කෙල්ලෙක් බියර් බොන එක පවක්ද

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔය ඇඟේ ආමරුවට ග්ලාස් එකක් දාගෙන නින්දක් දාන උන්ට. හොරාට ෂොට් එකක් දාගෙන මොකුත් නොවුන ගානට ඉන්න උනුත් ඉන්නවා නේ. එතකොට උන්ට මොකුත්ම අවුලක් නෑනේ ? සමහර ඩයල් ඉන්නවා හොදට බොනවා. බිව්වට පස්සේ උට සිහිය තියෙනවා අනිත් වෙලාවල් වලට වඩා .

    අනිත් එක තමයි විකුර්ති මනසකින් ඉපදෙන උන්ට මැරෙනකන්ම පව් පිරෙනවද එතකොට ?
    විකුර්ති මනසකින් ඉපදුනේ ඌ plan කරල නෙමෙයි නේ. ඒක එක්කො උගේ කරුමේ, එහෙමත් නැත්තම් වෙනත් බාහිර හේතුවක්. ඒකට ඌට පවු පිරෙන්නේ නෑ.. ඌ පවු.
     
    • Like
    Reactions: tha123

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඔය පේජ් එකේ පෝස්ට් වලට කමෙන්ට්ස් කරන්නේ නම් මහ ගොබ්බ රැළක්. :lol: සමහර ඒවා කියවනකොට ලැජ්ජත් හිතෙනවා ලියලා තියන විදියට.
    බොට්ලද මන්ද. "මම නම් එහෙමයි, මම 100% බෞද්ධ" කියලා පෙන්නන්න හදන එකක් තියෙන්නෙ.
    හැබැයි පේජ් එකේ සමහර පෝස්ට්වලින් නම් ගන්න දෙයක් තියනවා. :yes:

    මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක වැරදියි, තමන්ට හානිදායකයි කියලා තමන්ම තේරුම් අරන් හැදෙනවා මිස අනිත් මිනිස්සුන්ව හදන්න යන එක තේරුමක් නෑ. වෙන අය හදන්න යන එකෙන් තමන්ගෙම කාලයයි සැනසීමයි නැතිවෙන එක විතරයි වෙන්නේ.

    ඔය බියර් බොන එක වගේ තව ගොඩක් දේවල් ප්‍රමෝට් කරන්න වගේ හදනවා මාත් ගොඩක් ගෲප් වල දැකලා තියනවා.
    ඒවා හිතලම කරනවාද සාකසම් ද නැත්නම් වෙන කරන්න දෙයක් නැතිව දාන පෝස්ට් ද කියලා හිතාගන්න අමාරුයි.
    ප්‍රශ්නෙ කියන්නෙ ඔය වගේ පෝස්ට් එකක් දකින හැදෙන වයසේ උන් හිනාවෙලා Haha එකක් දාන එකෙන් විතරක් නවතින්නේ නැති එක.