කෙසෙල්_ගෙඩියේ_මැවෙන_විස්මිත_රූ!

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
කෙසෙල්_ගෙඩියේ_මැවෙන_විස්මිත_රූ!




තැළුණු කෙසෙල් ගෙඩියක් දැක්කාම ඔබට අප්පිරියාවක් ඇතිවෙනවා සිකුරුයි! ඒත් මේ ජපන් සිත්තරාගේ අතින් පිරිනැමෙන මේ කෙසෙල් ගෙඩි දැක්කා ම ඔබට සුන්දර හැඟීම් ඇති වෙනවා නොඅනුමානයි.

ජපන් ජාතික සිත්තරා කෙසෙල් ගෙඩිය මත අල්පෙනෙත්තෙන් මවන රූ ඇත්තෙන් ම විස්මිතයි! ඔහු නමින් දයිසුකේ ස්කාගාමි (Daisuke Skagami) වුනත් මේ කෙහෙල් ගෙඩි කලාව ඉදිරිපත් කරන්නේ එන්ඞ් කේප් (End Cape) කියන නමින්.


article-2507301-1967B1B900000578-84_634x821.jpg
බනානා ලෙල්ලේ මේ මොනා ලිසාගේ රුව නම් කර ඇත්තේ ‘නනා ලිසා‘ කියලයි. මේ විදියට ඒ සුන්දර රුව ඔබ කවදාවත් දැකල නැතුව ඇති.

දැනට 40 හැවිරිදි දයිසුකේ අපූරු අදහසක් තමයි මේ ලෝකයට දෙන්නෙ. කෙසෙල් ලෙල්ල අල්පෙනෙත්තකින් සීරීමෙන් තමයි, ඔහු මේ හපන්කම කරන්නෙ. මේ කලාව කෙසෙල් පච්ච කලාව (banana tattooing) කියලා හඳුන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන් මෙය අයත් වන්නේ ‘පොයින්ටලිසම්’ (pointillism) කියන චිත‍්‍ර මාධ්‍යයටයි. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ඉංගී‍්‍රසි සිංහල ශබ්දකෝෂයේ මෙයට සිංහලෙන් දී ඇති නම ‘ලක්ෂ්‍යවාදය’ නැත්නම් ‘බින්දුචිත‍්‍රකරණය’ යි. මා මෙය ‘තිත් සිත්තම්’ කියා හඳුන්වන්න කැමතියි.

‘පොයින්ටලිසම්’ කියන චිත‍්‍ර මාධ්‍යයෙදි පින්තූර අඳින්නේ මූලික හෙවත් ප‍්‍රධාන වර්ණවලින් යොදන තිත් මගින්. කඩදාසියක් මත සිහින් තුඩකින් තබන වර්ණ තිත්වලින් තමයි, චිත‍්‍රය මැවෙන්නෙ.


මේ සිත්තරාට මෙවැනි නිර්මාණයක් කිරීමට සාමාන්‍යයෙන් පැය පහක් පමණ ගත වෙනවා. ඇමෙරිකාවේ රෂ්මෝර් කන්දේ නෙලා ඇති ජාතික ස්මාරකය, මොනා ලිසා රුව, වර්ජින් ආයතනයේ ප‍්‍රධානියා රිච්ඞ් බ‍්‍රැන්සන් වැනි රූපවලට ඊටත් ටිකක් වැඩි වේලාවක් ගත්තා.


ඔහු ජිග්සෝ ප‍්‍රහේලිකා රටාවල් සිත්තම් කර තියෙනවා. ජපන් නළුවකු වූ සෙයි හිරයිසුමීගේ මුහුණ සිත්තම් කළා.


මේ ඉදුණු බනානා කෙසෙල් ගෙඩියක් දවස් දෙකකට වඩා තියා ගන්න බෑ. ඒකට ක‍්‍රමවේදයක් සොයමින් තමයි, අපේ සිත්තරා දැන් වෙසෙන්නෙ.


article-2507301-1967AFF300000578-609_634x700.jpg
ලෝක ප‍්‍රකට බහුව්‍යාපාරික සමාගමක් වූ වර්ජින් සමූහයේ සභාපති රිචඞ් බ‍්‍රැන්සන්ගේ රුව එන්ඞ් කේප් විසින් එක් අල්පෙනිත්තක් භාවිත කොට කෙසෙල් ලෙල්ල මත කොටා ඇති අයුරු.

article-2507301-1967B15100000578-497_634x733.jpg
චිත‍්‍ර ශිල්පියාගේ උනන්දුව තිතටම තියෙනවා. මේ ඇමෙරිකාවේ රෂ්මෝර් කන්දේ නෙලා ඇති ජාතික ස්මාරකයයි. ඓතිහාසික වැදගත්කමක් ඇති ජනාධිපතිවරුන්ගේ රූප සමූහයක් තමයිථ මෙහි ඇත්තේ. කෙසෙල් ගෙඩිය කෙළවරේ මේ රූපය කෙටූ අල්පෙනෙත්ත ගසා තිබෙනවා ඔබට පෙනෙනවා ඇති.

බලන්න දැන් එන්ඞ් කේප් කෙසෙල් ලෙල්ල සිත්තම් කරන හැටි!

article-2507301-1967B00F00000578-219_306x423.jpg
article-2507301-1967B17500000578-912_306x423.jpg


ජපන් නිරූපණ ශිල්පිනියක හා බ්ලොග් රචිකාවක වූ කියාරි පෑම්යූ (Kyary Pamyu) හා ජපන් නළු සෙයි හිරයිසුමී (Sei Hiraizumi) ගේ කෙසෙල් ලෙලි මුහුණු මේ කේප් සිත්තරා සිතුවම් කර ඇති අයුරු.

article-2507301-1967AF7F00000578-863_634x396.jpg
කෙසෙල් ගෙඩියක මැවූ ජීග්සෝ රටාවක්.

article-2507301-1967AF7300000578-532_634x566.jpg
පරිගණකයෙන් මවා ජපානයෙන් ලොවට දුන් අතථ්‍ය යථාර්ථ ගායිකාව වූ හැට්සුනේ මිකු

article-2507301-1967AF6B00000578-487_306x423.jpg
article-2507301-1967AFA100000578-761_306x423.jpg
පැය පහක් පමණ ගත කොට සිතුවම් කළ මෙය තොෂුසායි ෂරාකු ලෙස නම් කර තියෙනවා. ඒ සමග අනික් පැත්තේ වෙනත් රටාවක්.

article-2507301-1967AFEB00000578-431_634x379.jpg
සාමාන්‍ය කෙසෙල් ගෙඩියකින් මකරකු මැවූ අයුරු

article-2507301-1967AFD900000578-305_634x429.jpg
තවත් ජිග්සෝ රටාවක්

article-2507301-1967AFCD00000578-75_306x423.jpg
article-2507301-1967AFFF00000578-984_306x423.jpg
අපේ සිත්තරා හැට්සුනේ මිකූ නිමවූ හැටි (වමේ) පොක්මන් කාටූන් චරිතයක් වූ පිකාචු සතුටින් ඉපිල ගිය අවස්ථාවක්.

article-2507301-1967AFAE00000578-140_634x503.jpg
පැය ගණනක් මහන්සිවෙලා ඇඳලා කෙසෙල් ගෙඩිය මැලවෙන්න ඉස්සරවෙලා තමන්ගේ කලාව කන එක තමයි ශිල්පියා කරන්නෙ. ඒත් ඊට කලින් පින්තූරයක් ගන්න අමතක කරන්නේ නෑ. ඒ නිසා තමයි, අද මෙහෙම ඔබ දකින්නෙ.

article-2507301-1967B1D200000578-871_634x617.jpg
මේ සිත්තමට රටාව ගත්තේ මැහුම් පොතකින්.

article-2507301-1967B0E100000578-704_634x592.jpg
මේ සිත්තම් ජපන් රූපවාහිනියෙන් පසුගියදා විකාශය කෙරුණා. ඒ වගේ ම තෝකියෝ නගරයේ ප‍්‍රදර්ශනයක් ද පැවත් වුණා.





ගත්තේ "මල් කැකුළු" එකෙන්...