කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ට අයත් රු.මිලියන 97ක ගිණුම් සහ රක්ෂණ ඔප්පු අත්හිටුවයි...
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන් පිරිසකට අයත් රුපියල් මිලියන 97 කට අධික බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා.ඒ අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමකට අනුවයි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විමර්ශනයකට අදාළව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමට පැවරී ඇති බලතල අනුවයි ඒ මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් මෙම ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට තීරණය කර තිබුණේ.
අදාළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටියා. ඒ අනුව ඔක්තෝබර් 14 වනදා තෙක් එය අත්හිටුවීමටයි නියෝග කෙරුණේ. එදින විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද නියෝග කෙරුණා.
ITN News