ඔයතරම් ජෙප්පො SOE වල ඉන්නව නම් තැපැල් චන්දයක් වත් දිනන්නැත්තෙ ඇයි? පොදුවෙ ලාංකිකයන්ගෙ තියෙන මරිකම ඇතුලෙ තමයි ජෙප්පොන්ගෙ අවුලත් තියෙන්නෙ.
හොඳටම පේන දෙයක් තමා, ජෙප්පොන්ට ගොඩක් දුරට සමාජය තුළ ප්‍රධාන පක්ෂ දෙකට වඩා ප්‍රසාදයක් තියෙනවා.
ඒත් එකෙන් අදහස් වෙන්නේ නැහැ, උන්ට බලය ගන්න තරමේ චන්ද පදනමක් හැදෙයි කියල.
ඇත්තටම ලංකාවේ ගොඩ දෙනෙකුගේ ideology එක තමා ජේවීපී එක දරන්නෙත්.
එයාල කියන්නෙ මේ තියෙන සිස්ටම් එකම දූෂණයෙන් තොරව පවත්වාගෙන යමු කියල.
කොටින්ම කිව්වොත් ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න එයාලගේ සැලැස්ම
මොකක්ද කියල ඇහුවොත් කියන්නේ
අනික් හැම පක්ෂයක්ම කියන දේම තමා!
ලංකාවේ මිනිස්සු හරි කැමතියි, පිටට තමන් සුදනෝ කියල පෙන්නන්න!
තමන්ට සියලු මානව අයිතිවාසිකම් හිමි වෙනවට කැමතියි!
ඒ නිසා රාජ්‍ය සේවකයෝ වුනත් වෘත්තීය ක්‍රියාමාර්ගයකදී ජෙප්පෝ එක්ක ඉන්නවා!
ඒත් අපි දන්නවා, රටේ මිනිස්සු බහුතරයක් හොරු කියල!
ඒ නිසා උන් කොහොමත් කතිරේ ගහන්නේ ප්‍රධාන පක්ෂ දෙකට!
කැම්පස් ළමයිනුත් එහෙම තමා.
උන් ගොඩ දෙනෙක් ජෙප්පෝ හරි, පෙරේට්ටෝ හරි කියල හිතාගෙන හිටියට
ඒ මහා ශිෂ්‍ය සංගම්වල පිටින් පෙන්නන දෙයක් විතරයි!
චන්දෙකදී රාජපක්ෂලාට හෙම අම්බානක චන්දෙ දෙනවා!