කැම්පස් එකේ මුල්ලකට වෙලා ඉඳගෙන ඔහේ කොම්පියුටරේට කොට කොට ඉන්න මට ඉස්කෝල කාලෙ මැවී පේන්නෙ කොච්චර ලස්සන චිත්‍රයක් වගේ ද......කොච්චර නීති රීති, වැටකඩුලු තිබ්බත්, ඉස්කෝලෙ සුන්දරත්වය කැම්පස් ජීවිතේ නැති හැටි. හන්තානට, කොළඹට යන අක්කලා අය්යලා ඒ සුන්දරත්වය එලෙසම විඳීවි.....ඒත් අපි?
එදා අපේ කෙල්ලො ටික ඉස්කෝලෙ දාල යන්න බෑ කියල අඬද්දි, මම ගොළුවත රැකගෙන ඔහේ හිටියා. මගේ ලෝකය හිස් එකක් කියලයි මට හිතුනෙ. කැම්පස් තේරුනා....දැන් මගේ ගමන වෙනස් වෙන බවත් දැනගෙන හිටියා. ඉස්කෝලෙ එකම පවුලක්,.....ඒ පවුලෙ උණුසුම මෙහෙ නෑ.
ඔව්. ඒ ලෝකෙන් දැන් සමු අරන්....ඉස්කෝලෙ යන නංගියේ මල්ලියේ, ඉස්කෝලෙ තරම් ලස්සන කාලයක් තවත් නෑ.....ඒක විඳින්න,.....විඳවන්න එපා...





Ayya car eke indaddi mona thattuda halooo...![]()
ahinsakaya





hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmකැම්පස් එකේ මුල්ලකට වෙලා ඉඳගෙන ඔහේ කොම්පියුටරේට කොට කොට ඉන්න මට ඉස්කෝල කාලෙ මැවී පේන්නෙ කොච්චර ලස්සන චිත්‍රයක් වගේ ද......කොච්චර නීති රීති, වැටකඩුලු තිබ්බත්, ඉස්කෝලෙ සුන්දරත්වය කැම්පස් ජීවිතේ නැති හැටි. හන්තානට, කොළඹට යන අක්කලා අය්යලා ඒ සුන්දරත්වය එලෙසම විඳීවි.....ඒත් අපි?
එදා අපේ කෙල්ලො ටික ඉස්කෝලෙ දාල යන්න බෑ කියල අඬද්දි, මම ගොළුවත රැකගෙන ඔහේ හිටියා. මගේ ලෝකය හිස් එකක් කියලයි මට හිතුනෙ. කැම්පස් තේරුනා....දැන් මගේ ගමන වෙනස් වෙන බවත් දැනගෙන හිටියා. ඉස්කෝලෙ එකම පවුලක්,.....ඒ පවුලෙ උණුසුම මෙහෙ නෑ.
ඔව්. ඒ ලෝකෙන් දැන් සමු අරන්....ඉස්කෝලෙ යන නංගියේ මල්ලියේ, ඉස්කෝලෙ තරම් ලස්සන කාලයක් තවත් නෑ.....ඒක විඳින්න,.....විඳවන්න එපා...

එදා ඇත්තටම දුක දෙයක් වුනා. අපේ හිතවත් යාළුවෙක්ගෙ තාත්ත මැරිලා. මළගෙයට යන්න හිතාගෙන මායි ජෝතියි කැන්ගරුවයි ආවෙ. අපේ තව යාළුවෙක් කලින් කියලා තිබ්බ එයත් මළගෙදර යනවා, අපිට ඕනෙ නම් එන්න පුළුවන් කියල. ...
අපෙන් කොච්චර ඇහුවත් ජෝඩුව මොනවද කර කර හිටියෙ කියල අපි නෙමෙයි කට හෙල්ලුවෙ!![]()
![]()

.හැබැයි එදා රෑ දේශ් සෑහෙන්න අය්යගෙන් ගුටි කාල තියෙනව.
කාන්තා හිංසනයද 

දේශ් ගෙ අය්යා හරිම ඇඩ් එක. මිනිහට ඔය කෙල්ලො ඉස්සරහදි මොකක්ද එකක් වෙනවා. කොඳු ඇට පෙළ කෙලින් වෙනව. කොන්ඩෙ කෙලින්ම ඇහැට වැටෙනව. සන්ග්ලාසස් දෙක දාගන්නව රෑ වුනත්. තව තව ඉතින් ගොඩක් දේවල් වෙනව. ඔය අතරින් ලොකුම දේ තමයි, කොල්ලා ෆෝන් එක අතට ගන්නව. ඔය මගුලට මෙලෝ කෝල් එකක් ආවෙ නැතත් බොරුවට ෆෝන් එකෙන් කියවනවා.ඒ වෙලාවට කියවන්නෙත් කඩ්ඩෙන්.
"Dude, i need that track right away!"
"What the hell?"
"Hey man, I'm busy now. Call ya later..."
"Oh shit, you better return my guitar tomorrow, i've got a gig"
ඔන්න ඔය වගේ කඩු කෑලි මිනිහගෙන් කටින් එළියට පනින්නෙ වතුර වගේ. ඉතින් කෙල්ලොත් ෆුල් හොල්මන්. දන්නෝ දනිති වගේ මිනිහ අඳුරන කෙල්ලො මිනිහව සත පහකට ගනන් ගන්නෙ නැති වුනාට,අනිත් කෙල්ලොට ඉතින් මිහිහ මැජික්.
දවසක් දේශ් ගෙ ගෙදර පාටියක්. කෙල්ලො පිරිල. මායි, ජෝතියි, කැන්ගරුවයි කට්ටිය දැන් පැත්තක සෙට් වෙලා ඉන්නව. ඔය අතරෙ තමා දේශ් ගෙ අය්යට "උණ" ගත්තෙ.
"ආනේ දේශ් ගෙ අය්ය මාරයි නේ..." දැන් කෙල්ලොත් කතා වෙනව. දේශ්ට මළ පැනල. ඇයි අප්පා. මෙතනත් මුගෙ ඇඩ් එක කියල. දේශ් කෙලින්ම ෆෝන් එක ගත්ත. අරන් ඩයල් කලා.
"ටීන් ටීන් ටින් ටින් ටින් ටීන්!" ෆෝන් එක සද්ද වෙන්න ගත්තා. දේශ් ගෙ අය්ය අතින් ෆෝන් එක අත ඇරුනා. මිනිහා හොඳටම රතු වෙලා. දාඩියත් දානව. ෆෝන් එක තාම බිම වැටිලා රින්ග් වෙනව. එතකොටයි වෙච්ච දේ තෙරුනේ.
දේශ් ගෙ අය්ය ඇත්තටම නෙමෙයි කෝල් කරල තියෙන්නෙ! ඇඩ් එකට. ඉතින් ඇත්ත කෝල් එකක් ආව ගමන් බඩු මාට්ටු වෙලා. කෙල්ලො හිකි හිකි ගගා හිනා වෙද්දි මෑන්ට ඇඩ්රස් නැති වුනා. පව් වැඩේ. හැබැයි එදා රෑ දේශ් සෑහෙන්න අය්යගෙන් ගුටි කාල තියෙනව.


ඔන්න ඉතින් අපේ ඉස්කෝලෙට අළුතෙන් ආව ඩුබායි වල ඉඳලා කෙල්ලෙක්......සිංහල 505;ම් නෙමෙයි. ඔන්න ඉතින් මෙයාට ආසයි කිව්ව සිංහල ඉගෙන ගන්න. දැන් කෙල්ල පොඩ්ඩ පොඩ්ඩ සිංහල කතා කරනවා. හැබැයි තාම ඉංග්‍රීසි උච්චාරනයෙන්.![]()
ඔන්න දවසක් උදේ පාන්දර එයයි පන්තියේ තවත් කෙල්ලෙකුයි රණ්ඩුවක්. අපිත් ඉතින් අපේ වැඩ. එක පාරටම,
"පැර්-ර බල්ලෙයි!!"
අපි ඩිම් වුනා.......මොකද්ද අප්පේ ඒ කියලා......බැලින්නම් "පර බැල්ලි" කියලයි කියල තියෙන්නෙ....![]()
අපේ ගෙදර තට්ටු 10ක් තියෙනවා!
මේක වුනේ 7 වසරෙදි. සාමාන්‍යයෙන් 7 වසර කියන්නෙ ඉතින් ටික ටික දේවල් තේරෙන්න ගන්න කාලයක් නෙ ඕන්!! ඒත් ඒ කාලෙත් ඔය ගෙදර ගාලා තියෙන පාට මොකද්ද, ගෙදර ඉන්නෙ බල්ලොද පූසොද වගේ ප්‍රශ්ණ වලට විතරක් කෙල්ලොගෙ කතා සීමා වෙච්චි කාලයක්. ඔන්න ඔය කාලෙ අපි ටික ගෙදරවල් ගැන කතා වෙවී හිටියෙ.
"අපේ ගෙදර තට්ටු තුනක් තියෙනවා හලෝ...." එක්කනෙක් කියනව.
"හ්ම්, අපේ නම් තට්ටු දෙකයි," මාත් කිව්ව.
"අපේ තට්ටු දහයක් තියෙනවා!" අපේ සෙට් එකේ එකෙක් කියාපි!
අපි ඩිම් වුනා.
"ඔයා ෆ්ලැට් එකකද ඉන්නෙ?" එකෙක් ටිකක් විතර මොලේ පහළ වෙලා කිව්ව.
"නෑ අනේ,....ඒක අපේ ගෙදර!"
"අම්මේ එහෙනම් ඕක නගින්න ලිෆ්ට් එකක් ඇති නේ?" මාත් කිව්ව.
"නෑ හලෝ.....අපි පඩිපෙළෙන් යන්නෙ!"
අම්මෝ එහෙනම් තට්ටු දෙක හොඳයි කියල මට හිතුනා. හැමදාම ඉස්කෝලෙ ඇරිල ඇවිත් තට්ටු ගානක් බඩගාන්න!
මට දැන් මෙයාගෙ ගෙදර බලන්න මාර ආසයි. ඔහොම ඉඳිද්දි මාත් එයාගෙ වෑන් එකේ එන්න පටන් ගත්ත. අනේ බැලින්නම් ගෙදර තට්ටු තුනයි,.....
මම කල්පනා කලා ඇයි තට්ටු 10යි කිව්වෙ කියලා.
බැලින්නම් මේ ගෑණි ගෙදර උඩට යනකල්ම හයි කරල තිබ්බ glass panels තමයි ගනන් කරල තියෙන්නෙ!!!!![]()
