කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ
ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත් අද ගොඩක් වෙලාවට දුවගේ, ලේලිගේ ගවුමේ දිග පළල බලනවා.
කෙල්ලෝ කොටට අඳින්නේ ඇයි කියලා ඇහුවම එයාලගේ උත්තරේ තමයි ලෙසියටත් පහසුවටත් එහෙම කරනවා කියන එක. ස්පෝර්ට්ස් කරන ගැණු ළමයි practice කරන වෙලාවට අන්දින්නෙම කොට සායවල්. මොකද පහසුවෙන් පාද චලනය කරන්න පුළුවන්. හරිම නිදහස්, ඒ වගේම තමා fashion එක. කොටට අඳින එකත් විලාසිතාවක් ඉතිං එක එක විදිහේ fashion කරන්න කැමති ගැහැණු ළමයි කොට ගවුම් සහ කොට සායවල් තෝරාගන්නවා.
අපේ සමාජයේ තියෙන මතයක් තමයි කොටට අඳින ගැහැණු ළමයි නරකයි කියන එක. ඒ කියන්නේ විලුඹ ලඟට දිග ඇඳුමක් ඇඳලා ඕනි දෙයක් කළාට එයාල නරක නෑ කියන එකද? සුද්දා ලංකාවට එන්න කලින් අපේ තිබුනේ නැහැ කෙල්ලෝ දිගට දිගේ අඳිනවා.කියලා සංස්කෘතියක්.එදා හෙළදිව, මැකී ගිය දඩමං ලොවීනා වගේ පොත් කියවපු අය දන්නවා ඇති කෙල්ලන්ගේ ඇඳුම් මෝස්තර තිබ්බේ කොහොමද කියලා. කකුල පෙන්නේ නැතිවෙන්න දිගට අදින්න ඕනි කියන සංකල්පය අවේ වික්ටෝරියානු සංස්කෘතියෙන්. ඉතිං අපේ අහුකොන් වල තාම වික්ටෝරියා සංස්කෘතිය ඉතුරුවෙලා තියනවානේ.
කොච්චර නෑ කිවුවත් කෝල්ලෝ කැමතියි කොටට අඳින කෙල්ලන්ට. ඒත් එයාලගේ පුරුෂධිපත්යට හානියක් වෙයි කියලා, එයාල කැමති ගණුන්ව වහල තියන්න. එකනේ කොටට අඳින කෙල්ලෝ දිහා හොරෙන් බලන කොල්ලා තමන්ගේ පෙම්වතියට, සහෝදරියට තහංචි දාන්නේ.සංස්කෘතිය ඔළුව උඩ තියන් ඉන්න අයට නම් කොට සාය, කොට ගවුම තරම් භයානක දෙයක් තවත් නැහැ. එයාලගේ මතය තමයි කොටට ඇන්දම ස්ත්රී දුෂණ වැඩිවෙනවා කියන එක. පහුගිය කාලේ දුෂණයට ලක් වුන ගැහැණු ළමයි, තරුණියන් වගේම වයසක ආච්චිලා ගැන බැලුවම නම් පෙන්නේ නෑ එයාලා කොටට ඇඳගෙන හිටපු බවක් .
සංස්කෘතිය කියාගෙන ගණු ළමයි පිරිමි ළමයි වෙන් කරලා හැදුවම එයාලට විරුද්ධව ලිංගිකයා මැජික් එකක් වෙනවා. කුතුහලය වැඩියි. ඊට පස්සේ internet එකේ දකින දේවලුයි අනිත් දේවලුත් එක්ක ලිංගිකත්වයට තියෙන කුතුහලය, ආශාව තව වැඩිවෙනවා. එතකොට ඔලුවේ ඉඳලා කකුල් දෙකට වහගන්න ආච්චි කෙනෙක් වුනත් කමක් නැහැ කියන තත්වෙටයි පත්වෙන්නේ. එහෙම කරන්නේ නැතුව ගැහැණු පිරිමින්නට පිරිමි ගැහැණුන්ටත් ගෞරව කරන්න, සහයෝගයෙන් වැඩ කරන්න පොඩි කාලේ ඉඳන් පුරුදු කරනවානම් මොන ඇඳුම ඇන්දත් සංස්කෘතියට මොකුත්ම වෙන්නේ නැහැ.
ඒ වගේම කොටට අඳින කෙල්ලොත් මතක තියාගන්න ඕනි යන්නේ කොතනටද කියා දැනගෙන අඳින්න. කොටට ඇඳගෙන පන්සලට යන්න බැහැනේ. පන්සල කියන්නේ ආගමික ස්ථානයක්. එතනට යන්න අරමුණක් අපිට තියනවා. ඒවාට අපි ගරු කරන්න ඕනි. (කොල්ලන්ටත් මේක අදාලයි හොඳේ). ඒ වගේම කොටට ඇඳන් ගිහින් බිම වැඩිවෙනකොට වාඩි වෙනකොට ඔබවම තමයි අපහසුතාවයට පත් වෙන්නෙත්.
කෙල්ලෝ කොටට අඳින එකට කලබල වෙන කොල්ලන්ට කියන්න තියන
Source -
http://thewoman.lk/are-you-worried-about-girls-wearing-short-dresses/

Last edited: