අපේ ගෙවල් ලඟ ගෙදරක් තියෙනව ඉස්සර වගේමයි අඩුම කපලාදු කරලවත් නෑ එක කාමරයයි, කුස්සියයි. හිටියෙ අම්මයි පුතයි, නංගියි. මේ යකා එක එක දේවල් ට්රයි කරා, ටියුෂන් කරන්න ට්රයි කරා, කුබුරු කරා, සපත්තු හදල විකුනන්න ට්රයි කරා ඔය ටික තමයි දන්නේ.
මුන්ට අක්කර 2කක විතර කුබුරක් තියෙනව. මූ කුබුරත් කර කර හිටිය කිසි දියුනුවක් පේන්න තිබ්බෙ නෑ. මීට අවුරුදු 5කට විතර කලින් මූ කුබුරෙ කෙහෙල් දාල තිබ්බ. පාරෙ යනකොට පේනව. කෙහෙල් පරඩැල් වලින්ම තමයි වැට ආවරණය කරල තිබ්බෙ.
ආරංචි විදියට මූ අක්කර බර ගානක් කරනවලු බද්දට අරං.
මූට බන් දැන් මාර විදියට සරුයි. ටවුම ලඟින් ඉඩමක් අරන් අංග සම්පූර්ණ තට්ටු දෙකේ ගෙයක් ගහල. ඒ ගේ වැඩ කෙරෙනව මාස ගානක් තිස්සේ දැක්කත් ඒක උගේ කියල දන්නේ ලඟදි. තව ඌට දැන් අර පොඩි බැකෝ එකක් තියෙනව කෙහෙල් වලවල් කපන්න, මහ ට්රැක්ටර් එකකුයි ටේලරේකුයි තියෙනව. බයික් 4ක් තියෙනව.
හොඳම වැඩේ කියන්නේ බන් මේ යකා අද premio සුදු පාට අර අලුත් මූන තියෙන එකක් ගෙනල්ල, මම දැක්ක පොර යනව නම්බර් ප්ලේට් නෑ තාම කාඩ්බෝඩ් එල්ලන් ඉන්නේ. ඒදැක්කට පස්සේ තමයි මේ ත්රෙඩ් එක දාන්නත් හිතුනේ ඉරිසියාවකට නෙමේ බන් කෙහෙල් වලින් මෙච්චර හොයන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑ.
හැබැයි දැන් ගොඩක් කුබුරු වල ගොයම් වෙනුවට මිනිස්සු කෙසෙල් තමයි දාන්නේ. අනිවා හොඳ ඇති.
මේකෙ නැද්ද බන් කෙසෙල් කරන උන්. මගෙත් ගොඩ ඉඩමක් තියෙනව අක්කර කාලක් විතර. මටත් ආසාවක් ආව බන්.