ඔය පේජ් එකේ පෝස්ට් වලට කමෙන්ට්ස් කරන්නේ නම් මහ ගොබ්බ රැළක්.

සමහර ඒවා කියවනකොට ලැජ්ජත් හිතෙනවා ලියලා තියන විදියට.
බොට්ලද මන්ද. "මම නම් එහෙමයි, මම 100% බෞද්ධ" කියලා පෙන්නන්න හදන එකක් තියෙන්නෙ.
හැබැයි පේජ් එකේ සමහර පෝස්ට්වලින් නම් ගන්න දෙයක් තියනවා.
මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක වැරදියි, තමන්ට හානිදායකයි කියලා තමන්ම තේරුම් අරන් හැදෙනවා මිස අනිත් මිනිස්සුන්ව හදන්න යන එක තේරුමක් නෑ. වෙන අය හදන්න යන එකෙන් තමන්ගෙම කාලයයි සැනසීමයි නැතිවෙන එක විතරයි වෙන්නේ.
ඔය බියර් බොන එක වගේ තව ගොඩක් දේවල් ප්‍රමෝට් කරන්න වගේ හදනවා මාත් ගොඩක් ගෲප් වල දැකලා තියනවා.
ඒවා හිතලම කරනවාද සාකසම් ද නැත්නම් වෙන කරන්න දෙයක් නැතිව දාන පෝස්ට් ද කියලා හිතාගන්න අමාරුයි.
ප්‍රශ්නෙ කියන්නෙ ඔය වගේ පෝස්ට් එකක් දකින හැදෙන වයසේ උන් හිනාවෙලා Haha එකක් දාන එකෙන් විතරක් නවතින්නේ නැති එක.