කෙහෙල් ලෙල්ල....

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කෙසෙල් යනු විටමින් සහ ඛනිජ ලවන වලින් පොහොසත් ඉතාමත් රසවත් පළතුරක්. කෙසෙල් වල විටමින් B6, විටමින් C, මැන්ගනිස්, පොටෑසියම් යන ඛනිජ ලවනත් අඩංගු වෙනවා...
    කෙසෙල් වලට පුළුවන්ලු අපිව ඔස්ටියෝපොරෝසිස්, දියවැඩියාව, හෘද රෝග වගේම අපේ ආතතිය අඩු කිරීමට වගේම ආහාර ජීර්ණය පහසු කිරීමටත් උදව් වෙනවා..

    461vcQ.jpg

    ගෙඩිය කෑවට අපි ලෙල්ල විසික් කරනවනේ.. ලෙල්ල උනත් ගන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවලුනේ...

    Inf7ZE.jpg

    1. මදුරු දෂ්ටනයදී..

    කෙසෙල් ලෙල්ලේ ඇතුලත කොටස මදුරු දෂ්ටනය සිදුකරනු ලැබූ ස්ථානයේ ඇතිල්ලීමෙන් කසන ගතිය සහ ඉදිමුම අවම කරගන්නට හැකි බව වැඩි දෙනෙක් විශ්වාස කරනවා. එය සනාත කිරීමට හැකි විද්‍යාත්මක සාක්ෂි නොමැති වුනත්, මදුරු දෂ්ටනයේ දියරයන් උරාගැනීම නිසා ඉන් සහනය සැලසෙනවා යන්න සිතන්නට පුළුවන්.

    2. සපත්තු ඔපදැමීමට..

    කෙසෙල් ලෙලි යනු සපත්තු පොලිෂ් වෙනුවට භාවිතා කළහැකි හොද විකල්පයක්. කෙසෙල් ලෙල්ලේ ඇතුලත කොටස සපත්තුවේ මතුපිට අතුල්ලා ඉන් පසුව මෘදු රෙදි කඩකින් පිසදාගන්න. සපත්තු පොලිෂ් වල දැකගත හැකි පොටෑසියම් කෙසෙල් වලද අන්තර්ගතයි. කෙසෙල් වල ඇති ස්වභාවික තෙල් ලෙදර් එක තුලට විනිවිද යාම නිසා ඉන් සපත්තුවේ ආයු කාලයද වැඩි වෙනවා.

    3. දත් සුදු කරතහැක්ලු..

    කෙසෙල් වල ඇති පොටෑසියම් වල උපකාරයෙන් තමයි දත් සුදුවීම සිදුවෙන්නේ. මේ සඳහා හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක ලෙලි භාවිතා කරන්න. මොකද , හොඳින් ඉදුණු කෙසෙල් වල තමයි පොටෑසියම් බහුලවම පවතින්නේ. කෙසෙල් ගෙඩියේ උඩ කොටසේ සිට පහල දක්වාම ඇති කෙසෙල් ලෙල්ලක් ගෙන කෙසෙල් තලපයන්ගෙන් දත් හොඳින් ආවරණය වනතුරු කෙසෙල් ලෙල්ල දත් මත පිරිමදින්න. මිනිත්තු දෙකක් පමණ යනතුරු මෙලෙස පිරිමැදීමෙන් පසුව මිනිත්තු දහයක් පමණ යනතුරු එය තිඛෙන්නට ඉඩ හරින්න. දැන් දත්මත ඉතුරුවී ඇති අවශේෂ කොටස් සියල්ලම ඉවත් වෙන ලෙස දත්ඛෙහෙත් භාවිතා කරමින් සාමාන්‍ය ලෙස දත් මැදගන්න.

    4. සම මත ඇනී ඇති කීරි (ලී පතුරු) ඉවත්කරගැනීම.

    සම මත ඇනී ඇති පතුරු ඉවත් කරගැනීම සඳහා කෙසෙල් ලෙලි උදව් වෙන බව ලෝකයම පිළිගත් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වන (ඕ ඉසෙඩ්) මහතා පවසනවා. පතුර ඇනී තිඛෙන ස්ථානය මත කෙසෙල් ලෙල්ලක් තබා කෙසෙල් ලෙල්ල ස්ථාවරව එම ස්ථානය මත පවතින ලෙස වෙළුම් පටියක් යොදන්න. රාත්‍රියක් පහන්වන තුරු හෝ පැය කිහිපයක් පමණ එය තිඛෙන්නට ඉඩ හරින්න. කෙසෙල් ලෙලි වල ඇති එන්සයිමයන් සම මෘදු කරන නිසා සම මත ඇනී තිඛෙන එම පතුර එලියට පැමිණෙනවා.

    5. තැලුම් සුවපත් කරගැනීම.

    සම මත ඇතිවී තිඛෙන තැල්මක් සුවපත් කරගැනීම සඳහා කෙසෙල් ලෙලි භාවිතා කරන්නට පුළුවන්. අදාළ ස්ථානය මත කෙසෙල් ලෙල්ලක් ඇතිල්ලීම හෝ එම ස්ථානය මත කෙසෙල් ලෙල්ලක් තබා වෙළුමක් යෙදීම සිදු කරන්න.

    6. රිදී බඩු ඔපදැමීම.

    දුර්වර්ණ වී ඇති රිදී බඩු ඔපවත් කරගැනීම සඳහාද කෙසෙල් ලෙලි භාවිතා කරන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ වතුර සහ කෙසෙල් ලෙලි බ්ලෙන්ඩර් කරගෙන රිදී බඩු ඔප දමාගැනීමයි. පසුව වතුරෙන් සෝදා රෙදි කඩක් භාවිතා කොට ජලය පිසදාගන්න.

    තා තියෙනවා ඉතින්..
    තරහ කාරයෙක් එහෙම ඉන්නවනම් පොර යන පාරක් බලලා කෙහෙල් ලෙල්ලක් එහෙම දාල තියතහැකි ඉබපන් පුතේ පොලව කියල.. :frown::lol:
    තා ඉතින් දමල ගහන්නත් හොදයි..වැද්දම තිස් කනවා..:yes::sorry:


    විස්තර ටික අන්තර්ජාලයේ හත් අට පොළකින් අරගන්නා ලදී..

    හොදනම් ඉතින් කියන්න ඕන නෑනේ..අදහස් දක්වලා, සලකලම යන්න.. :)
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    tfs mchoo
    +



    Elazzzzzzzzz bro niyamaiii


    Thankx machanla... :yes::yes::yes:

    Alu kesel wala poththa wisik karanna epa.
    Podi kali walata kapala thel danna umbalakadath dala.
    Patta rahai.man kiyanawata kala balapallako.hamadama hoyan kai ubala :yes:

    ado ow ban..math kanawa oi widiyata..tha ithin okatama podiyata kapala thel dagaththa mora karawala kali tikakuth ekathu karagaththama rasa gana ahanna deyak na ban. :D:yes::love::yes: