කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

Djsash

Member
Jun 1, 2018
274
9
0
කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත් අද ගොඩක් වෙලාවට දුවගේ, ලේලිගේ ගවුමේ දිග පළල බලනවා.


කෙල්ලෝ කොටට අඳින්නේ ඇයි කියලා ඇහුවම එයාලගේ උත්තරේ තමයි ලෙසියටත් පහසුවටත් එහෙම කරනවා කියන එක. ස්පෝර්ට්ස් කරන ගැණු ළමයි practice කරන වෙලාවට අන්දින්නෙම කොට සායවල්. මොකද පහසුවෙන් පාද චලනය කරන්න පුළුවන්. හරිම නිදහස්, ඒ වගේම තමා fashion එක. කොටට අඳින එකත් විලාසිතාවක් ඉතිං එක එක විදිහේ fashion කරන්න කැමති ගැහැණු ළමයි කොට ගවුම් සහ කොට සායවල් තෝරාගන්නවා.


අපේ සමාජයේ තියෙන මතයක් තමයි කොටට අඳින ගැහැණු ළමයි නරකයි කියන එක. ඒ කියන්නේ විලුඹ ලඟට දිග ඇඳුමක් ඇඳලා ඕනි දෙයක් කළාට එයාල නරක නෑ කියන එකද? සුද්දා ලංකාවට එන්න කලින් අපේ තිබුනේ නැහැ කෙල්ලෝ දිගට දිගේ අඳිනවා.කියලා සංස්කෘතියක්.එදා හෙළදිව, මැකී ගිය දඩමං ලොවීනා වගේ පොත් කියවපු අය දන්නවා ඇති කෙල්ලන්ගේ ඇඳුම් මෝස්‌තර තිබ්බේ කොහොමද කියලා. කකුල පෙන්නේ නැතිවෙන්න දිගට අදින්න ඕනි කියන සංකල්පය අවේ වික්ටෝරියානු සංස්කෘතියෙන්. ඉතිං අපේ අහුකොන් වල තාම වික්ටෝරියා සංස්කෘතිය ඉතුරුවෙලා තියනවානේ.


කොච්චර නෑ කිවුවත් කෝල්ලෝ කැමතියි කොටට අඳින කෙල්ලන්ට. ඒත් එයාලගේ පුරුෂධිපත්‍යට හානියක් වෙයි කියලා, එයාල කැමති ගණුන්ව වහල තියන්න. එකනේ කොටට අඳින කෙල්ලෝ දිහා හොරෙන් බලන කොල්ලා තමන්ගේ පෙම්වතියට, සහෝදරියට තහංචි දාන්නේ.සංස්කෘතිය ඔළුව උඩ තියන් ඉන්න අයට නම් කොට සාය, කොට ගවුම තරම් භයානක දෙයක් තවත් නැහැ. එයාලගේ මතය තමයි කොටට ඇන්දම ස්ත්‍රී දුෂණ වැඩිවෙනවා කියන එක. පහුගිය කාලේ දුෂණයට ලක් වුන ගැහැණු ළමයි, තරුණියන් වගේම වයසක ආච්චිලා ගැන බැලුවම නම් පෙන්නේ නෑ එයාලා කොටට ඇඳගෙන හිටපු බවක් .


සංස්කෘතිය කියාගෙන ගණු ළමයි පිරිමි ළමයි වෙන් කරලා හැදුවම එයාලට විරුද්ධව ලිංගිකයා මැජික් එකක් වෙනවා. කුතුහලය වැඩියි. ඊට පස්සේ internet එකේ දකින දේවලුයි අනිත් දේවලුත් එක්ක ලිංගිකත්වයට තියෙන කුතුහලය, ආශාව තව වැඩිවෙනවා. එතකොට ඔලුවේ ඉඳලා කකුල් දෙකට වහගන්න ආච්චි කෙනෙක් වුනත් කමක් නැහැ කියන තත්වෙටයි පත්වෙන්නේ. එහෙම කරන්නේ නැතුව ගැහැණු පිරිමින්නට පිරිමි ගැහැණුන්ටත් ගෞරව කරන්න, සහයෝගයෙන් වැඩ කරන්න පොඩි කාලේ ඉඳන් පුරුදු කරනවානම් මොන ඇඳුම ඇන්දත් සංස්කෘතියට මොකුත්ම වෙන්නේ නැහැ.


ඒ වගේම කොටට අඳින කෙල්ලොත් මතක තියාගන්න ඕනි යන්නේ කොතනටද කියා දැනගෙන අඳින්න. කොටට ඇඳගෙන පන්සලට යන්න බැහැනේ. පන්සල කියන්නේ ආගමික ස්ථානයක්. එතනට යන්න අරමුණක් අපිට තියනවා. ඒවාට අපි ගරු කරන්න ඕනි. (කොල්ලන්ටත් මේක අදාලයි හොඳේ). ඒ වගේම කොටට ඇඳන් ගිහින් බිම වැඩිවෙනකොට වාඩි වෙනකොට ඔබවම තමයි අපහසුතාවයට පත් වෙන්නෙත්.


කෙල්ලෝ කොටට අඳින එකට කලබල වෙන කොල්ලන්ට කියන්න තියන



Source -
http://thewoman.lk/are-you-worried-about-girls-wearing-short-dresses/
 
Last edited:

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    n25d0692px-2.jpg
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,017
    4,610
    113
    matanam para aine indan kellonta pa**a pennana minissungei, hu**a wenna kotata andina ganungei wenasak na
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ගෑනු කොටට අඳින්න ඕන කියලා .. ඒවා එපා කියලා ...
    ගෑනු බිකිනි, g string, t string අඳින්න ඕන මේක දුපත් මානසික තත්වය කියලා... ඒවා එපා මේක සංස්කෘතිය කියලා...
    ගෑනු දිය රෙදි ඇඳගෙන නාන්න එපා කියලා... නෑ එහෙම තමයි ඉන්න ඕන මේක සංස්කෘතිය කියලා...
    ...
    ...
    etc .

    මොකද මේ ගෑනුන්ගේ කෙහෙල්මල් රෙද්දවල් එළකිරියේ "පිරිමි" කියාගන්න උන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? :rofl:
    ගෑනු අඳින්නේ උන්ට ඕන ඒවා. :eek:
    ගැනුන්ගේ ජන්ගියයි යට සායයි දිය රෙද්දයි මේකේ ඉන්න උන් සමුහ වශයෙන් එකතු වෙලා ඒවා අස්සේ අස්සේ ඇඟිල්ල ගගහා ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ ඇයි? :rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ගෑනු කොටට අඳින්න ඕන කියලා .. ඒවා එපා කියලා ...
    ගෑනු බිකිනි, g string, t string අඳින්න ඕන මේක දුපත් මානසික තත්වය කියලා... ඒවා එපා මේක සංස්කෘතිය කියලා...
    ගෑනු දිය රෙදි ඇඳගෙන නාන්න එපා කියලා... නෑ එහෙම තමයි ඉන්න ඕන මේක සංස්කෘතිය කියලා...
    ...
    ...
    etc .

    මොකද මේ ගෑනුන්ගේ කෙහෙල්මල් රෙද්දවල් එළකිරියේ "පිරිමි" කියාගන්න උන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? :rofl:
    ගෑනු අඳින්නේ උන්ට ඕන ඒවා. :eek:
    ගැනුන්ගේ ජන්ගියයි යට සායයි දිය රෙද්දයි මේකේ ඉන්න උන් සමුහ වශයෙන් එකතු වෙලා ඒවා අස්සේ අස්සේ ඇඟිල්ල ගගහා ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ ඇයි? :rofl:

    රුපියල අවප්‍රමානය වෙන එකට වඩා මුන්ට මේව ප්‍රශ්න බන්
    රටක් දියුනුවෙයිද:dull:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඇඳුම නෙමෙයි ප්‍රශ්නය. ඉස්සර එහෙමයි දැන් එහෙම නෙමෙයි කියන එකට කියන්න තියෙන සරලම පැහැදිලි කිරීම තමයි...

    එන්න එන්න මිනිස්සුන්ගේ "කාමයන් කෙරෙහි ඇති ආශාව වැඩිවෙනවා" කියන එක. මේවා පිළිගන්න කැමති නැති අයත් ඉන්නව. ඔක්කොම කියන්නෙ ඇඳුම නිසා ප්‍රශ්නෙ කියල.

    වැඩියෙන් බණින මිනිස්සුන්ගේ හිත් ඇතුලේ කාමාශාව වැඩිවෙන ප්‍රමාණය වැඩියි. ඒ කියන්නෙ බණින හැමෝම යටින් තමන් බණින දේට සෑහෙන්න ආශා කරනව. තිත්ත උනත් ඇත්ත ඒකයි.
    නමුත් බණින එක කාලීන අවශ්‍යතාවයක් අද... මොකද එහෙම බැන්නෙ නැත්තං පාලනයක් ඇති කරන්න අමාරුයි. ඒ හින්ද බණින එකත් අවශ්‍යයි. ඒ වගේම අද කාලේ කාමයන් කෙරෙහි ආශාව වැඩිවුනාට ඒ තරමට ඒවා ලබාගන්න තියෙන ඉඩකඩ ඇහිරී තියෙන තත්වයන් නිසාම මේ ප්‍රශ්නය දුර දිග යනව.

    ඒ නිසා මොන Fashion එක ආවත් බණින එක නවතින් නැහැ. කාන්තා සිරුර කොහොමත් පිරිමි මනසේ රාගය ඇති කරවන්නක් කියන එක මැජික් එකක් නෙමෙයි. රාගය පාලනය නොකරන රාගයට වහල්වෙලා ඕනෑ හැටියට වැඩකරන්න ඉඩ දීල ඉන්න ඕනෑම සිතකට මොන ඇඳුම තිබ්බත් රාගය ඇතිවෙනවමයි.

    හැබැයි කාන්තාවන් අතේ වුනත් වගකීමක් අනිවාර්යෙන් තියෙනව. තමන්ගේ විලාසිතාවන් ගැන විනයක් තිබිය යුතුයි.
    ඒකට එකම හේතුව අද කාලේ රාගය උත්සන්න වීමේ පිළලය සමාජය ඇතුලෙ තියෙන නිසා.ඒ ගැන ඒගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න ඕනෙ.


    හිතනවද මේ තත්වය අඩුවෙයි කියල... කොහෙත්ම නැහැ. මේ අර්බුදය එන්න එන්නම වැඩිවෙනව. මොකද ආශාව වැඩිවෙන සමාජයක් මේක. ගිනිගන්න වනාන්තරයක් වගේ. ගොඩක් අය මේ ගින්නට වතුර දාන්න (ධර්මය දේශනා වලින්) උත්සාහ කරනව. ඒත් මේ ගින්න මොනතරම් සැරද කියල දැන් පේනව ඇති.
    සේරම පිච්චිලා අලුවෙලා යනකන් මේ ගින්න නවතින් නැහැ. ගින්න ගැන තේරුණු කට්ටිය වහාම ඒකෙන් බේරිලා පැනල යයි. ටිකක් හරි බේරෙන්නෙ ඒගොල්ලො විතරයි.


    අනික් උන් ඔක්කොම ගින්නට අහුවෙලා පිච්චිලා යනව හරිම කැමැත්තෙන්. ඒක තමයි ඇත්ත.
     
    Last edited:
    • Like
    Reactions: shenic_v2.0.0

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ගෑනු කොටට අඳින්න ඕන කියලා .. ඒවා එපා කියලා ...
    ගෑනු බිකිනි, g string, t string අඳින්න ඕන මේක දුපත් මානසික තත්වය කියලා... ඒවා එපා මේක සංස්කෘතිය කියලා...
    ගෑනු දිය රෙදි ඇඳගෙන නාන්න එපා කියලා... නෑ එහෙම තමයි ඉන්න ඕන මේක සංස්කෘතිය කියලා...
    ...
    ...
    etc .

    මොකද මේ ගෑනුන්ගේ කෙහෙල්මල් රෙද්දවල් එළකිරියේ "පිරිමි" කියාගන්න උන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? :rofl:
    ගෑනු අඳින්නේ උන්ට ඕන ඒවා. :eek:
    ගැනුන්ගේ ජන්ගියයි යට සායයි දිය රෙද්දයි මේකේ ඉන්න උන් සමුහ වශයෙන් එකතු වෙලා ඒවා අස්සේ අස්සේ ඇඟිල්ල ගගහා ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ ඇයි? :rofl:

    :lol: