කෙණ්‌ඩා පෙරළීමට

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
කෙණ්‌ඩා පෙරළීමට

අප අතරින් බොහොමයක්‌ දෙනා "කෙණ්‌ඩා පෙරළීමේ" වේදනාත්මක අත්දැකීම අත්විඳ ඇතිවාට සැකයක්‌ නැත. නොඑසේ නම් වෙනත් අයෙකු "කෙණ්‌ඩා පෙරළීමකට" ලක්‌ව වේදනා විඳිනවා දැක ඇත. බොහෝවිට මෙම තත්ත්වයට ගොදුරුවන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වුවත්, රාත්‍රි නින්දේදී පාදවල "කෙණ්‌ඩා පෙරළීම්" ඇතිවන සැළකිය යුතු ප්‍රමාණයක පිරිසක්‌ද සිටී.
muscle-cramp.jpg

සංකූළතාවන් ඇති නොවුණද අධික වේදනාවක්‌ දැනීම නිසා මෙම තත්ත්වය සිරුරට අපහසුතාවක්‌ ඇති කරයි. එබැවින් ඉන් වැළකී සිටීම සඳහා පහත පියවරයන් අනුගමනය කිරීම ඵලදායී වේ.

1. නිරතුරුව ජලය පානය කිරීම

2. අධික ලෙස දහදිය පිට වන විට ලවණ සහිත ද්‍රව්‍යයක්‌ (උදා - ජීවනී) පානය කිරීම

3. තමන් යම් රෝග තත්ත්වයක්‌ සඳහා ඖෂධ පානය කරයි නම් එම ඖෂධ මගින් ඉහත තත්ත්වය ඇතිවේ දැයි ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසීම සුදුසුය.

4. දුම්බීම, මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නවතා දැමීම

5. රාත්‍රී නින්දට පෙර උණුසුම් ජලයෙන් ස්‌නානය කිරීම

6. මාංශ පේශීන් ඇදීමට ලක්‌ කරන ව්‍යායාම නිරතුරුව කිරීම

මීට අමතරව නිරතුරුවම මෙම කෙණ්‌ඩා පෙරළීම් සිදුවේ නම්, වෛද්‍යවරයකු වෙත යොමු වි පූර්ණ කායික රෝග පරීක්‍ෂාවක්‌ සිදු කර ගැනීම සුදුසුය. සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසා සිරුර තුළ නිපදවන ඔක්‌සිජන් මුක්‌ත ඛණ්‌ඩ ද මෙම තත්ත්වයට හේතු වන බව සැක කරන හෙයින් ඒවා ඉවත් කිරීම සඳහා රාත්‍රි කාලයේදී විටමින් ඊ මිලිග්‍රෑම් 400 කරලක්‌ හෝ "කෝ එන්සයිම් කිව් 10" මිලිග්‍රෑම් 150 ක්‌ පානය කිරීමත් උදැසන විටමින් බී පෙත්තක්‌ පානය කිරීමත් සුදුසුය.

එමෙන්ම කෙණ්‌ඩා පෙරළීමක්‌ සිදුවූ විට එම මාංශපේශිය ඇදීමට ලක්‌ කිරීමෙන්, ඉක්‌මන් සුවයක්‌ ලබාගත හැකි වනු ඇත. උදාහරණ ලෙස, කකුලේ බත්කෙණ්‌ඩ පෙරළීSමකට ලක්‌ වුවහොත් එම කකුල දිගහැර ඉහළට දිගු කරන අතර, එම කකුලේ ඇඟිලි පසුපසට නැවීම මගින් එම මාංශපේශිය ඇදීමට ලක්‌ කර, ඉක්‌මන් සහනයක්‌ ලබා ගත හැකි වනු ඇත.

වෛද්‍ය පාලිත බණ්‌ඩාර සුබසිංහ - සම්පූර්ණ ලිපියම
 
  • Like
Reactions: SoapLK and Nu1Dnk

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වපුරන්න කුඹුරු හදන කාලෙට තමයි මට නම් එපා වෙන්නේ.පැය 2 විතර එක දිගට වැඩ කරද්දී කකුල්වල කෙණ්ඩා පෙරළුනාම එපා වෙනවා.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වපුරන්න කුඹුරු හදන කාලෙට තමයි මට නම් එපා වෙන්නේ.පැය 2 විතර එක දිගට වැඩ කරද්දී කකුල්වල කෙණ්ඩා පෙරළුනාම එපා වෙනවා.

    :shocked: uba goviyekda bro pattane :love::love: