කෙසෙල් වගාවෙන් මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මගෙත් හෙන ආසාවක් තියනවා බං පොඩියට ෆාම් එකක් කරන්න. කෙසෙල පොල් අන්නාසි වගේ දේවල් දාලා පොඩියට බ්‍රීඩින් කරන්නත් එක්ක. දැම්ම නම් කරන්න බෑ මගේ කරන බිස්නස් එක පොඩ්ඩක් ස්ථාවර උනාම පටන් ගන්න. කුරුණෑගල - පොල්පිතිගම- වාරියපොල - දඹුල්ල වගේ පැති වල ලොකු ඉඩම් තියනවා විකුණන්න. ගම් කුකුල් බිත්තර, වටු බිත්තර වලටත් හොද ඉල්ලුමක් තියනවා. එතකොට ෆාම් එකට ඕන පොහොර ටික අපිටම හදාගන්න පුලුවන්. Export Market එක ටාගට් කරගෙනම කරනවා නම් හොද ඉල්ලුමක් තියනවා. මාවනැල්ලේ අපේ ගෙවල් ලග මාමා කෙනෙක් පොරගේ කුඹුරෙයි කනත්තක් බදු අරගෙන ඒකෙයි කෙසෙල් දාලා තියනවා. අතුරු බෝගයක් විදිහට අන්නාසි දාලා තියනවා. පොර උගේ ගේ හැදුවා ලස්සනටම, පුතාට ඉඩමක් අරන් තට්ටු දෙකට ගේ හදලා දුන්නා. උට ලොරියක් අරන් දුන්නා. කෙල්ලගේ වෙඩින් එක ලොකුවටම කරලා බන්දලා දුන්නා. පොරත් හොදට ෆිට් 1කේ ඉන්නවා. වත්ත සුද්ද කරන්නේ කෙසලේ කපන්නේ ඔක්කොම කරන්නේ ඒ මාමා. මාර උත්සාහවන්තයයි, ඒ වගේම කඩිසරයි. පොඩ්ඩක්වත් කම්මැලි නෑ. උදේ 6 විතර ඉදලා කරුවල වැටෙනකම් වැඩ
    duwa wa badagaththa nam oya okkoma hambenawane.
     
    • Love
    Reactions: NaiRobi

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    අපේ ගෙවල් ලඟ ගෙදරක් තියෙනව ඉස්සර වගේමයි අඩුම කපලාදු කරලවත් නෑ එක කාමරයයි, කුස්සියයි. හිටියෙ අම්මයි පුතයි, නංගියි. මේ යකා එක එක දේවල් ට්‍රයි කරා, ටියුෂන් කරන්න ට්‍රයි කරා, කුබුරු කරා, සපත්තු හදල විකුනන්න ට්‍රයි කරා ඔය ටික තමයි දන්නේ.

    මුන්ට අක්කර 2කක විතර කුබුරක් තියෙනව. මූ කුබුරත් කර කර හිටිය කිසි දියුනුවක් පේන්න තිබ්බෙ නෑ. මීට අවුරුදු 5කට විතර කලින් මූ කුබුරෙ කෙහෙල් දාල තිබ්බ. පාරෙ යනකොට පේනව. කෙහෙල් පරඩැල් වලින්ම තමයි වැට ආවරණය කරල තිබ්බෙ.

    ආරංචි විදියට මූ අක්කර බර ගානක් කරනවලු බද්දට අරං.

    මූට බන් දැන් මාර විදියට සරුයි. ටවුම ලඟින් ඉඩමක් අරන් අංග සම්පූර්ණ තට්ටු දෙකේ ගෙයක් ගහල. ඒ ගේ වැඩ කෙරෙනව මාස ගානක් තිස්සේ දැක්කත් ඒක උගේ කියල දන්නේ ලඟදි. තව ඌට දැන් අර පොඩි බැකෝ එකක් තියෙනව කෙහෙල් වලවල් කපන්න, මහ ට්‍රැක්ටර් එකකුයි ටේලරේකුයි තියෙනව. බයික් 4ක් තියෙනව.

    හොඳම වැඩේ කියන්නේ බන් මේ යකා අද premio සුදු පාට අර අලුත් මූන තියෙන එකක් ගෙනල්ල, මම දැක්ක පොර යනව නම්බර් ප්ලේට් නෑ තාම කාඩ්බෝඩ් එල්ලන් ඉන්නේ. ඒදැක්කට පස්සේ තමයි මේ ත්‍රෙඩ් එක දාන්නත් හිතුනේ ඉරිසියාවකට නෙමේ බන් කෙහෙල් වලින් මෙච්චර හොයන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑ.

    හැබැයි දැන් ගොඩක් කුබුරු වල ගොයම් වෙනුවට මිනිස්සු කෙසෙල් තමයි දාන්නේ. අනිවා හොඳ ඇති.

    මේකෙ නැද්ද බන් කෙසෙල් කරන උන්. මගෙත් ගොඩ ඉඩමක් තියෙනව අක්කර කාලක් විතර. මටත් ආසාවක් ආව බන්.
    උබ වගාකරන්න එපා
    උබට හොද හැකියාවක් තියෙනවා අනුන්ගෙ රෙද්දවල් හොයල
    පටන් ගනින් චීත්ත බිස්නස්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    කෙසෙල් දාන එක හොදයි මචන්. ආනමාළු, කොලිකුට්ටු, පූවාලු වගේ එවා කරනවා නම් හොද මාකට් එකක් තියනවා. හරියට පොහොර දාලා පැල හිටවනවා නම් කෙසෙල් කැනක් අඩුම කිලෝ 15-20ක් තියනවා. මේ දවස් වල ටිකක් මිළ අඩු උනාට ගොඩක් කාල වල 100ට උඩින් කපනවා කිලෝ එකක්. කීල්ස් - ෆුඩ්සිටි වගේ එකක සප්ලයි සෙට් කරගත්තා නම් පේමන්ට් ෂුවර්. හොද මිලකුත් තියනවා. කොලිටි 1කට බඩු දෙන්න විතරයි තියෙන්නේ . අප්පච්චී පර්චස් 40ක විතර දාලා තියනවා ඇඹුල්, රබර් කෙසෙල්. මාසෙකට 4000ක් විතර හොයනවා කෙසෙල් කපලා. ගස් වලට අලුහුණු දාලා, දිරපු පිදුරු දාලා හිටවන්නේ. සාමාන්‍යෙයන් කෙසෙල් කැනක් කිලෝ 20ක් විතර තියනවා.
    පර්චස් 40 න් 4000 ද බන් මාසෙට එන්නෙ? අලාභ නැද්ද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ඇම්බන්, ආනමාලු, සුවදැල්, කෝලිකුට්ටු, රත්කෙසෙල් වගේ කෙසෙල් වර්ග මිළ වැඩී. වයිෆ්ගේ තාත්තා ගිය සතියේ ආනමාලු කෙසෙල්කනක් විකුණුවා අඩි 4ක් විතර උස එකක්. 4500ක් ගත්තා කීවා. එයා කුස්සියේ සිංක් එකේ වතුර ලයින් එකයි නාන වතුර යන ලයින් එකයි හරවලා තියෙන්නේ කෙසෙල් පදුරු වල මුලට. සාමාන්‍යයෙන් කෙසෙල් කැනක් කිලෝ 20කට වඩා තියනවා. ඒ වර්ග වල මිල බහින්නේ නෑ. සීනි කෙසෙල් , ඇඹුල් කෙසෙල් මිල මේ දවස් වල ගොඩක් අඩුයි කිලෝව 80-70ට ගන්නේ. අපි ගන්න ගියත් කිලෝව 100ට වගේ දෙන්නේ ඉදුනු එක.
     
    • Love
    Reactions: dhanuka kumara