මෙතන නම් වශයෙන් දාලා තියන එක්කෙනෙක්ටවත් ලංකාව ගොඩදාන්න බැහැ, පොදු මහජනතාවට ඒ වෙනුවෙන් කැපවෙන්න උවමනාවක් නැත්නම්. ඒවගේම මේ එක්කෙනෙක්වත් රට ගොඩදාන්න උවමනාවෙන් දේශපාලනය කරනවා කියලා මම හිතන්නෙත් නැහැ.
රට ගොඩදානවා නම් ගොඩදාන්න පුළුවන් හැකියාව වැඩිපුරම තියෙන්නෙ පාලකයාට වඩා "වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා" (vote කළෙත් මේකට)
මේ යන විදියට හිතලා බැලුවාම, පහුගිය කාලේ වුන සිදුවීම් අරන් බැලුවාම හිතෙන දෙයක් තමයි "කාටවත් මේ රට හදන්න බැහැ" කියන දේ. මොකද මිනිස්සුන්ට උවමනාවක් නැහැ, මිනිස්සුන්ගෙ විනයක් නැහැ. රටේම මිනිස්සු ගැන හිතලා සංචරණයට නීතිමය තහනමක් පැනවුවාම, බඩ ගැන විතරක් හිතලා ටවුන් පුරා රස්තියාදු ගහන මිනිස්සු එක්ක මොන පාලකයටවත් රට හදන්න බැහැ. වෙරළට යන්න එපා කියලා කලින් දවසේ ඒ මිනිස්සුන්ගෙම හොඳට කිව්වාම, ගානකටවත් නොගෙන පහුවදා පවුල් පිටින් වෙරළට ගිහින් බඩු එකතු කරන ජාතියේ මිනිස්සු එක්ක රටක් හදන්න බෑ. "අහවල් කුමාරයා", "අහවල් රජා" ආවත් මෙහෙම මිනිස්සු එක්ක රටක් හදන්න බැහැ.
මුලින්ම හැදෙන්න ඕනේ මිනිස්සුන්ගේ විනය. විනය නැති තැන කිසිම කටයුත්තක් සාර්ථක වෙන්නේ නැහැ. ඒවගේම දැඩි නීති පනවලා හදන විනයෙන් තේරුමක් ඇත්තෙත් නැහැ. විනය කියන දේ තමන්ගෙ ඇතුළාන්තයෙන් මතුවෙන්න ඕනේ දෙයක්. "තමා සහ අන් සියල්ලන්ගේම යහපත වෙනුවෙන් විනයගරුක විය යුතුයි" කියන අදහසින්.
මුලින් දේශපාලඥයන්ව හදන්න හිතන එක කවදාවත් සාර්ථක නැහැ. මොකද දේශපාලඥයා පත්වෙන්නෙත් විනයක් නැති මහජනතාව අතරින්. විනයගරුක මහජනතාවකට පුළුවන් දේශපාලඥයා වැරදි නම් ඒ දේශපාලඥයාට දැඩි බලපෑම් කරන්න, හැදෙනකම්ම... හැදෙන්නේ නැත්නම් පලවා හරින්න.
රට ගැන කැක්කුමක් තියන කිහිප දෙනෙක් හරි ඉන්නවා නම්, ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී කැපවෙන්න සූදානම් නම්, වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා මගේ හිතේ පොඩි විශ්වාසයක් තියනවා. මූලිකම දේ ක්‍රමානුකූලව මහජනයාගේ විනය හැදීම. යුක්තිගරුක නීතිගරුක මහජනතාවක් ගොඩනැගීම. කරන්න බැරි දේවල් නෙවෙයි, බොහොම සරල පියවර වලින් මිනිහෙක්ගෙ විනය හදන්න පුළුවන්, පොඩි පොඩි කැපකිරීම් ටිකක් කරන්න පෙළඹෙන තැනට උපක්රමශීලීව මිනිස්සුන්ව හදාගන්න පුුළුවන් නම්. ඉතා සුළු පිරිසකින් ආරම්භ කරලා ඒකේ හොඳ ප්‍රතිඵල සමාජයට පෙන්වන්න පුළුවන් නම් මේක සාර්ථක වෙයි. ඒවගේම මේ වැඩේට දේශපාලඥයන්ව ගාවගත්තොත් ඒක තවත් සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාරයක් වෙනවා මිස සාර්ථකත්වයක සේයාවක්වත් දැකගන්න වෙන එකක් නැහැ.
මේ හැර වෙන විසඳුමක් ඇති කියලා මට හිතෙන්නේ නැහැ.
මේක කරන්න පුළුවන් නම් රට හැදෙයි කියන එකයි මගේ විශ්වාසය.