කෙල දන්සැලක් ද ඔබ ?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කෙල දන්සැලක් ද ඔබ ?

    ඔබත් මග දිගට තැන තැන කෙල ගස ගසා යන කෙනෙක් ද ?
    එසේ නම් නොදැනුවත්වම ඔබ ඒ කරන දෙය නිසා සිදුවිය හැකි අනිටු විපාකයක් මේ (බුදු දහම ඇසුරෙනි ):

    අප සතු කුසලාකුසල කර්‍ම් අනුව මරණින් පසු සසරට අනුගත වෙන්නෙමු.
    යමෙකු බලවත් අකුසල් හමුවේ ප්‍රේතයන් වී ඉපදෙති.
    මේ ප්‍රේතයෝ තමන්ගේ අකුසල කර්‍ම් අනුව දැඩි දුෂකරතා වල ගැලී පවු ගෙවති. ඇතමෙක් ජීවත් වන්නේ වැසිකිලි වලවල් තුළය.
    ඇතැමෙක් මිනිසුන් ගේ අසුචි, සෙම්, සොටු යනාදිය කා ජීවත් වෙති.

    ඉතින් ඔබත් මඟ දිගට තු: තු: ලෙසින් කෙළ ගස ගසා යන්නෙක් නම්; ඔබ පසු පසින් ඔබට නොපෙනී ඔබේ මීලඟ කෙළ පිඩ කන්නට පිටුපසින් එන්නෝ කවරහුද කියා හිතන්න.
    ඇතැම් විට ඔබ, පාරේ සිටින ප්‍රේතයින්, මෙඔ පුරුද්ද නිසාම දෙමාපියන්, බිරිඳ, දරුවන් සිටින ඔබේ නිවසටත් කැඳවාගෙන යනවා විය හැක.

    පොඩි කාලෙ අපේ අම්මලා කියල තියෙනව " තැන තැන් කෙළ ගහන්න එපා පුතේ" කියල.
    ප්‍රේතයෝ වේවා හෝ නොවේවා.. තැන තැන කෙළ ගැසීමන් රෝග බෝවෙනවා, අපවිත්‍ර වෙනවා, අනිත් අය අතර ඔබ අප්‍රසන්න වෙනවා.
    මීලඟ කෙළ පිඩ ගසන්නට පෙර චුට්ටක් හිතන්න. අර කට්ටිය ඔබ පිටුපසින් එනවා..!

    .
    real-ghost.jpg
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මට මතකයි පොඩි කාලෙ අපිට කියන්නෙ කෙළ ගහන්න එපා ලබන ආත්මෙ ගොලුබෙල්ලෙක් වෙලා ඉපදෙන්නෙ කියලා!
    වටිනා අදහසක් යාලුවා. මේක කියෝලා එහෙම කරපු එක්කෙනෙක් හරි හැදුනනම් ගොඩාක් වටිනවා
    2+ ~♥~
     
    • Like
    Reactions: චගු

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ලොල්වඩන;11495356 said:
    macho attada me seen 1 ?

    ammoo ,,

    මචන්.. බිම්සර රජතුමා එක දවසක් රාත්‍රියෙ හීනයක් දැක්කා:
    එයාගෙ සමහර මියගිය ඥාතීන්, විරූපී වෙලා, කෙට්ටු වෙලා, නිරුවත්ව එයාගෙ ඇඳ ලඟට ඇවිත් විලාප දෙනවා දැක්කා. රජතුමා ගොඩාක් බියටත් කනස්සල්ලටත් පත් උනා මේ නිසා. පහුවදාම බුදුරජාණන්වහන්සේ හමුවේ මේ සිද්දිය කිව්වා.

    තථාගතයන් වහන්සේ ප්‍රකාශ කලා " මහ රජ, ඒ අය නම් අකුසල් බලවත් වීමෙන් ප්‍රේත ආත්මවල උපන් ඔබේ ඥාතීන්මය" කියා. ඔවුන් සුවපත් කිරීමට දානාදී පින්කමෙහි යෙදෙන්නට කියා උන්වහන්සේ ප්‍රකාශ කලා.
    බිම්සර මහ රජ තුමා මහා දානමය පින්කමක් පවත්වා තම මියගිය අයට පින් අනුමෝදන් කලා. එදින රාත්‍රියේ එතුමා නැවතත් සිහිනෙන් මේ ප්‍රේතයින් දුටුවා..
    මෙවර ඔවුන් කෘශ නෑ.. නමුත් නිරුවතින්... යළිදු කනස්සල්ලට පත් රජු, මේ දුටු දේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සැල කලා. "මහරජ, ඔබේ මේ ප්‍රේතාත්මයට පත් ඥාතීන් ඔබේ දානමය පින්කම් හේතුවෙන් කුසගින්නෙන් මිදුනාහ, නමුත් පෙර අකුසල් හේතුවෙන් තවමත් ඔවුහු විළිවසා ගත් නොහී නුරුවතින් වෙති. ඒ අනුව ඔවුන් සුවපත් කිරීම අරභයා සුදුසු දාන දුන මැනවැය්"ඉ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල සේක.
    එදින මහ රජු ඇඳුම් යනාදී වස්ත්‍ර දානයක් පවත්වා පින් පෙත් මියගිය තම ඥාතීනට අනුමෝදන් කලේය. ඔවුන් වත්පිළි වලින් සැරසී සිටිනු ඔහු එදින සිහිනයෙන් දුටුවේය.

    මේ වගේ දේශනාවල් වලින් අපේ සම්මා සම්බුදු රජානණ් වහන්සේ ඕනි තරම් ප්‍රේතයින් ගැන අපිට ඉගෙනගන්න දේ දේශනා කලා මචන්. ඒ අය කරපු අකුසල් නිසා මහා දුක් විඳිනවා.. සමහරු මිනිසුන්ගෙ මල මුත්‍ර, කෙළ, සෙම් සොටු කා තමයි ජීවත් වෙන්නෙ. පුළුවන් නම් ප්‍රේත වත්ථු පොත හොයාගෙන බලන්න. මටත් ලැබුණොත් මම මෙතන ලින්ක් කරන්නම්. කොහොම උනත් ප්‍රේතයින් ට අපුල නොකර ඔවුනට පින් දිය යුතුයි අපි.

    කට්ටියටම ගොඩාක් ස්තුතියි.
    තෙරුවන් සරණයි.
    අපි දැහැමිව, අවබෝධයෙන් ජීවත් වෙලා, සසර දුකින් එතෙර වෙන්න try කරමු යාළුවනේ