

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කලත්‍රස්ථානය (7- හත් වෙනි භාව කොටුව)
--4-8-12 (මෝක්‍ෂ) අශුභ ඵල දීමේ බලවත් ම ත්‍රිකෝණයට අයත් බලවත් ත්‍රිකස්ථානය වන අට වැන්න දුෂ්ටස්ථානය, මාරකස්ථානය වැනි පර්යාය නාම වලින් ද හැඳින්වෙයි.
ප්‍රධාන වශයෙන් ආයුෂය, මරණය, සිහිය, විවාහයෙන් ලැබෙන දායාද, සහකරු/සහකාරිය ගේ සෞඛ්‍ය තත්වය, දුක් කරදර, සිත් තැවුල්, අනතුරු හා විපත් ආදිය පිළිබඳ සියලු විස්තර අට වැනි භාවය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය.
අට වැනි භාවය යනු අශුභ ඵල දීමේ ප්‍රමුඛ ස්ථානය යි. යමෙකුගේ මරණය පිළිබඳ සියුම් කරුණු අට වැන්න පරික්‍ෂා කිරීමෙන් දැනගත හැකිය. කිසිදු ග්‍රහයකු අටට ශුභ නැත. එබැවින් අට වැන්නේ ග්‍රහයන් නොසිටීම යහපති. වර්ගෝත්තම, උච්ච, ස්වක්ෂේත්‍ර ආදී ග්‍රහයන් ගේ යහපත් තත්වයන් අට වැන්නේ සිටිවිට ඉස්මතු නොවේ. අට වැන්නට යම් පමණකට හෝ සුදුසු ග්‍රහයා ශුක්‍ර හෙවත් සිකුරු වේ.
ශරීරයේ රහස් ප්‍රදේශ අටට අයිති වේ. රහස් අසනීප ආදිය පිළිබඳ විස්තර අටෙන් කියැවේ.

අපිත් ඒ ජාතිය කියල හිතන් ඇති
