කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ට අයත්....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ට අයත් රු.මිලියන 97ක ගිණුම් සහ රක්ෂණ ඔප්පු අත්හිටුවයි...​

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන් පිරිසකට අයත් රුපියල් මිලියන 97 කට අධික බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා.

    ඒ අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමකට අනුවයි.

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විමර්ශනයකට අදාළව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමට පැවරී ඇති බලතල අනුවයි ඒ මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් මෙම ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට තීරණය කර තිබුණේ.

    අදාළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටියා. ඒ අනුව ඔක්තෝබර් 14 වනදා තෙක් එය අත්හිටුවීමටයි නියෝග කෙරුණේ. එදින විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද නියෝග කෙරුණා.
    ITN News
    ITN-News.svg