ආදරේ කරන එක හරිනම් බෞද්ධ එගැන්වීම් වලට පටහැනියි මොකද ආදරේ කරන කොට දැඩි තාණ්හාවක් එනවා, ඒක නිසයි ඒක නැති වුනාම දුක ඇති වෙන්නේ. සමහර වෙලාවට ඒ දුක,වේදනාව ජීවිත කාලයටම යන්නේ නෑ. බදිනවා නම් safe ම විදිය තමයි දෙමව්පියන් මාර්ගයෙන් හම්බ වෙන කෙනාව බදින එක. ඒ වගේ විවාහ වලට ආදරේ බලන්නේ නෑ. පවුල ගැලපීම, කේන්දර ගැලපීම, රැකියාව, ගතිගුණ ,පෙනුම ,කුසලතා (උයන්න පියන්න මැහුම් ගෙතුම් වගේ) විතරයි බලන්නේ ඊට පස්සේ දෙන්නව බන්දලා දීලා දානවා. ඊට පස්සේ දෙන්නට තියෙන්නේ තමන්ගේ සම්බන්ධය වැඩි දියුණු කරගන්න එකයි. බැදලා නිසා දාලා යන්නේ නෑ පොඩි දේකට ලොකු දෙයක් වුනොත් නම් දාලා යයි නමුත් ලොකු දේවල් කියන්නේ වෙන ගෑණු පස්සේ යෑම, නිතර දෙවෝලෝ තැලීම, රණ්ඩුවට ඒම, හරියට සලකන්නේ නැති කම වගේ ඒවා. ඒවා ඉතින් වැදගත් මනුෂ්‍යයෙක් කරන ඒවා නෙවෙයි. සාමාන්‍යය විදියට ෂේප් එකේ ,සලකගෙන ඉන්නවා නම් ඒ විවාහය ඕන තරම් කාලයක් තියෙනවා.