ඔව්! වෙලා තියෙනවා. අනන්තවත්. කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලන්ගෙන්ම. Team lead උන මුල්ම දවස් වල හිතා ගන්න බැරි උනා මේ වගේ අයව කොහොමද manage කරන්නේ කියලා. ඉතින් මම පණ දාගෙන deadline cover කලා. නමුත් ඒකෙන් වෙන්නේ තමන්ගේ productivity එක පහල යන එක විතරයි, සහ TL කෙනෙක්ගේ වගකීම හරියට ඉටු නොවුන එක විතරයි. තව disadvantages ගොඩාක් තිබුනා. (කුල්ල කුජීතු වෙලා, හක්ක ඇඹරිලා, බොක්ක දොට්ට පැනලා තිබුනේ

)
මම අන්තිමට කලේ හරියට perform කරන්නේ නැති අය එක්ක පෞද්ගලිකව කතා කලා.
1- මේ විදියට වැඩ කලොත් තමන්ගේ career එකට හොඳ නැති බව තේරුම් කරලා දුන්නා.
2 - එයාලගේ improve වෙන්න ඔනේ areas ගැන එයාටම idea එකක් දුන්නා. (Softskills/ Hardskills)
3 - ඒවා improve කරගන්න විධි/tutorials හොයලා/කියලා දුන්නා.
4 - Career goals හදලා දුන්නා - Next pay raise එකට මේ goals achieve කලාම හොඳයි නේද කියන එක පෙන්නලා දුන්නා.
5 - එයාලට professional life/perosnal life එකේ තියෙන ගැටලු ගැන කතා කරන්න අවස්ථාවක් දුන්නා.
ගොඩක් අය තමන්ගේ අඩු පාඩු හදා ගත්තා, ඒ වගේම තවත් අය ඒවා හදාගත්තේ නැහැ. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඒ අයට පැවැත්මක් තිබුනෙත් නැහැ..
මට හම්බ වුන දේවල්;
1 - අන්තිමට මේ හැම එකක්ම මට ජීවිතේ හම්බ වුන හොඳ අත්දැකීම්. (People management skills, Expectation management skills, Preasure handling, Softskills improve උනා, තරහා යන එක ගොඩක් අඩු වෙලා හැම දේකම තවත් පැත්තක් දකින්න පුරුදු වුනා)
2 - මට office එක අතුලේ තිබුන career රෙස්පෙcට් එක/පිලිගැනීම වැඩි උනා.
3 - හිත සන්තෝසෙන් ඉන්න පුලුවන් උනා තවත් කෙනෙක්ට උදව් කරපු නිසා career එක හදාගන්න.
උඹට මේකෙන් ගන්න දෙයක් තියෙනවානම් අරන් කරලා බලපන්.
එහෙනම් ඉතින්, ජය!