කෙල්ලෝ අපිව රවටන හැටි

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    කෙල්ලෝ අපිව රවටන හැටි

    කියවල බලපන් මේ ගේම් දෙන කෙල්ලෙක් මටත් ඉදල තියනවා,මව්බිම පුවත්පතෙන් උපුටා ගැනීමකි;)


    "අනේ මධුකා මම උඹව හම්බ වෙන්නමයි හිටියේ"
    "වයි මචෝ වට් ප්‍රොබ්ලම්. එනිතින් එනිතින්"
    "මට ලයිනක් සෙට් වේගෙන එනවා බං. මොනවා කරන්නද මන්දා"
    "කවුද කොහෙද අපේ ඉස්කෝලෙද අපි දන්නවද එළ බුවෙක් ද පට්ට රස්තියාදුකාරයෙක්ද"
    "අම්මෝ මොකක්ද බං. කෝච්චියක් වගේනෙ. ඉස්සරවෙලාම උඹ මොකක්ද ඇහුවෙ"
    ඒ හඬ වෙනත් මිතුරියකගේය.
    "උඹ කට වහපං. ඉතින් කියපන්කො උඹ කැමැති ද?"
    "අනේ මන්දා ඉතින්"
    "මෙහෙමයි උඹ නොදන්න විදියට උෟ අතට උඹේ නම්බර් එක ලැබෙන්න සලස්සපං"
    "ඊට පස්සෙ"
    "අයියෝ බං. උෟ ඊට පස්සේ රැයක් දවාලක් නැතුව උඹට ඩයල් කරයි."
    "ඉතින් මං මොකද කරන්නේ"
    "මොනවා කරන්නද? බබා වොයිස් එකෙන් කතා කරපං. වචනයයි දෙකයි විනාඩියකට වඩා කොහොමවත් එපා හරිද?"
    "ඉතින් බං එහෙම කොහොමද"
    "එහෙම තමයි. අනේ තව ටිකක් ඉන්න කියයි. තප්පරයක් ඉන්න කියයි. මොනවා කිවුවත් විනාඩියෙන් කට් කරපං"
    "හරි හරි එහෙම කළා කියමුකො. ඊට පස්සෙ?"
    "සතියක් විතර ඔහොම ඇදපං. ටික ටික උෟ උඹ ගැන විස්තර අහයි"
    "මොනවද මං කියන්නෙ"
    "මීට කලින් කිසිම දවසක කිසිම කොල්ලෙක් එක්ක යාළුවෙලා නෑ"
    "බොරුනෙ බං"
    "බොරු නේන්නම්. උෟටත් කැමැතියි කියලා එහෙම කියන්න එපා ගොන් ගහ"
    "ඉතින් මං ඒකට කැමැතියිනෙ බං"
    "හරි හරි ඉතින් ඒක කියන්න දෙයක් යැ. ඒකනෙ ඉතින් ඔච්චර අඬන්නෙ. ඉඳපන්කො ගාණට හදලා ගන්න හැටි කියන්න"
    "හරි හරි කියපන්කො බලන්න"
    "හැකිතාක් අඩුවෙන් ඇත්ත කියලා පුළුවන් තරම් බොරුම කියපන්. මාරු කරගන්න එහෙම එපා. ඇත්ත - අඩු දෙකම අයන්න නිසා මතක තියාගන්න ලේසියි නේ"
    "අයියෝ බං පස්සේ අහු වුණොත් එහෙම"
    "උඹලා හැමෝටම මම මේක කියන්නෙ මොන බොරුව කියලා අහු වුණත් කියන්න ඕනෙ. ඔයාට තියෙන ආදරේ වැඩිකමට ඔයා නැතිවෙයි කියන බයට ඔයාව හැමදාම මං ළඟ තියාගන්න ඕනෙ හින්දා වගේ දෙයක් හරිද"
    "ඕවා විශ්වාස කරයිද බං"
    "විශ්වාස කරන තත්ත්වෙට ගන්න හැටි නේන්නම් මේ කියලා දෙන්න යන්නෙ. අහගෙන හිටපල්ලකො"
    "හරි හරි කියපන්කො ඉතින්"
    "ටික ටික කතා කරන කාලය වැඩි කරපං. දෙක තුන පහ දහය වෙනකල්"
    "මොනවා කතා කරන්නද බං එච්චර වෙලා"
    "උඹ කතා කරන්න ඕනෙ නෑ. උෟ කතා කරයි. උඹට තියෙන්නෙ අහගෙන ඉන්න එකයි. ඔව් නෑ. බෑ. වගේ උත්තර දෙන එකයි විතරයි. වැඩිපුරම අපෝ බෑ. මට බයයි වගේ ඒවා නම් තමයි හොඳ"
    "උෟ හිතයිනෙ බං මම එළු පැටියෙක් කියලා"
    "හිතපුදෙන් උෟටත් දන්නෙ නැතිවෙන්න උෟව ගොන් පැටියෙක් කරන්න නම් එහෙම තමා ඉන්න ඕනෙ"
    "ඉතින් ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ"
    "ඔහොම කතා කරනකොට ටිකක් හයියෙන් කතා කරපුවාම අඬපං හූල්ලපං. පුළුවන් තරම් ඉහළට ඇදපං. ඉකි ගහපං. වේදනා විඳින බව පෙන්නන්න පුළුවන් හැමදේම කරපන්"
    "මළ ගෙයක් වගේනෙ බං"
    "සුමානයක් දෙකක් මළ ගෙදරක් වුණාම මොකද බං ජීවිත කාලෙම මඟුල් ගෙදරක් කරගන්න පුළුවන් නම්"
    "හරි හරි ඉතින් කියපන්කො"
    "කෑවෙ නෑ කියපන්. වේලක් දෙකක් බඩගින්නේ හිටිය එකෙක් වගේ පණ නැතිව කතා කරපන්. බත් කකා කෑවේ නෑ කියපං. නින්ද යන්නෙත් නෑ කියපං"
    "ඔය ඔක්කොම රඟපෑම් දාන්නෙ මොකටද කියපන්කො. ඉස්සරලාම යකෝ මීට වඩා හොඳයිනෙ මෙගා ටෙලියක රඟපාන එක"
    "සතියක් දෙකක් යනකල් ඔය මං කියන ටික කරපන්කො. ඊට පස්සෙ උඹ මොනවා කිවුවත් කළත් උෟ පස්සෙන් එයි. හැඳි ගෑවිලා පලයන් කිවුවත් පස්සෙන් එනවා ෂුවර්"
    "උඹගෙ ඔය තියෙන ප්‍රේම කතන්දර ඔක්කොම එහෙම පටන් ගත්තු ඒවද?"
    "දෙක තුනක්ම එහෙම තමා. එකයි වැරැදුණේ"
    "අෑ බං කීයක්ද එතකොට දැන්"
    "හතරයි. හතරයි. තාම හතරයි"
    "උඹට ඔය හතරෙ නම් පැටලෙන් නැද්ද බං"
    "මෙහෙමනෙ උන් එක එකා මට කතා කරන්නෙ එක එක නම්වලින්. ඒ ඒ නමින් තමයි. උන්ගෙ නම්බර් සේව් කරගන්නෙ. එතකොට කීයටවත් පැටලෙන් නෑ"
    "ඔය හතරකට පහකට කතා කරන්න ෆෝන් එකට සල්ලි දාගන්නෙ කොහොමද බං. අපිට මේ එකෙකුට කතා කරගන්න බැරුව ඉන්නවා"
    "මෙහෙමනෙ කෝල් එකක් අරන් වචනයක් දෙකක් කතා කරලා සල්ලි ඉවරයි කියලා කට් කරලා දානවා. උෟ අනිවා කීයක්හරි රී ලෝඩ් කරනවනෙ. ඒ ගමන්ම ඉතින් උගෙ ෆෝන් එකටත් කීයක්හරි දානවනෙ. උගෙ ෆෝන් එකේ සල්ලි ඉවරවෙනකල් උෟත් එක්ක කතා කරලා අම්මා එනවා හරි මොකක් හරි කියලා ෆෝන් එක කට් කරලා දානවා. ඔය විදියට එකා 50ක් දැම්මත් පස්දෙනාගෙන් 250ක් නෙ බං. මාසෙකට දෙතුන් පාරක් ඕක කළා. ෆෝන් එකට දාන්න ගෙදරින් දෙන සල්ලිත් ඉතුරු වෙනවා මිසක් නාස්තියක් නෑ"
    "එකෙක් එක්ක කොහෙ හරි යනවා කියමු. අනිත් එවුන්ට මොනවද එතකොට කියන්නෙ"
    "මොනවද ඉතින් රිවිෂන් එකක්"
    "අධ්‍යාපනයට ලැදි ගෑනු ළමයෙක්ට බාධා කරන්නෙ කොයි කොල්ලද ආයෙ ඉතින්. බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ නෑ. ක්ලාස් ඉවරයි කියලා මමම මැසේජ් එක දානකල් හතරදෙනාම සයිලන්ට්"
    "දැන් ඕවයින් කෝකද සිරා එක"
    "ධනුකයාට නම් මම පට්ට ලව් බං. ඒක තමයි සිරා එක"
    "යකෝ උඹ ගිය සුමානෙ කිවුවෙ මේනකයට සිරා කියලනෙ"
    "ඔව් ඔව් වෙන්න ඇති. ඒ වුණත් බං උනුත් හැමදාම එක විදියටම ඉන්නවයැ. ඒකනෙ අපිට වුණත් අදහස් වෙනස් කරන්න සිද්ධ වෙන්නෙ. ඒක මේ උන්ගෙවත් මගෙවත් වරදක් නෙමේ ලෝක ස්වභාවය"
    "අනේ උඹේ ලෝක ස්වභාවය. උඹ ගෙදරට නම් බබා නේද?"
    "නැතුව කොහොමද? මොන පිස්සුව නටලා ගෙදර ගියත් ගේට්ටුව අරින ගමන්ම මං කීකරු
    ළමයගෙ චරිතෙට එන්ටර් වෙනවා. අපේ අම්මටයි තාත්තටයි මට වැඩිය කෙනෙක් නෑ. නංගියි මල්ලියි කැලේ"
    "අහුවුණ දාට ඉතින් ගස් තමයි නේද"
    "කවුද බං අහුවෙන්න කරන්නෙ. ඉස්කෝලෙ නමය වසරෙ ඉඳන් කීයක් නම් මම කළාද? කෝ මාට්ටු වුණාද නෑ. ඒවට තමයි මොළේ කියලා එකක් අපිට දෙයියෝ දීලා තියෙන්නෙ"
    "උඹගෙ ඔය මොළේ ඉගෙනගන්න යෙදෙවුවා නම් එහෙම කොහෙ නතර වෙයිද දන්නෙ නෑ"
    "බොරු වැඩ බං. අපේ අම්මලා කවදාවත් මාව රස්සාවකට යවන්නෑ. මං කවදා හරි බඳින්නෙ අම්මලා කියන එකෙක්ව. ඉතින් උෟ කොහොමත් මගෙන් හම්බ කරගන්න ජාතියෙ එකෙක් නෙමේනෙ. මොකටද ඉතින් මේ ඉගෙනීම.
    අනික බලපල්ලා විභාගෙට තව අවුරුද්දක්වත් නෑ. ඔය අවුරුද්දෙන් පස්සෙ මේ සේරම සෙල්ලම් ඉවරයි. ආයෙ මොනවා කියලා ගෙදරින් පනින්නද? පන්ති කියන්නද, රිවිෂන් කියන්නද, සෙමිනා කියන්නද? තව අවුරුදු දෙක තුනකින් මොකෙක් හරි බැඳගත්තට පස්සෙ ඉතින් හිරේ වැටුණා වගේ තමයි. අන්න ඒ වගේ දවසට විඳවන්නෙ නැති වෙන්න තමයි දැන් පුළුවන් තරම් ජොලි කරන්න තියෙන්නෙ. උඹලා ඉතින් දැනුත් දුක් විඳලා එදාටත් දුක් විඳපල්ලා. මම නම් ඉතින් හැකිතාක් කල් හැකිතාක් පිස්සුම කෙළලා බැරිදාට ඒවා ගැන මතක් කරවත් ඉන්නවා.


    මෙහෙම උන් තමයි බන් දැන් මේ රටේ වැඩි :sorry::sorry:

     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    එක දෙයක් කියන්නන් ඔය සිරා love scene කෙල්ලෙක්ගෙන් නන් බලාපොරොත්තු වෙන්න එපා. ඇත්තටම ආදරය කරන කෙනෙක් ඕනේනන් බල්ලෙක්ව හදපන් ඒ බල්ලා ආදරේ කරයි උගේ ජිවිතේ තියනකම්.

    P.S ඔය වගේ කෙල්ලෙක්ව තාම සෙට් කරගන්න ඕනේ.. උපරිම මාසයක් රන් කරලා එතනින් කෙස් එක ඉවර කරනව.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනිවා ඉන්නවා බන් උඹ මාට්ටු උනාම ඕකුන්ට
    වෙන දේ උඹ දැකලා නෑනේ ඒක්යි ඔය හූල්ලන්නේ :yes:

    ලොක ධර්මතාවයක් තියනවානේ බන් හරි ඔක්කොම නැටුම් නැටුවයි කියමුකො අහු
    නොවෙන්න ඒත් ඒකිගේ ළමෙක්ගේ පිටින් හරි එනවා ඒක පස්සෙන් මැරෙන්න
    කලින් කරපු ඔක්කොම හුත්තවල් විඳෝලා තමා මැරෙන්නේ බන් :frown:

    ජොලි කලාට කමක් නෑ ත්ව එකෙක්ගේ ජීවිතයක් එක්ක කරන සෙල්ලම නම්
    පලදෙනවමයි මොකද ඒක ඌට විතරක් නෙවේ උගේ දෙදර උන්ට අම්මට
    තාත්තට වක්‍රා කාරව බලපාන නිසා :angry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිවා ඉන්නවා බන් උඹ මාට්ටු උනාම ඕකුන්ට
    වෙන දේ උඹ දැකලා නෑනේ ඒක්යි ඔය හූල්ලන්නේ :yes:

    ලොක ධර්මතාවයක් තියනවානේ බන් හරි ඔක්කොම නැටුම් නැටුවයි කියමුකො අහු
    නොවෙන්න ඒත් ඒකිගේ ළමෙක්ගේ පිටින් හරි එනවා ඒක පස්සෙන් මැරෙන්න
    කලින් කරපු ඔක්කොම හුත්තවල් විඳෝලා තමා මැරෙන්නේ බන් :frown:

    ජොලි කලාට කමක් නෑ ත්ව එකෙක්ගේ ජීවිතයක් එක්ක කරන සෙල්ලම නම්
    පලදෙනවමයි මොකද ඒක ඌට විතරක් නෙවේ උගේ දෙදර උන්ට අම්මට
    තාත්තට වක්‍රා කාරව බලපාන නිසා :angry:
    ලව් කලාට කමක් නැ. බූට් කාපුවහම මැරෙන්න හිතෙන එක නම් මහා මොඩ වැඩක්. ඒ වගේමයි අනිත් එකාට පිහියෙන් අනින එකත් අමු මොඩ කමක්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලව් කලාට කමක් නැ. බූට් කාපුවහම මැරෙන්න හිතෙන එක නම් මහා මොඩ වැඩක්. ඒ වගේමයි අනිත් එකාට පිහියෙන් අනින එකත් අමු මොඩ කමක්.

    මෝඩ කමක් කියන උඹ මචන් අවුරුදු 4,5ක් ආදරේ කරපු කෙල්ල තව එකෙක් එක්ක යනකොට බලා
    ඉන්න පුලුවන් වෙන්න ඇති ඒත් හැමෝම එහෙම නෑ බන් අන්න එදාට තැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ :frown:

    කොහොමත් අවංක ආදරේ වටිනාකම කියලා නිම කරන්න බෑ බන් :love:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son


    මෝඩ කමක් කියන උඹ මචන් අවුරුදු 4,5ක් ආදරේ කරපු කෙල්ල තව එකෙක් එක්ක යනකොට බලා
    ඉන්න පුලුවන් වෙන්න ඇති ඒත් හැමෝම එහෙම නෑ බන් අන්න එදාට තැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ :frown:

    කොහොමත් අවංක ආදරේ වටිනාකම කියලා නිම කරන්න බෑ බන් :love:
    එහෙම බූට් එකක් සෙට් උන ගමන් හිතන්න ඔනේ අතීතය ගැන නෙමෙයි මචන්.. හිතන්න ඔනේ අනාගතය ගැන. අවන්කවම බලහන් වැලිකඩ ගිහින්. ගැනී පිට ගියා කියලා මිනිස්සු මරපු උන් ඉන්නවා. තාත්තව මරන්න ආපු එකා මරපු පුත්තු ඉන්නවා. මිනිහා කොටු පැන්න නිසා මිනිහව මැරුව ගැනු ඉන්නවා. උන් ඔක්කොගෙන්ම දැන් අහපුවහම කියන දේ තමා, එදා මට තව ටිකක් ඉවසන්න තිබුනා කියලා. ඒත් දැන් වැඩක් නැ.. අන්න ඒ මොහොත කල්පනා කරානම් කවදාවත් මිනිහෙක්ව මරන්නේ නැ. ඒ දුක වයිරය නැති නිසා නෙමෙයි, තමන්ගේ ජිවිතේ කූරු ගනන් කරන තැනට ගෙනියන්න ඔනේ නැති නිසා. අත්දැකීමෙන් කියන්නේ. කෙල්ලො සම්බන්ද දෙයක් නෙමෙයි. මගේ අප්පා සම්බන්ද දෙයක්. ඒක බූට් කාපු පෙම්වතෙකුට දැනෙන හැගීම ක්ලේමො බොම්බයක් නම්, මට දැනුනේ පරමානු බොම්බයක කේන්තියක්. ඒ කේන්තිය පිට කලා නම් මමත් අද වැලිකඩ.
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    එක දෙයක් කියන්නන් ඔය සිරා love scene කෙල්ලෙක්ගෙන් නන් බලාපොරොත්තු වෙන්න එපා. ඇත්තටම ආදරය කරන කෙනෙක් ඕනේනන් බල්ලෙක්ව හදපන් ඒ බල්ලා ආදරේ කරයි උගේ ජිවිතේ තියනකම්.

    P.S ඔය වගේ කෙල්ලෙක්ව තාම සෙට් කරගන්න ඕනේ.. උපරිම මාසයක් රන් කරලා එතනින් කෙස් එක ඉවර කරනව.

    :yes::yes::yes::angry::angry::angry::angry::angry::angry: