කෙල්ලන්ට වෙන චාටර්ම සීන්...
කොල්ලන්ට ලොකු ලයින් දීමේ පාපයට ස්වභාවධර්මයෙන් කෙල්ලන්ට ලබාදෙන කුජීතම දඬුවම්...
1.ක්ලාස් ඉවර වී කොල්ලන්ට පේන්න වන වන යන අවස්ථාවක සෙරෙප්පුවේ පටිය කැඩීම.
2.පට්ටම හැන්ඩ්සම් සල්ලිකාර කොල්ලෙක් තමන්ගේ හොඳම යාළුවාට සෙට් වීම.
3.බස් එකේදි,ලොතරැයි කූඩුවෙදි,බස් හෝල්ට් එකේදි හෝ පන්තියෙදි කොල්ලො 50ක් විතර ඉන්න තැන ලොකු හුලඟක් හැමීම නිසා සාය උඩ යෑම.
4.ගෙදර රෙදි වැලේ යට ඇඳුම් පෝලිමක් දමා ඇති අවස්ථාවක අයියාගේ යාළුවො සැට් එකක් ගෙදරට පැමිණිම.
5.වැලට දමා තිබූ යට ඇඳුමක් හුළඟට ගසාගෙන ගොස් අල්ලපුගෙදර මිදුලට වැටී තිබීම සහ අල්ලපුගෙදර අයියා එය දැකීම.
6.කාමරයේ සිටි කැරපොත්තෙක් තමන්ගේ ඇඳ අස්සට රිංගා යෑම සහ පසුව ඌ සොයාගැනීමට නොහැකි වීම.
7.පේමන්ට් එකෙන් බ්ලවුස් එකක් මිලදී ගැනීමට ගිය අවස්ථාවක ක්ලාස් එකට එන කොල්ලො සෙට් එකක් එතනින් යෑම.
8.සෙල්ෆි 500ක් විතර ගැසුවද ෆේස්බුක් දැමීමට තරම් හොඳ එකක්වත් නොතිබීම.
9.යාළුවො සෙට් එකත් එක්ක ඉන්න වෙලාවක ගැසූ,තමන්ව කුජීතම ස්වරූපයෙන් දිස්වෙන group photo එකක් යෙහෙළියක විසින් ෆේස්බුක් අප්ලෝඩ් කර තමන්ටද ටැග් කර තිබීම.
10.උදේ ඉඳන්ම ෆේස්බුක් යෑමට නොහැකි වූ දවසක,අද නම් Request 100ක් විතර ඇති යැයි සිතා රෑ 8ට විතර ෆේස්බුක් ලොග් වී බලද්දී request එකක්වත් ඇවිත් නොතිබීම.
11.තමන් ඇඳන් ඉන්න ඇඳුමම ඇඳන් ඉන්න තවත් එකියක් ක්ලාස් එකේදී මුණගැසීම හා ඒකි පෙනෙන දුරකින් වාඩිවී සිටීම.
12.පට්ට හැන්ඩ්සම් කොල්ලෙක්ට යැවූ රික්වෙස්ට් එක ඌ විසින් accept නොකරීම.
13.බඩ පැලෙන්න කන්න හිතාගෙන සුපිරි දන්සලකට ගොස් සිරීපාදෙ සයිස් පට්ට බත් කොතක් සමග මාළුකෑලි 10ක් විතර දමාගෙන ගිල දමන අවස්ථාවක දන්සල් කාර්ය මණ්ඩලයේ ඉන්නේ තමන්ගේ ක්ලාස් එකේ කොල්ලන් සැට් එක බව දැකීම.
14.පොෂ් කෑල්ලක් වීමට හිතාගෙන සැලෝන් එකකට ගොස් කොන්ඩෙට අළුත් ස්ටයිල් එකක් දමාගෙන පැමිණි අවස්ථාවක එම කොන්ඩ විලාසිතාව තමාට ගැලපෙන්නේ නැති බව කවුරුත් කීම.
15.ෆෙයානස් ක්රීම් කොච්චර ගෑවත් සුදු නොවීම සහ ඒ ජාතියෙම ක්රීම් එකක් පාවිච්චි කරන තමන්ගේ හොඳම යාළුවා සුදුවීම.
16.වෙඩින් එකකට යන්න සුපිරියට සෙට් වී සිටි මොහොතක එහි යෑමට පෙර දිනයා නාසය මත පොල් ගෙඩියක් සයිස් කුරුලෑවක් හටගැනීම.
17.පාරෙදි හම්බවුනු අඳුරන අයියලා හැටහුට හමාරක් සමග සහ පස්සෙන් එන කොල්ලා සමග හොඳින් සිනහ වූ දවසක, හවස ගෙදර ගොස් කණ්නාඩියෙන් බලද්දී තමන්ගේ ඉස්සරහ දතක රතු පැහැති මිරිස් කෑල්ලක් ඇති බව දැකීම.
18.තමන්ගේ හොඳම යෙහෙළියගේ බෝයිෆ්රෙන්ඩ් ඇයට පට්ට තෑගි බෝග පාර්සලයක් ගෙනැත් දී තිබීම සහ ඇය ඒවා ගෙනැවිත් පෙන්වා පොරටෝක් ඒවාද දැමීම.
19.යාළුවො සෙට් එකත් වට කරගෙන උන්ටත් පේන්නට තමන්ගේ පස්සෙන් එන කොල්ලාට ලොකු ලයින් දමා මෙසේජ් කරමින්,කොල්ලා වැඳ වැඳ තමාගේ පස්සෙන් එන බව යාලුවන්ට අඟවමින් පොර වීමට තැත් කරන අවස්ථාවක ඒ කොල්ලා ජාති ලොකු ලයින් එකක් දෙමින් රිප්ලයි කරන එක නතර කිරීම.
20.ප්රේමායුධ බලන්න වාඩිවෙනකොටම කරන්ට් යෑම
21.මනෝ ගසමින් සිටින අවස්ථාවක තමා විසින් ලියූ හද්ද පජාත පැණිම පැණි නිසඳැසක් කොලේ පිටින්ම අම්මාට මාට්ටු වීම.
22.පට්ට විදියට හැඩවැඩ වී,අළුත් ඇඳුමකුත් ඇඳගෙන පාටියකට ගිය දවසක ඒ පාටියක කිසිම කොල්ලෙක් ඇවිත් නැති බවත් අන්කල් ලා සිය ලා ආච්චිලා ඇන්ටිලා සහ කෙල්ලන් බොහෝමයක් සිටින බවත් අතරින් පතර මෙලෝ රහක් නැති අපත කොල්ලන් එකෙක් දෙන්නෙක් පමණක් සිටින බවත් පෙනී යාම.
23.අදාල දිනය පසුවී සති 2ක් පමණ ප්රමාද වුවත් මෙන්සස් නොවීම සහ අම්මා ඒ ගැන අවධානයෙන් පසුවන බවක් හැඟී යාම.
24.යාළුවො සෙට් එකත් එක්ක ඉන්න ගමන් චූන් එකට තමන් කියපු කුණුහරුපයක් ලඟපාත හිටපු කොල්ලෙක්ට ඇසීම.
25.ෂොපිං ගිහිං අරන් ආපු ඇඳුම් ටික ගෙදර ඇවිත් ඇඳල බලද්දි මෙලෝ රහක් නැතැයි සිතීම.
26.තමන්ගෙ බෝයිෆ්රෙන්ඩ් පස්සෙන් වෙන කෙල්ලෙක් එල්ලි එල්ලි කතාවට යෑම.
27.හිටිහැටියේ දඩිබිඩි ගා මහත් වීම සහ බර කිලෝ 10කින් විතර වැඩිවීම
28.බෝයිෆ්රෙන්ඩ්ගේ ෆෝන් එක waiting වීම සහ එම මොහොතේම තමන්ගේ හොඳම යෙහෙළියගේ ෆෝන් එකත් waiting වීම.
29.තමන්ගේ පස්සෙන් ආපු කොල්ලෙක්,ඌට දීපු ලොකු ලයින් එක නිසා පස්සෙන් එන එක නතර කිරීම සහ ඌ තමන්ගේ හොඳම යෙහෙළියට සෙට් වීම.
30.කොන්ඩෙ පීරද්දි සුදු කෙස් ගහක් හමුවීම.
31.ක්ලාස් එකේදි තනියම ටොයිලට් එකට ගොස් එළියට එනකොටම කොල්ලා 20ක විතර සෙට් එකක් මූණ ඉස්සරහට සැට් වීම සහ උන් ටික එක්වරම හැරී තමන් දෙස බැලීම.
32.බස් එකට නගිද්දි සෙරප්පුව ගැලවී බස් එකෙන් බිමට වැටීම.
33.හදිසියේ ගමනක් යෑමට ලේස්ති වෙද්දී මොකක්හරි ජිල්බරියක් සිදුවී තොල් දෙකේ ගෑ ලිප්ස්ටික් මූණ පුරා ගෑවීම.
34.ක්ලාස් එකේදී තමන්ගේ පෑන් පැන්සල් දමන පර්ස් එක බිම වැටී එහි තිබුනු අටකලංපන්න සැට් එක සී සීකඩ විසිරී යෑම සහ එහි තිබී විසිවූ රුපියලේ දෙකේ කාසි ටික පන්තියේ කොල්ලන් විසින් අහුලා දීම.