සමාජේ ගොඩක් පිරිහිලා බ්‍රෝ අද කාලේ TV එකේ යන news දැක්කමා පුදුම විදියට කම්පාවක් ඇති වෙන්නේ මිනිස්සූ කොහොමද මෙහෙම කරන්නේ කියලා හිතෙනවා..බලපන් මේ ටිකේ අහපු දේවල්..එන්න එන්න තාක්ශනය දියුනු වෙනවත් එක්ක මිනිස්සූ ගොඩක්ම පිරිහිලා යනවා..පොඩි දේත් ඇති අනෙක් එකාව මරලා දාන්න..අක්කා නන්ගිව මරන, මිනිහා ගෑනිව මරන, කොල්ලා කෙල්ලව මරන එකී නොකී සියලුම දේවල් අද අහන්න වෙලා..ඉස්සර උනේ නෑ කියන්න බෑ ඒත් අද ඒක සාමාන්‍ය තත්වයට පත්වෙලා..මිනිස්සු ගොඩක් ආතතියෙන් , තරහෙන් ඉන්නේ ඒනිසා පොඩි දෙයක් උනාම් ඇති..
බෙදෙන්න පුලුවන් හැම දේකින්ම බෙදිලා අපේ උන්, එලකිරි එකේ උනත් බලපන්..අපි බලන්නේ අපිට ඕන විදියට උනාට දැන් අපි බලන්නේ අපි කැමති දේශපාලන පක්ශයට අදාලව , ේව්වදාවත් දැකලත් නැති කවදාවත් අපිට උදව්වක් කරලා නැති එකෙක් වෙනුවෙන් අපේ ලගින් ඉන්න යාලුවත් එක්ක තරහා වෙනවා, මරාගන්නවා..මොකක් වෙනුවෙන්ද? අන්තිමට ලැබෙන්නේ මොකක්ද? ලගින් හිටපු එකත් නැති වෙනවා.
මන් නම් හිතන්නේ නෑ බන් මේ යන විදිය වෙනස් වෙයි කියලා, අනෙකා ගැන හිතන, සල්ලිම පස්සෙ පන්නනේ නැතුව මනුස්සම කම තියෙන මිනිස්සු ඉදී කියලා, අනෙකවත් කපාගෙන තමන්ගේ අරමුනු වලට යන හෙන ආත්මාර්තකාමී කුහක මිනිස්සුන් එක්ක ඉන්න වෙනවා..