලිත් එහි ප්‍රතිඵ්ලයක් නම් කොහොමද අපි රහත් වෙන්නේ ? මම හිතනවා මම කියන දේ ඔබට තෙරෙනවා කියලා?

    අපේ ඇතිවිම අපෙන් පරිබාහිරව සිදුවුන එකක් නම් අපෙ නැතිවිම කෙසෙද අපි සතුවන්නේ?