කෙනෙක් හා තවත් කෙනෙක්

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කෙනෙක් හා තවත් කෙනෙක්

    මගේ අකීකරු හිත කතාවක් ලියන්නම කියල කිව්වා, එත් ඒක සම්ප්‍රදායික එකක් නම් උනේ නෑ, උත්සාහය කොච්චර දුරට සාර්ථකද බලන්න​


    කෙනෙක්: ඔයා දන්නවද මම ඔයාට ආදරෙයි.
    තවත් කෙනෙක්: අහ් එහෙමද
    කෙනෙක්: ඔව් ඇයි අවිශ්වාසද
    තවත් කෙනෙක්:දැන් මම ඔයාව විශ්වාස කරන්න ඕනද
    කෙනෙක්: ඒක කරන්න අමාරුද
    තවත් කෙනෙක්: නැහැ හරිම ලේසි, තව කරන්න අමාරු දේවල් කොච්චර තියනවද
    කෙනෙක්: ඒ කිව්වේ ඔයා මට ආදරෙයි කියලද
    තවත් කෙනෙක්: මම එහෙම කිව්වද, එහෙනම් එහෙම වෙන්න ඇති
    කෙනෙක්:මට තේරෙන්නේ නෑ, ඇයි ඔයා මේ විදිහට කතා කරන්නේ කියල, ඔයාට ඔයාව විශ්වාස නැද්ද
    තවත් කෙනෙක්: කාටහරි තමන්ට තමන්ව විශවාස කරන්න පුලුවන්ද
    කෙනෙක්:එහෙම අය‍ට කියන්නේ ආත්මවිශ්වාසයක් නැති මිනිස්සු කියල නේද
    තවත් කෙනෙක්: මමත් ඒ ගොඩටම වැටෙනවා එහෙමනම්
    කෙනෙක්: මම එහෙම හිතල කිව්වේ නෑ
    තවත් කෙනෙක්: නොහිතල කිව්වත් ඇත්ත ඒකමයි
    කෙනෙක්: ඇත්ත බොරුව වෙන්වෙන තැන තීරණය කරන්නේ කව්ද
    තවත් කෙනෙක්: මෙතන දැන් තීරණය කරන්න දෙයක් නැහැ, ඔප්පුවෙලා ඉවරයි
    කෙනෙක්:කොහොම උනත් මම ඔයාට ආදරෙයි, එකේ අයෙ පරික්ෂා කරන්න දෙයක් නෑ.
    තවත් කෙනෙක්: පරීක්ෂාවකින් තොරව කරන උපකල්පන වල නිවැරදි වීමේ සම්භාවිතාව හරි අඩුයි
    කෙනෙක්: කමක් නෑ මම ඒක අභියෝගයක් කියල හිතන්නම්
    තවත් කෙනෙක්: ඒ කියන්නේ ඔයාට හොඳ ආත්මවිශ්වාසයක් තියනවා, එතනම නොගැලපීමක්
    කෙනෙක්: ඔයා මට කැමති නම් නොගැලපීම් වලින් වැඩක් නෑ
    තවත් කෙනෙක්: එහෙමද ඔයාගේ ආත්මවිශ්වාසය හුඟක් ඉහලයි වගේ
    කෙනෙක්:ඔයා ඔයා ගැන අවස්තක්සේරු කරලා, හිතන්නෙත් ඍණාත්මකව
    තවත් කෙනෙක්: වෙන්න පුළුවන්, එත් මම හිතන විදිහට නම් මම ප්‍රායෝගිකයි
    කෙනෙක්: ආදරය ප්‍රයෝගික නැද්ද
    තවත් කෙනෙක්: ඇත්තම කිව්වොත් ඒ ප්‍රශ්නෙට උත්තරේ මම තාම හොයනවා
    කෙනෙක්:ඉතින් අපි දෙන්නම එකතු වෙලා හොයමු
    තවත් කෙනෙක්: එහෙමනම් ඒ ගමන සාර්ථක වෙන්නේ නෑ, ඒක කරන්න ඕනේ තමන් මයි
    කෙනෙක්:එකියන්නේ ඔයාට මාව එපා කියලද
    තවත් කෙනෙක්: අපෝ නැහැ, කවදාවත් එහෙම කියන එකකුත් නැහැ
    කෙනෙක්:වෙලාවකට ඔයාව තේරුම් ගන්න හරිම හරිම අමාරුයි
    තවත් කෙනෙක්: අන්න එතැනදී මම ඔයත් එක්ක එකඟයි, මටත් මාව තේරුම් ගන්න ලේසි නැහැ
    කෙනෙක්:දැන් මම මොනවද කරන්න ඕන, මට ඔයාව අමතක කරන්න කියලනම් කියන්න එපා
    තවත් කෙනෙක්: එහෙනම් මට ආදරේ කරන්න
    කෙනෙක්:එතකොට ඔයා
    තවත් කෙනෙක්: දන්නේ නැහැ, සමහර විට කවදාවත් දැන ගන්න එකකුත් නැහැ,,,

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙනා සහ තවත්කෙනා කවුද පිලිබද යම් යම් ගැටලුකාරී තත්වයන් උද්ගතවත් වුවත්:P
    සමස්තයක් හැටියට ගත්කල හොද නිර්මාණයක් :yes:
    2+rep ජයවේවා
    11.gif
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඕක අග ඉඳං මුලට කියවපන් බලන්න . එතකොටත් යම තරමින් තේරුමක් එනවා.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නිර්මාණෙ හොදයි:yes::yes: ඒත් කියන දේ අස්පුට් වගේ:rolleyes:
    එහෙමද, කොයි වගේ තිබුනානම් හොඳයිද? කොහොම උනත් අදහසට බොහොම ස්තුතියි.

    Sad end...................:( Hitanna Dewal Godak Tiyenawa ;)
    අදහසට බොහොම ස්තුතියි. :):cool:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කියවන්න ගියාම ටිකක් විතර ඔලුව අවුල් වෙන
    ඒත් හොඳට හිතල බැලුවම හිතන්න දෙයක් ඉතුරැ කරන වෙනස්ම විදිහක නිර්මාණයක්......
    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.....:)
    දිගටම ලියන්න:)
    ++++ රෙප් දෙන්න බෑලු ......පුලුවන් උනාම දෙන්නම
    :)
     
    • Like
    Reactions: daredevill

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපුරු උත්සාහයක්.
    සම්ප්‍රදායෙන් පිට පැන්න සිතිවිලි ගොඩක එකතුවක්
    සාර්ථක නිර්මාණයක්.
    සුභ පැතුම් සහෝ දිගටම මේ වගේ නිර්මාණ කරන්න :D:D:D
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    නිර්මානේ නම් හොදයි...හැබැයි අර කෙනෙක් තවත් කෙනෙක් කියලා දලා තියන නිසා නිකම් පොඩ්ඩක් අවුල් වගේ ... කොහොම හරි හොද නිර්මාණයක්....
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ela machn rep +

    කෙනා සහ තවත්කෙනා කවුද පිලිබද යම් යම් ගැටලුකාරී තත්වයන් උද්ගතවත් වුවත්:P
    සමස්තයක් හැටියට ගත්කල හොද නිර්මාණයක් :yes:
    2+rep ජයවේවා
    11.gif

    අදහස් වලට බොහොම ස්තුති.:yes:
    කෙනා සහ තවත්කෙනා ලෝකයේ කව්රුහරි පුද්ගලයන් දෙන්නෙක් කියල හිතන්නකෝ. ;)
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    harima apuruiiii
    REP++

    හ්ම්ම්ම්ම් නරකම නැ... හොදයි...

    ela maxxa tawa danna
    අදහස් හා points වලට බොහෝ තුති. :)

    ඕක අග ඉඳං මුලට කියවපන් බලන්න . එතකොටත් යම තරමින් තේරුමක් එනවා.

    ඇත්තම කිව්වොත් එහෙම හිතල ලිව්වා නෙමෙයි, එත් එහෙමත් කියවන්න බැරි කමක් නැහැ, හැබැයි අදහස වෙනස් වෙනවා.