කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මචං උබ විද්‍යාවේ තියෙන දේවල් පිළිගත්තේ අන්ධ භක්තියෙන්ද??? නැත්නම් වෙන ක්‍රමයකින්ද??? :confused::confused::confused:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ප්‍රත්‍ය වෙන්නෙ නෑ ඒ නිසා පිලිගන්න කියන්න බෑ, එතකොට අන්ඳ භක්තිය
    ප්‍රත්‍ය කරගන්න ඔනි, නැතුව පිලිගන්න එපා කියල නේද කියල තියෙන්නෙ කවුරුත් කිව්වට හෝ කියෙව්වට
    විඥ්ඥානය කියන්නෙ සිතනෙ, සිත කෘතිමව නිර්මානය උන කාලෙක ( සිත කියන්නෙ මොලයට )
    විඥ්ඥානය කියන්නෙ සිත නෙමේ නම් එහෙම එකක් තියෙ කියල ඔප්පු කරන්න, මම කියන්නෙ එහෙම වෙනම එකක් නෑ කියල
    කවුරු හරි තියෙ කියනව නම් එක ඔප්පු කරන්න ( විද්‍යාත්මකව නෙමේ , ලොජිකලි වත් ) පුලුවන් වෙන්න එපෙයෙ
    නෑ කියල ඔප්පු කරන්න කියන්න එපා, මට අඟහරු වටෙ කැරකෙම තේ පෝච්චියක් නෑ කියල ඔප්පු කරන්න බෑනෙ, හැබැයි ඔයා එහෙම එකක් තියෙනවා කියනවා නම් තියෙනවා කියල ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනි


    විඤ්ඤාණය කියන්නෙ සිත කියල ගන්න බැහැ. විඤ්ඤාණය කියන්නෙ යමක් හඳුනාගැනීම සම්බන්ධ ක්‍රියාවලියේ කොටසක් කියල ගන්න පුළුවන්. විඤ්ඤාණය කියන්නෙ යමක් විකෘති බුද්ධියෙන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. උදාහරණයක් අරගත්තොත්, උඹ සබන් දාලා පැය බාගයක් හම ගහල අත් දෙක හෝදනව. ඊට පස්සෙ කියනව දැන් මගේ අත් දෙක සුපිරිසිඳුයි, කිසිම කුනක්, විශබීජයක් නෑ කියල. කෙනෙක් ඇහුවොත් කොහොමද එහෙම කියන්නෙ කියල, උඹ කියාවි තියෙනව නම් මට පේන්න එපැයි, හමට දැනෙන්න එපැයි, නහයට දැනෙන්න එපැයි කියල. නමුත් අන්වීක්ශයක් අරන් උඹේ සුපිරිසිඳු අත් දෙක දිහා බැලුවොත්, උඹටම පේනව එකෙ තියෙන නොයෙක් හානිකර විශබීජ. උඹ අන්වීක්ශයක් බලන්න කලින් ගත්තු 'මගේ අත් දෙක සුපිරිසිඳුයි' කියන නිගමනය විඤ්ඤාණය ක්‍රියාත්මක වීමෙන් ගත්තු එකක්. කරුණු හරියට නොදැන, අවබෝධයෙන් තොරව නුවණ පාවිච්චි නොකර ගත්තු විකෘති නිගමණයක්. විඤ්ඤාණය කියන වචනයේ මේ අර්ථය ලස්සනට ගැබ් වෙලා තියෙනව: වි+ඤාණය - විකෘති ඤාණය. ඒ අනුව ගත්තම විඤ්ඤාණය කියන්නෙ සිතුවිල්ලක ස්වභාවයක්.

    අරිහත් ඵලයේදී ඔය විකෘති ස්වභාවයෙන් මිදීම නිසා ලෝකය අමෝහයෙන් දකින්න ලැබෙනව. ඒ තුලින් තමයි ඇලීම ගැටීම කියන අන්ත දෙකේ ආදීනව දකින්නෙ. ඒ තුලින්ම තමයි නිවන් දකින්නේත්.

    සහෝ උඹේ ප්‍රශ්ණ හොඳයි. නමුත් දහම ඉගෙනගෙන ඉන්න. ප්‍රශ්ණ අහන ගමන් වුනත් කමක් නැහැ ඉගෙනගන්න. එතකොට ප්‍රශ්ණ වලට උත්තරත්, අළුත් ප්‍රශ්ණත් යන දෙකම ලැබෙයි.
     

    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    විඤ්ඤාණය කියන්නෙ සිත කියල ගන්න බැහැ. විඤ්ඤාණය කියන්නෙ යමක් හඳුනාගැනීම සම්බන්ධ ක්‍රියාවලියේ කොටසක් කියල ගන්න පුළුවන්. විඤ්ඤාණය කියන්නෙ යමක් විකෘති බුද්ධියෙන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. උදාහරණයක් අරගත්තොත්, උඹ සබන් දාලා පැය බාගයක් හම ගහල අත් දෙක හෝදනව. ඊට පස්සෙ කියනව දැන් මගේ අත් දෙක සුපිරිසිඳුයි, කිසිම කුනක්, විශබීජයක් නෑ කියල. කෙනෙක් ඇහුවොත් කොහොමද එහෙම කියන්නෙ කියල, උඹ කියාවි තියෙනව නම් මට පේන්න එපැයි, හමට දැනෙන්න එපැයි, නහයට දැනෙන්න එපැයි කියල. නමුත් අන්වීක්ශයක් අරන් උඹේ සුපිරිසිඳු අත් දෙක දිහා බැලුවොත්, උඹටම පේනව එකෙ තියෙන නොයෙක් හානිකර විශබීජ. උඹ අන්වීක්ශයක් බලන්න කලින් ගත්තු 'මගේ අත් දෙක සුපිරිසිඳුයි' කියන නිගමනය විඤ්ඤාණය ක්‍රියාත්මක වීමෙන් ගත්තු එකක්. කරුණු හරියට නොදැන, අවබෝධයෙන් තොරව නුවණ පාවිච්චි නොකර ගත්තු විකෘති නිගමණයක්. විඤ්ඤාණය කියන වචනයේ මේ අර්ථය ලස්සනට ගැබ් වෙලා තියෙනව: වි+ඤාණය - විකෘති ඤාණය. ඒ අනුව ගත්තම විඤ්ඤාණය කියන්නෙ සිතුවිල්ලක ස්වභාවයක්.

    අරිහත් ඵලයේදී ඔය විකෘති ස්වභාවයෙන් මිදීම නිසා ලෝකය අමෝහයෙන් දකින්න ලැබෙනව. ඒ තුලින් තමයි ඇලීම ගැටීම කියන අන්ත දෙකේ ආදීනව දකින්නෙ. ඒ තුලින්ම තමයි නිවන් දකින්නේත්.

    සහෝ උඹේ ප්‍රශ්ණ හොඳයි. නමුත් දහම ඉගෙනගෙන ඉන්න. ප්‍රශ්ණ අහන ගමන් වුනත් කමක් නැහැ ඉගෙනගන්න. එතකොට ප්‍රශ්ණ වලට උත්තරත්, අළුත් ප්‍රශ්ණත් යන දෙකම ලැබෙයි.


    Ammo muuu danna tharam.. Ochcara dannawa nam mahana weyanko. Ai me gihi ge dangalanne? Danna kattiya ne siwaru dagena mahana wela bawana karala rahath wenne...
    Uba buddagam piligannawa nam niwan yanath onei nam ahawal labbak da elakiriye karanne?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෘතිම බුද්ධිය කියන්නෙ බොරුවක් බං.. ඕකට ඇති බුද්ධියක් නෑ :lol:
    කෘතිම බුද්ධියට මමයි කියල හැඟීමක් (විඥානයක්) නෑ
    සයිෆයි චිත්‍රපටිවල වගේ රොබෝල හදන්ඩ බෑ.. එයාලට මම කියල සිතුවිල්ලක් නෑ.. අහක ඉඳං බලන් ඉන්න අපිට තමා රොබෝව එහෙම පේන්නෙ..
    ඉන්පුට් අනුව අවුට්පුට් එකක් විතරයි දෙන්නෙ.. නිකම්ම automated
    කෘතිම බුද්ධිය කියල අලුතින් ඇවිල්ල තියෙන්නෙ ස්වයං ඉගෙනගැනීමට වෙන්ඩ ඕන. ඒකට අවශ්‍ය පිලිවෙලත් අපිම තමා ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ

    මම කියල හැඟීමක් අපිට තියෙනව කියල කියන්නෙත් අපිමනේ. කවුද දන්නේ අපිවත් ප්‍රෝග්‍රෑම් කරවලද කියල එහෙම හිතන්න :oo:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    A.I ekakata maranayata baya saha jeewithaya "windinna" kiyana aasawan deka, sabaawatama athiwunoth, Ow pin saha paw uuta applicable wei. Eekiyanne, minissu code karapu instructions walin ehata giya deyak.

    Mokada thanhaawe basic ma de eekane.

    oka ohoma unoth machan sahena barapathala wenwa,
    Elon musk kiyana deyak thama api jeewath apita wada diyunu jeeween haduwa matrix ekaka kiyala,eya kiyanawa ehema nowenna thiyena chance eka billion ekakin ekai kiyala . ( geekshow eke vid ekaka meka thibbe mataka wdhta )


    රත්තරං;21306353 said:
    කෘතීම බුද්දියක් නෙමේ කව්රු කලත් මේක පව් නෑ. හැබැයි ලෝකෙට වැඩිම වදයක් තියෙන්නේ මැද පෙරදිගටත් වඩා දකුනු ආසියාවේ හම්බයන්ගෙන් උන් සේරම එකට දාලා හමන්නවන්න පුලුවන්නම් වඩා හොදයි.. පින් අතේ වැඩක්


    real arabian un lankawata awanam meka surapurayak wenna thibba ban.south asain kalakanni muslim wagayak awe
    plus arabian unwa neme maranna ona,,arabian unwa maruwata wena nation ekak dammala hari wade karawanawa..anna eh command chain eke uda inna unwa maranna ona :P


    කෘතිම බුද්ධිය කරන්නා වූ සියලු කර්ම අනුව එහි මුල් නිර්මාතෘ වරයාට පින පව ලැබේ..

    dynamite haduwe gal kadanna.dan ewain weapons hadanne..ehema kiyala dinamaite haduwa ekata paw en na


    Opapathika upathak gana kiyawenawa budu dahame hatiyata
    wadiya danne na. :no:

    ekak nam dannawa. budu dahama kawadawath boru wenneth na boru karannath ba.

    මේ වසර 2050යි .
    බුද්ධ ධර්මය සමග තරග කල අන් සියලු දේව ආගම් මේවනවිට මෙලොවින් සමුගෙන ඇත
    තාක්ෂණික දියුණුව සමග ඉතිරි වුයේ බුදුන්ගේ නිර්මල බුද්ද ධර්මය පමණි
    -ආතර් සී. ක්ලාක් 2050


    රත්තරං;21306674 said:
    උදාහරනෙකට කන්දක් නාය ගිහින් 100ක් මිනිස්සු මැරුනොත් කන්දට පව් නෑ:eek:
    :yes:

    @dragon: pin paw sidda wenne eyata "winchanayak" (sinhalen typ karanna ba ban.win-cha-naya ) thiyenawnaam pamanai

    molen /head ekenma neme serama wenne
    uba dakala thiyenwada accident walin oluwai ,agai wen una minissu ee welawedi aga awidinawa oluwa thiyena thanata?

    (balangoda ananda maithree hamuduruwange deshanawaka (mataka wdhta eyage ) me gana thibba )
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔන්න කලින්ම කියන්න ඕනි
    මම බුද්ධාගමෙ, අදහන්නෙත් බුද්ධ දර්ශනය තමා
    කෑගන්නෙ නැතුව රිප්ලයි කරන්න බැරි අය මේක කියවන්න එපා, ලේ රත් කරගන්න ඕනි නෑනෙ..ප්‍රශ්නයක් තියෙන නිසයි දැනගන්න අහන්නෙ
    අපේ අය ඉන්නෙ මොන හරි ප්‍රශ්න කලාම තමන්ගෙ බිලීෆ් එකට ත්‍රෙට් එකක් වෙනවා නම් අම්මට කියාගෙන එන අයනෙ

    හරි මේකයි මට ආපු ප්‍රශ්නෙ

    ඔයගොල්ලො අනිවා දන්නවා ඇතිනෙ කෘතිම බුද්ධි ගැන, කෘතිම බුද්ධියක් සහ චැට්බොට් කෙනෙක් හෝ පසනල් ඇසිස්ටන්ට් ල පටලෝගන්න එපා ( ඇපල් සිරි, මයික්‍රොසොෆ්ට් කොටානා වගේ අය ඇසිස් ල )

    සහ ඔයාල දන්නවා ඇති දැනට අපිට මදි කම්පියුටින් පවර් එක විතරයි කෘතිම බුද්ධිකට, තව අවුරුදු 10-15කින් අනිවා ඒකත් හරි, ඒ කියන්නෙ අපේ මොලේ තරම්ම කම්ප්ලෙක්ස් කෘතිම බුද්ධික් හදන්න පුලුවන් ( නිකමට බලන්න අවුරුදු 10කට කලින් අපිට තිබ්බ තාක්ශනේ, අපි ඉස්කොලෙ යන කාලෙ, හීනකින් වත් හිතුවද මේ දැන් තියෙන තත්වේ එයි කියලා )

    ඉලඟට කියන්න තියෙන එක තමා අපේ සිතුවිලි කියල අපි හිතන දේවල් කියන්නෙ නියුරෝන වල ක්‍රියාකරකම් කියල දැනගන්න එක, සමහර අය මේක පිලිගන්නෙ නෑ මොකද හිතන්නෙ "හිතකින්" කියල ගොඩක් අයගෙ ඔලු වලට කාවැදිල කෙටිලා තියෙන නිසා, එහෙම අයත් මේ ත්‍රෙඩ් එක මෙතනින් එහාට කියවන්න එපා තෙරුමක් නෑනෙ..

    බටහිර විද්‍යාව යකූ ගාන අයත් යන්න ඈ, බටහිර විද්‍යාව කියල එකක් නෑ ඔක්කොම විද්‍යාව, ඒක එක පැත්තකට තියෙන එකක් නෙමෙ, එහෙම කියන වගේ අය නිසා තමා ඉස්සර බැග්ඩෑග් වල අච්චර ලොකු මොල කාරයො ඉඳල දැන් එකෙක් නැත්තෙ, ඇල්ගොරිදම්ස්, ඇල්ජිබ්‍රා කියන වචනම ඇරබික් ඔරිජින් එකක් තියෙන්නෙ, අහසෙ තරු වලින් 2/3ක් ඇරබික් ඔරිජින් එකක් තියෙන්නෙ, එහෙම තිබිල දැන් සයන්ස් වලට නොබෙල් එකක් ගත්ත මුස්ලිම් අය ඉන්නෙ 1නයි, ඒ ඔහොම බ්ලොක් කරන නිසා තමා, යුදෙව්වන්ගෙන් 3/4ක් දිනාගෙන තියෙන්නෙ සයන්ස් වලට නොබෙල්

    අපේ මතකයක් තියෙන්නෙත් මොලේ ස්ටෝ වෙලා කියල දන්නවා ඇතිනෙ, ඔලුව හය්යෙන් කොහෙ හරි වැදුන අයගෙ මතක නැති වෙන්නෙ ඒකයි ( මොලෙ මතකය සෙව් වෙන්නෙ නෑ කියන අයට කිව්වෙ ලොල් ) වැඩි දුර ඉගෙනගන්න ආස අය රෙට්‍රොග්‍රෙඩ් ඇම්නීසියා කියන තත්වය හොයල බලන්න..මේ අයට තමන්ගෙ අතීතය මතක නෑ, ඒත් භාශාව, භාන්ඩ හැසිරවීම වගේ දේවල් මතකයි, ඒ ප්‍රොසිඩියල් මෙමරි එක තියෙන්නෙ මොලෙ වෙනම කොටසක නිසා

    මේ වෙනකොට හිත කියන්නෙ මොලෙ වෙන ක්‍රියාකරකමත් "වෙන්නත් පුලුවන්" කියන තැනට ඇවිත් ඇති කියල මම හිතනවා මේක කියොන අය

    දැන් තමා ප්‍රශ්නෙ පටන් ගන්නෙ
    කෘතීම බුද්ධිය අපේ මොලෙ තත්වෙට ආවම කන්චස්නස් එකක් ආවම ( එන්නෙ නෑ යකූ විද්‍යාව බොරු යකූ ගාන අය යන්න ප්ලීස්, විද්‍යාවෙන් හොයගාත්ත ෆෝන් එකෙන් හෝ පරිගනකයෙන්, එකෙන්ම හොයාගත්ත සැටලයිට් වලින්, එකෙන් හොයාගත්ත ඉන්ටනෙට් එකෙන්, සකිට් වලින්, ඩෙටා ප්‍රොසෙසින් මෙතඩ් වලින්, ඒ බෙහෙත් බීල, ඒ ඇඳුම් ඇන්දගෙන බොරු යකූ ගාන මිනිස්සුනෙ ඉන්නෙ )

    ඒකෙන් තීරනයක් ගත්ත කියමු අරාබියෙ ඉන්න මිනිස්සු ලෝකෙට කරදරයක් කියල මිශයිලයක් ගහන්න ඕනි කියලා
    ඔන්න ගහලා මිනිස්සු මැරුවා කියමු
    එකෙන් පින් පව් වෙනවද එතකොට?

    'චේතනාහං භික්කවේ කම්මං වදාමි' කියන බුද්ධ වචනය ගෙන හැර දක්වන්න කැමතියි. එහි අර්ථය තමයි: චේතනාව කර්මය බවට පරිවර්ථනය වෙනව, කියන එක. ඒ අනුව ගත්තම, මොන විදිහකින් හරි කෙනෙක් තවකෙක්ට හාණිකර චේතනාවක් ඇති කරගත්ත නම්, ඒ අනුව වැඩ කලා නම් එතැන පවක් සිද්ධ වෙනව.





    දැන් කෙනෙක්ට කියනන් පුලුවන් හදපු එකාටයි පව් කියලා
    කෘතීම බුද්ධියක් කියන්නෙ එහෙම එකක් නෙමේනෙ, පොඩි ලදරුවෙක් වගේ තමන්ම ඉගෙනගන්න එකක්නෙ, කෘතීම බුද්ධියක් කරන දෙවල් වලට පව් කියනව නම් පොඩි ලමයෙක් කරන එවාට ඒ ලමය හදපු දෙමාපියන්ට පව් සිද්ද වෙන්නෙ නෑනෙ, එහෙනම්ම්ම් කෘතීම බුද්ධිය හදපු කෙනා ඒක සෙල්ෆ් ලනින් වලින් මෙතඩ් එකකට හැදුවම ඒ තීරන ගන්නෙ කෘතීම බුද්ධිය නම් පව් සිද්ද වෙන්න ඕනි කෘතීම බුද්ධියටනෙ

    හරි එතකොට ඒ කියන්නෙ, කෘතීම බුද්ධියක් මොලයකට සමාන උන ගමන් එතන ආතමයක් ( බෞද්ද දර්ශනේ ආතමයක් නෑ තමා, මන් මෙතන ආත්මය කිව්වෙ මැරුන කෙනෙක් ආයෙ ඉපදෙන එකට කියල හිතන්නකො ) ඇති වෙනවද? ඒ කියන්නෙ කෘතීම බුද්ධියත් ජීවියෙක් වෙනවද? නැතනම් ආතමයක් හෝ සසරක් නැද්ද?


    ඉහත උදාහරණය අනුව, එහෙම විනාශකාරී දෙයක් කරන්න කිසියම් පෙළඹවීමක් කරන අයටත් ඒ පවට කර ගහන්න වෙනව.

    ආතමයක් ගැන කතා නොකර ඉමු. බෞද්ධ දර්ශණයේ ආත්ම සංකල්පයක් නැහැ. උඹට තියෙන ප්‍රශ්ණේ කෙනෙක් මැරුණහම කොහොමද ඒ කර්මය අනිත් කෙනාට යන්නෙ කියන එකනෙ.

    මම දන්න තරමින් (වරදක් ඇතොත් නිවැරදි කරන්න), කෙනෙක් කරන කියන දේවල්, පුරුදු පුහුණු කරපු දේවල් වලින් ඇතිවෙන බලයක් තියෙනව. බලයක්/ශක්තියක් කියන වචන මම පාවිච්චි කලත් ඒ වචන 100% ඒ දෙය වෙනුවෙන් පාවිච්චි කරන එක වැරදි වෙන්න පුළුවන්. මොකද ඒ වචන වලට භෞතික ලෝකයේ තේරුමක් තියෙන නිසා. ඔය බලයක් ලෙස ඉහත හඳුන්වන දේ මෝහය මුල් කරගෙන ඇතිවෙන දෙයක්. ඒ කියන්නෙ ලෝකයේ යථා ස්වභාවය හරි හැටි දකින්නෙ නැති නිසා, ලෝකයට රැවටිලා, ඇලීම හෝ ගැටීම කියන අන්ත දෙක වෙත තල්ලු වෙන්න මෝහය මුල් වීම. ඇලීම සහ ගැටීම කියන කරුණු දෙක තුළින් මේ කියන බලය උපද්දනව. හරියටම ගින්නකට දහන පෝශක එකතු කරනව වගේ. ඒ බලය ඇති වීම නතර කරන්න නම්, ලෝකයේ යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම දකින්න ඕන. නිවණ කියන්න අන්න ඒ දැකීමයි. කොටින්ම කිව්වොත් සසර ගිණි ඇති කරන දහන පෝශක තමයි මෝහය, ද්වේශය, ලෝභය. දහන පෝශක නැත්තන් ගින්නක් නෑ.

    Cause-and-Effect-Pendulum-B-l.png

    ඔය කියපු බලයට පුළුවන් තවත් තැනක සිත් උපද්දවන්න. ඔන්න ඔහොම තමයි උඹේ කර්මය උඹේ මරණින් පස්සේ ඒ කර්ම ශක්තිය, පුරුදු, අගයන් සහ වටිනාකම් වලට අනුකූල තැනක නව ශරීර කූඩුවකට වෙලා නැවත කර්ම රැස් කරන්නෙ. සසර දම්වැලේ පුරුක් ගොඩ නැඟෙන්නෙ ඔන්න ඔහොමයි. ආත්ම, මනෝකාය වගේ බහුබූත බුදු දහම එක්ක පටලවාහන්නෙ නැතුව ඉන්නව නම් මේ කරුණ දකින්න ලේසියි.






    එතන ජීවියෙක් හටගන්නවා නම් බුද්දාගමේ ජීවියෙක් හටගන්න තියෙන්න ඕනි කරුනු 5 බොරු වෙනවා නෙද? ( මව පියා එකතු විම , බ්ලා බ්ලා ඉතුරු ටික මතක නෑ මේකට රිප්ලයි කරන්න එන අය දන්නවා ඇතිනෙ )

    එතකොට ඒ කෘතිම බුද්ධිය තව ඒ වගේ කොපීස් හදන්න ගත්තොත් ඒවත් ජීවින්ද? ඒව කරන වැඩ වල පින් පව් සිද්ද වෙන්නෙ කාටද? වෙන්නෙ නැද්ද?


    ඔතන නිර්වචණ සම්බන්ධ ප්‍රශ්ණයක් තියෙනව. ජීවියෙක් ඇති වෙන ආකාර ගණනාවක් දහමෙ පැහැදිලි කරනව. ඉන් එකක් තමයි ඕපපාතික කියන ජීවී කොට්ඨාශය. කෘතිම බුද්ධියක් ඒ ගොඩට දාන එක කොතරම් නිවැරදිද කියන ප්‍රශ්ණය එනව. ඒ ගැන හිතල බලන්න වෙනව. නමුත්, සහෝ ජීවීන් ඇතිවෙන විදිහවල් වලින් එකක් අරගෙන විතරක් මේ සංවාදෙ කරන්න බැහැ.

    උඹේ ප්‍රශ්ණේ බොහොම බැරරුම් එකක්. දිගටම හොයපන්.

    ඔය නිසා තමයි විද්‍යාඤයන්ට බුදු දහම දිරවන්නෙ. මැව්වෙ මෙහෙමයි, ඒක එහෙමයි, ප්‍රශ්ණ අහන්න එපා කියල හංගන්න දෙයක් දහමෙ නැහැ. මගේ පෞද්ගලික මතය: උඹ ඔය කියන මොකක් හරි කෘතිම බුද්ධි අටමගලෙකට සිතුවිලි පහල කරන්න පුළුවන් නම් බුදු දහමේ ඉගැන්වෙන සිද්ධාන්ත ඇසුරෙන් ඒව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන කියන උඹේ තර්කයේ වරදක් මට පේන්නෙ නැහැ. ඒක සාධාරණ අදහසක්. නමුත් ඒක එහෙමයි හෝ එහෙම නෑ කියන නිගමණයට එන්න තරම් මගේ දහම් දැනුම මදි.
    අපි මේ විදිහට ජෙනෙරලයිස් කරන්න යද්දි පරෙස්සම් වෙන්න ඕන. දහම ඇප්ලයි වෙන්නෙ ජීවීන්ට නිසා, කෘතිම බුද්ධියක් ජීවියෙක් වශයෙන් ගන්න පුළුවන්ද? කියන ප්‍රශ්ණය දැන් මට ඇති වෙලා තියෙන්නෙ. ඒ ගැන හොයන්න වෙනව. උඹට ඒ ගැන යමක් හම්බ වුනොත් මටත් කියපන්.

    (මේ මොන දේ කරන්නත් ඒ යන්ත්‍රය ඇත්තටම සිත් පහළ කරනවද කියන දේ හරියටම දැනගන්නත් වෙනව. මොකද, දැනට තියෙන ඒ.අයි. ඔක්කොම කරන්නෙ එමියුලේශන්. නමුත් උඹේ ප්‍රශ්ණේ සාධාරණයි. කවද හරි මිනිස්සු එහෙම දෙයක් හදන්න බැරි නැහැනේ.)

    උඹ ෆිසික්ස් එහෙම අධ්‍යයනය කරන්න කැමති ඇති නේ. බුදු දහමෙ තියෙන අභිධර්ම කොටස් වල හොඳටම පැහැදිලි කරල දෙනව හිතේ ෆිසික්ස් එක. හිතේ ගති ස්වභාවයන් අධ්‍යනය කරල තියෙනව. ඉන්ටරෙස්ටින්ග් කියන්නෙ... අභිධර්මය කියවලම බලපන්.
     
    Last edited:
    Mar 4, 2017
    23
    2
    0
    මේ කාරණයේදී ඔය කියනා කෘතීම බුද්ධිය මිනිස්සු මැරුවොත් එකේ අකුසලය, ඔය බුද්ධිය නිර්මාණය කෙරු තැනැත්තාට යන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ ඒක හදන තැනැත්තා මේ බුද්ධිය නිර්මාණය කරන්නේ අනාගතයේදී මේක සත්ව ඝාතනය කරන්න ඉඩ තියෙනවා කියලා දැනගෙනම මේ බුද්ධිය නිපදවුවොත් විතරයි.

    දැන් යම් අයෙක්ට ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න නං පහත කරනා පහ සම්පුර්ණ වෙන්න ඕනි.
    1)පණ ඇති සත්වයෙක් ඉන්න ඕනි.
    2)ඒ සත්වයාට පණ තියෙනවා කියලා දැන ගන්න ඕනි.
    3)ඒ සත්වයා ඝාතනය කිරීමේ චේතනාවක් එන්න ඕනි.
    4)සත්වයා ඝාතනය කරන්න උප්‍රකමයක් යොදවන්න ඕනි.
    5)ඒකෙන් ඒ සත්වයා මරණයට පත් වෙන්න ඕනි. (අනාගතයේදී හෝ)

    මේ කරනා වලදී කෘතීම බුද්ධිය කියන දේ ගැනෙන්නේ සත්වයා ඝාතනය භාවිතා කරන උපක්‍රමය විදියට.

    තවත් සරලව කිව්වොත් මෙහෙම ගන්න. ඔන්න කැලයක ඉන්නවා කොටියෙක්. යමිකිසි පුද්ගලයෙක්ට අවශ්‍ය වෙනවා මේ සතාව මරාදමන්න. ඔහු කරන්නේ කැලයට ගිහිං ලොකු වලක් හාරලා තියලා එනවා මේකට වැටිලා කොටියා මැරිලා ඉදියි කියලා හිතලා. හැබැයි පහුවදා ගිහිං බලද්දී මැරිලා තියෙන්නේ වෙනින් සතෙක්. එතකොට ඔහුට ප්‍රාණ ඝාත අකුසලය වෙන්නේ නෑ. මොකද ඔහුගේ චේතනාව තිබුනේ වෙනින් සතෙකු මරා දැමීම නෙමෙයි, කොටියා මරා දැමීම නිසා.

    හැබැයි මේ පුද්ගලයා වලක් හාරලා එනවා අර කිව්ව නිශ්චිත කොටියා නැතුව ඕනි සතෙක් මැරිලා හිටියා නං හොදයි කියලා. එහෙනං අර වලට වැටිලා සතුන් මිය යන වාරයක් පාසාම පාසාම ඒ තැනැත්තාට ප්‍රාණ ඝාත අකුසලය වෙනවා.

    ඒ වගේම ප්‍රාණ ඝාතන අකුසලය සිදුවන විදියත් වෙනස්. ඒක තව උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඔන්න දැන් ඉන්නවා කියලා හිතන්න කුරුල්ලෙක්. යම්කිසි ළමයෙක් කුරුල්ළාව මරන්න ඕනි කියලා හිතං ගලකින් ගහනවා. හැබැයි ඒ ගල් පහර නිසා කුරුල්ලා ඒ මොහොතේ මිය යන්නේ නෑ. ඒ ගල්පහර නිසා කුරුල්ලාගේ අත්තටු බිදීයාම විතරයි වෙන්නේ. ඒ නිසා ඒ සතාට කෑම හොයාගන්න වෙන්නේ නෑ. මොකද පියබන්න බැරි නිසා. මේ හේතුව නිසා කුරුල්ලා අනාගතයේ දවසක මියයනවා. හැබැයි එහෙම උනොත් අර කිව්ව කුරුල්ලා මිය යන්න කලින්ම ඔහුට ප්‍රාණ ඝාත අකුසලය සිද්ධ වෙලා ඉවරයි.

    එතකොට ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී සලකාබලන්න වෙන්නේ ඒ කෘතීම බුද්ධිය නිපදවීමේදී ඒ තැනැත්තාට තිබුණු චේතනාව මොකක්ද කියලා. ඔහුගේ චේතනාවේ තිබුනා නං අනාගතයේ දවසක මේ වැඩසටහන තනිවම ක්‍රියාත්මක වෙලා මිනිස්සු මරයි කියලා, ඒ වැඩසටහන මිනිස්සු මරණ වාරයක් පාසා පාසා මේක නිපදවූ පුද්ගලයාට ප්‍රාණ ඝාත අකුසලය සිද්ද වෙනවා. මේ වැඩසටහන තව වැඩසටහනක්‌ හදලා ඒක මිනිස්සු මැරුවත්, මේ වැඩපිළිවෙලේ ආරම්භයකට අකුසලය සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්න කෘතීම බුද්ධියට කුසල්, අකුසල් සිදුවන්නේ නැහැ. මොකද ඒකට විඥාණයක් නැහැ. එහෙනම් අර උඩින් කිව්ව උදාහරණ වලදී කැලයේ හාරලා තියෙන්නේ 'වලක්'. ඒකටත් අකුසල් සිද්ධ වෙන්න ඕනි, කුරුල්ලාට එල්ලවන 'ගල්ගෙඩියටත්' අකුසලයක් සිද්ද වෙන්න ඕනි. ඒත් එහෙම වෙන්නේ නැහැනි. අකුසලය සිද්ද වෙන්නේ පුද්ගලයාට මිසක් පණනැති දේට නොවේ.

    ඒ වගේම මේ තැනැත්තාගේ හිතේ අදාළ කෘතීම බුද්ධිය නිපදවීමේදී අනාගතයේ මේක දියුණු වෙලා මිනිස්සු මරයි කියලා එහෙම දෙයක් ගැන කිසිදු චේතනාවක් නැත්තම් ඔහුට අකුසලයක් වෙන්න විදියක් නැහැ.
    ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු පැහැදිලි ඇතැයි කියා සිතමි.


     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සිංහයෙක් මුවෙක්ව මරන් කෑවොත් සිංහයට පව් ද ? :oo:


    පවක් වෙන්න නම් කරුණු කාරනා සම්පූර්ණැ වෙන්න ඕන. ඒ ගැන පෝස්ට් එකක් කලින් වෙන කෙනෙක් ලියල තිබුන. ඒව සම්පූර්ණ වෙනව නම් පවක් වෙනව.


    උන්ට තණකොළ කන්න තමා වෙන්නෙ :(


    සිංහයො කවද්ද තණකොල කෑවෙ? ඒක තමා දහමේ කියල දෙන්නෙ සසර කියන්නෙ බොහොම භයානක තැනක් කියන එක. කොහෙන් හරි වැරදි වංගුවක් ගැහුවොත් අපායෙ තමා. ගොඩ ඒමක් නෑ. තිරිසන් අපාය කියන්නෙ නිකංද?
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Ammo muuu danna tharam.. Ochcara dannawa nam mahana weyanko. Ai me gihi ge dangalanne? Danna kattiya ne siwaru dagena mahana wela bawana karala rahath wenne...
    Uba buddagam piligannawa nam niwan yanath onei nam ahawal labbak da elakiriye karanne?

    haa uba kiyana widihatama karannan :D

    nodanna ubata magic wunaata mewa bohoma sarala dewal budu dahame. eahipassiko...
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ww :මොලය කියන්නෙ ශරීරයේ තියෙන ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය අංගයක්. ඉතිං ඒ කොටස් නැතුව ඒ කොටස් වලට අදාල දේවල් හිතන්න බෑ තමා. සිතුවිලි මොලයේ හටගත්තට ඒවා හටගන්න මූලික වෙන්නෙ හිත. මතකය කොහොමත් මොලයට තමා සම්බන්ධ. මෙතන වෙලා තියෙන්නෙ විද්‍යාවෙ සිතුවිලියි බුද්ධාගමේ චිත්ත/චිත්තක්ශණ දෙක පටලෝගෙන. දෙක දෙකක්. මොලේ ඇතිවෙන සිතුවිලි වලට හිතේ ඇතිවෙන චිත්තයන් බලපානව කියලයි කිව්ව

    me : ඒ දෙක දෙකක් කියල හිතන එක තමා ප්‍රශ්නේ


    ww : ප්පු කලා නෙමේ නිගමනය කලා කියල කියන්න. හරියටම තේරුම ගත්තොත් අපිට සොබාදහමෙ තියෙන කිසිම දෙයක් ඔප්පු කරන්න බෑ. නිරීක්ශණ පරීක්ශණ මත පදනම් වෙලා නිගමන වලට එලඹෙන එක විතරයි කරන්න පුලුවන්. විද්‍යාවෙන් කල්ල තියෙන්නෙ වෙන්නෙ මේ කොටසින් කියල නිගමනය කල්ල විතරයි. එක්කෙනෙක්ට ක්‍රියාවක් කරන්න දීල බලනව මොලේ මොන කොටස් මොන විදිහටද ක්‍රියාකාරී වෙන්නෙ කියල. ඒකම තවත් පිරිසකට කල්ල බලනව ඒ ක්‍රියාවම කරද්දි ඒ කොටස් ඒ විදිහටම හෝ ඊට ආසන්න විදිහකට ක්‍රියාකාරී වෙනවද කියල. ඊට පස්සෙ ඒ කොටස් කෘතිමව ඒ විදිහට උත්තේජනය කරන්න පුලුවන්නං කල්ල බලනව අර ක්‍රියාව කරනවද කියල. ඒකෙන් නිගමනය කරනව අහවල් ක්‍රියාවට මොලයේ අහවල් ස්ථානය මූලික වෙනව කියල. මේක සෘජු ඔප්පු කිරීමක්ද ? නිරීක්ශණ යම්කිසි ප්‍රමාණයක් කල්ල රටාවක් නිරීක්ශණය කලා. ඒ රටාව උද්ගාමී තර්කයෙන් ( https://en.wikipedia.org/wiki/Inductive_reasoning ) සියල්ලන්ටම සියලූම අවස්ථා වල එසේ වේ කියල නිගමනය කරනව. පුලුවන්නම් "ඔප්පු කරනවා" කියන එක අර්ථ දක්වල ඉන්න. ඊට පස්සෙ බලන්න විද්‍යාව ඔය අර්ථ දැක්වීමෙ විදිහටද තීරණ ගන්නෙ කියල. විද්‍යාවෙ ඇති ඔප්පු කිරීමක් නෑ. සේරම තියෙන්නෙ සෘජු හෝ වක්‍ර නිරීක්ශණයි ඇතැම් විට ඒ අතර පරීක්ශණයි නිගමනයි විතරයි

    me : කෙටි උත්තරයක්වි ධෙන්නම් , නිගමන විතර නම් පිස්සන්ගේ ඔලුවට කරන්ට් එක අල්ලන්නේ මොකෝ


    ww : ලොජිකලි තමා උඩ කියපු ඔක්කොම කියල තියෙන්නෙ. නැතුව මට ප්‍රත්‍යක්ශ වෙච්ච නෙමේ

    me : ලොජිකලි නෙමේ, එක පොතක් සෝස් එකක් විදිහට අරන් එකම කන්ඵර්ම් කරන්න යන එකනේ කරන්නේ ( මම මගෙ එක කන්ඵර්ම් කරන්න යනවා වගෙ හෙහ් හේ )


    ww : නෑ.

    me : ඔව්

    ww : කලිං කිව්වෙ ඒක තමා. එන්ටර් වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. එන්ටර් වුනොත් off කරද්දි අයිං වෙලා යන්නත් පුලුවන් ගිහිං වෙන එකෙක් එන්නත් පුලුවන්. ඒක හරියට දැනගන්න පුලුවන් මනස දියුණු කල කෙනෙක්ට විතරයි

    me : ඔෆ් කරන එකාට පව්ද ? ඒ පවා මිනිස් ඝාතනයකට සමානධ ? එන්ටර් වෙනවා නම් වින්නානය ( ලියන් ධන්නේ නේ , ගුගල් ඉන්පුට් ටුල් ) මොකක් පදනම් කරගෙනධ තියෙන්නේ, මොක්ධ ජිඉවීන්ගේ තියෙන්නේ හදවත මුල් කරගෙනලුනේ බවුද්ද ධර්ශනයට අනුව

    ww : ඒක තමා බං කලිනුත් කිව්වෙ ආත්මය කියන එක තියේද නැද්ද කියල තීරණය කරන්න පුලුවන් ඒක ගෝචර වෙන්න මනස දියුණු කල අයෙකුට විතරයි. අපි කරන්නෙ අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන ටිකෙන් තර්කය පාවිච්චි කල්ල තීරණ ගැනීම විතරයි. අපිට මනස දියුණු කල කෙනෙක්ට මනසෙන් ගෝචර වෙන දේවල් ගෝචර වෙන්නෑ. ඉතිං අපි පංචේන්ද්‍රියන්ගෙන් ගෝචර කරගන්න ටික අනුව බාඳුරා මලටත් ආත්මයක් තියෙනව දන්නෑනෙ කියන තර්කය ඉදිරිපත් කලෑකි. ඒත් එහෙම නැති බව මනස දියුණු කල කෙනාට මනසට ගෝචර වෙනව. උදා ඇස් පේන කෙනෙකුයි ඇස් නොපෙනෙන කෙනෙකුයි සලකන්න. එකම ලීයෙන් එකම ප්‍රමාණෙට හදපු එක වගේ පුටු දෙකක් තියෙනව. හැබැයි පුටු දෙකේ පාටවල් වෙනස්. ඇස් පේන කෙනා කියනව මේ පුටු දෙක වෙනස් කියල. ඇස් නොපෙනෙන කෙනා ඔය පුටු දෙකම ගෝචර කරගන්නෙ තට්ටු කල්ල ශබ්දෙ අහල, අතගාල, ඕන්නං ලෙවකාල ඉඹල වගේ ක්‍රම වලිං. ඒ මනුස්සයට පුටු දෙකම එක වගේ. ඇස් පේන කෙනාට විතරක් අර මනුස්සයට පේන්නැති ලොකු වෙනසක් පුටු දෙකේ තියෙනව. ඇස් පේන කෙනා ඒක නොපෙනෙන කෙනාට කිව්වාම ඌ පිලිගන්නව. ඒ නොපෙනෙන කෙනා ගිහිං තව නොපෙනෙන කෙනෙක්ට ඒක පැහැදිලි කල්ල මේ පුටු දෙකේ වර්ණය කියල දේක ලොකු වෙනසක් තියෙනව කියල කිව්වාම අනික් නොපෙනෙන කෙනා අහනව එහෙම කොහොමද කියන්නෙ සමහර විට ඒ අදාල වර්ණය නැහැයි කියන පුටුවෙන් ඒ පාට ඇතිනෙ කියල. මෙතන වෙලා තියෙන්නෙත් ඒක. මං එක පොට්ටයෙක් උඹ අනික් පොට්ටය

    me : එහෙම කියන්න බෑනේ , එතකොට අනිත් අයට අන්ධ විස්වාසෙන් පිළිගන්න කිව්වා වෙනවනේ


    ww : හම්මේ ගුරුත්වාකර්ශණය ගැන නං කියන්න ගොඩාක් දේවල් තියෙනව ඒව මේකට අදාල නැති හින්ද නිකං ඉන්නව :baffled: :baffled:
    හරි ඒක එහෙම දැනගන්න පුලුවන් කියමුකො. ඉතිං මැරුණ කෙනා ඉපදෙන එක, කර්ම රැස් කරන එක, කර්ම ඵල දෙන එක, චිත්තයන්ගේ ඇතිවීම මේ සේරම මනස දියුණු කල්ල දැනගන්න පුලුවන්. මනස දියුණු කලාම ප්‍රත්‍යක්ෂ වෙනව. ඒකට තමා භාවනාව තියෙන්නෙ. බුද්ධාගම නැතත් තවත් ඕනෙ තරම් ආගම් වල මනස දියුණු කරන විදිහ කියල තියෙනව.

    me : බවනාවෙන් මනස ධියුනු වෙනවා ඇත්තේ කොහොමද ? එකෙන් කරන්න පුළුවන් තේරුම් ගැනීම විතරධ නැත්නම් මැජික් දේවලුත් කරේකිද ?

    ww : විද්‍යාවෙ කරන්නෙ අලුතෙන් දේ හොයාගන්න හොයාගන්න දියුණු වෙන එක නෙමේ. කවුරු හරි වෙනස් විදිහකට හිතල හරය වෙනස් කරනව. උදා: නිව්ටන් කාලය නිරපේක්ශයි කියල ගනිද්දි අයින්ස්ටයින් ආලෝකයේ වේගය නිරපේක්ශයි කියල ගත්ත. ඉතිං වෙනස් කරපු හරය මත පදනම් වෙලා ඒකෙන් ප්‍රතිඵල අපෝහනය කරනව.ඊට පස්සෙ ඒව පරීක්ශා කල්ල ආසන්න වශයෙන් නිවැරදි ප්‍රතිඵල එනවද කියල බලනව එනවනං ඒක තමා ඇත්ත. වැරදි නං පැලැස්තර විසඳුම් ඉදිරිපත් කර කර ඉඳල ආයෙ තව කාලයක් ගිහිං තව කවුරු හරි ආයෙ හරය වෙනස් කරනව. ඊට පස්සෙ කලිං වගේම ඒකත් පරීක්ශණ කල්ල බලනව ආසන්න වශයෙන් හරිද කියල ඊට පස්සෙ ඒක තමා ඇත්ත. විද්‍යාවෙන් පැහැදිලි කල හැකි නොහැකි දේ තීරණය වෙන්නෙ ඔය හරය, මූලික උපකල්පනය මත. මනස දියුණු කල්ල දියුණු කල මනසින් ගෝචර කරගත්තු දෙයක් පදනම් කරගෙන හදන මොඩලයකට හැර දැන් යන ප්‍රවාහයේ විදිහට හදන කිසිම විද්‍යාත්මක මොඩලයකට කවදාවත් කර්මය,කර්මඵලය,සංසාරය ඔප්පු කරන්න බෑ.

    me : පරම සතයක් නම් තර්කෙන් බිදින්න බැරි එකක් වෙන්න ඔඑනි නේද ?



    my model :P

    මගේ මොඩල් එක මම ගොඩක් කෙටියෙන් කියන්නද , අර බාඳුරා මල වගෙ අපිත් ගස් කෝලන් වගෙ අවුරුදු බිලියන ගානක වෙනස් කම් වල හේතුවක් විදිහට me තත්වෙට ඇවිත් ඉන්නවා
    ගහක් වැසි වනාන්තරේ හැදෙන්නත් කාන්තාරේ හැදෙන්නත් පින් පව් බලපාන්නේ නේ වගේ අපිටත් me වෙන දේවල් වෙන්නේ චෙන් රියක්ෂන් එකක් වගේ එකක් මිසක් වෙන මොකුත් නේ, හැම ධෙම මොලෙන් වෙන්නේ , අපේ සිතුව්ලි, ඉස්සර ඕව නොධන්න නිසා ඔක්කොම වෙන්නේ මජිකල් හිතකින් කියල හිතුවා, me මොඩල් එකට ජනගහන වැඩි විඉම වෙන ලෝකෙකින්
    මැරි එනවා ගගා තර්ක ගේන්න ඕනි නෑ
    හැදිල මැරිල යනවා
    කෝ ලොකෙ කිසිම පැරනෝමල් දෙයක් වෙලා තියෙනවද ප්‍රසිද්දියෙ
    දෙය්යෙක් ප්‍රසිද්දියෙ ඇවිත් මේ ආගම හරි කියල තියෙද, යකෙක් ඇවිල්ල වෙන එකක් හරි කියල තියෙද, අහසෙ රැස් එක්ක මොකුත් පාවි පාවි තිබිල තියෙද? නෑ..මොක්ද ඒ? එහෙම එකක් නෑ, ජේම්ස් රැන්ඩිගෙ මිලියනේ එකෙක් දිනුවද පැරනොමල් දෙයක් කරල? නෑ...ඇයි නැත්තෙ? එහෙම එව නෑ
    සන්සාරෙ කියල එකක් නෑ, තියෙන්නෙ මෙහෙම ඉවලූශන් එකක් මත වෙන පැවතීමක්
    තුන් කල් බලල ඉපදුනා නම් දැන් ඉපදුනා නම් හරි නැද්ද? එහෙනම් මුලු ලෝක්ම ගොඩ ගිහින්
    පෘතුවියෙ ආරම්බය ගැන මොකක්ද කියල තියෙන්නෙ, කො ඩයිනොසිරස්ල, ඒව ගැන කොහෙද තියෙන්නෙ, ඇයි නැත්තෙ? නැත්තෙ ඒ කාලෙ එව හොයාගෙන නෑ, මොලෙ කියල එකක මෙහෙම එව වෙනව කියාල් දන්නෙ නෑ

    මේ ඔක්කොම කියල කියනන් එඔනි මන් පිලිගන්නෙ තාම, බවුද්ද දර්ශනය තමා දැනට තියෙන හොඳම දර්ශනය, ජීවිතයට හොඳම ඇදහීම, හැබැයි එහෙම කියල ඒක 100% හරි නෑ කියන එක

    tawa godak tiye

    මීට වඩා දිගයි ටයිප් කරන්න ටයිම් නෑ


    saha man 100% hari kiyanne na man
    man 50% wat hari na

    hebei

    denata terena widihata mata me krame oni tenakata applicable
    sansare aramba na, pin paw sadarana asadaranakam, manasa diyunu wenakam terenne neti kata arawa mewa kiyana model ekata wada mata hitenawa meka applicable kiyala

    nodanna notena nisai me thread eka demme ee nisa me model eka nisa amma tatta allaganna epa oon, mata wena deyak kiyala proofs labunot ponts pennuwot aniwa adahas wenas karagannawa netuwa full antawadi na man oon :lol:




    ww : ඉතිං පොයින්ට් එකට තමා බුදු දහමෙ කියල තියෙන්නෙ. කොහෙවත් පරස්පර විරෝධී තැනක් එහෙම තියෙනවද බලන්නකො. ගෝචර වුන දේ, ඒව ගෝචර කරගන්න විදිහ සේරම කියල තියෙන්නෙ. කරන්න තියෙන්නෙ ඒ කියල තියෙන විදිහට මනස දියුණු කල්ල ප්‍රත්‍යක්ශ වශයෙන් දැනගන්න එක විතරයි.

    me : ඔඑනි තරම් තියේ, අනිවා කියන්නම් ඉස්සරහට , පය ගානක් ටයිප් කරනවා අප්පා

    ww : ඒක තමා කිව්වෙ ඒක සාර්ථක ක්‍රමයක් නෙමේ කියල. සාර්ථක එකම ක්‍රමය මනස දියුණු කල්ල ප්‍රත්‍යක්ශ වශයෙන් ගෝචර කරගැනීම විතරයි.

    me : අපි එතකොට අන්ධ භක්තියෙක් හා කියනන් ඔඑනි පිලිපධින්නේ පෘඋෆ් ඉල්ලුවම

    මචන් මම විද්‍යාව බොරුයි කිව්වේ නෑ. ඔය විද්‍යාව කියනදේ කලින් හොයා ගත්තු දෙයක් කපලා කොටලා එකතු කරලා දවසින් දවස වැඩි දියුනු වෙවී යන දෙයක් මිස මෙන්න මේකයි විද්‍යාව කියලා ඇඟිල්ල දික් කරලා අපිට කියන්න බෑනේ. අදට තියෙන විද්‍යා දැනුමෙන් පෘතුවිය වගේ ග්‍රහයෙක් අපි හොයාගත්තා කියමුකෝ, තව අවුරුද්දකින් ඒක තවත් ලොකු ග්‍රහයෙක්ගෙ චන්ද්‍රයෙක් වෙන්න පුලුවන් නේද. උබෙ වැස්සෙ කතාව උදාහරනයකට ගත්තොත්, ඉස්සර හිටපු මිනිස්සු වහඉනකොට දෙයියන්ගේ චූ කියලා ගෙවල් ඇතුලට යන්න ඇති. එහෙම නැත්නම් දෙයියන්ගේ කඳුලු කියලා කැමැත්තෙන්ම තෙමෙන්නත් ඇති. පස්සෙ පස්සෙ මුහුදෙන් වතුර එහෙම අදිනව දකිද්දි, "ආ මේ මුහුදෙන් ඇදලා දෙන වතුරනේ කියලා හිතන්න ඇති" ඊට පස්සේ ඉතින් දියුනු වෙද්දි, මුහුදෙන් අරගෙනම විතරක් නෙවෙයි, වහින්න තව හේතුත් තියෙනවා ඒකට ඉතින් වාෂ්පීකරනය වගේ බරවචන පස්සෙ එකතු වෙන්න ඇති. හිම වැටෙන රටවල් වල මිනිස්සු දෙයියන්ගෙ මොනවා කියලා හිතන්න ඇතිද? කාලයත් එක්ක හිම වෙන්නේ ඇයි කියලත් මිනිස්සු හොයාගත්තා. එදා පවතුන විද්‍යාවෙන් හිතපු නිසා ගැලිලියෝ ගැලලිට පවා අසාධාරනකම් උනා. අවුරුදු ගානකට පස්සේ සමාව ගත්තා. අපි අද දන්න දේ දියුනු උනේ පොඩ්ඩ පොඩ්ඩ මිසක් එක පාරටම නෙවෙයි. වර්ථමාන විද්‍යාවෙන් හොයානොගත්තු නිසා අපි ප්‍රතික්ෂේප කරන, අභියෝග කරන දේවල සමහරවිට තව අවුරුදු 10කින්, 50කින්, 100කින්, 1000කින් ඔප්පුවෙවි, සමහරවිට කවදාවත් ඔප්පු කරගන්න බැරි වේවි.

    සිතුවිලි කියන්නේ හධවතින් වෙන ධෙයක් කියල පස්සේ හොයාගනී කියල ඔයා හිතනවධ ?


    එලස්

    ඇස් පේන කෙනෙකුයි ඇස් නොපෙනෙන කෙනෙකුයි සලකන්න. එකම ලීයෙන් එකම ප්‍රමාණෙට හදපු එක වගේ පුටු දෙකක් තියෙනව. හැබැයි පුටු දෙකේ පාටවල් වෙනස්. ඇස් පේන කෙනා කියනව මේ පුටු දෙක වෙනස් කියල. ඇස් නොපෙනෙන කෙනා ඔය පුටු දෙකම ගෝචර කරගන්නෙ තට්ටු කල්ල ශබ්දෙ අහල, අතගාල, ඕන්නං ලෙවකාල ඉඹල වගේ ක්‍රම වලිං. ඒ මනුස්සයට පුටු දෙකම එක වගේ. ඇස් පේන කෙනාට විතරක් අර මනුස්සයට පේන්නැති ලොකු වෙනසක් පුටු දෙකේ තියෙනව. ඇස් පේන කෙනා ඒක නොපෙනෙන කෙනාට කිව්වාම ඌ පිලිගන්නව. ඒ නොපෙනෙන කෙනා ගිහිං තව නොපෙනෙන කෙනෙක්ට ඒක පැහැදිලි කල්ල මේ පුටු දෙකේ වර්ණය කියල දේක ලොකු වෙනසක් තියෙනව කියල කිව්වාම අනික් නොපෙනෙන කෙනා අහනව එහෙම කොහොමද කියන්නෙ සමහර විට ඒ අදාල වර්ණය නැහැයි කියන පුටුවෙන් ඒ පාට ඇතිනෙ කියල. මෙතන වෙලා තියෙන්නෙත් ඒක. මං එක පොට්ටයෙක් උඹ අනික් පොට්ටය :sorry: :sorry:

    x : සෙනසුරු වටෙ තේ පොච්චියක් කැරකෙනවලු
    y : කවුද කියන්නෙ
    x : කවුද කියන්නෙ නෙමේ එහෙම තමා, ඒ තියෙන ඈන්ගල් එකට පෙන්නෙ, නෑ, හිත දියුනු කරගන්න එතකොට පේයි
    y: ඉතින් ඉතින්
    x : ඉතින් තව තේ පොච්චිය බලන්න යන්න නම් මේ දෙවල් කරන්න එතකොට තේ පොච්චියෙ මැරිල ඉපදිලා දේ බිබි සතුටින් හිටියෑකි
    y : එල


    Halal widiyata maruwa nam paw nehe

    heeeeeeeeee
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පවක් වෙන්න නම් කරුණු කාරනා සම්පූර්ණැ වෙන්න ඕන. ඒ ගැන පෝස්ට් එකක් කලින් වෙන කෙනෙක් ලියල තිබුන. ඒව සම්පූර්ණ වෙනව නම් පවක් වෙනව.

    සිංහයො කවද්ද තණකොල කෑවෙ? ඒක තමා දහමේ කියල දෙන්නෙ සසර කියන්නෙ බොහොම භයානක තැනක් කියන එක. කොහෙන් හරි වැරදි වංගුවක් ගැහුවොත් අපායෙ තමා. ගොඩ ඒමක් නෑ. තිරිසන් අපාය කියන්නෙ නිකංද?

    සිංහයා සත්තු කන්නෙ උගේ බඩගින්න නිවාගන්න නෙ. බඩගින්නක් ආවම ඉබේම ඌ සතෙක් මරන්න යොමු වෙනව. එතනදී ඌව බලහත්කාරෙන් පවට පොළඹවල වගේ. ස්වභාවධර්මය වගකියන්න ඕනේ එහෙමනං ඒ පව් වලට.

    මිනිස්සු උනත් හැදිලා තියෙන්නෙ සිංහයා වගේම තමා ඉක්මනට තරහ යන හැගීම පාලනය කරගන්න බැරි පවටම ඇදෙන විදිහට නෙ හැදිලා තියෙන්නෙ. ඉතින් මිනිස්සු කරන වැරදිත් එක්තරා විදිහකට සිංහයා මස් කනව වගේ තමයි ස්වභාවධර්මය තමා එක්තරා දුරකට වගකියන්න ඕනේ.

    පව පින තීරණය කරන විදිහ සෑහෙන අසාධාරණ එකක් එහෙම බැලුවම.
     
    Mar 4, 2017
    23
    2
    0
    සිංහයා සත්තු කන්නෙ උගේ බඩගින්න නිවාගන්න නෙ. බඩගින්නක් ආවම ඉබේම ඌ සතෙක් මරන්න යොමු වෙනව. එතනදී ඌව බලහත්කාරෙන් පවට පොළඹවල වගේ. ස්වභාවධර්මය වගකියන්න ඕනේ එහෙමනං ඒ පව් වලට.

    මිනිස්සු උනත් හැදිලා තියෙන්නෙ සිංහයා වගේම තමා ඉක්මනට තරහ යන හැගීම පාලනය කරගන්න බැරි පවටම ඇදෙන විදිහට නෙ හැදිලා තියෙන්නෙ. ඉතින් මිනිස්සු කරන වැරදිත් එක්තරා විදිහකට සිංහයා මස් කනව වගේ තමයි ස්වභාවධර්මය තමා එක්තරා දුරකට වගකියන්න ඕනේ.

    පව පින තීරණය කරන විදිහ සෑහෙන අසාධාරණ එකක් එහෙම බැලුවම.

    යමිකිසි ජීවියෙක් සිංහයෙක් විදියට, එහෙමත් නැත්තක් තිරිසන් ලෝකේ ඉපදුනේ ඇයි? ඔහු කරපු අකුසල කර්ම නිසා. එකේ කිසිම අසාධාරණයක් නැහැ. ඒ කෙනාගේ කුසල්, අකුසල් අනුව ඔහුට ලැබෙන්න ඕනා තැන ලැබුනා. තිරිසන් ලෝකෙට වැටුනම පස්සේ ආයේ ගොඩ ඒමක් නෑ කලාන්තරයක් යනකං. මොකද තිරිසන් ලෝකේ සත්වයන් සෑම විටම ද්වේෂයෙන්, බයෙන්, අකුසල් සිත්වලින් ජිවත් වෙන්නේ. ඉතින් ඔන්න දැන් මිනිසෙක් ඉන්නවා. ඔහු අකුසල් කරලා තිරිසන් සතෙක් වෙලා උප්පත්තිය ලබනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර තිරිසන් ආත්මෙදි තවත් අකුසල්, ප්‍රාණ ඝාත සිදුවෙනවා. ඊලට ඒ අකුසල් නිසා ආයේ යන්නේ නිරයට. එතනදිත් අකුසල් සිදුවෙන්නේ. ආයේ පහලටම යනවා මිසක් ගොඩ ඒමක් නැහැ. මොකද ඔහු කලින් කරපු අකුසල් කර්ම ගෙවෙන්න ගෙවෙන්නේ ඒ වගේම අලුත් අකුසල් සිත්මයි ඔහුට ඇතිවෙන්නේ.
     
    • Like
    Reactions: Pissu_Matta

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලාණනි කියනු මැනවි
    මම පසුබිම පොඩ්ඩක් කියන්නං. මේක තේරුං ගන්න.

    ඔබ දන්නව ඇති මහායාන බුදුදහමේ සෙන් බුදුදහම නමින් කොටසක් පවතිනවා. සෙන් බුදුදහම ටිකක් ලෝකෝත්තර පැත්තට බර, මහායාන බුදුදහමේ ක්‍රිම් එක විදියට ගන්නත් පුළුවන්. ඔය සෙන් බුදුදහමෙත් විවිධ නිකායන් තියනවා. නිචිරෙන්, තාද් ආදී වශයෙන්....

    දවසක් සෑහෙන්න බන දහම් පොත් පරිශීලනය කරන නිචිරෙන් නිකායේ ශිෂ්‍ය සංඝයාවහන්සේ නමක් තමන ගේ ගුරු හාමුදුරුවන්ට මෙහෙම කියනවා...

    “ලොකු හාමුදුරුවනේ, තාද් වල තියනව නේ තන කොළයි, ගසුයි පවා බුදු වෙනවා කියලා!!! මට හිතා ගන්න බෑ එහෙම වෙන්නේ කොහොම ද කියලා“

    ලොකු හාමුදුරුවෝ - හ්ම්...එහෙම තියෙනව නේ. දැන් තමුන්නාන්සේ කවදාවත් හිතල තියනව ද තමන් බුදුවෙන එක ගැන..??

    ශිෂ්‍ය හාමුදුරුවෝ - නෑ....

    ලොකු හාමුදුරුවෝ - එහෙනං ගිහින් ඒක ගැන කල්පනා කරනවා....!!!:growl:


    ඔබට ගන්නට ඇති දේ දකින්නට ඇතැයි සිතමි....
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සිංහයා සත්තු කන්නෙ උගේ බඩගින්න නිවාගන්න නෙ. බඩගින්නක් ආවම ඉබේම ඌ සතෙක් මරන්න යොමු වෙනව. එතනදී ඌව බලහත්කාරෙන් පවට පොළඹවල වගේ. ස්වභාවධර්මය වගකියන්න ඕනේ එහෙමනං ඒ පව් වලට.

    මිනිස්සු උනත් හැදිලා තියෙන්නෙ සිංහයා වගේම තමා ඉක්මනට තරහ යන හැගීම පාලනය කරගන්න බැරි පවටම ඇදෙන විදිහට නෙ හැදිලා තියෙන්නෙ. ඉතින් මිනිස්සු කරන වැරදිත් එක්තරා විදිහකට සිංහයා මස් කනව වගේ තමයි ස්වභාවධර්මය තමා එක්තරා දුරකට වගකියන්න ඕනේ.

    පව පින තීරණය කරන විදිහ සෑහෙන අසාධාරණ එකක් එහෙම බැලුවම.


    නෑ බලෙන් යොමු කරල නෑ. සිංහයෙක් වෙන්න සංඛාර එකතු කරල තමා ඒ සිංහයෙක් වෙලා තියෙන්නෙ. කරපු කර්ම ඵල අනුව සිංහයෙක් වුනා, ඒ අනුව සත්තු මරන්නත් වෙනව. සත්තු මරණ කොට ක්‍රෝධය, මාරක චේතනා ඇති වෙනව නම්, උපාය යොදනව නම්, සතෙක්, පණ ඇති සතෙක් කියල දන්නව නම්, මරුව නම්, පව් තමයි. පව් නිසා පව් එකතු වෙන සිස්ටක් එක. ඒක නිසා අපායයන්ට වැටුනහම ආපහු ගොඩ එන්න ලේසි නෑ.

    තමන් ගැන තමන් වග වෙන්න වෙනව සහෝ. ස්වභාවය ඒකයි කියල තර්කෙන් දිනුවත් කර්මය පළ දෙන එක වලක්වන්න ජගතෙක් නෑ. සත්වයාගෙ 'මහ ගෙදර' (මොන දිව්‍ය ලෝකේ ගියත් ආපහු එන තැන) සතර අපායයි. ගොඩ යන්න නම් උත්සාහ කරන්න ඕනෙ. නිදහසට කරුණු දීල ගොඩ යන්න බැහැ. මොකෝ උඹ කෙල්ලෙක්ව රේප් කරලා 'අනේ මට ස්වභාවදර්මයට අනුව ඒක කරගන්න ඕනෙ වුනා' කියන්න පුළුවන්ද? ඔය මනුස්ස නීතිය. ලෝක නීතිය තමයි කර්ම ඵල දීම.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කෘතිය බුද්ධියේ එක එක වර්ග තියෙනවා. එකක් මැෂීන් ලර්නින් ඒ කිව්වේ යම් කිසි පැටන් අදුන ගැන ඒකට පිළිතුරු ඉබේ දෙන්න පුලුවන් බුද්ධිය, නමුත් ඒක හරිම ලිමිටට් මොකද එහෙම සිස්ටම් එකකදි ඉවෝල්ව් වීමක් නෑ, ඒ කිව්වේ එහෙම සිස්ටම් එකක් ස්වයං ලෙස අළුත් දේවල් ඉගෙන ගෙන ඒකට අනුව ප්‍රතිචාර දක්වන්නේ නෑ. අනෙක් එක ඩීප් ලර්නින් , ඒකෙදි කරන්නේ ස්වක්‍රීය ලෙස අදාල කාර්‍යයන් අදුනගෙන, ඉගෙන ගත්ත දේවල් වලට අනුව ප්‍රතිචාර දැක්වීම. ගූගුල් ලගේ තියෙන්නේ මේ ජාතියේ ඒ අයි සිස්ටම් එකක් තමයි, ඒකයි උන්ගේ සර්ච් එක මේ තරම් හොද. ඩීම් ලර්නින් එකෙත් තියෙනවා තව සබ් සිස්ටම් ජාතින්. සුපර්වයිස් ලර්නින්, ඒකේදි කරන්නේ නිර්මාපකයා නිර්මාණය කරලා තියෙන විදියට තමයි මැෂීන් එක හැමදේම ඉගෙන ගන්නේ සහා ප්‍රතිචාර දක්වන්නේ. උදාහරණයට කිව්වොත්, මැෂීන් එකක් හැදුවොත් සර්ච් එන්ජින් වලට, ඒක කරන්නේ සර්ච් ඉන්ජින් වලට අදාල ඒවා විතරයි, එතනින් එහාට දෙවල් ඒක කරන්නේ නෑ. අනෙක් එක තමයි අන්සුපර්වයිස්, ඒකේදි එහෙම ලිමිට් එකක් නෑ, මැෂීන් එකට ඕනම දෙයක් කරන්න පුලුවන් නමුත් ඒකට දත්ත ලැබෙන විදියට, සහා ඒවා සැකසෙන විදිය අනුව තමයි ප්‍රතිචාර තීරණය වෙන්නේ. නමුත් මේ එකක් වත් මිනිස්සුන්ට සමාන නෑ, මිනිස්සුන්ට සමාන බුද්ධීන් හදුන්වන්නේ සෙල්ෆ් එවයාර්න්ස් කියන ටයිප් එකටයි, ඒකත් අන්සුපර්වයිස් කෘතිම බුද්ධියක් නමුත් සෙල්ෆ් එවයාර්න්ස් එකක් තියෙනවා, ඒක නිසා ඒකට තමන් ගැන අවබෝධයක් තියෙනවා. එතකොට පව් පින් මේ අන්තිම ටයිප් එකට කරන්න පුලුවන්.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මම පසුබිම පොඩ්ඩක් කියන්නං. මේක තේරුං ගන්න.

    ඔබ දන්නව ඇති මහායාන බුදුදහමේ සෙන් බුදුදහම නමින් කොටසක් පවතිනවා. සෙන් බුදුදහම ටිකක් ලෝකෝත්තර පැත්තට බර, මහායාන බුදුදහමේ ක්‍රිම් එක විදියට ගන්නත් පුළුවන්. ඔය සෙන් බුදුදහමෙත් විවිධ නිකායන් තියනවා. නිචිරෙන්, තාද් ආදී වශයෙන්....

    දවසක් සෑහෙන්න බන දහම් පොත් පරිශීලනය කරන නිචිරෙන් නිකායේ ශිෂ්‍ය සංඝයාවහන්සේ නමක් තමන ගේ ගුරු හාමුදුරුවන්ට මෙහෙම කියනවා...

    “ලොකු හාමුදුරුවනේ, තාද් වල තියනව නේ තන කොළයි, ගසුයි පවා බුදු වෙනවා කියලා!!! මට හිතා ගන්න බෑ එහෙම වෙන්නේ කොහොම ද කියලා“

    ලොකු හාමුදුරුවෝ - හ්ම්...එහෙම තියෙනව නේ. දැන් තමුන්නාන්සේ කවදාවත් හිතල තියනව ද තමන් බුදුවෙන එක ගැන..??

    ශිෂ්‍ය හාමුදුරුවෝ - නෑ....

    ලොකු හාමුදුරුවෝ - එහෙනං ගිහින් ඒක ගැන කල්පනා කරනවා....!!!:growl:


    ඔබට ගන්නට ඇති දේ දකින්නට ඇතැයි සිතමි....


    :yes: වටිනා කතාවක්. ඉතාම වටිනා පාඩමක්. කියල දුන්නට බොහොම පින්.