Questions කෙළවුණ ලංකාව ගොඩගන්න

ලංකාව ගොඩදාන්න පුළුවන් මේ අයගෙන් කාටද ?

  • ගෝඨාභය රාජපක්ෂ මහතා

  • සජිත් ප්‍රේමදාස මහතා

  • අනුර කුමාර දිසානායක මහතා

  • බැසිල් රාජපක්ෂ මහතා

  • පාටලී රණවක මහතා

  • නාගානන්ද කොඩිතුවක්කු මහතා

  • පැතුම් කර්නර් මහතා

  • රොහාන් පල්ලෙවත්ත මහතා

  • වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා

  • කාටවත් මේ රට හදන්න බැහැ (පුලුවන්නම් රටෙන් පනිමු)


Results are only viewable after voting.

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ගෝඨාභය පුලුවන් වෙයි කියලා හිතුවේ මිනීහාත් එක ජෝකර් කෙනෙක් වුණා 225 යි රටේ මිනිස්සු එක්ක .

    කරන්න තියෙන්නේ රටෙන් පනින එක තමයි .

    රට ගොඩ දාන්න ත්නි මිනිහෙක්ට කොහෙත්ම බැහැ . විශේෂයෙන් මේ 225යි හේචයියෝ එක්ක.

    කරන්න තියෙන්නේ මිනිස්සුන්ගේ බුද්ධිය දැනුම වැඩි කරන එක.
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ජයසුන්දර, කබ්‍රාල්, බැසිල් වගේ අයට ගහලා දාන්න ඕනේ. මට හිතෙන්නේ ලංකාවේ හැම Mafia leaders of several industries , 100ක් මරන්න වෙනවා රට ගොඩ දාන්න. ගෝඨා ට හේත්තු වුණා රනිල්ගේ, මහින්දගේ ඩීල් කාක්කෝ...
     
    • Like
    Reactions: War Fighter

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මොකද්ද හේතුව කියලා හිතන්නේ
    හේතු විදියට අපිට අහවලා මෙහෙමයි මිනිස්සු මෙහෙමයි කියලා හිත හදාගත්ත හැකි .
    ඒත් මන් නම් කියන්නෙ හදනවානම් කොයි නායකයා ආවත් ප්‍රතිපත්ති වෙනස්වෙන්නෙ නැතිව තියෙන්න ඔනි .

    එහෙම හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් එක්ක අවුරුදු අඩුම 20+ ත් එහා ලොන්ග් ටර්ම් ප්ලැන් එකකට වැඩ කරොත් ගොඩයාමක් තියෙන්න පුළුවන්.

    අපෙ රටෙ සොභාවික සම්පත් තියෙනවා අරවා තියෙනවා මෙව්වා තියෙනවා කියලා පාරම් බෑවට වැඩක් නැහැ.
    එව්වායෙන් ප්‍රයොජනය ගන්න දැනුමක් තියෙන්න එපැයි ?
    නූතනත්වයට ගැලපෙන දැනුමක් අපිට නැහැ.
    ඉතිං රටට මුදල් අවශ්‍යයි .
    ඒකට ආයොජන ගලාගෙන එන්න ඔනි .
    ඉතිං මන් කියන්නෙ බලවතුන්ට ආයොජනය කරන්න දෙන්න ඔනි කියන එක.

    අකමැත්තෙන් උනත් චීනා එක්ක ජැක් එක ගහගෙන ඉන්න එක හොඳයි කියලා තමා මට හිතෙන්නෙ මේ වෙලාවෙ හැටියට .
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    මෙතන නම් වශයෙන් දාලා තියන එක්කෙනෙක්ටවත් ලංකාව ගොඩදාන්න බැහැ, පොදු මහජනතාවට ඒ වෙනුවෙන් කැපවෙන්න උවමනාවක් නැත්නම්. ඒවගේම මේ එක්කෙනෙක්වත් රට ගොඩදාන්න උවමනාවෙන් දේශපාලනය කරනවා කියලා මම හිතන්නෙත් නැහැ.
    රට ගොඩදානවා නම් ගොඩදාන්න පුළුවන් හැකියාව වැඩිපුරම තියෙන්නෙ පාලකයාට වඩා "වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා" (vote කළෙත් මේකට)

    මේ යන විදියට හිතලා බැලුවාම, පහුගිය කාලේ වුන සිදුවීම් අරන් බැලුවාම හිතෙන දෙයක් තමයි "කාටවත් මේ රට හදන්න බැහැ" කියන දේ. මොකද මිනිස්සුන්ට උවමනාවක් නැහැ, මිනිස්සුන්ගෙ විනයක් නැහැ. රටේම මිනිස්සු ගැන හිතලා සංචරණයට නීතිමය තහනමක් පැනවුවාම, බඩ ගැන විතරක් හිතලා ටවුන් පුරා රස්තියාදු ගහන මිනිස්සු එක්ක මොන පාලකයටවත් රට හදන්න බැහැ. වෙරළට යන්න එපා කියලා කලින් දවසේ ඒ මිනිස්සුන්ගෙම හොඳට කිව්වාම, ගානකටවත් නොගෙන පහුවදා පවුල් පිටින් වෙරළට ගිහින් බඩු එකතු කරන ජාතියේ මිනිස්සු එක්ක රටක් හදන්න බෑ. "අහවල් කුමාරයා", "අහවල් රජා" ආවත් මෙහෙම මිනිස්සු එක්ක රටක් හදන්න බැහැ.

    මුලින්ම හැදෙන්න ඕනේ මිනිස්සුන්ගේ විනය. විනය නැති තැන කිසිම කටයුත්තක් සාර්ථක වෙන්නේ නැහැ. ඒවගේම දැඩි නීති පනවලා හදන විනයෙන් තේරුමක් ඇත්තෙත් නැහැ. විනය කියන දේ තමන්ගෙ ඇතුළාන්තයෙන් මතුවෙන්න ඕනේ දෙයක්. "තමා සහ අන් සියල්ලන්ගේම යහපත වෙනුවෙන් විනයගරුක විය යුතුයි" කියන අදහසින්.

    මුලින් දේශපාලඥයන්ව හදන්න හිතන එක කවදාවත් සාර්ථක නැහැ. මොකද දේශපාලඥයා පත්වෙන්නෙත් විනයක් නැති මහජනතාව අතරින්. විනයගරුක මහජනතාවකට පුළුවන් දේශපාලඥයා වැරදි නම් ඒ දේශපාලඥයාට දැඩි බලපෑම් කරන්න, හැදෙනකම්ම... හැදෙන්නේ නැත්නම් පලවා හරින්න.

    රට ගැන කැක්කුමක් තියන කිහිප දෙනෙක් හරි ඉන්නවා නම්, ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී කැපවෙන්න සූදානම් නම්, වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා මගේ හිතේ පොඩි විශ්වාසයක් තියනවා. මූලිකම දේ ක්‍රමානුකූලව මහජනයාගේ විනය හැදීම. යුක්තිගරුක නීතිගරුක මහජනතාවක් ගොඩනැගීම. කරන්න බැරි දේවල් නෙවෙයි, බොහොම සරල පියවර වලින් මිනිහෙක්ගෙ විනය හදන්න පුළුවන්, පොඩි පොඩි කැපකිරීම් ටිකක් කරන්න පෙළඹෙන තැනට උපක්‍රමශීලීව මිනිස්සුන්ව හදාගන්න පුුළුවන් නම්. ඉතා සුළු පිරිසකින් ආරම්භ කරලා ඒකේ හොඳ ප්‍රතිඵල සමාජයට පෙන්වන්න පුළුවන් නම් මේක සාර්ථක වෙයි. ඒවගේම මේ වැඩේට දේශපාලඥයන්ව ගාවගත්තොත් ඒක තවත් සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාරයක් වෙනවා මිස සාර්ථකත්වයක සේයාවක්වත් දැකගන්න වෙන එකක් නැහැ.

    මේ හැර වෙන විසඳුමක් ඇති කියලා මට හිතෙන්නේ නැහැ.
    මේක කරන්න පුළුවන් නම් රට හැදෙයි කියන එකයි මගේ විශ්වාසය.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Ranjan.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ


    පුකවල් වලට අබ සරණයි
    ------ Post added on May 29, 2021 at 8:59 PM
    පාර්ලිමන්ට් ජෝක්ස් ‍ෆිල්ම් එකේ පු.කේ අමාරිස් වගේ මූ ජනාධිපති වෙයිද දන්නෑ :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න man. අවුරුද්දකට රට කරන්න දුන්නොත් ඇති. දැන් ඉන්න 225 ම ඇතුලට දාලා තමයි නවතින්නේ. :yes:

    View attachment 127614

    එහෙමද හිතන්නෙ?? 🤣🤣
    එතන තමයි වැරදුන තැන. මෙයා ජනාධිපති උණා කියල කරන්න පුළුවන් ලබ්බක් නෑ බන් තියෙන්නෙ ඔය පාර්ලිමේන්තුවම නං. තියෙන්නෙ ඔය ව්‍යවස්ථාවම නං. ඉන්නෙ ඔය මහජනතාවම නං. 225 නෙවෙයි 5 දෙනෙක් ඇතුළට දාන්න පුළුවන් නං ලොකු දෙයක් 🤣🤣

    කෙටියෙන් කිව්වෙ.
    මේක කිව්වම මට සමහර උන් හිනාවෙයි. 🙂 හැබැයි පොර ඇත්තටම ජනාධිපති කරල පෙන්නන්න තියෙනව නම් වටින්නෙ එදාට වත් තේරුම් ගන්න. එදාට මං හිනාවෙන්නෙ පු@න්. 😂😂😂
     
    • Like
    Reactions: War Fighter

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    එහෙමද හිතන්නෙ?? 🤣🤣
    එතන තමයි වැරදුන තැන. මෙයා ජනාධිපති උණා කියල කරන්න පුළුවන් ලබ්බක් නෑ බන් තියෙන්නෙ ඔය පාර්ලිමේන්තුවම නං. තියෙන්නෙ ඔය ව්‍යවස්ථාවම නං. ඉන්නෙ ඔය මහජනතාවම නං. 225 නෙවෙයි 5 දෙනෙක් ඇතුළට දාන්න පුළුවන් නං ලොකු දෙයක් 🤣🤣

    කෙටියෙන් කිව්වෙ.
    මේක කිව්වම මට සමහර උන් හිනාවෙයි. 🙂 හැබැයි පොර ඇත්තටම ජනාධිපති කරල පෙන්නන්න තියෙනව නම් වටින්නෙ එදාට වත් තේරුම් ගන්න. එදාට මං හිනාවෙන්නෙ පු@න්. 😂😂😂

    Joke of the day! :lol: උබ හිතන්නේ, පුටින් ජනාධිපති වුනොත් ව්‍යවස්ථාව අනුව වැඩ කරයි කියලද? අන්න එතන තමා උබට වැරදුන තැන. :ROFLMAO:🤣🤣 පොඩ්ඩක් හොයලා බලපාන ඌ ගැන internet එකේ.
     
    • Haha
    • Like
    Reactions: gnome and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    Joke of the day! :lol: උබ හිතන්නේ, පුටින් ජනාධිපති වුනොත් ව්‍යවස්ථාව අනුව වැඩ කරයි කියලද? අන්න එතන තමා උබට වැරදුන තැන. :ROFLMAO:🤣🤣 පොඩ්ඩක් හොයලා බලපාන ඌ ගැන internet එකේ.

    මං කිව්වෙ බං උබල හිනා වෙයි කියලා. 🤣

    මේ thread එකේ අහන්නෙ ලංකාව ගැන මිසක් වෙන රටවල් ගැන නෙවෙයි. කවුරුහරි ලංකාවෙ ජනාධිපති කියන්නෙ ලංකාවෙ විතරයි ජනාධිපති. ඔන්න ඔය condiiton එකට යටත්ව මේ post එක දාන මොහොතේ තත්ත්වය අනුව මේක කියන්නේ.

    ලංකාවෙ ජනාධිපති කරලම බලන්න පුළුවන් නං තමයි මම කැමති. මොකද කවුරුවත් මම ඔය කියන එක පිළිගන්නෙ නැති වෙයි ප්‍රායෝගිකව ඔප්පු වෙනකන්. එතකන් තරු තියෙන අය බැරිනං හඳවල් තියෙන අය ගෙනල්ලා ටෙස්ට් කර කර බලන්න. Joke of the day නෙවෙයි බං ඔය කතාව joke of the century😆✌✌✌
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මං කිව්වෙ බං උබල හිනා වෙයි කියලා. 🤣

    මේ thread එකේ අහන්නෙ ලංකාව ගැන මිසක් වෙන රටවල් ගැන නෙවෙයි. කවුරුහරි ලංකාවෙ ජනාධිපති කියන්නෙ ලංකාවෙ විතරයි ජනාධිපති. ඔන්න ඔය condiiton එකට යටත්ව මේ post එක දාන මොහොතේ තත්ත්වය අනුව මේක කියන්නේ.

    ලංකාවෙ ජනාධිපති කරලම බලන්න පුළුවන් නං තමයි මම කැමති. මොකද කවුරුවත් මම ඔය කියන එක පිළිගන්නෙ නැති වෙයි ප්‍රායෝගිකව ඔප්පු වෙනකන්. එතකන් තරු තියෙන අය බැරිනං හඳවල් තියෙන අය ගෙනල්ලා ටෙස්ට් කර කර බලන්න. Joke of the day නෙවෙයි බං ඔය කතාව joke of the century😆✌✌✌

    ඔය දාලා තියෙන list එකත් joke එකක් බන්. ඕකේ ඉන්න කාටවත් මේ රට ගොඩගන්න බැහැ.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මේක කවුද බං තාම ගොටට පුළුවන් කියන නාම්බෝ. ගස් බල්ලෝ. ඒ පකයා ආපු දා ඉඳලා රටට කෙලවිල.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo

    කාටවත් මේ රට හදන්න බැහැ​


    කාටවත් මේ රට හදන්න බැහැ​

    ------ Post added on May 30, 2021 at 9:15 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දාලා තියෙන list එකත් joke එකක් බන්. ඕකේ ඉන්න කාටවත් මේ රට ගොඩගන්න බැහැ.

    තනි තනියම කාටවත් ඒක කරන්න බෑ. ඒක තමයි මම කිව්වෙ පූටින් ඊළඟ පාර ජනාධිපති උනත් එච්චරයි.