කෘතිම_වැසි වස්සවයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    කෘතිම_වැසි වස්සවයි

    මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයන්ට කෘතිම වැසි වස්සවයි


    මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නැංවීය.

    ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහළින් වූ වලාකුළුවලට ඉහළින් කෘතිම වැසි ඇති කිරීම සඳහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉසිනු ලැබීය.

    ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු පැවසූයේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදෑසන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහළින් අඩි 8000 ඉහළින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරීම සඳහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍ය මුදා හැරි බවයි.

    ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කළේය.

    1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බව විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කළේය.

    ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහළින් වූ පැහැපත් වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසීමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු ඡායාරූපයන්හි දැක්වේ.


    image_a63842b284.jpg

    image_499a6674d2.jpg

    image_fcea1e49f8.jpg

    image_1e5282ce4a.jpg

    image_41d873226f.jpg
     
    • Like
    Reactions: saja

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැහි ඇවිල්ලා ජල ගැල්මක් එහෙම ආවොත් කොහොමෙයි... පට්ට ගහයි ආණ්ඩුව...
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    වතුර පනිට්ටු අරන් ගිහින් ප්ලේන් එකෙන් බිමට හලන එක නේද බං කෘතීම වැසි කියන්නේ? :oo::dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැස්සටත් ටැක්ස් ගහන්න පොටක් තමයි ඔය පාදගෙන එන්නෙ ගොයියෝ... ලෑස්තිවෙයල්ලා...
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    වතුර පනිට්ටු අරන් ගිහින් ප්ලේන් එකෙන් බිමට හලන එක නේද බං කෘතීම වැසි කියන්නේ? :oo::dull:


    නැහැ ජුංඩා එලියට දාල ප්ලේන් එකෙන් බිමට චූ හලන එකට