කෙල්ලන්ට වෙන චාටර්ම සීන්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    කෙල්ලන්ට වෙන චාටර්ම සීන්...

    කොල්ලන්ට ලොකු ලයින් දීමේ පාපයට ස්වභාවධර්මයෙන් කෙල්ලන්ට ලබාදෙන කුජීතම දඬුවම්...

    1.ක්ලාස් ඉවර වී කොල්ලන්ට පේන්න වන වන යන අවස්ථාවක සෙරෙප්පුවේ පටිය කැඩීම.
    2.පට්ටම හැන්ඩ්සම් සල්ලිකාර කොල්ලෙක් තමන්ගේ හොඳම යාළුවාට සෙට් වීම.
    3.බස් එකේදි,ලොතරැයි කූඩුවෙදි,බස් හෝල්ට් එකේදි හෝ පන්තියෙදි කොල්ලො 50ක් විතර ඉන්න තැන ලොකු හුලඟක් හැමීම නිසා සාය උඩ යෑම.
    4.ගෙදර රෙදි වැලේ යට ඇඳුම් පෝලිමක් දමා ඇති අවස්ථාවක අයියාගේ යාළුවො සැට් එකක් ගෙදරට පැමිණිම.
    5.වැලට දමා තිබූ යට ඇඳුමක් හුළඟට ගසාගෙන ගොස් අල්ලපුගෙදර මිදුලට වැටී තිබීම සහ අල්ලපුගෙදර අයියා එය දැකීම.
    6.කාමරයේ සිටි කැරපොත්තෙක් තමන්ගේ ඇඳ අස්සට රිංගා යෑම සහ පසුව ඌ සොයාගැනීමට නොහැකි වීම.
    7.පේමන්ට් එකෙන් බ්ලවුස් එකක් මිලදී ගැනීමට ගිය අවස්ථාවක ක්ලාස් එකට එන කොල්ලො සෙට් එකක් එතනින් යෑම.
    8.සෙල්ෆි 500ක් විතර ගැසුවද ෆේස්බුක් දැමීමට තරම් හොඳ එකක්වත් නොතිබීම.
    9.යාළුවො සෙට් එකත් එක්ක ඉන්න වෙලාවක ගැසූ,තමන්ව කුජීතම ස්වරූපයෙන් දිස්වෙන group photo එකක් යෙහෙළියක විසින් ෆේස්බුක් අප්ලෝඩ් කර තමන්ටද ටැග් කර තිබීම.
    10.උදේ ඉඳන්ම ෆේස්බුක් යෑමට නොහැකි වූ දවසක,අද නම් Request 100ක් විතර ඇති යැයි සිතා රෑ 8ට විතර ෆේස්බුක් ලොග් වී බලද්දී request එකක්වත් ඇවිත් නොතිබීම.
    11.තමන් ඇඳන් ඉන්න ඇඳුමම ඇඳන් ඉන්න තවත් එකියක් ක්ලාස් එකේදී මුණගැසීම හා ඒකි පෙනෙන දුරකින් වාඩිවී සිටීම.
    12.පට්ට හැන්ඩ්සම් කොල්ලෙක්ට යැවූ රික්වෙස්ට් එක ඌ විසින් accept නොකරීම.
    13.බඩ පැලෙන්න කන්න හිතාගෙන සුපිරි දන්සලකට ගොස් සිරීපාදෙ සයිස් පට්ට බත් කොතක් සමග මාළුකෑලි 10ක් විතර දමාගෙන ගිල දමන අවස්ථාවක දන්සල් කාර්ය මණ්ඩලයේ ඉන්නේ තමන්ගේ ක්ලාස් එකේ කොල්ලන් සැට් එක බව දැකීම.
    14.පොෂ් කෑල්ලක් වීමට හිතාගෙන සැලෝන් එකකට ගොස් කොන්ඩෙට අළුත් ස්ටයිල් එකක් දමාගෙන පැමිණි අවස්ථාවක එම කොන්ඩ විලාසිතාව තමාට ගැලපෙන්නේ නැති බව කවුරුත් කීම.
    15.ෆෙයානස් ක්‍රීම් කොච්චර ගෑවත් සුදු නොවීම සහ ඒ ජාතියෙම ක්‍රීම් එකක් පාවිච්චි කරන තමන්ගේ හොඳම යාළුවා සුදුවීම.
    16.වෙඩින් එකකට යන්න සුපිරියට සෙට් වී සිටි මොහොතක එහි යෑමට පෙර දිනයා නාසය මත පොල් ගෙඩියක් සයිස් කුරුලෑවක් හටගැනීම.
    17.පාරෙදි හම්බවුනු අඳුරන අයියලා හැටහුට හමාරක් සමග සහ පස්සෙන් එන කොල්ලා සමග හොඳින් සිනහ වූ දවසක, හවස ගෙදර ගොස් කණ්නාඩියෙන් බලද්දී තමන්ගේ ඉස්සරහ දතක රතු පැහැති මිරිස් කෑල්ලක් ඇති බව දැකීම.
    18.තමන්ගේ හොඳම යෙහෙළියගේ බෝයිෆ්‍රෙන්ඩ් ඇයට පට්ට තෑගි බෝග පාර්සලයක් ගෙනැත් දී තිබීම සහ ඇය ඒවා ගෙනැවිත් පෙන්වා පොරටෝක් ඒවාද දැමීම.
    19.යාළුවො සෙට් එකත් වට කරගෙන උන්ටත් පේන්නට තමන්ගේ පස්සෙන් එන කොල්ලාට ලොකු ලයින් දමා මෙසේජ් කරමින්,කොල්ලා වැඳ වැඳ තමාගේ පස්සෙන් එන බව යාලුවන්ට අඟවමින් පොර වීමට තැත් කරන අවස්ථාවක ඒ කොල්ලා ජාති ලොකු ලයින් එකක් දෙමින් රිප්ලයි කරන එක නතර කිරීම.
    20.ප්‍රේමායුධ බලන්න වාඩිවෙනකොටම කරන්ට් යෑම
    21.මනෝ ගසමින් සිටින අවස්ථාවක තමා විසින් ලියූ හද්ද පජාත පැණිම පැණි නිසඳැසක් කොලේ පිටින්ම අම්මාට මාට්ටු වීම.
    22.පට්ට විදියට හැඩවැඩ වී,අළුත් ඇඳුමකුත් ඇඳගෙන පාටියකට ගිය දවසක ඒ පාටියක කිසිම කොල්ලෙක් ඇවිත් නැති බවත් අන්කල් ලා සිය ලා ආච්චිලා ඇන්ටිලා සහ කෙල්ලන් බොහෝමයක් සිටින බවත් අතරින් පතර මෙලෝ රහක් නැති අපත කොල්ලන් එකෙක් දෙන්නෙක් පමණක් සිටින බවත් පෙනී යාම.
    23.අදාල දිනය පසුවී සති 2ක් පමණ ප්‍රමාද වුවත් මෙන්සස් නොවීම සහ අම්මා ඒ ගැන අවධානයෙන් පසුවන බවක් හැඟී යාම.
    24.යාළුවො සෙට් එකත් එක්ක ඉන්න ගමන් චූන් එකට තමන් කියපු කුණුහරුපයක් ලඟපාත හිටපු කොල්ලෙක්ට ඇසීම.
    25.ෂොපිං ගිහිං අරන් ආපු ඇඳුම් ටික ගෙදර ඇවිත් ඇඳල බලද්දි මෙලෝ රහක් නැතැයි සිතීම.
    26.තමන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් පස්සෙන් වෙන කෙල්ලෙක් එල්ලි එල්ලි කතාවට යෑම.
    27.හිටිහැටියේ දඩිබිඩි ගා මහත් වීම සහ බර කිලෝ 10කින් විතර වැඩිවීම
    28.බෝයිෆ්‍රෙන්ඩ්ගේ ෆෝන් එක waiting වීම සහ එම මොහොතේම තමන්ගේ හොඳම යෙහෙළියගේ ෆෝන් එකත් waiting වීම.
    29.තමන්ගේ පස්සෙන් ආපු කොල්ලෙක්,ඌට දීපු ලොකු ලයින් එක නිසා පස්සෙන් එන එක නතර කිරීම සහ ඌ තමන්ගේ හොඳම යෙහෙළියට සෙට් වීම.
    30.කොන්ඩෙ පීරද්දි සුදු කෙස් ගහක් හමුවීම.
    31.ක්ලාස් එකේදි තනියම ටොයිලට් එකට ගොස් එළියට එනකොටම කොල්ලා 20ක විතර සෙට් එකක් මූණ ඉස්සරහට සැට් වීම සහ උන් ටික එක්වරම හැරී තමන් දෙස බැලීම.
    32.බස් එකට නගිද්දි සෙරප්පුව ගැලවී බස් එකෙන් බිමට වැටීම.
    33.හදිසියේ ගමනක් යෑමට ලේස්ති වෙද්දී මොකක්හරි ජිල්බරියක් සිදුවී තොල් දෙකේ ගෑ ලිප්ස්ටික් මූණ පුරා ගෑවීම.
    34.ක්ලාස් එකේදී තමන්ගේ පෑන් පැන්සල් දමන පර්ස් එක බිම වැටී එහි තිබුනු අටකලංපන්න සැට් එක සී සීකඩ විසිරී යෑම සහ එහි තිබී විසිවූ රුපියලේ දෙකේ කාසි ටික පන්තියේ කොල්ලන් විසින් අහුලා දීම.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    35.සුපර්මාර්කට් එකකට ගොස් සනීපාරක්ෂක තුවා පැකට් එකකුත් අරන් එන දවසට කොල්ලො දෙන්නෙක් ඉන්න කැෂියර් එකක් සෙට් වීම.
    36.කෑල්ල වෙන්න හිතාගෙන කොට සායකුත් ඇඳගෙන ගිය දවසක පිරිස ඉදිරියේ බස් එකට නැගගන්නට අපහසු වීම සහ බස් එකේ වාඩි උනාට පසු සිතුවාටත් වඩා සාය ඉහලට ඇදී කකුල් දෙක පෙනීම,ගෙදරදී සිතුවාට වඩා සාය කොට වීම සහ කට්ටිය බලන් ඉන්න නිසා සාය පහලට ඇද සකසා ගැනීමට නොහැකිවීම.
    37.අර කොල්ලා මගේ පස්සෙන් එනවා යැයි යාළුවො සෙට් එකට කියමින් පොර වගේ ඉන්නා අතරතුර ඒ කොල්ලා තමාගේ
    හොඳම යෙහෙළියට නම්බර් එක දීම නිසා ඌ මෙච්චර දවසක් ආවේ තමාගේ පස්සෙන් නොව යෙහෙළිය පස්සෙන් බව අවබෝධ වී යාලුවො ඉස්සරහ කිච වීම.
    38.තමාත් තමාගේ හොඳම යෙහෙළියත් එකට ඉන්නා තැනක කවුරුන් හෝ කෙනෙක් යෙහෙළිය ලස්සන යැයි වර්ණනා කිරීම සහ තමන්ට එවැනි කිසිවක් නොකීම.
    39.අනිත් යාළුවො හැමෝම තනියම ක්ලාස් යද්දී තමන්ට හැමදාම අම්මා සමග යෑමට සිදුවීම සහ ක්ලාස් ඇරෙන ටයිම් එකට හොර අල්ලන්නත් එක්ක අම්මා ක්ලාස් එක ලඟට පැමිණිම.
    40.හිටිහැටියේම තමන්ගේ ෆොටෝවලට ෆේස්බුක් එකේ වැටෙන ලයික් ගණන අඩුවීම.
    41.නොමිලේ වියළි සලාක මළු බෙදාදෙන ස්ථානයක ඒවා ගැනීමට ගොස් පෝළිමේ ඉන්නා අවස්ථාවක ක්ලාස් එකට එන කොල්ලො සෙට් එකක් හමුවීම.
    42.පරක්කු වී පන්තියට යෑම නිසා සියල්ලම වාඩිවී ඉද්දී තමන්ට ක්ලාස් එක මැදින් යාමට සිදුවීම සහ ඒ යද්දී කොල්ලන් හූ කීම.
    43.ඡන්දය දැමීමට ගිය විට එතන ඉන්න ඇන්ටි මහ හයියෙන් තමාගේ නම කියූ අවස්ථාවේ ඡන්ද පොළේ සිටි සියලු දෙනා එක්වරම තමා දෙස බැලීම.
    44.පන්සල් ගොස් බුදුගෙය ඇතුලෙදි අනවශ්‍ය ලෙස සෙල්ෆි ගැනීම නිසා ලොකු හාමුදුරුවන්ගේ දෝෂදර්ශනයට ලක්වීම.
    45.වතුර වැටී තිබූ ප්ලාස්ටික් පුටුවක් උඩ වාඩිවීම නිසා කලිසමේ පස්ස පැත්තම තෙමුණු අවස්ථාවක කොල්ලන් සෙට් එකකට පිටුපා හිටගෙන සිටීමට සිදුවීම සහ උන් ටික සැරින් සැරේ හිනාවෙන සද්දයක් ඇසීම.
    46.තමන් වැඩිපුරම ආස කරන ඇඳුමේ යවන්න බැරි කහට පැල්ලමක් සෙට් වීම.
    47.කෝච්චියේ යද්දී තමන්ගේ ඉස්සරහ අසුනේ කොල්ලො සෙට් එකක් වාඩි වීම සහ දීර්ඝ දුම්රිය ගමනක් ඔවුන් සමග මුහුණට මුහුණ බලාගෙන යෑමට සිදුවීම.
    48.හෝටලයකට ගොස් එළවළු රොටියක් කද්දී එය ඇතුලේ වූ කරිය එළියට පැන අල කෑල්ලක් ඔඩොක්කුවට වැටීම සහ එහා ටේබල් එකේ සිටි කොල්ලන් දෙදෙනා එය දැකීම.
    49.බස් එකේ බෑග් තබන රැක් එක මත තැබූ තමන්ගේ කුඩය එතන වාඩි සිටි අයියා කෙනෙක්ගේ ඔළුවට වැටීම සහ එම සීට් එකේම වාඩිවී සිටි ඒ අයිය බැඳපු අක්කාට සීන් එක නිසා මළ පැනීම.
    50.ප්‍රථම ආදරයේ සොඳුරු නිමේෂය මතක තබාගැනීමට සුරක්ෂිතව ලඟ තබාවත් සැවෝයි හෝල් බොක්ස් ටිකට් දෙක අම්මාට මාට්ටු වීම.
    51.බෝයිෆ්‍රෙන්ඩ් ඕනෑවට වඩා තමන්ගේ හොඳම යාළුවා ගැන විස්තර ඇසීම.
    52.තමන්ගේ චන්දනාලේප එක නංගී ගෑම නිසා ඉක්මනට ඉවර වීම.
    53.ක්ලාස් ඇරිල යන ගමන් මළ පෙරේතකමට ගෙදරට හොරා හවස කෑ කොත්තුව ඇලජික් වී උදේ පාන්දර හොරෙන් වමනෙ දාද්දි අම්මාට මාට්ටු වීම සහ අම්මාට සීන් එක සැක සහිත නිසා තාත්තාට කියා තිබීම.
    54.අම්මා ඉන්න තැන ෆෝන් එකට තුන් හතර වතාවක්ම කම්පැනි කෝල් සහ මෙසේජ් පැමිණිම නිසා ඇය නිතිපතා තමා දෙස වපරැසින් බැලීම.

    උපුටාගැනීම මරිජුවානා ෆීලිංග්ස්
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    tumblr_og8e815mSD1tfmrz4o1_400.gif
     
    • Like
    Reactions: sayo

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අහවල් එක නළලේ තියන් ඉන්න කෙල්ලෝ ඉන්නවනේ බන්. එක නවත්තන්න බෑ. :dull:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තමා එලියට එන තෙක් තව කෙනෙක් බලා සිටින බව දන්නා අවස්තාවක ඔෆිස් එකේ ටොයිලට් එක පාවිච්චි කිරීමෙන් පසුව ෆ්ලෂ් කිරීමට නොහැකි බව වැටහීම.