කෙන්දරයේ කොටු 12 -1 කොටස..

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කෙන්දරයේ කොටු 12 -1 කොටස..

    53058925.jpg




    1 වන භාවය-( කේන්ද්‍රයේ පළවෙනි කොටුව )

    ලග්න භාවයයි.චරිතය,ක්‍රියාකරිත්වය,ඤාණය,ශරීර තත්වය,ආයුෂ,දුක,සැප,ජයග්‍රහණ,නින්දා,ප්‍රශංසා,සෘජු චපල බව,උසස් පහත් බව (සම්පූර්ණ ජිවිත කාලය කොහොමද කියා බලීමට ලග්නය බලා කියවන්ඩ ඕනේ)


    ශ්‍රරීර ස්ථාන වශයෙන් හිස,මුහුණ උඩ කොටස,හිසකෙස්ය(කොහොම වුනත් කාගේ හෝ ශරීරයක් විග්‍රහ කිරීමට ලග්නයෙන් කියවන එක තමා වැඩිය හොඳ )

    ජන්මියා සහ ප්‍රශ්නකරු සම්බන්දව කියවේ.



    2 වන භාවය - (2 වෙනි කොටුව )

    කුටුම්භ ස්ථානය (පවුල ) , ධන අයස්ථානය යනුවෙන්ද හැඳින්වේ.දනය, චංචල දේපල,බැංකු මුදල්,ඔප්පු තිරප්පු,ස්වර්ණාබරණ,ශක්තියෙන් උපයන දේ,උරුම හිමිකම්,අයිතිවාසිකම්,ණයට ගනීම්,ආහාරපාන, වාග් ශක්තිය පිළිබන්දව විග්‍රහ කරයි.

    ශරීර ස්ථාන වශයෙන් පිරිමින්ගේ දකුණු ඇස සහ ගැහැණුනෙගේ වම් ඇස, ,මුහුණ,නාසය ,බෙල්ල, කට

    අඹුදරුවන්, සහ දෙවන විවාහය පිළිබඳ කියවේ.

    විවාහයෙන් පසුවන ගතවන කාලය සම්බන්ද විස්තර ,ගෘහ ජීවිතය,මරණය ආදිය දෙවන්නෙන් බැලිය යුතුයි.

    දෙවන්න මාරක ස්ථානයක් ලෙසද සැලකේ.


    3 වන භාවය - (3 වෙනි කොටුව )

    වික්‍රම ස්ථානයයි.වික්‍රමය,ආත්මාභිමානය,වීර්ය,ධ්‍යීර්ය,චිත්ත බලය,සහජ ඥාණය,දූෂ්‍යමාණ ආරංචි,ජනප්‍රවාද කේලම්,ගිවිසුම්,අත්සන් කිරීම්,ලිපිලේඛන,ගමන් බිමන්,පොත්පත්,

    ශරීර ස්ථාන වශයෙන් ශරීරයේ බාහු දෙක හා පපුවේ උඩ කොටසද,ස්නායු ගනද කියවේ.

    පියාගේ මාරක ගැනද කියවිය හැක.


    4 වන භාවය - (4 වෙනි කොටුව )

    ගෘහ ස්ථානය ,මාතෘ සිථානය,සුබාස්ථානය යන නම් වලින් හඳුන්වනු ලබේ,මවුපියන්ගෙන් ලබෙන උරුම කම් (දේපල ),යාන වාහන,ගේ දොර ,ඉඩකඩම්,නිශ්චල චංචල දේපල,මව් හා මවු පාර්ශවයේ නෑදෑයන් පිළිබඳ විස්තර 4න් කියවිය යුතුය.

    උදාහරණ ලෙස ගුරු 4රේ නම් ස්ථිර වාසස්තානත් ජීවිතයේ අග කොටස ප්‍රීත්යෙන් වාසයත්,ශනි 4රේ නම් චංචල වාසස්ථානත් ජිවිතයේ අගකොටස කළකිරුණු ජීවිතය එපා වූ දුක් සහිත ජීවිතයක් වේ.
    ඔබේ ලග්නයේ 4 අදිපති 8 නම් දේපල හානියටත්,4 අදිපති 10 නම් දේපල වර්ධනයටත් හේතු වේ.

    ජීවිතයේ අවසාන භාගය කෙසේ ගතවේද යන්නද හතරෙන් කියවිය යුතුය.කෙනෙකුගේ හිත පිළිබඳ විස්තරද 4න් කිව හැකිය.හිත පිළිබඳ ස්ථානය වේ.

    ශරීර ස්ථානය පපුව වේ.



    5 වන භාවය - (5 වෙනි කොටුව )

    ඥාණ ශක්තිය,ධාරණ ශක්තිය,දුර දක්ණා ණුවන,චිත්ත ස්වභාවය,අධ්‍යාපනය,ආගම් හා දර්ශන පිළිබඳ ඥාණ, ආලය පිළිබඳ තත්ව,දරුවන් ලැබීම නොලැබීම පිළිබඳව හා දරුවන්ගේ තත්ව ,තරඟ විභාග,රහස් කටයුතු ,ණය ගැනීම් සහ ගෙවීම් ගැන කියවනු ලැබේ.

    ශරීර ස්ථාන වශයෙන් පපුවෙන් පහල බඩ ප්‍රදේශයද ,හර්දය




    6 වන භාවය - (6 වෙනි කොටුව )

    රෝග ස්තානය,සතුරු ස්තානය වශයෙන් පිළිගැනේ.ලෙඩ රෝග,කෑම ගනීඉමෙන් අතිවන රෝග,ඇස්වහ කටවහ,ප්‍රතිශක්තිය,සතුරන්,උගස් සහ සින්න වීම්,මෙහෙකරුවන්,නැන්දා සහ මාමා හා ඒ පාර්ශවයේ නෑදෑයන් පිළිබඳව හයෙන් බැලිය යුතුය,

    ශරීර ස්ථාන වශයෙන් යටිබඩ,උකුල,දෙඇල පිළිබඳව කියවේ.


    ඉතුරු කොටු 6 ත් වෙලාවක් හම්බුන වෙලාවක දාන්නම්.අද පොඩි නිවාඩුවක් දැම්ම.:rolleyes:


    සැලකිය යුතුයි.
    මෙලෙස කරුණු කැටිකර ලිවීම අපහසු බැවින් හා කිසිම පුද්ගලික ලාබ අපේක්ශාවෙන් නොලියන දෙයක් බවින් කිසිම පුද්ගලික වෙබ් අඩවියක හෝ පුද්ගලික බ්ලොග් එකක මේ ලියන ඒව පලකිරීම සපුරා තහනම්.ඒ කිසිම තැනක මේව පළකරල මට අහුවුනොත් මම ආයේ මේව පළ කරන එක නතර කරනව.එහෙම පළකරල වෙන හානියට මම වග කියනු නොලැබේ.:angry:
    pawusi