
එක කෙල්ලෙක් දෙන්නෙක් එහෙම වුනාට හැමෝම එක වගේ නෑ. ආකල්ප නාස්ති වෙන්න හේතුව කෙල්ලෙක් වීම නෙවෙයි ඒකට බලපාන්නේ පවුල් පසුබිම, ඇසුරු කරන මිනිස්සු, ජාන (ඒ කියන්නේ තාත්තා හරි අම්ම හරි වගේ ඒ තරම් හොද අය නෙවෙයි නම් මේ ගති ගුණ බෝහෝ වෙලාවට (හැම තිස්සෙම නෙවෙයි) දරුවන්ටත් එන්න පුලුවන්), බලන Movies වගේ.. මේක හරියට අර ගිරවුන් දෙන්නාගේ ජාතක කථාව වගේ. තාපසයෙකු ළගට වැටුනු ගිරවා හොද වචන කථා කරන්නත්, හොරුන් ළගට වැටුනු ගිරවා නරක වචන කථා කරන්නත් හේතු වූනේ ඇසුරයි.
ඒක තමයි කියන්නේ ළමයින්ව පොඩි කාලේ යහපත් විදියට හදන්න කියලා, හොදට හදනවා කියන්නේ ගහලා බැනලා හදන එක නෙවෙයි ආදරයෙන් යමක් පෙන්වලා දීලා තේරුම් කරන එකටයි එතකොට එහෙම හැදෙන ළමයා කවදාවත් ලොකු වුනාම නරක් වෙන්නේ නෑ.