කෙහෙළිය හිරේ ගිය එන්නත යලි භාවිතයට ගන්න උපදෙස් දෙයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කෙහෙළිය හිරේ ගිය එන්නත යලි භාවිතයට ගන්න උපදෙස් දෙයි..

    addiction-recovery-center-900x562.jpeg

    ප්‍රමිතියෙන් තොර බව පවසමින් භාවිතයෙන් ඉවත් කළ ඉමියුනොග්ලොබියුලින් ඖෂධවලින් කොටසක් යළි භාවිතයට ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් ඒකකය රෝහල්වලට දැනුම් දී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව චෝදනා කරයි.

    ඔහු මෙම චෝදනාව එල්ල කළේ අඩු මිලට ඖෂධ ගෙන්විය හැකි සැපයුම්කරුවන් ඖෂධ නියාමන අධිකාරිය තුළ ලියාපදිංචි කිරීම ප්‍රමාද කරමින් මිල වැඩි ලංසු තබන සමාගම්වලින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේදීය.

    එහෙත් ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත්ල එම ඖෂධය නැවත භාවිත කළ හැකි බවට නිර්දේශ කර ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කර ඇත.

    ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත මෙරට භාවිතයේදී ඇති වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් එම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් හටගත්තේය.

    ඒ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලටද චෝදනා එල්ල වූ අතර ඔහුට රක්ෂිත බන්ධනාගාරගතවීමටද සිදුවිය.

    එවන් පසුබිමක වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මෙම චෝදනාව සිදු කරයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ ඉමියුනොග්ලොබීන් නමැති මෙම ඖෂධයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචිය ලබාදී ඇත්තේ 2023 වසරේදි බවය.

    භාවිතයේදි ඇති වු ගැටලු‍ කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබඳ ගැටලු‍කාරි තත්ත්වයක් හටගත් බැවින් ආරක්ෂාව හා අවධානම් ඇගයීම් උපකමිටුව මගින් ඖෂධය භාවිතයෙන් ඉවත්කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දුන් බවද එහි සදහන්ය.

    ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරන ලද පර්යේෂණවලින් එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුතු බවට පෙනී ගිය අතරල ඉන්දියාවේ මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන ආයතනය මගින් කරන ලද පර්යේෂණවලින් ද ඒ බව තහවුරු වු බවත් දැක්වෙයි.

    එම වාර්තා සැලකිල්ලට ගනිමින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවධානම් ඇගයීම් උපකමිටුව මගින් එම ඖෂධය තවදුරටත් භාවිත කළ හැකි බවට තීරණය කර තිබේ.

    ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත්ල එම ඖෂධය නැවත භාවිත කළ හැකි බවට නිර්දේශ කර ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
     
    • Like
    Reactions: netudara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Keheliya beth jathi godak jathara karala mattu une..
    Oya test karala dan 1 jathiyakin podi kotasak release karanname..
     
    • Like
    Reactions: handley

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Keheliya beth jathi godak jathara karala mattu une..
    Oya test karala dan 1 jathiyakin podi kotasak release karanname..
    අනිත් බෙහෙත් ටිකට් Test කරලා අවුලක් නැහැ කියලා කියනවා ඒ වගේ සල්ලි වලට නැමෙන ජෙප්පෝ ටිකක් ඉන්නේ🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    itin ban owa inject karala minissunta case giyot jeppe tika iwarai neh..
    ගෝඨාභය ගේ කාලේ නම් කෑගහුවේ ජෙප්පෝ නේ දැන් මිනිස්සු මැරුණා කියලා කෑ ගහන්න බල්ලෙක් නැහැ මැරෙන එවුන් මැරිලා යයි මොකෙන් මැරුණාද කියලා දන්නෙත් නැතුව

    දැන් මාස 5 කට වගේ කලිනුත් කුරුණෑගල ඉන්ජෙක්ෂන් වගයක් විෂ වෙලා එක්කෙනෙක් මැරිලා තව අයට අමාරු වෙලා තිබ්බා

    මම Thread එකකුත් දාලා තිබ්බා එකට