කොරෝනා ලංකාවේ තත්වය දැන්...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.

    මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.

    වාට්ටුවේ එක් ඇඳක රෝගීන් ⁣දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.

    ඔවුන් අසාධ්‍ය රෝගීන්.

    වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.

    අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.

    ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.

    තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.

    මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.

    අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.

    සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.

    මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.

    ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.

    කාර්ය මණ්ඩලය සීමිතයි.

    ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.

    මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.

    මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.

    මීට වඩා අසරණකමකුත් නෑ.

    හෙට මමත් ආසාදිතයෙකු වෙයි.

    මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.

    කොරෝනා සුළුවෙන් තකන්න එපා.

    පුළුවන් තරම් පරිස්සම් වෙන්න.

    පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.

    ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.

    පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න....

    FB_IMG_1628127587168.jpg

    FB_IMG_1628127589189.jpg

    FB_IMG_1628127591164.jpg


    ~ තිලක්ෂණී මධුවන්ති ~(News1 st)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    රටේ උන් ඉල්ලන් කන්නෙ. මහ එකාගෙ ඉඳන් කරන්න ඕන දේවල් කරන්නෙ නෑ. ඉතින් වෙන මොනවගේ results ද බලාපොරොත්තු වෙන්නෙ??

    පැණි අැන්ටි කියන්නෙ වෙනම කථාවක්..ඵයාට මේවා ෂුවර් නෑ වගේ.

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ඊයේ ආච්චි මැරිලා මල ගෙදර ගියා සෙනග නම් ඇවිල්ල හිටියේ නැති තරම්ම...

    PHI කිව්වා උදේ 7.30 ට මැරිලා තිබුනේ හවස 6 වෙද්දී අයින් කරන්න කියල කිව්වා වගේම අස්කරා....

    හාමුදුරුවෝ වැඩම්මුවේ මගේ කාර් එකේ..

    හාමුදුරුවන්ව ගත්තෙත් ත් තවත් මළගෙදරක පන්සකුලේ දෙන්න ගිය තැනකින්...

    ආච්චි මලේ නම් අවුරුදු 96ක් ජිවත් වෙලා නිකම්ම මරුන. එත් බයයි බන්

    මගේ ගම කොහෙද අවුවම මම පිළියන්දල කිව්වා ගමන් අපෝ එහෙ ඩෙල්ට නේද වැඩිපුර තියෙන්නේ කිව්වා වැඩිය කතා බහා කාලේ නෑ ඊට පස්සේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ICU ඇඳන් නැත්නම් නිකන් ඇඳන් හරි කමක් නැ මෙතන මොකක් වට්ග්හ් නැනේ. ඒ උනාට නමලය ඇඳන් 10,000ක් දවස් 10න් හැදුවා නේද?
    අර හමුදාවෙන් එහෙම හදපු ඇදන් අතරමැදි මද්යස්ඨාන වලට දීලා තියනවා මම දැක්කා. එවා හොස්පිට්ල් වල ඇදන් වගේ නෙවෙයි.
     
    • Like
    Reactions: dilann

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාමල් ලංකාවේ හිටියා නම් ඇඳන් ප්‍රශ්නයක් එන්නෙ නෑ
    මාධ්‍යවේදීයෝ මේ වෙලාවේ අහන්න ඕන නාමල් කවද්ද එන්නේ කියලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ICU ඇඳන් නැත්නම් නිකන් ඇඳන් හරි කමක් නැ මෙතන මොකක් වට්ග්හ් නැනේ. ඒ උනාට නමලය ඇඳන් 10,000ක් දවස් 10න් හැදුවා නේද?
    ඔය පොන්නයන්ගේ කට විතරයි බන් ආව දවසෙ ඉදන් එක දෙයක් හරියට කරා ද