කෙහෙලිය අත්අඩංගුවට ගනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් ගණුදෙනුව පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට රහස් පොලිසිය වෙත පැමිණීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    අද දිනයේ ඔහුගෙන් පැය 11කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගන්නා ලදී.

    අත්අඩංගුවට ගත් අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



    ---------------------------------------------------------------------------------------------------------------------------------------


    ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් එහි 'මහ මොළකරු' ලෙස චෝදනාවට ලක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ පැය 10කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගවට පත්විය.
අද පෙරවරු 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා පැමිණියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ලබාදුන් නියෝගයට අනුව වන අතර ඊයේ විදෙස් ගමන් තහනමක්ද ඔහුට පැනවිණි.



    මෙම කටඋත්තරය ලබාදීම ඔහු විවිධ හේතු පෙන්වා කල්දැමූ අතර ප්‍රශ්නගත එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට පසුගිය 30 වැනිදා කැඳවීමක් කර තිබුණත් ඔහු වෙනත් දිනයක් ඉල්ලා කිව්වේ නඩු කටයුත්තක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වෙන බවය.කෙසේ වෙතත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ අදාළ රැස්වීමට ඔහු සහභාගි වී නොමැති බව වන අතර ඔහු අධිකරණයට බොරු කියූ බව හෙළි විය.

    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුලු 6 දෙනෙකු ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පස්වෙනි සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා පාලකවරයා ඇප මත මුදා හැර ඇත.



    'කෙහෙළිය ගෝ ගම' ලෙස පිහිටුවා මෑත කාලීනව ඔහුට එරෙහිව විරෝධතා වැඩසටහනක් ඇරඹුවත් පොලිසිය එය විසුරුවා තිබුණි.
    කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කරද්දී අක්‍රමිකතා ගැන ආරංචි වුවත් රජය ඔහු ආරක්ෂා කළ අතර වැඩි ඡන්දයෙන් විශ්වාස භංගය ජයග්‍රහණයටද ආණ්ඩු පක්ෂය ඔහුට අතහිත දුණි.
    කෙසේ වෙතත් පසුව ඔහු සෞඛ්‍ය ඇමති ධූරයෙන් නෙරපනු ලැබිණි.
     
    • Haha
    Reactions: cookies572

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Mystery illness requiring immediate admission on the way..... :ROFLMAO:

    රෝහල්ගත කලයුතුයි කියලා බොරු වෛද්‍ය නිර්දේශ දෙන ඩොක්ටර්ලට විරුද්ධව පියවරක් ගන්න විදියක් නැද්ද?
     
    • Like
    • Haha
    Reactions: samindi and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    රෝහල්ගත කලයුතුයි කියලා බොරු වෛද්‍ය නිර්දේශ දෙන ඩොක්ටර්ලට විරුද්ධව පියවරක් ගන්න විදියක් නැද්ද?
    When the entire system is corrupt from the head downwards, what could you hope for. This is yet another fiasco. :(
     
    • Like
    Reactions: samindi

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    රෝහල් ගත යුතුයි කියලා බොරු වාර්ථා දෙන අය, නඩුව ගොනු කිරීමේදී තාක්ශණික දෝශ සහිතව නඩුව ගොනු කිරීම, කුඩු සාම්පල් පාන් පිටි කිරීමට ලැබෙන දඬුවම් මොනව ද ?
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ඕකා ගියාට වැඩිය ඉක්මනට එලියට එනවා. එහෙම නැති වුනොත් මේක ලංකාව නෙවේ 🤣
     
    • Like
    Reactions: Black Monkey

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113
    පැය 24 යන්න කලින් එලියට එනවා
    Tag Heuer Timer GIF by ikonicstopwatch
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    When the entire system is corrupt from the head downwards, what could you hope for. This is yet another fiasco. :(
    The system is corrupted by individuals and there are still honest people who are in majority . When this issue was brought to light in this blog/space by the same person, there were no media 'hype' that is created now. If it is available see the posts and views. I was sad at that time for not attracting the attention . This only shows the fault was not with individuals.!! To call the Spade a Spade!
    In simple terms MONEY TALKS AND WORKS whether it is private or public sector including politics Media (both electronic, print ) and even social media.
    Even unthinkable such as person who was sentenced to life allowed to sit in parliament making a world record thanks to ....... your guess is as good as mine.
    So Duminda, Lalith Weerathunga, Keheliya and many more in past and many more to come when remanded or convicted will get admitted to a hospital. After all he was the ex health minister and may want to experience the on site situation to make his defence ! So hospitalization cannot be anything strange in this situation!
    It is a matter of time before he get the bail after dust settled ! and will also be freed like many more such cases . Just name one high profile case where a Minister got convicted due to his signature on wrong cabinet paper!! Without supporting evidence (with files missing there will only be oral evidence again the accused will not give evidence and others who profited will also not give evidence against him)(there were many and there will be more wrong Cabinet papers)
     
    • Like
    Reactions: imhotep