"පසුගිය සති දෙකේ පෙනිච්ච දෙයක් තමයි ඉහළම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මංගල උත්සවවලට සහභාගී වූ පිරිසෙන් සහ මුඛ ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීමේ සිද්ධි නිසා. ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් එක්ක රටේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගිහින්. මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්වෙමින් තියෙනවා. අද වෙනකොට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වගේ රෝගීන්ගේ අවශ්‍යතාවයට යොදා ගන්නා තත්ත්වයකට ඇවිත්. ඒ නිසා අපි ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙනඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේ මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ උද්ඝෝෂණ අරගල තාවකාලිකව හෝ නවත්වන්න."