lol
මේක ලංකාවේ සංස්කෘතිය කියල මායාවක ඉන්න උඹල වගේ උන් නිසා තමයි මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. උඹල හිතන්නේ කෙල්ලෙක් ටිකක් කොටට ඇන්දම බඩුවක්. බඳින්න කලින් කෙල්ලෙක් කිස් කරනවා කියන්නේ කාමය වරදවා හැසිරීමක්.
එහෙමත් නැත්නම් කෙල්ලෙක් කිස් කලොත් ඒ කෙල්ලවම බඳින්න ඕනේ. දිගට ඇඳලා කොල්ලෙක් ගේ මුණ බලන්නේ නැතුව ඉන්නවා නම් අන්න හොඳ කෙල්ලෙක්. කොල්ල උනත් ගෙදරින් කැමති වෙන පලවෙනි කෙල්ලම බඳින්න ඕනේ. කෙල්ලෙක් බියර් ටිකක් වත් බොන්න හොඳ නැහැ. හැබැයි කොල්ල බිව්වට අවුලක් නැහැ.
ඒ උනාට රැට හොරෙන් පැය ගණන් වැල බලන්න හොඳයි.

ලස්සන කෙල්ලෙක් දැක්කම මරු කැල්ල කියල හිතෙන හිතල ඕවා ගොන් බඩු කියල හිත සනසගෙන ඉන්නව නේද ?
උඹ ඔය කියන සංස්කෘතිය ඇතුලේ දවසකට abortion කීයක් වෙනවද ? ගණිකා නිවාස කොච්චර තියනවද ? අනියම් සබඳතා කොච්චර ඇතිවෙනවද ? ලිංගික අතවර කොච්චර වෙනවද ? කොච්චර හොඳ සංස්කෘතියක්ද කිව්වොත් google වල sex search කරලා no 1 අපි
අපේ රටේ තියෙන්නේ ලිංගික අසහනය. බස් එකක couple එකක් අත් අල්ලන් ගියත් අපේ උන්ට එකට මල පනිනවා. එකට කියන්නේ ලිංගික ඉරිසියාව. ටිකක් විවුර්තව හිතපන් ලිඳේ ඉන්න මැඩියා වගේ පොඩි කලේ ඉඳන් දැක්ක දේම විශ්වාස කරන්න එපා. ලංකාවේ බුදු දහම වගේ විවෘත ආගමක් තිබිලත් උඹලට ඉස්සරහට එන්න බැරි නම් වැඩක් නැහැ.