කෙට්ටු අයට ඉක්මනින් මහත් වෙන්න ක්‍රමයක්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
කෙට්ටු අයට ඉක්මනින් මහත් වෙන්න ක්‍රමයක්

කෙට්ටු වැඩි නිසා මහත් වෙන්න ක්‍රමයක් හොය හොය ඉන්නවා නම් ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි මේ කියන්න යන්නේ. :yes:
සමහර අය ඉන්නවනේ මහත් වෙන්න ඕනේ නිසාම හොඳට කන, එත් කොච්චර කෑවත් මහත් වෙන්නේ නැ සමහර වෙලාවට. මටත් වෙලා තියෙන්නේ ඒකමයි. :baffled:

මේ ගැටළුවට තියෙන හොඳම විසඳුම තමයි රට ඉඳි... රට ඉඳි වලින් ශරීරය මහත් කරනවා වගේම පෘෂ්ටිමත් කරනවා. රට ඉඳි විටමින්, ඛනිජ හා කෙඳි වලින් පොහොසත් වගේම
සෞඛ්‍යට හිතකර වන තෙල්, කැල්සියම්, සල්ෆර්, යකඩ, පොටෑසියම්, පොස්පරස්, මැන්ගනීස්, ආදී පෝෂණ කොටස් ගොඩක් අඩංගු වෙලා තියෙන නිසා
ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාදී ශරීරය පෘෂ්ටිමත් කරන්න උදව් කරනවා. :D:yes:

S7yGH06.jpg


ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දිනකට රට ඉඳි ගෙඩි 8-10ක් පමණ ආහාරයට ගන්න එක. රට ඉඳි ආහාරයට පෙර ඇට ඉවත් කර
රැයක් වතුරේ දාලා තියලා පසුවදා ආහාරයට ගන්න. ඒ ක්‍රමය වඩාත් හොඳයි.

ඒ වගේම වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න නම් ඇට ඉවත් කරගත් රට ඉඳි තුලට බටර් එකතු කර දිනකට ගෙඩි 4 බැගින් ආහාරයට ගන්න.
බටර් වෙනුවට එළඟි තෙල් භාවිතා කරන්නත් පුළුවන්.

රට ඉඳි ශරීරය මහත් කරන්න වගේම ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන්නත්, හදවත් රෝග වලටත්, අස්ථි පද්ධතිය ශක්තිමත් කරන්නත්,
රක්තහිනතාවයටත් හොඳ ඖශධයක් වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයටත් යහපත් ලෙස බලපෑම් කරනවා.
මේ නිසා රට ඉඳි කිහිපයක් දිනපතා ආහාරයට එකතු කරගන්න එක කෙට්ටු අයට මහත් වෙන්න වගේම නිරෝගී වෙන්නත් හේතු වෙනවා. :)

මේ ක්‍රමය ඇත්තටම සාර්ථකයි කියලා කියන්න පුළුවන් මොකද මගේ යාලුවෙක් ඉන්නවා මේක ට්‍රයි කරපු. :yes:
හැබැයි පිම්පල්ස් එන්න පුළුවන්. :baffled: ඒක ඉතින් සමහර අයගේ ඇඟවල් වල හැටියට වෙන්න පුළුවන්.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
තව අඩු එච්චරයි.. තම්බින්ගෙන් තෙලුත් අරන් රට ඉදිත් අරන් අපි මහත් වෙමු..