මම කියන දේ ඔබතුමා තාම තේරුම් අරන් නෑ. ලංකාවෙ අපි ඉගෙන ගත්ත අධ්‍යයාපන ක්‍රමේ කිසිම වෘතීය මග පෙන්වීමක් සහිත අධ්‍යයාපන ක්‍රමයක් නෙවේ. අපේ ද්විතියික අධ්‍යයාපනය ඒ කියන්නෙ 6 වසරෙ ඉදන් 13 වසර වෙනකන් ඉගෙන ගන්න දේවත් තනිකර ගිරවා දැමීමක්, එතනින් එහාට තෘතියක අධ්‍යයාපනය ඒ කියන්නෙ පාසලෙන් අයින් වෙලා කැම්පස් යන එක ගත්තත් කැම්පස් වල තියන උපාධි පාඨමාලා කීයද වෘතියක් අරමුණු කරගෙන තියෙන්නෙ ?
මිනිහෙක් බිස්නස් කරල දියුනුවෙයි. එහෙම අයට කියන්නෙ සල්ලි තියන ම්නිස්සු කියල. ඒකට උගත්කම එකතු උනාම ඒක වෙනම ආභරනයක්.
උගත්කම මොනවගේද කියල බලන්නම ඔන්නම්, ඔයා අලුත් තැනකට (ව්‍යාපාරික නොවන) ගියාම ඔයාගෙ උගත්කම් ගැන මුකුත් නොකිය බිස්නස් එකක් කරනව කියන්න. එතකොට ඔයාට දක්වන පිලිගැනීමයි, උගත්කම ගැන දැනගත්තාම දක්වන පිලිගැනීමයි දෙකක් කියල දැනෙයි.
මෙන්න මේ කතාව අපේ ඔලුවලට දැම්මෙ සුද්දගෙ කාලෙ. මොකද සුද්දගෙ ඔෆිස් වල කලිසම් ඇදගෙන වැඩ කරන එක නම්බුයි කියල තමා ඒ දවස් වල අපේ ආච්චිලා සීයල හිතුවෙ. ඒ උනාට දැන් තත්ත්වෙ තනිකර වෙනසු මචන්. උපාධි අරගෙන අඩු පඩියට වාහනයක් වත් ගන්න බැරුව ජීවිතේ අසරණ වෙලා ඉන්න කී දෙනෙක් ඉන්නවද? එත කොට තමන්ගෙ ගෑනිට ළමයිට කන්න බොන්න දෙන්න බැරි නම් අම්මට තාත්තට සලකන්න බැරිනම් ඒ උගත් කම බම්බු ගහන්නද? කන්න බොන්න නැතුව ණය වෙලා උගත් කම විතරක් තියාගෙන ඉන්න මිනිහෙක්ට සමාජයෙන් මොන පිළිගැනීමක්ද?
අන්න ඒකයි මම කියන්නෙ. හැබැයි පොඩ්ඩක් හිතන්න ලංකාවෙ තියෙන අධ්‍යයාපන ක්‍රමය වෘතීය සුදුසු කමක් අරමුණු කරගත්ත නම්, අච්චු පොත් පාඩම් කරල විභාග පාස් වෙන එකාට වඩා ඇත්තටම වැඩක් දන්න වැඩක් පුලුවන් එකාට තැන දෙන ගොඩ එන අධ්‍යයාපන ක්‍රමයක් උනා නම් අන්න එදාට ලංකාව දියුනු වෙයි.
ඔයයි මම මෙතන දවසක් හරි වාද කරයි මේ ගැන. ඒත් ඇත්ත තත්ත්වෙ ලංකාවට විදේශ විනිමය ගේන්නෙ තාම ගාමන්ට් වල වැඩ කරන කෙල්ලො ටිකයි, හවුස් මේඩ් වලට රට ගියපු කෙල්ලො ටිකයි. ඒ එක්කනෙක්ට වත් ඔයා ඔය ත්ත්තවය ගැන කියන උගත්කමවත් සමාජ පිළිගෑනීමවත් නෑ. අර රස්සාවල් ටික නැත්නම් ඔයයි මමයි විතරක් නෙවේ ලංකාවම කොට උඩ, සහ බඩගින්නෙ. හේතුව ගාමන්ට් කෙල්ලො කොල්ලො සහ හවුස් මේඩ් කෙල්ලො හම්බ කරල ලංකාවට එවන ඩොලර් දීලා තම් අපේ රටේ ඉන්න උන් කන හාල් ටික හිටන් ගේනනෙ චීනෙන්. ඒත් අපි මොකද කරන්නෙ අර කෙල්ල ගාමන්ට් කෙල්ලෙක් අර කෙල්ල මැදපෙරදිගග ගෙවල් හොදනවා කිය කිය ඒ මිනිස්සුට තියන තත්ත්වය බාල්දු කරන එක. උන්ගෙන් කකා උන්වම චාටර් කරන එක. ඒකට හේතුව තමා ලංකාවෙ කිසිම ප්‍රායෝගික නැති පොතෙන් ගත්ත උගත්කම පෙන්නන කොළ කෑල්ලකට අපේ මිනිස්සු ත්ත්තවය කියල කියන එක.
මගේ මතය අපි රටක් විදියට හරි ඉස්සරහට යන්න නම් ඔය හණමිටි අදහස් අයින් කරල අපේ ඇටිටියුඩ් හද්නන වෙනවා. ඒත් ලංකාවෙම ඉන්න මිනිස්සු හදන්න මට බෑ. මට උවමනාවකුත් නෑ. මම මෙතන මේ කොල්ලට උපදෙසක් දුන්නෙ උගෙ ජීවිතය සාර්ථක කරගන්න. ඌ ඒක කරයිද නැද්ද මම දන් නෑ. ඒත් ජීවිතේ පැරදිලා කියල හිතන් ඉන්න කෙනෙක්ව තව පාගල දානවට වඩා ගොඩ එන්න වචනෙකින් හරි උදව්වුක් කරන එක තමා මම මනුස්ස කම විදියට දකින්නෙ.
මම ඒ කොල්ලට කිවුවෙ නෑ පලම්බර් කෙනෙක් වෙන්න කියල. ඔයා මගෙ පළවෙනි පෝසට් එකේ අන්තිම ඡෙදය ආපහු කියවන්න. මම කියන්නෙ ඌ රට ගියාම කෙල්ල ඉගෙන ගෙන ඉවර වෙනකන් කාටවත් අත නොපා ජීවත් වෙන්න ක්‍රමයක්. මම ඒ ඡේදයෙම කියල තියනවා ඒ පලම්බින් හරි පෙට්‍රල් සේඩ් එකක වැඩ කරල හරි මොන මගුලක් හරි කරල හම්බුකරන සල්ලි ටිකක් ඉතුරු කරන් ඌට කොස් එකක් හරි ඩිග්‍රියක් හරි කරන්න කියල කෙල්ල ඉගෙන ගෙන ඉවර උනාට පස්සෙ.
ඔයා කියන කතාව ඇත්ත. ඒත් ඔයා මෙතන ආකල්ප වෙනස් කරන එකකුයි, උගත්කමට ඇති තත්වෙයි, ලංකාව දියුනු කරන එකයි ගැන කිව්වට මම කියන්නෙ වෙනම දෙයක්. මම 7වෙනි පිටුවෙ දාපු කමෙන්ට් එක බලන්න. ටයිකෝට් කලිසම් නෙමෙයි, සරම ඇන්ද උනත් ඉගෙන ගත්තු බහුතරයකගෙ වෙනසක් තියනව. ජීවත්වෙන්න සල්ලි ඕනෙ, නය වෙලා අම්මට තාත්තට සලකන්න සල්ලි නැතුව ඩිග්‍රිය විතරක් වැඩක් නෑ, ඇත්ත. මේ කොල්ලට තියෙන්නෙ සල්ලි ගැනවත් වෙන ප්‍රශ්නයක්වත් නෙමෙයි. බැන්දට පස්සෙ එයාගෙ උගත්කම මදි එක ප්‍රශ්නයක් වෙයිද කියන එක. ලව් කරන්න ඩිග්‍රි සෙටිෆිකේට් එක ඕන නෑ. ඒත් මිනිස්සුන්ට තියනව ඇවතුම් පැවතුම් කියල දෙයක්. අන්න ඒවායින් උගතෙක් හා එහෙම නොවන කෙනෙක් වෙනස් වෙනව. අන්න එතනයි විවාහයට උගත්කම බලපාන්න ගන්නෙ. හිතරිදෙයි කියල ඇත්ත නොකිය ඉන්න එකට වඩා හදාගන්න පුලුවන් වෙලාවෙ අදාල කාරනේ පෙන්නන එක වටිනව මම හිතන්නෙ.
අවසාන වතාවටත් සරලව කියනවනම් මෙතන මේ කොල්ලට දියුනුවෙන එකේවත්, සල්ලි හම්බෙන එකේවත් ප්‍රශ්නයක් ගැන නෙමෙයි අහල තියෙන්නෙ. උගත්කම නිසා වෙන බහුතරයක් කොල්ලන්ට ලැබුන ඇවතුම් පැවතුම් මූට තියනවද කියන එක. කසාද ජීවිතේට උගත්කම බලපාන්නෙ එතනින්. 7වෙනි පිටුවෙ කමෙන්ට් එක බලන්නකො. මම කියන දේ තවමත් තේරුනේ නැත්නම් මම තවත් කියන්න යන්නෙ නෑ

