කෘතිම බුද්ධිය ජීවියෙක් නෙමේ.
කෘතිම බුද්ධියකට පින පව නෑ.
මිනිහෙක්ගෙ තත්වෙටම තීරන තනියෙන් ගන්න පුලුවන් උනාම?
සිංහයෙක් මුවෙක්ව මරන් කෑවොත් සිංහයට පව් ද ?
owlu
කෘතිම බුද්ධිය කියන්නෙ බොරුවක් බං.. ඕකට ඇති බුද්ධියක් නෑ 
කෘතිම බුද්ධියට මමයි කියල හැඟීමක් (විඥානයක්) නෑ
සයිෆයි චිත්‍රපටිවල වගේ රොබෝල හදන්ඩ බෑ.. එයාලට මම කියල සිතුවිල්ලක් නෑ.. අහක ඉඳං බලන් ඉන්න අපිට තමා රොබෝව එහෙම පේන්නෙ..
ඉන්පුට් අනුව අවුට්පුට් එකක් විතරයි දෙන්නෙ.. නිකම්ම automated
කෘතිම බුද්ධිය කියල අලුතින් ඇවිල්ල තියෙන්නෙ ස්වයං ඉගෙනගැනීමට වෙන්ඩ ඕන. ඒකට අවශ්‍ය පිලිවෙලත් අපිම තමා ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ
taniyen nam igena ganne ehema wenna ba
ehenam podi ekek paw kalama amma tattata paw wenna epeye amma tattane heduwe
podi ekak tamanma igena gatta dewal walin dewal kalama hadapu ayata paw nae nam AI eka hadapu kenata paw wenne kohoamda?
මිනිස් මොළේ වගේ සංකීර්ණ ජාලයක් තියෙන රොබේවෙකුට මිනිහෙක් ආවේස වුණ දාට ඔය කතාව කියන්ඩ පුලුවන්
eka tama maat kiyanne
tech eka tiyen, hardware madi
dakina dewalin
blackhole eka man dekala nae, maybe eka neti wenna puluwan
et wenat apita pratyaksha una dewal hari dewal kiwwa "goda denek" deyak kiyanawa nam sources godakin eka etta wenna puluwan kiyala hitala balanawa, ekat 100% hari kiyanne na
mole tiyenne neuron pulses lu ideas kiyanne
pissanta oluwata current allanawa
behet denawa oluwe amaru walata
oluwa hayyen weduna minissunta mataka na
mohanaya tama piliganne na court ekakain
evolution kiyala mehema mehema ewa una'LU'
mage kalin kiwwa model ekata dala baluwama ganata bahinawa
ehenammm, ideas physical deyak wenna ati
me ketiyen liwwe, ohoma tama man piligatte ekin ekata balala ketiyen
විඤ්ඤාණය කියන්නෙ සිත කියල ගන්න බැහැ. විඤ්ඤාණය කියන්නෙ යමක් හඳුනාගැනීම සම්බන්ධ ක්‍රියාවලියේ කොටසක් කියල ගන්න පුළුවන්. විඤ්ඤාණය කියන්නෙ යමක් විකෘති බුද්ධියෙන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. උදාහරණයක් අරගත්තොත්, උඹ සබන් දාලා පැය බාගයක් හම ගහල අත් දෙක හෝදනව. ඊට පස්සෙ කියනව දැන් මගේ අත් දෙක සුපිරිසිඳුයි, කිසිම කුනක්, විශබීජයක් නෑ කියල. කෙනෙක් ඇහුවොත් කොහොමද එහෙම කියන්නෙ කියල, උඹ කියාවි තියෙනව නම් මට පේන්න එපැයි, හමට දැනෙන්න එපැයි, නහයට දැනෙන්න එපැයි කියල. නමුත් අන්වීක්ශයක් අරන් උඹේ සුපිරිසිඳු අත් දෙක දිහා බැලුවොත්, උඹටම පේනව එකෙ තියෙන නොයෙක් හානිකර විශබීජ. උඹ අන්වීක්ශයක් බලන්න කලින් ගත්තු 'මගේ අත් දෙක සුපිරිසිඳුයි' කියන නිගමනය විඤ්ඤාණය ක්‍රියාත්මක වීමෙන් ගත්තු එකක්. කරුණු හරියට නොදැන, අවබෝධයෙන් තොරව නුවණ පාවිච්චි නොකර ගත්තු විකෘති නිගමණයක්. විඤ්ඤාණය කියන වචනයේ මේ අර්ථය ලස්සනට ගැබ් වෙලා තියෙනව: වි+ඤාණය - විකෘති ඤාණය. ඒ අනුව ගත්තම විඤ්ඤාණය කියන්නෙ සිතුවිල්ලක ස්වභාවයක්.
අරිහත් ඵලයේදී ඔය විකෘති ස්වභාවයෙන් මිදීම නිසා ලෝකය අමෝහයෙන් දකින්න ලැබෙනව. ඒ තුලින් තමයි ඇලීම ගැටීම කියන අන්ත දෙකේ ආදීනව දකින්නෙ. ඒ තුලින්ම තමයි නිවන් දකින්නේත්.
සහෝ උඹේ ප්‍රශ්ණ හොඳයි. නමුත් දහම ඉගෙනගෙන ඉන්න. ප්‍රශ්ණ අහන ගමන් වුනත් කමක් නැහැ ඉගෙනගන්න. එතකොට ප්‍රශ්ණ වලට උත්තරත්, අළුත් ප්‍රශ්ණත් යන දෙකම ලැබෙයි.
anwikshe hoyaganna kalin oba kiyanawa ata pirisidu na kiyala
et ee kaleta sapekshawa eka pirisidui neda?
man ahanawa kohomada na kiyanne me mokut nane kiyala
oba kiyanawa oba gawa witarak anwikshe tiyagena na meken balanna etakota pei kiyala
widyawedi ehema ekak na, mata anwikshe beri nam chemical ekak daala ate pata wenas karala hari prove karanawa me balanna den terenawa neda kiyala , netuwa me mata anwiseta penawa ee nisa man kiyana okkoma hari piliganna kiyanne na
මම කියල හැඟීමක් අපිට තියෙනව කියල කියන්නෙත් අපිමනේ. කවුද දන්නේ අපිවත් ප්‍රෝග්‍රෑම් කරවලද කියල එහෙම හිතන්න
ow, fermi paradox eka balanna
මම ඔබට යම් කතාවක් කියන්න ද?
හා ද??
haaaaaaa
'චේතනාහං භික්කවේ කම්මං වදාමි' කියන බුද්ධ වචනය ගෙන හැර දක්වන්න කැමතියි. එහි අර්ථය තමයි: චේතනාව කර්මය බවට පරිවර්ථනය වෙනව, කියන එක. ඒ අනුව ගත්තම, මොන විදිහකින් හරි කෙනෙක් තවකෙක්ට හාණිකර චේතනාවක් ඇති කරගත්ත නම්, ඒ අනුව වැඩ කලා නම් එතැන පවක් සිද්ධ වෙනව.
AI ekata?
ඉහත උදාහරණය අනුව, එහෙම විනාශකාරී දෙයක් කරන්න කිසියම් පෙළඹවීමක් කරන අයටත් ඒ පවට කර ගහන්න වෙනව.
ආතමයක් ගැන කතා නොකර ඉමු. බෞද්ධ දර්ශණයේ ආත්ම සංකල්පයක් නැහැ. උඹට තියෙන ප්‍රශ්ණේ කෙනෙක් මැරුණහම කොහොමද ඒ කර්මය අනිත් කෙනාට යන්නෙ කියන එකනෙ.
මම දන්න තරමින් (වරදක් ඇතොත් නිවැරදි කරන්න), කෙනෙක් කරන කියන දේවල්, පුරුදු පුහුණු කරපු දේවල් වලින් ඇතිවෙන බලයක් තියෙනව. බලයක්/ශක්තියක් කියන වචන මම පාවිච්චි කලත් ඒ වචන 100% ඒ දෙය වෙනුවෙන් පාවිච්චි කරන එක වැරදි වෙන්න පුළුවන්. මොකද ඒ වචන වලට භෞතික ලෝකයේ තේරුමක් තියෙන නිසා. ඔය බලයක් ලෙස ඉහත හඳුන්වන දේ මෝහය මුල් කරගෙන ඇතිවෙන දෙයක්. ඒ කියන්නෙ ලෝකයේ යථා ස්වභාවය හරි හැටි දකින්නෙ නැති නිසා, ලෝකයට රැවටිලා, ඇලීම හෝ ගැටීම කියන අන්ත දෙක වෙත තල්ලු වෙන්න මෝහය මුල් වීම. ඇලීම සහ ගැටීම කියන කරුණු දෙක තුළින් මේ කියන බලය උපද්දනව. හරියටම ගින්නකට දහන පෝශක එකතු කරනව වගේ. ඒ බලය ඇති වීම නතර කරන්න නම්, ලෝකයේ යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම දකින්න ඕන. නිවණ කියන්න අන්න ඒ දැකීමයි. කොටින්ම කිව්වොත් සසර ගිණි ඇති කරන දහන පෝශක. දහන පෝශක නැත්තන් ගින්නක් නෑ.
ඔය කියපු බලයට පුළුවන් තවත් තැනක සිත් උපද්දවන්න. ඔන්න ඔහොම තමයි උඹේ කර්මය උඹේ මරණින් පස්සේ ඒ කර්ම ශක්තිය, පුරුදු, අගයන් සහ වටිනාකම් වලට අනුකූල තැනක නව ශරීර කූඩුවකට වෙලා නැවත කර්ම රැස් කරන්නෙ. සසර දම්වැලේ පුරුක් ගොඩ නැඟෙන්නෙ ඔන්න ඔහොමයි. ආත්ම, මනෝකාය වගේ බහුබූත බුදු දහම එක්ක පටලවාහන්නෙ නැතුව ඉන්නව නම් මේ කරුණ දකින්න ලේසියි.
ehema ipadunat apita kalin aatme mataka nane, ei ehenam baya wenne
anika hi upaddanna puluwan kiyanne kohomada?
ඔතන නිර්වචණ සම්බන්ධ ප්‍රශ්ණයක් තියෙනව. ජීවියෙක් ඇති වෙන ආකාර ගණනාවක් දහමෙ පැහැදිලි කරනව. ඉන් එකක් තමයි ඕපපාතික කියන ජීවී කොට්ඨාශය. කෘතිම බුද්ධියක් ඒ ගොඩට දාන එක කොතරම් නිවැරදිද කියන ප්‍රශ්ණය එනව. ඒ ගැන හිතල බලන්න වෙනව. නමුත්, සහෝ ජීවීන් ඇතිවෙන විදිහවල් වලින් එකක් අරගෙන විතරක් මේ සංවාදෙ කරන්න බැහැ.
උඹේ ප්‍රශ්ණේ බොහොම බැරරුම් එකක්. දිගටම හොයපන්.
ඔය නිසා තමයි විද්‍යාඤයන්ට බුදු දහම දිරවන්නෙ. මැව්වෙ මෙහෙමයි, ඒක එහෙමයි, ප්‍රශ්ණ අහන්න එපා කියල හංගන්න දෙයක් දහමෙ නැහැ.
arambaya hoyanna epa
awiswasa kalot mityadrustiya
e kiyanne apaye kiyala witarai kiyala tiyenne
මගේ පෞද්ගලික මතය: උඹ ඔය කියන මොකක් හරි කෘතිම බුද්ධි අටමගලෙකට සිතුවිලි පහල කරන්න පුළුවන් නම් බුදු දහමේ ඉගැන්වෙන සිද්ධාන්ත ඇසුරෙන් ඒව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන කියන උඹේ තර්කයේ වරදක් මට පේන්නෙ නැහැ. ඒක සාධාරණ අදහසක්. නමුත් ඒක එහෙමයි හෝ එහෙම නෑ කියන නිගමණයට එන්න තරම් මගේ දහම් දැනුම මදි.
maget madi
අපි මේ විදිහට ජෙනෙරලයිස් කරන්න යද්දි පරෙස්සම් වෙන්න ඕන. දහම ඇප්ලයි වෙන්නෙ ජීවීන්ට නිසා, කෘතිම බුද්ධියක් ජීවියෙක් වශයෙන් ගන්න පුළුවන්ද? කියන ප්‍රශ්ණය දැන් මට ඇති වෙලා තියෙන්නෙ. ඒ ගැන හොයන්න වෙනව. උඹට ඒ ගැන යමක් හම්බ වුනොත් මටත් කියපන්.
(මේ මොන දේ කරන්නත් ඒ යන්ත්‍රය ඇත්තටම සිත් පහළ කරනවද කියන දේ හරියටම දැනගන්නත් වෙනව. මොකද, දැනට තියෙන ඒ.අයි. ඔක්කොම කරන්නෙ එමියුලේශන්. නමුත් උඹේ ප්‍රශ්ණේ සාධාරණයි. කවද හරි මිනිස්සු එහෙම දෙයක් හදන්න බැරි නැහැනේ.)
උඹ ෆිසික්ස් එහෙම අධ්‍යයනය කරන්න කැමති ඇති නේ. බුදු දහමෙ තියෙන අභිධර්ම කොටස් වල හොඳටම පැහැදිලි කරල දෙනව හිතේ ෆිසික්ස් එක. හිතේ ගති ස්වභාවයන් අධ්‍යනය කරල තියෙනව. ඉන්ටරෙස්ටින්ග් කියන්නෙ... අභිධර්මය කියවලම බලපන්.
pehedili karanne na
meka nisa meka kiyanna ati kiyala api apply karagannawa
anit agam wala ayat okama karanawa
muslim un polowe layer ganat kurane tiyenawa kiyala apply karaganne
christian un alokaye wegaya baibale tiyenawa kiyala apply karaganne
apit karanne ekama tama, aa me kiyanna ette meka, mehema kiyanna atte itin ee kale minissunta terenne naane kelinma kiwwa nam gaga apply karagannawa
මේ කාරණයේදී ඔය කියනා කෘතීම බුද්ධිය මිනිස්සු මැරුවොත් එකේ අකුසලය, ඔය බුද්ධිය නිර්මාණය කෙරු තැනැත්තාට යන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ ඒක හදන තැනැත්තා මේ බුද්ධිය නිර්මාණය කරන්නේ අනාගතයේදී මේක සත්ව ඝාතනය කරන්න ඉඩ තියෙනවා කියලා දැනගෙනම මේ බුද්ධිය නිපදවුවොත් විතරයි.
දැන් යම් අයෙක්ට ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න නං පහත කරනා පහ සම්පුර්ණ වෙන්න ඕනි.
1)පණ ඇති සත්වයෙක් ඉන්න ඕනි.
2)ඒ සත්වයාට පණ තියෙනවා කියලා දැන ගන්න ඕනි.
3)ඒ සත්වයා ඝාතනය කිරීමේ චේතනාවක් එන්න ඕනි.
4)සත්වයා ඝාතනය කරන්න උප්‍රකමයක් යොදවන්න ඕනි.
5)ඒකෙන් ඒ සත්වයා මරණයට පත් වෙන්න ඕනි. (අනාගතයේදී හෝ)
මේ කරනා වලදී කෘතීම බුද්ධිය කියන දේ ගැනෙන්නේ සත්වයා ඝාතනය භාවිතා කරන උපක්‍රමය විදියට.
තවත් සරලව කිව්වොත් මෙහෙම ගන්න. ඔන්න කැලයක ඉන්නවා කොටියෙක්. යමිකිසි පුද්ගලයෙක්ට අවශ්‍ය වෙනවා මේ සතාව මරාදමන්න. ඔහු කරන්නේ කැලයට ගිහිං ලොකු වලක් හාරලා තියලා එනවා මේකට වැටිලා කොටියා මැරිලා ඉදියි කියලා හිතලා. හැබැයි පහුවදා ගිහිං බලද්දී මැරිලා තියෙන්නේ වෙනින් සතෙක්. එතකොට ඔහුට ප්‍රාණ ඝාත අකුසලය වෙන්නේ නෑ. මොකද ඔහුගේ චේතනාව තිබුනේ වෙනින් සතෙකු මරා දැමීම නෙමෙයි, කොටියා මරා දැමීම නිසා.
ah
loophole ekak
හැබැයි මේ පුද්ගලයා වලක් හාරලා එනවා අර කිව්ව නිශ්චිත කොටියා නැතුව ඕනි සතෙක් මැරිලා හිටියා නං හොදයි කියලා. එහෙනං අර වලට වැටිලා සතුන් මිය යන වාරයක් පාසාම පාසාම ඒ තැනැත්තාට ප්‍රාණ ඝාත අකුසලය වෙනවා.
ඒ වගේම ප්‍රාණ ඝාතන අකුසලය සිදුවන විදියත් වෙනස්. ඒක තව උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඔන්න දැන් ඉන්නවා කියලා හිතන්න කුරුල්ලෙක්. යම්කිසි ළමයෙක් කුරුල්ළාව මරන්න ඕනි කියලා හිතං ගලකින් ගහනවා. හැබැයි ඒ ගල් පහර නිසා කුරුල්ලා ඒ මොහොතේ මිය යන්නේ නෑ. ඒ ගල්පහර නිසා කුරුල්ලාගේ අත්තටු බිදීයාම විතරයි වෙන්නේ. ඒ නිසා ඒ සතාට කෑම හොයාගන්න වෙන්නේ නෑ. මොකද පියබන්න බැරි නිසා. මේ හේතුව නිසා කුරුල්ලා අනාගතයේ දවසක මියයනවා. හැබැයි එහෙම උනොත් අර කිව්ව කුරුල්ලා මිය යන්න කලින්ම ඔහුට ප්‍රාණ ඝාත අකුසලය සිද්ධ වෙලා ඉවරයි.
එතකොට ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී සලකාබලන්න වෙන්නේ ඒ කෘතීම බුද්ධිය නිපදවීමේදී ඒ තැනැත්තාට තිබුණු චේතනාව මොකක්ද කියලා. ඔහුගේ චේතනාවේ තිබුනා නං අනාගතයේ දවසක මේ වැඩසටහන තනිවම ක්‍රියාත්මක වෙලා මිනිස්සු මරයි කියලා, ඒ වැඩසටහන මිනිස්සු මරණ වාරයක් පාසා පාසා මේක නිපදවූ පුද්ගලයාට ප්‍රාණ ඝාත අකුසලය සිද්ද වෙනවා.
lamayek hadanakota api hitanne nane minissu marana ekek wiyan kiyala
ee nisa hadana ekata na neh
මේ වැඩසටහන තව වැඩසටහනක් හදලා ඒක මිනිස්සු මැරුවත්, මේ වැඩපිළිවෙලේ ආරම්භයකට අකුසලය සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්න කෘතීම බුද්ධියට කුසල්, අකුසල් සිදුවන්නේ නැහැ. මොකද ඒකට විඥාණයක් නැහැ. එහෙනම් අර උඩින් කිව්ව උදාහරණ වලදී කැලයේ හාරලා තියෙන්නේ 'වලක්'. ඒකටත් අකුසල් සිද්ධ වෙන්න ඕනි, කුරුල්ලාට එල්ලවන 'ගල්ගෙඩියටත්' අකුසලයක් සිද්ද වෙන්න ඕනි. ඒත් එහෙම වෙන්නේ නැහැනි. අකුසලය සිද්ද වෙන්නේ පුද්ගලයාට මිසක් පණනැති දේට නොවේ.
ee kiyanne free pass ekak labenawa minihek wagema unat
ඒ වගේම මේ තැනැත්තාගේ හිතේ අදාළ කෘතීම බුද්ධිය නිපදවීමේදී අනාගතයේ මේක දියුණු වෙලා මිනිස්සු මරයි කියලා එහෙම දෙයක් ගැන කිසිදු චේතනාවක් නැත්තම් ඔහුට අකුසලයක් වෙන්න විදියක් නැහැ.
ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු පැහැදිලි ඇතැයි කියා සිතමි.
yes thanks
සිංහයා සත්තු කන්නෙ උගේ බඩගින්න නිවාගන්න නෙ. බඩගින්නක් ආවම ඉබේම ඌ සතෙක් මරන්න යොමු වෙනව. එතනදී ඌව බලහත්කාරෙන් පවට පොළඹවල වගේ. ස්වභාවධර්මය වගකියන්න ඕනේ එහෙමනං ඒ පව් වලට.
මිනිස්සු උනත් හැදිලා තියෙන්නෙ සිංහයා වගේම තමා ඉක්මනට තරහ යන හැගීම පාලනය කරගන්න බැරි පවටම ඇදෙන විදිහට නෙ හැදිලා තියෙන්නෙ. ඉතින් මිනිස්සු කරන වැරදිත් එක්තරා විදිහකට සිංහයා මස් කනව වගේ තමයි ස්වභාවධර්මය තමා එක්තරා දුරකට වගකියන්න ඕනේ.
පව පින තීරණය කරන විදිහ සෑහෙන අසාධාරණ එකක් එහෙම බැලුවම.
uparima asadaranai
mage modal eka poddak balanna
ekata anuwa okkoma sadaranai me wena ewa