කෙල වේලා රෙවිලා ඉන්නේ අදහසක් දීපල්ලකෝ

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මම කලේ IT degree එකක්. ඒත් මට stress handle කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මිට අවුරුදු 10/12 කට කලින් වුණ අහිමිහිරි මතකයක් එක්ක තමා stress handle කරන්න බැරි ප්‍රශ්නේ ආවේ. ඒ වෙලාවේ සහෝදරයෝ වගේ මට උදව් කලේ එළකිරියේ සුන්දර හදවත් ටිකක් තමයි. මුලින්ම ඒ රත්තරන් හදවත් වලට hats off machan...
    ඉතින් stress ප්‍රශ්නේ නිසා මම profession එක software engineer කියන එකෙන් අයින් වෙලා ඉන්නේ. මම ඒ නිසා කිසිම එහෙම job එකට apply කරන්නවත් යන්නේ නෑ. නමුත් මම IT වලට enter වුනේම web development පැත්තෙන්. මම ඉගෙන ගත්තේ language එකක් විදියට php. JAVA කරලා තියෙනවා. ඒක කලේ professional වෙන්න බලන් නෙමේ.
    තවමත් web development වැඩ වලට ආසයි. හැබැයි design වැඩ මට එච්චර බැහැ. අදහස් කලේ වෙබ් එකක් අවශ්‍ය කෙනෙක් සාම්පල් කලොත් මිසක මට 100% මගේ unique design එකක් හදල දෙන්න තරම් කලාත්මක ඇහැක් මට නෑ. ඒ නිසා මම කරන්නේ designers ල හදන artwork design web එකක් වෙනකම් develop කරන එක. මම ඉතින් ඔහොම කර කර ඉන්න අතරේ රජයේ ජොබ් එකක් ලැබුණා. සාමජේ උන්ගේ කීමත් එක්ක ඒ මගුලට ගියා. MSO grade III එකට ඉතින් අවුරුදු 3ක් විතර හිටියා ස්ථිර ස්වයේ. නමුත් මට කිසි ඉතිරියක් නෑ. ඒ නිසා මම අයින් වුණා. අයින් වෙලා ලංකාවේ company එකක කොල්ලෙක් එක්ක එකතු වෙලා project විදියට web sites, profile sites, ecom sites වගේ ඒවා කරන්න ගත්ත. හැමදාම වැඩ නම් නැහැ. හැබැයි රජයේ රස්ස්වෙන් මාස 4ක විතර ඉතුරු කරන ගාන මම එන එක වැඩකින් ඉතුරු කරගත්ත. මොකද නල්ල මලේ රජෙ ජොබ් එකෙන් මාසෙට 5ක් ඉතුරු කලෙත් පට්ට කට්ටක් කාල. ඉතින් මට ඒක මාර අස්වැසිල්ලක් වුණා. සමහර මාස වල නම් දැන් විදියට ආදායම් බද්ද වදින සීමාව පනින්න වැඩ සෙට් වුණා. හැබැයි සමහර මාස 2/3 නිකම්ම ඉන්න වුණා. නමුත් ඉතින් දවස් 25 ක් බොරුවට රස්සා කරලා හති වැටිලා ඉතුරු කරන රු 5000 වගේ නෙමෙයි මාසයක් වැඩ කරලා ඒ වගේ 5 ගුණයක් ඉතුරු කරල මාස 2/3 නිකන් ඉන්න එක.

    ඔහොම යද්දී තමා බබා හම්බුණේ. නෑ නෑ මට නෙමෙයි. එහෙන්ම ගෑනිට. නෑ යකෝ බිස්නස් වලට. කොරෝනා ඇවිල්ල ලෙසට කෙලල අරියනේ. අන්තිමට මිනිස්සු ලොස් වෙන්න ගත්තම අපිට ආව වැඩ නැතුව ගියා. තම තව පාර්ට් ටයිම් pos එකක් කරන් ගියා. ඒකත් අතැරලා දන්න වුණා customers ලා import banned එකත් එක්ක bankrupt වුණ නිසා.

    වෙබ් වැඩ වුණත් stress තමයි. ඒත් project wise නිසා ලොකු ප්‍රේසර් එකක් නෑ. company එක කරලා කොල්ලත් මට නිදහසේ වැඩේ කරන යන්න දුන්න වගේම මම Work From Home නිසා මට ලොකු stress එකක් තිබ්බෙත් නෑ. හැබැයි company boss ලා එකක පුක ගිනි අරන් වගේ වැඩ කරන තැනක මට ඉන්න බෑ කියල මම හොදටම දන්නවා. මගේ dream එක වුණේ මගේ pos එක ලංකාව පුරාම මධ්‍යම ව්‍යාපාරිකයා එක්ක ජනගත කරන එක. මම ඒකට අවශ්‍ය ගොඩක් දේවල් මමම කරගෙන ගියා. මනුස්සයෙක්ට pos එකක් use කරන්න දරන්න වෙන cost එක මාසෙට දවසක් ගල් බෝතලයක් ගහන ගානෙන් ශේප් වෙලා දුවන මට්ටමට ගේන්නයි මට ඕනේ වෙලා තිබ්බේ. SAAS විදියට අලෙවි කරන්න. සරලව කිව්වොත් පාරේ පලතුරු විකුණන කෙනාට පවා නම්බුවක් ඇතිව අවශ්‍ය නම් බිලක් දෙන්න හරි SMS invoice එකක් හරි යන්න විදියට සේරම දේවල් prototype කරලා testing එකේ තිබ්බේ. ඉතින් corona කාලෙත් එක්ක මේ හැම dream එකක්ම වතුරේ ගියා. නෑ නෑ හරියට කිව්වොත් ආදාහනය වුණා වගේ වැඩක් වුනේ.

    ඉතින් තිබ්බ මේන් target ඔක්කොම කෙල වුණාම ඊළගට එන්න ආව ප්‍රශ්නය තමා පරස්තාව. මම රෙජ්සිටර් වෙලා විතරයි හිටියේ. මේ වැඩ ටික තැනකට එනකම්. දැන් ඒවා සුම්ම. පුදුම ප්‍රේසර් එකක් තමා එන්න ගත්තේ හැම පැත්තෙන්ම. අනෙක නෑයෝ සහ වටේ ඉන්න අමන හැත්තට ඕනේ කෙල්ලෙක් කොල්ලෙක් දැක්කම වුනම කොහොම හරි එකට කුඩු කරන්න. කුඩු කරාට පස්සේ හැමිනවන්න. තව සමහර වුත්තියෝ ඇවිල්ලා ගෙදර මිනිස්සුන්ට ඔලුවලට දානවා දැන් කාලේ හරි ලේලි ගෙන්න ගෙදර වැඩ ටික කරන්න කියල. යකෝ ලේලියෙක් අහවල් එකටද වැඩ කාර කමට ගෑනියෙක් ගන්නවනේ පඩියක් දීලා. ඔය විස බිජ එක්ක ජොබ් එකක් නැති මම කියන මාතෘකාව තමා බරපතලම දේ. මම තමයි මේ ලෝකේ ලොකුම වැරදි කාරය වගේ. අන්තිමට ගැනිගේ ඔලුවටත් මේ විසබීජ හලනවා. ඉතින් ඉමියුනිටි බහිනකොට වයිරස් නගිනවනේ ආයේ කියන්න ඕනේ නැනේ. ඔව් දැන් මම තමා වැරදි කාරය.

    ඔය ඉන්න අස්සේ VTA එකේ instructor post එකකට සෙට් වුණා. මම කැමැත්තෙන් හිටිය දෙයක් තමා teaching. හැබැයි AL OL වගේ teaching වලට මගේ කැමැත්තෙක් නෑ. එකේ තියෙන්නේ ගාල කඩා ගත්ත ගව රේස් එකක් වගේ දෙයක්. මම ආස කලේ vocational training කරන්න. මොකද අයාලේ යන්න ඉන්න සෙට් එකක් හරි skill හොයන සෙට් එකක් හරිනේ එන්නේ. අනෙක පිනක්. ටික කලක් post එකේ වැඩ කළා. සරලව කිව්වොත් අදාළ branch එකේ හිටිය එකම කෙනා මම රජයේ වී.වී. එකක 1st degree එකක් තිබුණ. ඒ බ්‍රාන්ච් එකේ තව කෙනෙක් හිටිය degree තියෙන ඒවා පිට රට කඩවල ඒවා. ඉතින් පුදුම ආසාවෙන් වැඩේ කලේ. නමුත් කළමනාකාරිත්වය පට්ටම අසාර්ථකයි. ළමයි 28ක් 30ක් 20*30 වගේ කාමරේක කොටු කරගෙන ගිනි අව්ව තියෙන ටවුමක ගහක කොලක් නැතිව AC room එකක දවල් 11 වේ වෙද්දී AC එක overload වෙලා off වෙන වටපිටාවක වැඩ කරන යනවට මල් තියල වදිනවට විනා ඩිරෙක්ට අම්මණ්ඩිලා දාන්නේ වැඩ කරන එකාට තව තව වැඩ පටවන එක. VTA එකේ instructor post වලට යනවා දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතන්න ඕනේ. හරියට පඩියක්වත් නොදී හුරන් කනවා සුපිරි කෑමක්.

    ඔය කාලකංනි දේවල් එක්ක ආයේ එලියට බැහැල මගේ කියල ආයේ වැඩක් පටන් ගන්න හැදුවේ. ඒකට සේරම සුදානම් කර කර ඉන්නකොට තමා දකුණේ සාපය රාජපක්ෂලා රට බංකොලොත් කරලම දාල ඩොලර් එක අහසට උස යවල නනන්තාර කලේ. ඉතින් ප්‍රේසර් එක පුපුරා යන්න ගන්නේ දැන්. ඉතින් හැමෝගෙන්ම ප්‍රේසර් එක මට එන්න ගත්තේ. අන්තිමට මට web development වැඩක් කරනවා කිව්වත් ලගම අය පවා සමච්චල් කරන්න වගේ කතා කරන්නේ. ඒ අය වැඩක් ලබෙද්දීම ඔලුව අවුල් කරනවා. ඉතින් එන වැඩේ වත් හරියට කරගන්න බැරි වෙන තැනට පීඩනය වැඩි වෙලා තියෙන්නේ.

    ඒ අස්සේ තමා ඊලග පීඩනය එල්ල වෙන්න ගත්තේ රට පලයන් මෙහෙ ඉදල කරන්න දෙයක් නෑ කියල. ලේසියෙන් රට යන්න නම් IT වලින් පුළුවන්. නමුත් අර stress ප්‍රශ්නේ නිසා කාත් කවුරුත් නැති රටක ගිහිල්ල suicide කරගෙන body එක ලංකාවට එවන්න media වල viral වෙන topic හදන්න මට ආසාවක් නෑ. නමුත් මේක කවුරුත් පිළිගන්නෙත් නෑ. පාරට බස්සත් ගෙදර හිටියත් නෑ ගෙදර ගියත් ගෑනි එක්ක කතා කලත් චැට් කලත් අහන්නේ ඔය ටිකම තමා. වැඩේ උග්‍රම වුනේ හැම එකාම රැල්ලට රුමේනියා පටවන්න ගත්ත එකෙන්. ලගම කෙනෙක් රුමේනියා ගියා එදා ඉදල ඉතින් ලෝකයේ well developed country එක Romania වගේ තමා දැන්. කවුරුත් කයන්න කලින් මමත් නිකමට හෙව්වා IT වගේ jobs වලට එහෙ ඕනේ තරම් අය ඉන්නවා. ලේසියෙන් යන්න පුළුවන් ජොබ් තියෙන්නේ delivery rider, biker වගේ ජොබ්. ඒත් ඒවා සිත කාලෙට කරන්න පට්ටම අමාරුයි කියනවා. ඒ වගේම පඩිය USD 450/550 අතර වගේ. යවන agency කාරයොත් ලක්ෂ 11/15 අතරේ ඉල්ලනවා. සතේට ඉතුරු කලත් USD 500 කියන්නේ 1.50 ට ආසන්න ගානක් ලංකාවෙන්. ඉතින් ලක්ෂ 15 ක ලෝන් එකක් දාල අවුරුදු 2න් ගෙව්වත් පොලිය එක්ක ලක්ෂ 20 පැනලා. ඉතින් අවුරුද්දක්ම ණය ගෙව්වත් අවුරුදු 2කින් ලංකාවට එද්දී අරන් එන්න වෙන්නේ රු ලක්ෂ 20ක් වගේ නම් මොනාද කරන්න පුළුවන්. අවුරුදු 2ක් කැප කරලා ආයේ ලංකාවට එද්දී ලක්ෂ 20න් කිරි පිටි එකක්වත් ගන්න පුළුවන් වෙයිද මන්ද. එක්කෝ ඒ රටක සේටල් වෙන්න වෙනවා. එකත් කියන තරම් ලේසි නෑ. මට නම් IELTS අතෙත් නෑ. අනෙක මට පුංචි කාලේ ඉදල උදව් කරපු මිනිස්සු ටික හලලා ඕනේ මගුලක් කියල හිත හදාගෙන අම්මල තාත්තලව හලලා ගිහින් නවතින්න තරම් හදවතක් මට නෑ. ඒකත් කරන්න තිබ්බ එහෙ සේටල් වෙලා මෙහෙ ඉන්න දෙන්නට උපරිම සැප දෙන්න වැඩ කරන්න පුළුවන් profession එකක income එකක හිමිකරුවෙක් නම්. අනෙක මට කඩ්ඩ කොහොමත් හොදටම බෑ. බැසිල්ට වඩා නම් වචන දන්නවා.

    ඉතින් දැන් රට වල ඉන්න නෑයෝ එකක් සලකලා බලල මාව උපරිම psi ගානකට pressure කරලා තියෙන්නේ. සමහර දේවල් කියන්නේ පෙවන්නේ මට පෙන්නමද මන්දා. අරහේ ගියාලු. ඇපල් කනවා වීඩියෝ එව්වලු. එහෙ සුපිරිලු. මේ ගොබ්බ රටේ මොනවද තියෙන්නේ. ඒ රටවල් සුපිරිනේ. වගේ දේවල් කියා කියා මාව pressure up කරනවා. එහෙම කළා කියල මට යන්න තැනක් නෑ. අනෙක මේ දවස් වල මම හොයනා පරිදි teaching vacancy එකක්වත් web developer/web admin/ web master වෙකන්සි එකක්වට්ග් vocational training වෙකන්සි එකක්වත් හොයා ගන්න නෑ. තාම ගෙයක් දොරක් නැති එකේ ඉදලම highlight කරන කුරිරු සමාජෙක ඉන්නේ.

    මොකක්ද මචන්ලා කරන්න පුළුවන් මේ වගේ වෙලාවක. මම කලින් ඩිලිවරි වැඩ කරපු නිසයි delivery rider jobs ගැන හරි බැලුවේ. හෙව්වම එවයි පඩි අඩු එක සිතල සහ හරි හමන් නවාතැන් පහසුකම් නොදෙන එක ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. ඒවගේම එජෙන්සි වලට යට කරලා යන්න සල්ලියක් නෑ. online apply කරලා වැඩෙත් එච්චරම් සාර්ථක නෑ. මේ හැමෝම කියන විදියට මොනා හරි මගුලකට ගිහිල්ල ආත්මේ කැප කරලා දුක්විදින්නද වෙන්නේ ඉස්සරහට අපි වගේ (30y) අයට?

    උබලගේ අදහසක් දාපන්කෝ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    අරහේ ගියාලු. ඇපල් කනවා වීඩියෝ එව්වලු.
    මෙව්ව නම් මටත් වෙලා තියෙනව. මම කෙලින්ම කිව්ව මන් ගැන හොයන්න එපා කියල. අම්මටත් කියල තියෙන්නෙ ගැනු හොයන්න ලැස්ති වෙන්න එපා අහක යන ගූ ගොඩවල් ගෙනල්ල කන්න බොන්න දීල තව කුණු කතාත් අහන්න බැ කියල. මට දැන් කවුරුත් මුකුත් කියන්නෙ නැ මන් තනියම ගෙමක් ගහගෙන යනවා. උබත් ගෙදරින් අයින් වෙලා හරි තනියම ගෙමක් ගහන්න පටන් ගන්න මචන්. වෙන විසදුමක් නෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    මට හිතෙන විදිහට මචන්. ජොබ් කරන උන් දිගටම ජොබ් කරන්න ඕනි කාගෙන හරි. තමන්ට 90%වත් ෂුවර්නම් තමන්ගෙම දෙයක් සක්සස් වෙනවා කියලා ඒකියන්නේ ජොබ් වලින් අයින් වෙන එක ඕකේ. ඊළඟට තමයි එක එක මගුල් නොකර ඉන්න එක. එක පාත් එකක කොහොමද ස්ටේබල් වෙන්නේ නැත්තං?

    ඩිග්‍රි එකයි එක්ස්පීරියන්ස් එකයි එක්ක project manager වගේ පොසිෂන් එකක් බැලුවොත් නරකද? අමාරුනම් MSc එකක් කරලා ආපහු ට්‍රයි කරන්න මෙච්චර කල් හිටපු එකේ තව අවුරුද්දක් ඉන්න එක අමාරු නෑනෙ?

    @WANIK KOTA වගේ ඩිග්‍රිය නලලෙ තියාගත්තු බවක් පෙන්නුම් කරනවා උඹෙන් ඒක නම් ගලවලා දාන්නම වෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Marenakan society pressure eken nan berenna wenne ne.adu gane lamayage skin color ekata hari adayak hoyanawa.
     
    • Sad
    Reactions: nipunahasanka

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    මොකක්ද මචන්ලා කරන්න පුළුවන් මේ වගේ වෙලාවක. මම කලින් ඩිලිවරි වැඩ කරපු නිසයි delivery rider jobs ගැන හරි බැලුවේ. හෙව්වම එවයි පඩි අඩු එක සිතල සහ හරි හමන් නවාතැන් පහසුකම් නොදෙන එක ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. ඒවගේම එජෙන්සි වලට යට කරලා යන්න සල්ලියක් නෑ. online apply කරලා වැඩෙත් එච්චරම් සාර්ථක නෑ. මේ හැමෝම කියන විදියට මොනා හරි මගුලකට ගිහිල්ල ආත්මේ කැප කරලා දුක්විදින්නද වෙන්නේ ඉස්සරහට අපි වගේ (30y) අයට?
    යාලුවා ඔයාගේ ප්‍රශ්ණ වලට උත්තරය නම් මේක නෙමෙයි. Romania delivery rider කියන්නේ දවසේ පැය 20ක් වගේ කාලේ නාස්ති කරන අමු කට්ටක් USD 500ට.
    මගේ අදහස නම් ඔයාගේ skill එකෙන් business එකක් පටන් ගන්න. ලොකු investment නැතුව.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    ubata hari yanne QA jobak wage tamai mata nan hitenne IT patten. :yes: QA side ekata yanna try ekak dipan. anith eka ai bn oya eka ekaa kiyana dewal karanna yanne. ubata oona de karapan.
     
    • Like
    Reactions: nipunahasanka

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ටීචින් වලින් නං සෑහෙන්න දුරක් යන්න පුලුවන් ඔය ඕස්ට්‍රේලියා වගේ රටකට ඇප්ලයි කලොත්. ට්‍රයි එකක් දීලා බලපං
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,851
    8,078
    113
    මෙන්න මෙතන...
    Ubage prashne sahena details ekka mula idan agata liyala tynwa hodata terena wdyt kiyawana ekekta..natnam meke samahara un dana ewa kiyawala terum ganna giyama apitat coil wenwa..pluwn nam gedarin poddak ath wela taniyama gemak gahanna balapan..gedara innakota tmai oya anith hamogenma pressure eka enne..good luck
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    මගේ යාලුවෝ මගේ නෑයෝ හැමෝම වගේ මට වඩා ඉහලට ගියපු සල්ලි කාරයෝ..මට හරියි කියල හිතෙන දේ මම කරන්නේ..උපදෙස් දෙන්න උන් ඕන තරම් ඉන්නවා..ණයක් ඉල්ලුවොත් වාෂ්ප වෙනවා