ආදරේ ගැන පොර බාන්න මම හෙන පොරක් කියලා හිතන්න එපා මචෝ.... ඒත් උඹට මගේ කතාව කිව්වොත් බොහොම දුක්කිතයි..... අවුරුදු ගානක් හිතේ තියාගෙන කෙල්ලෙක්ට ට්රයි කලා කවදාවත් අහන්නවත් ලැබුනේ නැහැ... ඒ බං මගේ යාලුවෙකුත් ඒකිටම ට්රයි කල නිසා... ඌ මට වඩා සෑහෙන්න හැන්ඩි පොරක් මම මගේ හිතේ තිබ්බ හැඟීම යටපත් කරන් ඌට ඉඩ දුන්නා... ඒත් හිතින් ඒ කෙල්ලටම ආදරය කරා අවුරුදු 4 ක් තිස්සේම... අන්තිමට කෙල්ල වෙනමම එකෙක් එක්ක සෙට් උනා ඌ හද්දම චාටර් ඩයල් එකක්... ( මම හොඳ එකෙක් කියලා කියා ගන්න නෙමෙයි කිව්වෙ ) ඌ ඩ්රග්ස් හිටන් ගන්න ඩයල් එකක්.. ඒ ලෙවෙල් කරද්දි ඒ කෙල්ලව අම්බානෙට ඇද්දා... මගේම ඇස් පනාපිට... ඒත් මම කියලා මොනවා කරන්නද බං... හිතේ තිබ්බ හැම දුකක්ම තනියම කෑ ගගහා අඬලා පිට කර ගත්තා ( පොන්න කමකට නෙමෙයි ඇඩුවේ දුක අඩු වෙන්න හිතන්.. පස්සේ ජීවිතේට කෙල්ලෙක් ආවා ඒ කෙල්ල යාලු වෙලා ඉන්න් ඇති මාස 3 ක් වෙන එකෙක් ඇවිත් ඒකිව උස්සගෙන ගියා කොටින්ම මම සම්බන්ධේ නවත්තන්න හේතුවක් වත් දැනගෙන හිටියේ නැහැ... ප්රශ්ණේ කතා කරන්න හිතන් ඒකිගේ පන්තියක් ලගට ගියා ඒකි කොල්ලෙක්ගෙ ඇගේ එල්ලිලා එලියට බැස්සේ... මම හරකෙක් වෙලා කතා කරන්න ගියා.. ඒකි එදා මාව කවදාවත් නොදැකපු එකෙක් වගේ බොරුවට රඟ පෑවා....එහෙම කියලා මම පලිගන්න ගියේ නෑ බං... ඒකි කල වරදට වෙන කෙල්ලෝ පලි නැහැනේ... පස්සේ තව කෙල්ලෙක් එක්ක යාලු උනා... ( මම මහ ලොකු ලස්සනක් තියන කොල්ලෙක් නෙමෙයි ඒත් කාලයත් එක්ක ඔය සබ්ජෙක්ට් එක ගැන පලපුරුද්දක් ආවා) ඒ යාලු උනේ පට්ටම කට්ටක් කාලා... අන්තිමට ඒකිත් පට්ට බූට් එකක් තිබ්බා තියලා ඉවර වෙලා ආයෙමත් මා එක්ක යාලු උනා මම හිත හදාගෙන ඉඳ්දී මමත් හරකා වෙලා ආයේ යාලු උනා ඒත් ඒකි අයෙමත් බූට් තිබ්බා... ඔතනින් එහාට මම මගේ ජීවිතේ ගැන නොකියා ඉන්නම් ඔහොම කෙල්ලො ගැන කියන්න ගියොත් ඉවරයක් නැහැ... මට ඔහොම වෙන්න ප්රදාන හේතුව මම යාලු උනේ කැම්පස් යද්දි ඉස්කෝලේ ගිය මට වඩා 4 -5 බාලා කෙල්ලෝ එක්ක.. උන්ට අපේ අදහස් තේරුම් ගන්න බැරි නිසා වෙන්න ඇති එහෙම උනේ... ඒත් මම ඒ එකකින්වත් පලිගන්න ගියේ නැහැ... අමිහිරි මතකයන් එක්ක ආපස්සට හැරිලා බලද්දි මම මගේ ජීවිතේට අද වෙනකන් කිසිම කලු පැල්ලමක් එකතු කරගෙන නැහැ... ඒ නිසා මම අද ගෙවන ජීවිතේ ගැන සතුටු වෙනවා මචෝ... අපි යන්නේ ලොකු ගමනක් පුන්චි පුන්චි හීන ටිකක් සැබෑ කරගන්න හිතාගෙන ඒ යන ගමනෙදි මැණික් ගල් කියලා අපේ කකුලේ හැපෙන තිරුවානා ගල් කැට අපි ඇහිද ගන්නවා.... ඒත් ඒ ගල් කැට නිසා හම්බෙන හම්බෙන හැම ගල් කැටේටම වෛර නොකර අපේ පාඩුවේ ගමනක් යද්දි වටිනා කියන මැණික් ගලකට පයින් ගහනවා අන්න එදාට ඒ මැණික් ගල ඇහිඳගෙන සදහටම තමුන්ගේ කරගනින්... ඉහිරුණු කිරට අඬලා වැඩක් නැහැ...



Ganu lamai salli walata wadiya kolla gen attentions & protection thama hoyanne 

