කෘෂිකර්මය ආශ්රිත පාරම්පරික දැනුම (උපුටා ග
කෘෂිකර්මය ආශ්රිත පාරම්පරික දැනුම (උපුටා ගන්නා ලද ලිපියකි)
නූතන කෘෂිකාර්මික රටාවත් අතීත කෘෂි කාර්මික රටාවත් එකිනෙකට සසඳන විට ශ්‍රී ලංකාවේ අතීත කෘෂිකාර්මික රටාව පාරම්පරික දැනුම හා සම්බන්ධව පරිසර හිතැති දේශීය තාක්ෂණ ක්‍රමවේදවලට අනුව ම පවත්වාගෙන ගිය බැව් සක්සුදක් සේ පැහැදිලි වෙයි. සොබා දහමට අනුව පෘථිවියේ, ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඝර්ම කලාපීය රටක් වශයෙනි. එසේම සමකය ආශ්‍රිතව පිහිටි රටකි. මේ සාධක දෙක නිසා කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇති වරප්‍රසාද බොහෝ ය. මෙයින් ලැබී ඇති ප්‍රධාන වරප්‍රසාදය වන්නේ දවසේ පැය 12ක තරම් කාලයක් අඛණ්ඩව හිරු එළිය ලක් පොළොවට ලැබීමයි. මෙයට අමතරව හිමාල කඳුවැටියේ පිහිටීමත් ලක් පොළොවට වටිනා ජෛවවිවිධත්වයක් හිමි කර දීමට හේතුවක් වී ඇත. හොඳින් හිරු එළිය ලැබීම ලක්වැසියන් ගේ බුද්ධි වර්ධනයට ද හේතුවක් වී ඇති බැව් පෙනී යයි. කෙසේ වෙතත් ලොව අනෙක් රටවල් මවිත කරන තරම් වූ පාරම්පරික දැනුමක් හෙවත් දේශීය විද්‍යාත්මක දැනුමක් හිමි වී තිබීම මෙතුවක් කල් ලක්වැසියන් ගේ පැවැත්මට ද ප්‍රබල පිටුබලයක් වී ඇත.
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව ඊසානදිග මෝසම් වැසි හා නිරිතදිග මෝසම් වැසි නිසි කලට ලැබීමත් ඒ අතර කාල සීමාවේ දී අන්තර් මෝසම් වැසි ලැබීමත් මෙරට සරුසාර කෘෂිකර්මාන්තයක් බිහි කිරීමට හේතුවක් විය. නූතන ගොවියාට ජලය ප්‍රශ්නයක් වුවත් අතීත ගොවියාට ජලය ප්‍රශ්නයක් නො වී ය. එකල ගොවියා භූගත ජලයෙන් ගොවිතැන් කිරීමේ දී භාවිත කළ යුතු ක්‍රමවේදය කුමක් ද, අහස් දියෙන් ගොවිතැන් කිරීමේ දී භාවිත කළ යුතු ක්‍රමවේදය කුමක් ද යන්න මැනැවින් අවබෝධ කර ගෙන සිටියේ ය. ස්වාභාවික වනාන්තරය හා සැබැඳුණු පසේ හියුමස් හෙවත් කාබනික පොහොර බහුලව ඇති බැව් අවබෝධ කරගෙන සිටි බැවින් ඔහු පොහොර පසට හෝ බෝගවලට හෝ එකතු කළේ නැත. කෙසේ වෙතත් අතීත ගොවියා ජලයත් පොහොරත් පසත් අතර පවතින සම්බන්ධතාව මැනැවින් අවබෝධ කරගෙන කටයුතු කළ බැව් දක්නට ලැබේ.
ගැටලුවක් නො වූ සෝදාපාලුව
ස්වාභාවික වනාන්තරයේ පස සුරැකෙන අන්දම මැනැවින් වටහාගත් බැවින් ඉපැරැණි ගොවියාට සෝදාපාලුව එතරම් ගැටලුවක් නො වී ය. වියදමක් ද නො වී ය. ශ්‍රමය කැප කළේ ද අවම මට්ටමකිනි. එහෙත් අද ගොවි බිමක් සැකසීමේ දී ප්‍රධාන මෙන්ම මූලික වියදමක් යන්නේ පස සංරක්ෂණය කිරීමට ය. අතීත ගොවියා හේනේ, කුඹුරේ, ගෙවත්තේ කොම්පෝස්ට් පොහොර සෑදෙන අන්දම බලා සිට එයට සුදුසු පරිසරය සකසා දුන්නා මිස පොහොර සකස් කිරීමට පෙලඹුණේ නැත. ඔහු ලත් පරිසර දැනුමෙන් දෙවැනි පරපුරට ඉගැන්වූයේ කොම්පෝස්ට් නිපදවීමට නො ව හැදෙන හැටි ඉගෙන ගැනීමට ය.
අල ලූනු වගා නො කළ මහ කන්නය
ලක් වැසියා ගේ දේශීය කෘෂි ඥානයට අනුව හිරු පොළොවට ළං වී ගමන් කරන කාල සීමාව (මෙය නවීන විද්‍යාවට අනුව පෘථිවිය හිරු වටා ගමන් කරන විට හිරුට සමීපව පිහිටන කාල සීමාව) යල කන්නය ලෙස හැඳින්විණි. මේ සමීප වීම විද්‍යාත්මකව විමසන විට අංශක 17 1/2ක් වන අතර එය අංශක 30 දක්වා වෙනස් වීමට හේතු වන කාලය මහ කන්නයට අයත් වෙයි. මේ බව අපේ ගොවියා නවීන විද්‍යාත්මකව දැන නො සිටිය ද ඔහු ගේ ජන විඥානයටත් පාරම්පරික ඥානයටත් අනුව මැනැවින් අවබෝධ කර කාල කළමනාකරණයක යෙදුණේ ය. එබැවින් යල හා මහ කන්න නිවැරැදිව හඳුනාගෙන නියමිත වගා නිසි පරිදි සිදු කළේ ය. මහ කන්නයට අයත් වන දෙසැම්බර් මස අධික වර්ෂාව හටගන්නා බැවින් අල ලූනු වගා කළේ නැත. අධික දිය සීරාව මේ වගාවට වඩාත් හානිකර බැව් හා අල බැසීමට සෙල්සියස් අංශක 10ක පමණ උෂ්ණත්වයක් අවශ්‍ය බැව් දැන සිටියේ ඔහු ගේ දේශීය කෘෂි විද්‍යාත්මක දැනුමට අනුව ය.
දුරුතු මස මැද භාගයේ දී හෙවත් ජනවාරි මැද කාල සීමාව වන විට රාත්‍රී හා උදයේ ශීත දේශගුණයක් පවතින බැව් දේශීය ගොවියා දැන සිටියේ ය. මේ කාල සීමාවේ දී පවතින සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් පමණ වෙයි. මේ මිනුම ගොවියා නවීන විද්‍යාවට අනුව දැන නො සිටිය ද මේ අඩු උෂ්ණත්වය සමග හටගන්නා සීතල දේශගුණය සහිත කාලසීමාව පලබර අස්වැන්නක් සඳහා එනම් පීදෙන ගොයමට වඩාත් සුදුසු බැව් දැනගත්තේ පාරම්පරික දැනුම ඇසුරෙන් ලැබූ අත්දැකීම්වලිනි.
ගොවිතැන් කිරීමේ දී අස්වැන්න ගොවියාට මැනැවින් ප්‍රයෝජනවත් විය. අන්තර් මෝසමේ හටගන්නා වැසි හෙවත් අක් වැහි ඇති වීමත් සමග බිම පෙරළා සීසෑවා මිස මහ වැසි හටගන්නා මහ කන්නයේ බිම් සැකසීමක් නො කළේ අධික වර්ෂාව හේතුවෙන් සෝදාපාලුව ඇති වන බැවිනි. මේ නිසා අන්තර් මෝසම ගොවියාට සම්පත් ළඟා කළ වාසනාවන්ත කාලයක් විය. මහ වැසි සමග මහ කන්නය ආරම්භ වන විට කෙත්බිම් වපුරා අවසන් කිරීමට තරම් හේ ඥානවන්ත විය.
ජල හිඟයක් ඇති වුවත් ඉන් පසුබට නො වූ ඔහු අවම බිම් සැකසුමකින්, අඩු ජල ප්‍රමාණයකින් හා වැඩි කුඹුරු ප්‍රමාණයක් කැකුළමට වැපිරීම ඔහු ගේ අසීමිත කෘෂි තාක්ෂණික දැනුමේ අගය විදහා දක්වන්නකි. කැකුළමට කරන වගාවේ දී පොහොර යෙදීමක්, වල් මර්දනයක් හෝ අවශ්‍ය වන්නේ නැත. මෙහි දී කුඹුරට දැමූ පිදුරු, පොහොරක් මෙන්ම වල් නාශකයක් ලෙසට ද ක්‍රියා කළේ ය. එබැවින් කැකුළමට කළ ගොවිතැන ලාබදායි ආදායම් මාර්ගයක් විය.
සිංහල නඟුල
ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් බැවින් ගසක අතුපතර විහිදෙන සීමාවේ පොළොව මතුපිටින් තරමක් ගැඹුරට මුල් විහිදෙන විද්‍යාත්මක ක්‍රමවේදය දේශීය ඥානයට අනුව ගොවියා දැන සිටියේ ය. එබැවින් පස පෙරැළීමට සිංහල නඟු=ල භාවිත කළේ ය. සිංහල නගුලෙන් පස පෙරළන විට අඟල් 4කට හෝ 6කට හෝ වඩා ගැඹුරට හෑරුණේ නැත. මේ සීමාව ඇතුළත ඇති පස් තට්ටුව සරු බවත් භූගත ජලය හෙවත් දියවර සුරකින බවත් මැනැවින් ගොවියා දැන සිටි බැවින් සරු බෝග වගාවක් ඇති කර ගැනීමට හැකි විය. මෙකී අරමුණු වඩාත් ඉටු වූයේ සුවිශේෂී හැඩයකින් යුත් සිංහල උදැල්ල ගොවිබිමට යොදා ගැනීමෙනි.
හිත මිතුරු වල් පැළෑටි වර්තමාන ගොවියාට වල් පැළෑටි හතුරකු වූයේ බටහිර කෘමිනාශක මෙරටට හඳුන්වා දීමෙන් පසු හා ඒවාට ඔවුන් හුරු වීමෙන් පසුව ය. එහෙත් අතීත ගොවියාට වල් පැළෑටි හිත මිතුරෙක් විය. ගොවියා වල් පැළෑටි ස්වාභාවික සම්පත් ලෙස සැලකී ය. වල් උදුරා ගිනි තබා විනාශ කළේ නැත. ඒ වල් පැළෑටි දිරා යැමෙන් පසු ලැබෙන කාබනික පොහොරේ යූරියා අඩංගු බැව් දේශීය කෘෂි විද්‍යාවට අනුව ඔහු දැන සිටි බැවිනි. තව ද ඔහු වගා බිමේ වල් පැළෑටි වගා කළේ ය. ඒ කෘමීන්ට එය ආහාර ගබඩාවක් වන බැවිනි. වල් පැළෑටි අතර ආහාර සොයමින් ඔබ මොබ ඉගිලෙන කෘමියා බෝග වගාවට හානි කළේ නැත. කැ=කුලමට කළ ගොවිතැන වල් පැළෑටිවලින් ගත හැකි ප්‍රයෝජන මැනැවින් ලොවට කියා පෑවේ ය.
බහු බෝග වගාව
එදා ගොවියා හේනේ කළ බහු බෝග වගාව, ආදර්ශයක් ලෙස කුඹුරට ද යොදා ගත්තේ ය. සැබැවින් ම බහු බෝග වගාව වගා උපක්‍රමයක් විය. එනම් පසේ සරු බව රැක දීම, ජල ප්‍රතිශතය එලෙසම පැවතීම, කෘමි හා පළිබෝධ වගාව මඟින් සිදු කෙරිණි. වගා කළ බෝග අතර පොහොර බෙදා ගැනීමේ දීත් තරගයක් නො වී ය. හේතුව සැම බෝගයකට ම පොහොර අවශ්‍යතාව එක හා සමාන විය. වගා බිමට පැමිණි විවිධ වර්ණ රටා සහිත කෘමීන් අතර හිතකර කෘමීන් ද සිටි අතර අහිතකර කෘමීන් සිටියේ ස්වල්පයකි. එබැවින් කෘමිනාශක යෙදීමේ අවශ්‍යතාවක් නො වී ය. දේශගුණය හා කාලගුණය විවිධ අහිතකර තත්ත්ව උදා කළත් බෝග වගාවට ඉන් හානියක් නො වූ අතර එක ම බිම්කඩකින් අවශ්‍ය සියලු දේ නෙළා ගැනීමට හැකි විය. බහු බෝග වගාව ගොවියා ස්වයංපෝෂිත කළ අතර පාරම්පරික කෘෂි ඥානයේ වටිනාකම පෙන්වා දෙන්නක් ද විය.
සොබාදහමේ ක්‍රියාකාරීත්වය මැනැවින් අවබෝධ කරගත් පාරම්පරික ගොවියා බීජ පැළ කිරීම සඳහා යොදා ගත්තේ අත්දැකීමෙන් ලත් කෘෂි විද්‍යාත්මක දැනුමකි. පාරම්පරික ඥානය යනුවෙන් හැඳින්වූයේ මෙයයි. නිදසුනක් ලෙස පොල් ගෙඩිය කීප විටක් ම අත්ල මත උඩ දමන්නේ ක්‍රීඩාවකට නො ව පොල් ගෙඩියේ හරය පිළිබඳව අවබෝධයක් ඉන් ලැබෙන බැවිනි. ගසින් බිමට වැටෙන ගෙඩිය නිසි අතට බර වී (හරහට) පොළොවේ පතිත වන ආකාරය පිළිබඳව සොබාදහමින් ලබා දුන් දැනුම ද පාරම්පරික ගොවියා සිය වගාවට යොදා ගැනීමට අමතක කළේ නැත.
ශරීර අංග ගොවි බිමේ මිනුම් සඳහා යොදාගත් ආකාරය ද විද්‍යාත්මක ය. අත්ල දිග හැරිය විට සුළැඟිල්ලේ කෙළවරත් මාපටැඟිල්ලේ කෙළවරත් අතර දිග වියත නම් විය. ඒ අනුව වියත දිග මනින මිනුම විය. බිත්තර වී මල්ල කුරුණිය විය. මේ කුරුණියෙන් වපුරන ප්‍රමාණය වී කුරුණියක් විය. තව ද හැඩයෙන් වැඩක් ගැනීමට ගොවියා සමත් විය. වී වැපිරුවේ ද හැඩයකට අනුව ය. පැළ සිටුවූයේත් කිසියම් හැඩයකට අනුව ය. ගොවියා ගේ භාෂාවට අනුව හැඩයක් නොමැති විට පැළය තිගැසෙන බවත් තිගැසෙන පැළය නියමිත අන්දමින් පැළ නො වන බවත් කියනු ලැබේ.
ගොවිතැන් සඳහා පොහොර සැකසීමේ දී නැඟෙනහිර සිට බටහිරට ගමන් කරන වාතයේ උෂ්ණත්වය වැඩි බවත් උතුරේ සිට දකුණට හෝ ප්‍රතිවිරුද්ධ දිශාවට හෝ හමන සුළඟ ගමන් කරන්නේ සිසිල් වාතය සහිතව බවත් එදා ගොවියා අත්දැකීමෙන් දැන සිටියේ ය. මේ ක්‍රමවේදයෙන් වගා බිමක් අලංකාරව තබා ගත්තා පමණක් නො ව බිම ස්වාභාවික ආපදාවන් ගෙන් ද වගාව ආරක්ෂා කර ගත්තේ ය.
ගෙඩි වර්ග තිත්ත වීම
ගෙඩි වර්ග තිත්ත වීම හෝ ඇඹුල් වීම පිළිබඳව පාරම්පරිකව ලබා ඇති දැනුම හා අවබෝධය ද විස්මයජනක ය. මහ කන්නයේ හෙවත් දෙසැම්බර් සහ ජනවාරි යන මාසවල ගොවියා ගේ අදහසට අනුව මහ පොළොව තිත්ත වෙයි.
මේ අධික වැසි ආරම්භ වී ක්‍රමයෙන් අවසන් වන කාලයයි. මේ දෙසැම්බර් සහ ජනවාරි කාල සීමාව මහ පොළොව උල්දිය දමන කාලය යනුවෙන් හැඳින්වෙයි. උල්දිය දැමීම නිසා භූගත ජලය ද පොළොව මතුපිටට ගලා එයි. මේ හේතුවෙන් පොළොවේ ලවණ ගතිය වැඩි වෙයි. මෙය පොළොව තිත්ත වීම හෙවත් ඇඹුල් වීම යනුවෙන් හැඳින්වෙයි. ඇඹුල් ගතිය වැඩි වීම යනු පසේ ආම්ලික ස්වභාවයේ වැඩි වීමකි. ආම්ලික ස්වභාවය වැඩි පසේ බීජ පැළ වීම අහිතකර බැවින් මේ කාලය තුළ බීජ වැපිරීමක් හෝ පැළ සිටුවීමක් හෝ නො කෙරිණි. මෙය දේශීය කෘෂි විද්‍යාත්මක ඥානය නිවැරැදිව භාවිත කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි ය.
කාලය, කාලගුණය හා දේශගුණය
සොබාදහමට අනුව උපත ලබන සැම ස්වාභාවික වස්තුවකට උපතක් පැවැත්මක් මෙන්ම අවසානයක් ද තිබෙන්නේ ය. බීජයකින් පැළ වන ගසක් හොඳින් හැදෙයි වැඩෙයි. මල් පිපී පල දරයි. අවසානයේ දී මිය ඇදෙයි. මේ නියාම ධර්මය පාරම්පරික ඥානය තුළින් අවබෝධ කරගත් ගොවියා මේ ස්වභාවය සිතට බරක් කර නො ගෙන කාල චක්‍රය අනුව කාලගුණය හා දේශගුණය මැනැවින් හඳුනාගෙන එයට අවනත ව ගොවිතැන් කටයුතු කරගැනීමට තරම් නිහතමානී විය.
බුදු දහම ගුරු කොටගත් ජීවන රටාවක් අනුගමනය කළ ගොවියා සිය ගොවිතැන් කටයුතුවලට ද එය ඈඳා ගත්තේ ය. ඒ අනුව දුරුතු මහේ බීජ වැපිරුවේත් පැළ සිටුවූයේත් නැත. ඒ මහ පොළොව "තිත්ත" බැවිනි. ඉදිරියේ දී එන නවම් මහේ හටගන්නා නියඟය පෙනි පෙනී බීජ වැපිරීමටත් පැළ සිටුවීමටත් ගොවියා පෙලඹුණේ නැත. ගස්වල කොළ හැළෙයි. මැදින් මස තවදුරටත් වැසි අඩු වන බැව් ගොවියා තවදුරටත් අවබෝධ කරගත්තේ ය. එහෙත් මැදින් මහේ අග වැස්ස ලැබෙන බවත් එනිසා ගස්වල නව දලු ලන බවත් හේ දැන සිටියේ ය. ගොවියා මේ වැස්ස හැඳින්වූයේ අක්වැස්ස යන නමිනි. අක්වැස්ස ගොවිතැනට නියමිත කාලය පැමිණි බැව් පෙන්වූ දර්ශකයක් විය. මිදෙල්ල ගහේ දලු ලෑම යල් කන්නයේ ගොවිතැනට සුදුසු කාලය පෙන්වූ ඉඟියක් විය. යල් කන්නය අවසානයේ දී හිරු මුදුන් වන බැව් අවබෝධ කරගත් ගොවියා මහ පොළොවට ඇද වැටුණු ගහ කොළ දිරාපත් වීමට ක්ෂුද්‍ර ජීවීන් ගේ ක්‍රියාකාරීත්වය බලපාන බැව් ද දැන සිටියේ ය.
මේ ක්‍රමය මැනැවින් අවබෝධ කරගත් බැවින් අතීත ගොවියාට කිසිදු ආයාසයකින් තොර ව කොම්පෝස්ට් පොහොර සාදා ගැනීමට හැකි විය. ගොවියා කළේ එයට සුදුසු පරිසරය සකසා නිහඬ ව බලා සිටීම පමණි.
නවම් මහේ අග යල කන්නයේ ගොවිතැන් කෙරෙයි. කෙතේ බීජ වැපිරෙයි. හේනේ නව දලු ලියලයි. හේනේ ගහකොළ මෙන්ම මහ වනයේ රූස්ස ගස් මෙන්ම කුඩා ගස් හා පඳුරු ශාක ද නව දලු ලා වැඩෙයි. ඉන්පසු එළඹෙන්නේ වෙසක් මස ය. වෙසක් මහේ ගස් වල මල් ඵල දරයි. ගහ කොළ සිය වර්ගයා බෝ කිරීමට සැරසෙයි. බක් මහේ හටගත් මහ වැසි සමග හටගන්නා බියකරු අකුණුවලින් මහ පොළොවට නයිටේ්රට් ලවණ ලැබෙන බැව් දැන සිටි බැවින් අකුණු අනතුරක් නො ව ආශිර්වාදයක් ලෙස සැලකීමට ගොවියා පුරුදු ව සිටියේ ය. බක්මහේ වැසි අවසන් වන විට පොළොවේ ලවණතාව නැවතත් වැඩි වෙයි. එබැවින් මේ කාල සීමාවේ බීජ වැපිරීමත් පැළ සිටුවීමත් අතහැර දමයි. දැන් වැඩුණු ගසේ ඵල ලබන කාලයයි. මේ ඵල පොසොන් මස දක්වා ම ලැබෙයි. ඇහැළ මහේ ගස්වැල් නැවතත් සිය වර්ගයා බෝ කිරීමේ කාර්යයේ යෙදේ. මේ බව හොඳින් දන්නා ගොවියා නිකිණි මහේ ලැබෙන අක්වැසි සමග නැවතත් වගා කටයුතු ආරම්භ කරයි. මේ සියලු ක්‍රියා පිළිවෙත් සිදු කරන්නේ සොබා දහමට අනුගත වීමෙන් ලබා ගත් පාරම්පරික දැනුමේ අනුසාරයෙනි.
පරිසරයෙන් අනාවැකි
සොබාදහමට ආදරය කළ ගොවියාට අවට පරිසරයේ වැවුණු ගහ කොළත්, වෙසෙන සතා සිව්පාවාත් හිත මිතුරන් විය. හිරු එළියත්, සඳේ සිසිලත් ආශිර්වාදයක් විය. මේ සැම අංගයක් ම ගොවිතැනට උදව් උපකාර කළ හෙයින් ගොවියා මේ සියල්ලට ම දැක්වූයේ අපරිමිත සෙනෙහසකි. එසේ ම ගෞරවයකි. මේ කිසිදු දෙයකට හානියක් සිදු කිරීමට ගොවියා පෙලඹුණේ නැත. මේ සැම දෙයක් ම ගොවිතැනට අනාවැකි කියූ සාධක විය. පතොක් කුලයට අයත් දළුක් ගස ඉඩෝරය තවදුරටත් පවතින බැව් තේරුම් ගත්තේ ය. ඉදිරියේ පවතින ඉඩෝරය අනුව ඔහු ගොවිතැන් කටයුතු සැලසුම් කළේ ය. දළුක් ගසේ දලු ලා අවසන් වන විට වැස්ස ළඟා වන බැව් දන්නා ගොවියා වැසි කාලයට අනුව කෙරෙන ගොවිතැන් කටයුතු සැලසුම් කළේ ය. සඳේ සඳ මඬලේ වර්ධනය පෙන්නුම් කිරීමත්, තරු රටා අපැහැදිලිව දිස් වීමත්, වාතයේ ජල වාෂ්පවල වර්ධනයක් පෙන්නුම් කරන්නකි. මේ දර්ශනය දිනෙන් දින වර්ධනය වීම වර්ෂාවක් ළඟ එන බැව් කියන අනාවැකියක් විය. ගොවියා මෙය මැනැවින් තේරුම් ගත්තේ ය. වේ හුඹස්වල දළු බැඳීම ජලය පොළොව මතුපිටට එන බව පෙන්වන සලකුණක් විය. කක්කුටු ගුලේ ගොඩ දමන පස් ප්‍රමාණය අනුව වැස්ස ඇති කාලය නිවැරැදිව මැන ගැනීමට ගොවියා දැන සිටියේ පරිසරය තුළින් ම ලද ඥානයෙනි. හැලපෙන්දා ගේ කඩිසර හැසිරීමත්, ඇටිකුකුළා ගේ කලබලයත් වැස්සක් ආසන්න බැව් ඇඟවූ අනාවැකි විය. සත්ත්ව චර්යාව පිළිබඳව මනා අවබෝධයක් ලත් ගොවියාට උන් ගේ හැසිරීම් තුළින් කාලගුණ අනාවැකි පැවසීමට තරම් දැනුමක් ලබා ගැනීමට හැකි විය.
තොරතුරු එකතුවේ ලිපි සම්පාදනය අමල් උඩවත්ත
මෙවැනි ලිපි එකතුවක් පළ කිරීමේ වැදගත්කම ගැන අපගේ අවධානය යොමු කර ඊට අදාළ පසුබිම සකසා දුන් ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ගාමිණී ගමගේ මහතාට විශේෂ ස්තුතිය පිරිනමමු.